මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

මාරයා අත වනපු දවස 1


 
ඔන්න ඉතින් අද දවසේත් හා හා පුරා අපි ගිමන්හලට ගොඩ වෑදෙනවා.මෙම කතාව මම දියතලාවේ ඉන්නකොට මටයි,මගේ යාලුවෙකුටයි උනු සිදුවීමක් යාලුවානම් ඉතින් ඔයාලට මතකත් ඇති ලෑටා ඒකා මගේ හොදම යාලුවා කියලා ගිමන්හලේ හිටපු සියලුම දෙනාම දන්නවානේ ඉතින්

වෑඩි කතා අවශ්‍ය නෑ,කෙලින්ම එහෙනම් කතාව පටන් ගන්නම්.මෙම සිදුවීම උනේ හරියටම ගිය මාසයේ මම දියතලාවේ රාජකාරි කරන කාලයේ

සිදුවීම වීමට සතියකට කලින් මම සුපුරුදු ලෙසම මගේ කාර්යාලයට ගියාම ටික වෙලාවකින් පියන් ඇවිත් මට කතා කලා

"සර් ඔබතුමාට කොළඹ මහත්තයෙක් කතා කරනවා"

"ලයින් එකේ ඉන්නවාද?"

"හරි මම එන්නම්"

එහෙම කියලා මම ඉක්මනට ගියා කව්ද කියලා බලන්න

"අහ්.....මහත්තයා මාව අදුරනවාද?"

"නෑ...කව්ද ඔයා?"

"මම කව්ද කියලා තොට කියන්න බෑරිද ප**"

"අප්පේ ......නොදකින් විතරක් උබනේ"

ලෑටා තමා එදා මට කතා කලේ,ඒකා එදා කීවා ලෑටාගේ ඔෆිස් එකෙන් ඌත් එක්කම කට්ටියක් එනවා කියලා නවතින්න තෑනක් සෙට් කරලා දෙන්න තමා උදේ පාන්දරම කතා කරල තිබුනේ.

මමත් වෑඩේ කරලා දෙන්න පුලුවන් කියලා බාරගත්තා.පස්සේ මම මගේ සුපුරුදු වෑඩ ටික කරගෙන යන අතරේ චුරු චුරු වෑස්ස ආයේත් පටන් ගත්තා.....හෑමදාම වහිනවා එහෙට පොදයක් හරි යනවා..ඒක තමා දියතලාවේ ලස්සන

උදේට ඈත කදුකරයෙන් හරිම නෑවුම් සීතලක් එනකොට මුලු දවසම ප්‍රබොදමත්,ඒ වගේම ඈතින් වෑටෙන මිහිදුම මුලු දියතලාවම වහ ගත්තාම හරිම ලස්සනයි.

කොහොමහරි මට ලෑටා එන දවස මතකයෙන් ගිලිහුනා.අම්බානක වෑඩ කන්දක් කරලා කාමරයට ආවාම ඔක්කොම අමතක වෙනවා මහන්සියටම.........

ලෑටා මට එන්න කිරෘ කරලා තව දවසක් කතා කලා

"අනේ සොරි මචන් අපිට කියපු දවසේ එන්න වෙන්නේ නෑ"

"තමුසේ පිස්සෙක්නේ,මම නවතින තෑනුත් රෙඩි කරලා"

මම බේගලයක් කියලා ඒකා වෙනුවෙන් දෙයක් කලා කියලා පෙන්වන්න ට්‍රයි එකක් දෑම්මාට මේකා කියපු එකෙන් කාඩ් කුඩු.......................

"අනේ පලයන් තොට කොහෙද බන් ඔවා මතක තියෙන්නේ.....,උබේ වෑඩේම රාජකාරිය විතරයි,මම එන්න හේතුවත් උබට ජීවීතයක් තියෙනවා ඒක විදපන් කියන්න"

"එන දවසක වරෙන්කො" කියලා මම පොන් එක තිබ්බා"

ඔහොම සුපුරුදු ලෙසම කාලය ගත උනා....

දවසක් මට හිතුනා දියතලාවේ ඉදන් ගම්පොල පෑත්තට තියෙන නමුත් කොච්චියෙන් ගිහින් බලන්න තෑන් බලන්න යන්න.

එදා උදේ පාන්දරම මම බෑග් එකකුත් කරගහගෙන,බූට් දෙකකුත් දාගෙන හෙමින් සෑරේ රේල් පාර දිගේ ගමන් කලා.

මට කියන්න බෑරි උනා,මම දුම් රියවල් එන වෙලාවන් කොළඹට කතා කරලා කලින් දවසේම අහගත්තා.නෑත්නම් කොච්චියකට අහු වෙනවා.

ඒ ගමනනම් පුදුම ලස්සනක් ගොවා වතු,තේ වතු අතරින් මම හෙමින් හෙමින් ඉස්සරහට ආවා.එක ලගම බිං ගෙවල් සෑහෙන්න තියෙනවා ඔය හරියේ එකක් පහු වෙනකොට තවත් එකක්.....කොකටත් මම පරිස්සමට ආවා....

කියන්න බෑනේ යන්නේත් තනියම...ඒක නිසා..කොහොමහරි ඔය අතරේ මම උදේ 7.20 පමන බලාපොරොත්තු උනු කොළඹින් එන පොඩි මෑනිකේ කොච්චිය ඔලොක්කුවට වගේ හූ පාරක් දාලා  මාව පහු කලා....

ඊලගට 9.45 කොච්චිය......එතකන් ඔය හරියේ කොච්චි නෑ.ඉදලා හිටලා ඩක්කුවක් ගියොත් තමා...

මහන්සිය බලන්නේ නෑතුව තව ටිකක් ඇදුනා.එකපාරටම මාව ලෙස්සලා ගිහින් වෑටුනා වලකට..

ඒක උනේ මෙන්න මෙහෙම මම දිය ඇල්ලක් දෑකලා ඒක බලන්න යන්න හෑදුවා තේ වත්තක් මෑදින්,කොහොම හරි එතන මගේ කරුමෙටම වලකට ලෙස්සලා ගිහින් වෑටිලා මට නෑතුවම බෑරි ටොච් එකත් බිදුනා....

කෙලියා.....මටම කියවුනා.කොච්චර ට්‍රයි කලත් ඒක හදන්න බෑ....ඔක මට ඔන උනේ බිංගෙයක් ඇතුලේන් යනකොට මොකද ඒක ඇතුල හරිම කලුවර,ගුප්ත තෑනක්....

දෑන් ඉතින් කට්ට කලුවරේ යන්න වෙන්නේ....හුලු අත්තක්වත් හදාගන්න පොල් අත්තක් දකින්නවත් නෑනේ..

කොහොමහරි මම පලවෙනි බිංගෙය පහු කලා මට එලියක් නෑතුව..ඒකනම් එච්චර ලොකු එකක් නෙමේ...දෑන් ආයේත් චුරු චුරු වෑස්ස පටන් ගත්තා...

එහේ හුග දෙනෙක් කුඩ වලට වඩා පාවිච්චි කරනවා රේන්කොට් ( වෑහි කබා ) මමත් මම ගෙනාපු එක ඔතා ගත්තා මුලු ඇගටම..ප්ලෙන්ටියක්වත් උනු පිටින් ගහන්න ලග පාත කඩයක් තියා මිනිස් පුළුටක් නෑ......

මම වෑස්සේම ඉස්සරහට ගියා....හුලග හරි හයියෙන් කෑ ගහනවා මට හිතෙන්නේම ඒක මට කෑ ගහනවා කියලා..ඔන මගුලක් කියලා මම තව බිං ගෙයක් ලගට ඈවිත් එහා කෙලවර පේනවාද කියලා බෑලුවා

නෑ...ලොකුම බිංගෙයක්...මට තව ඉස්සරහට යන්න ඔන මම පිටත් උනා,වවුලො කෑගහගෙන ඉගිලිලා ගියා...දෑන්නම් තොල කට එහෙමත් සීතලටම වේලිලා..

හෙමින් හෙමින් මම බිංගෙය මෑද්දටම ආවා...........

මම හිතන්නේ ඇත්තටම මම උන්නේ ඔය බිංගෙය මෑද්දේ ඔය වෙලාවේ...

මට ඇතීන් ලොකු ලයිට් එලියක් පෙවුනා............මම පොන් එක අරන් වෙලාව බෑලුවා...හරියටම උදේ 9.50.......

මොකක්ද ඔය එන්නේ?????

මට මොකද උනේ?????

ප්‍රශ්න ගොඩයි.අදට එහෙනම් සමුගන්න අවසර මිතුරනේ ඔබට හෑකිනම් පමනක් ගිමන්හල වෙනුවෙන් ඔබගේ අදහස දක්වා යන්න.එහෙම නොකලා කියලා ගිමන්හලේ කිසිම කහටක් නෑ.....

ජයවේවා!!!

ආදරයේ මිහිරියාව {අවසාන දිගහෑරුම}


  
පුරා දිගු නිහෑඩියාවකින් පසු ගිමන්හලේ වෑඩ කටයුතු අරබන්නයි සුදානම..ඔබ ඉතාමත් ආදරයෙන් රසවිදි ආදරයේ මිහිරියාවේ අවසානය ඉදිරිපත් කරන්නයි අද අපේ සුදානම..කලින් වගේම අපේ ගිමන්හලට හද බෑදි ඔබ සියලු දෙනාටම අපි නෑවතත් ආරාධනා කරනවා ගිමහල සමග රොක් වෙන ලෙස.....එසේනම් අද දිගහෑරෙන්නේ ආදරයේ මිහිරියාවේ අවසානයයි.

අවසන් උනේ......

මම සියලුම දෙනාගෙන් සමුගෙන කොළබ විස්ස විද්‍යාලයට අවා කියන තෑන ඉදන්

අද එතෑන් සිට.....

සුපුරුදු පරිදි රෑග කාලා එහෙම ඉතින් මම මගේ වෑඩ කටයුතු ආරම්බ කලා.

කෙල්ලට නිවාඩුවක් තියෙන අතරේ එහෙම මම කතා කරන්නත් අමතක කලේ නෑ.මොනවා උනත් එයා මගේ ප්‍රතම ප්‍රේමය.ඒක කොහොමවත් අමතක කරන්නත් බෑලුනේ.....හෑමදාම හවසට මම තුම්මුල්ල පෑත්තට මූන දාගෙන මලක් කඩනවා අපේ ලෙක්චරය ඉවර උනාම,නෑත්නම් ආතල් ගන්න වෙලාවක

මට එහෙන් සෙට් උනා මටම හරියන සෙට් එකක් උන් ටිකත් නියම හෙල්ප් එකක් දුන්නා මලක් කඩලා මගේ ආතල් එක ගන්න.දවසක් හවස් වරුවේ ඒ කියන්නේ සිකුරාදාවක මම හෑන්දෑවේ 6 විතර කෙල්ලට ගත්තා කොල් එකක්,

"බබා........."

"අනූ........"

"ඔයා මොකද කරන්නේ?"

"කොල්ලෙක්ගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නවා සුදු......අනේ ඉක්මනට එන්න බබා"

"ඇවිදින් දවස් කීයද,මම ඉකමනටම එන්නම්කො ඔයාව බලන්න බබා"

"අනේ......මට කියන්න දේවල් ගොඩයි"

"ඉතින් කියන්න"

"රට උන්නු අයියා ගෙදර ඇවිත්"

"මොකක්"

"ඔව්.....එයා ලගදීම අපේ ගෙදර එනවා කීවා"

"ඒකත් එහෙමද?"

එකවරම මගේ කපටි ඔලුවට ආවා අදහසක්

"එයාට එන්න වෙන්නේ අපේ ගම හරහානේ දෙන්නම් වෑඩක්"

"මොකද කරන්න යන්නේ?"

"ඔයාට එයා ඔයාගේ ගෙදර ආවේ නෑති උනොත් හරිනේ"

"හ්ම්......."

"මුලින්ම කියන්න මොකටද එන්නේ ඔයාව ගෙනියන්නද?"

"ඒකට තමා එන්නේ"

"ඔයා දන්නේ නෑ අනූ......ඔයා ගිය දවසේ බාප්පා මාව බලෙන්ම එයාගේ කරේ එල්ලන්න යන්නේ...හේතුවනම් දන්නේ නෑ....රෙජිස්ටාර් කෙනෙකුටත් කතා කරලා"

"මොකක්.............."

"ඔව්..මම ඔයාගේ විතරයි අනූ...ඔයාගේ නෙමේනම් මම කාගේවත් වෙන්නේ නෑ"

"මම බලාගන්නම්කො.......කවදාද එන්නේ?"

"සදුදා එනවා"

"අනූ බාප්පා එනවා වගේ පරිස්සමට ඉන්න මගේ පන තියනකන් මම ඔයාට හුගක්ම හුගක් ආදරෙයි....හොදට ඉගෙනගන්න මගේ කොල්ලා,මම තිබ්බා,බුදුසරනයි"

"බුදුසරනයි"

දෙවියනේ මම අයියා වගේ කීවට දෑන් මොකද කරන්නේ,මට යන්න විදිහකුත් නෑ, සොසල් { කෑම්පස් වල රෑග ඉවර කරලා දාන පොඩි සාජ්ජයක්} එකත් හෙට.......

දෑන් මොකද කරන්නේ?........

මොකක් හරි කරන්නම වෙනවා.ඒක නිසා මගේ අති ජාත මිතුරා ලෑටාට දෑම්මා කොල් එකක්

"ලෑටො"

"මොකද හු**"

"අන්න අරකා ලංකාවට ඇවිත්....."

"මොකාද?"

"රට උන්නා කීවේ බන් නදී අන්න ඒකා"

"එහෙනම් උබට හරි,මොනවා කරන්නද හිත හදාගනින්"

"අනේ මේ......උබට බෑරිනම් කියපන් මම වෙන මොකක් හරි කරන්නම් ඒකට"

"අප්පො උබට වෙන මොකේටවත් කලින් මලනම් පනිනවා නේද ප**" 

"අඩො මොකද බන් කරන්නේ?"

"මෙහෙම කරමු උබ සුදාටයි,ගොට්ටාටයි කතා කරල කියපන් සිද්දිය උන් දෙන්න බලාගනි මොකද කරන්න ඔන කියලා"

"ඒක හරි මචන් මම කතා කරලා බලන්නම්"

කොහොමහරි සුදාගේ සහ ගොට්ටාගේ පිහිටෙන් ඔය ප්‍රශ්නය මම විසදුවා.උන් දෙන්නා වෙඩින් එකට එන කට්ටියව කොල්ලො ටිකක් අරගෙන ගිහින් එලවලා දාලා තිබුනා.

ඉතින් ඔහොම මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සහ නදී සුපුරුදු ලෙසම බෑංකුවක රාජකාරි කරමින් කට්යුතු  කරගෙන්බ ගියා..

අවුරුද්දයි මාස 10 පසු............

කෙල්ල දවසක් ගෙදර ඇරිලා එනකොට පරක්කු උනා.දෙසෑම්බර් මාසයේ ඔය සිදුවීම උනේ

කෙල්ලගේ ගෙවල් පෑත්තේ එහේ ලොකුම කලබගෑනියක්,

කෙල්ලගේ බාප්පා හොදටම බීලා ඇවිත් ගෙදර මහ කලබගෑනියක්.(ඔය සිදුවීම සම්පූර්නයෙන් මම අහගත්තේ මගේ යාලුවෙක්ගෙන්) ඉතින් බාප්පා හොදටම රන්ඩුව ඇදගෙන එතන...

ඒත්........නොහිතපු වෙලාවක.......

බාප්පා කුස්සියේ තිබුනු මන්නයක් අතට අරගෙන එලියට පෑනලා ඇවිත් කෙල්ලගේ අම්මගේ ඔලුවට ගහලා.

අම්ම ලේ විලක මෑරිලා වෑටුනා මගේ කෙල්ලගේ ඉස්සරහම......

අනේ දෙවියනේ මාමා ඊලගට කෙල්ලගේ පෑත්තට හෑරිලා......????????

කෙල්ලට මන්නේන් කොටලා,ඔය සිදුවීම ඔහොම වෙනකොට ගමි මිනිස්සු බාප්පාට ගහල අල්ලගෙන පොලීසීයට බාර දුන්නා.මගේ කෙල්ලව ඉස්පිරිතාලයට ගෙනිච්චා.එතනින් කොළබ 72 හදිසි අනතුරු වාට්ටුවට ගෙනිච්චා.

"පෑයකින් පස්සේ ලෑටා මගේ බොඩිමට ආවා."

"ඇනා ඉක්මනට ලෑහෑස්ති වෙයන් ඉස්පිරිතාලයට යන්න"

"මොකටද බන්?"

"උබේ කෙල්ලට බාප්පා මන්නයකින් කොටලා කොළබ ඉස්පිරිතාලයේ යමන් යකො"

"මොකක් අනේ මචන් කෙල්ලට අමාරුද?"

"මම දන්නේත් නෑ බන් ඒක......අපි යමු ඉක්මනට"

"මගේ කෙල්ලට මොකක් හරි උනොත් මම බාප්පාද මොකාද එකාව මරාගෙන මෑරෙනව මචන්"

"ඒවා පුලුවන් වරෙන් දෑන් යන්න"

කොහොමහරි අපි දෙන්න බයික් එකක් හොයාගෙන විනඩි කීපයකින් ඉස්පිරිතලයට ආවා.

මගේ කෙල්ල 72 වාට්ටුවේ ඇදක් උඩට වෙලා ජීවීතයත් මරනයත් අතර සටනක...මම එදා හොදටම ඇඩුවා.ඒක මගේ ජීවීතයේ දුක්බරම මොහොතක්

කෙල්ලට සිහියක් නෑ..මම එයා ලගම ඉස්පිරිතාලයේ කල්පනාකරමින් දවස් 5 විතර කන්නේත් නෑතුව උන්නා.මගේ ලග ලෑටා වගේම ගමේ ඔක්කොම කොල්ලො ටික ඇවිත් උන්නා.

ඒත් 6 දවසේ උදේ පාන්දර 6.15 මම පන පිටින් වෑලලුව වගේ මට දෑනුනා.

දොස්තර කෙල්ල ජීවීතයෙන් සමු ගත්තා කියලා මට කීවා..එදා ඉදන් එයාගේ අවසන් කටයුතු කරනකන් මම මොනවා කලාද කොහොම හෑසිරුනාද කියන්න මම අදවත් දන්නේ නෑ.....ඒක මොකක්ද කියලා අහන්නත් එපා..

අවසානයේ මගේ ජීවීතය විනාශම උනා.හිතින් මෑරි මෑරි අඩපු හෑම වෙලාවකම ලෑටා මගේ ලග උන්නා.

සියදිවිනසාගන්න හදපු වාර අනන්තයි ඒත් කවෘහරි කෙනෙක් මට ඒකට එදා ඉදන් අද වෙනකන් එරෙහි උනා.

අද දවස.......

මම කෙල්ලගේ එකම බලාපොරොත්තුව උනු හොදට ඉගෙනගෑනීම ඉශ්ට කලා.ඒත් මට කවදාවත් ආයේ වරම් නෑ මහත්තයෙක් වගේ ඇවිත් මාව අරන් යන්න කියපු ඉල්ලීම ඉටු කරන්න

අදටත් ඒ මතකය තුල මාව ජීවත් කරවනවා.මෙය ලියන මොහොත වෙනකොට මට එයාව අහිමි කරලා හරියටම වසර 4 වෙනවා.ඔය අවුරුදු ගානේ අපි දෙන්නා හමු උනු දවසේ වගේම එයාගේ උපන්දිනය උනු සෑප්තෑම්බර් 10 වෙනිදාට මම එකම ඉල්ලීමක් දෙවියන්ගෙන් ඉල්ලනවා..

"අනේ දෙවිදුනේ අපි දෙන්නට ඊලග බවයකදීවත් එකතු වෙන්න ලෑබේවා"

ලෑටා දෑන් කතිකාචාර්ය කෙනෙක් කෑලනිය විශ්වවිද්යාලයේ.ඒකාට කෙල්ලෙක් ආයේත් සෙට් උනා.ලබන අවුරුද්දේ ලෑටා විවාහ වේවි.

සුදා සම්පූර්නයෙන් කසිප්පු ජාවාරම නවත්වලා පොල් විකුනන්න පටන් ගත්තා.දෑන් සුදාට යමක් කමක් තියෙන කෙනෙක්.දෑන් මිනිහා යටතේ මිනිස්සු එහෙමත් වෑඩ කරනවා හොදට

ගොට්ටා ඒකාට නිවුන්නු කොල්ලො 2 ඉපදුනා.මිනිහා ස්ලිම් ලයින් කියන ගාමන්ට් එකක ඉහල පෙලේ රෑකියවක් ලබාගත්තා.

කෙල්ලගේ බාප්පා බොගම්බර සිර කදවුරට වෙලා තමන් කරපු පව් වලට විදවනවා.මාමා තමන්ගේ වෑරදි පිලිගත්තා ඒ වගේම එයාව 20 අවුරුද්දකට බරපතල වෑඩ ඇතුව සිරගත කලා.

මම එකපාරක් එයාව බලන්නත් ගියා.මට වෑදලා සමාව ඉල්ලුවා.මගේ පන,මගේ ජීවීතය විනාශ කරපු ඒ මිනිහාට මම අනුකම්පා කලා.ලෑටා එහෙමනම් ගහන්නත් ගියා.

අවසානයේ ඇනා තනි උනා...අද දවසේත් එයා මාව හොයාගෙන එනකන් මම බලාගෙනම ඉන්නවා......

ඔබේ සුසුම් පොද ලග
ඉන්න ආසායි ආයේත්
ඔබ එන්නේ නෑති වගෙ
නොදන්නවා නොවුනාට
ඒ උනුසුම නෑතුව
මම කෙසේ ඉන්නද?........

තවත් එක් ආත්මයක ඔබ
මගේ වෙන තුරා
මම වගේම ඔබත්
ඉමු දෑස් දල්වාගෙනම.........

පුරා වසරකට ආසන්න කාලයක් ඔබ වෙත දිගෑහුරුනු ආදරයේ මිහිරියාව මෙලෙස අවසන් කර සමුගන්න අවසර.....

මෙයා සදාකාලිකවම සමුගෑනීමක් නොවන අතර අප කලින් සදහන් කරනවා සේම ඔබගේ ප්‍රතිචාරයන් වලට අපගේ ගමන් මග වෙනස් කල හෑකි බව මතක් කර සිටිමු....

ඔබ සෑමට ජය!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්