මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

සිරිපාදයට අවාරයේ ගිය ගමනක් ( අවසානය )

 


ඔන්න එහෙනම් අපි අදත් ගිමන්හලට ගොඩවෑදෙන්න සූදානම්,කලින් අපගේ දෙවන කලාපය බලපු ඔබ සෑමටම මාගේ ස්තූතිය සහ එයට අදහසක් ලබා දුන් මිතුරාටද මගේ ප්‍රනාමය...එසේනම් අද බලමු කතාවේ ඉතිරිය කොහොමද වෙන්නේ කියලා

අවසන් උනේ.......
අපි සිරිපාදය නගින්න පලමු පියවර තිබ්බා...


අද එතෑන් සිට.....


සුමන දෙවි හාමුදුරුවන්ගේ රෑකවරන ලෑබේවා කියල අපි නගින්න පටන් ගත්තා.කොල්ලො ටිකේ කියවිල්ලත් එක්කම අපි දෑන් නගිනවා සිරීපාදය.
සුදාට එහෙම ඒක අලුත්ම අත්දෑකීමක්.කොහොමහරි මගදි එහෙමත් අපි බාර උනේ මේක හරිම අවදානම් ගමනක් නිසා.


කොල්ලො ටික අනම් මනම් වල් පල් කියවමින් උඩ මලුවට යනවා...තුන් සරනේ කවියක් එහෙම ඇහෙන්නවත් නෑ...තනිකරම කඩයක්වත් දකින්න ලෑබෙන්නේ හුගක් කලාතුරකින්....

ටිකිරා ගෙදරින් එනකොට ගෙනාපු විස්කොතු පෙට්ටි 3 වතුර බොතල් වලින් අපි මග දිගට බඩගින්න සහ දිය පිපාසය අඩු කරගෙන උඩ මලුවට යනවා...ඔය අතරේ ටික වෙලාවකින්......

මහ වෑස්සක් කඩාගෙන පාත් උනා...හෙන ගහන්න පටන් ගත්ත ඒ මදිවාට...කන් දෙක ලග බොම්බ අතාරිනවා වගේ....

"මචන්ලා...අපි ටිකක් මෙතන නෑවතිලා යමු..මෙහේ ඔහොම තමා ඉතින් වහිනවා ඒ එක්කම මුකුත් උනේ නෑ වගේ පායනවා..." ටිකිරා කීවා

"මේකා මේ පෑත්ත දන්න එකානේ එහෙනම් නවතිමු ඇනො"....සුදා කීවා

අපි කොහොමහරි ඉදිකටුපානට ටිකක් කිට්ටුවෙන් මග නෑවතුනා..ගෙනාපුවා කන්න පටන් ගත්තා අපේ එවුන් ආයෙත්..

"මොකක්ද යකො ඔය ආයේ කන්නේ" ලෑටා කෑගෑහුවා

"ලෑටො මචන් අපි එනවාට ආශිර්වාදයකට වගේ වහින්නේ" සුදා කියනවා

"ආශිර්වාදයක්.....වෙන්න බෑ අපිට යන්න එපා කියනවා වගේ සමන් දෙවියො...බලපල්ලා පඩිපෙල උඩින් පහලට ගලන වතුර වෑඩි වෙන්න යන්නේ...එහෙම උනොත් අපිට අද මෙතන ඉන්න වෙයි" ටිකිරා කියනවා

"මොකක් මෙතන ඉන්න....පිස්සුද උබට..මමනම් උඩමලුවට යනවාමයි"සුදා කියනවා.

"පිස්සෙක් වගේ වෑඩ කරන්න එපා බන් පොඩ්ඩක් ඉවසමු"...මම කීවා 


කොහොම උනත් වතුර පාර එන්න එන්නම හොදටම වෑඩි උනා,දෑන් නිකන් දියඇල්ලක් අපේ ලගින් ගලනවා වගේ,කිසිම පඩියක් උඩට නගින්නත් බෑ..ඒ මදිවාට වටේම මන්දාරම  ගිලගෙන...

"මචන්ලා අද රෑ අපි මෙතන අම්බලමේ නවතිමු..මෙතන අපට ඇති තරම් ඉඩකඩත් තියෙනවා"ටිකිරා හෑමටම තවත් බිස්කට් එකක් බෙදන ගමන් කීවා.

හෑමොටම පේනුනා කරන්න දෙයක් නෑ කියලා,සුදාට හොදටම තරහ ඒකා මුමුන මුමුන තනියම කියවන්න පටන් ගත්තා,සුදාට තනියම මුමුන ගන්න ඉඩ දීලා ලෑටා ටිකිරත් එක්ක වෑටුනු කතාවට අපි හෑරෙමු.

"මචන් මෙහෙම වහින්නේ කොහොමද බන්,බලපන්කො ලංකාවේ ඔක්කොම වෑහි එකපාර වහිනවා වගේ" ලෑටා ටිකිරාගේ කෑමරාවේ පින්තූර ටික බලන ගමන් ටිකිරාගෙන් ඇහුවා.

"ඒක තමා බන් මෙහේ හෑටි මේක දෙවියන්ගේ අඩවිය,මෙහෙට මුකුත් ගෙනත් දාන්නත් බෑ,ගෙනියන්නත් අපට බෑ,මට හිතෙන්නේ අපට හෑරිලා යන්න කියනවා වගේ,මේ හුලගත් එක්ක ඉටිපන්දමක්වත් පත්තු කරන්න බෑ බන්.ඒක නිස ඔන්න ඔහේ ඉමු."

"උබ කියන්නේ හෑරිලා යමු කියලාද බන් මෙච්චර දුරක් ඇවිත්,අද රෑ හරි අපි නගිමු මේක පෑව්වොත්,අඩො බලපන්කො ෆොන් වලට සිග්නල්වත් නෑ බන් කනුවක්වත්....අපි මෑරුනොත් මොකෙක්වත් දන්නේවත් නෑ"ලෑටා කියනවා

"අමනුස්සයෙක් වෙන්න එපා යකො...විකාර කියවනවා....උබලාගේ කටවල් දෑන්වත් පරිස්සම් කරගනිල්ලා උබලා අපට නොපෙනෙන හුගක් දේවල් මෙතන වෙනවා,බලපන් ගහන හෙන ටික...ඒක නිසා සමන් දෙවියන්ගෙන් ඉක්මනටම ඉල්ලපන් මෑරෙන්නේ නෑතුව ගෙදර යන්න"ටිකිරා බොහොම තරහෙන් අපට කීවා

ඔහොම වල් පල් කියවමින් අපි රාත්‍රි 11 වෙනකන් ඉදිකටුපානේ උන්නා..වෑස්ස ටිකක් අඩු උනා පෑය 4 විතර  එකදිගට වෑහෑලා හෑමතෑනම තෙත බරි වෙලා,අපි නෑවත උඩහට ගමන ඇරබුවා,ටිකිරා හෑරිලා යමු කීවත් සුදා වගේම මමත් කීවේ ආපු ටිකේ ඉතිරියත් යමු කියලා...අපේ සෑර විදුලි පන්දම් එලියට අදුර කපන්න හෑකියාවක් නෑ...හරියට අමාවක දවසක් වගේ...

කොඩුකාරයන්ව ඉදිකටු පානේන් ඉදිකටු ගසා නූල් ඇදගෙන ඉහලට නගින්න පටන් ගත්තා සුදා වගේම ගොට්ටාත් මහ නූල් කදක් හොදටම පෙගිලා සියල්ල අතෑරදාලා මිනිසුන් ගිහින්,අපේ ගමන ඉබ්බගේ ගමනටත් වඩා හෙමින් දෑන් ඉදිරියට යන්නේ මොකද අඩියක් අඩියක් පාසා හොදට ලෙස්සනවා.

"මචන් තව දුරද බන්?"සුදාගේ ඉස්සර ගහපු සිගරට් වල ෆිල්ටර් විසිවෙන ගමන් වගේ හෑති දමමින් අහනවා.

"අපො නෑ බන් තව පොඩ්ඩයි....තව පොඩ්ඩයි උඩ මලුවට තව පොඩ්ඩයි"ලෑටා තුන්සරනේ කවියක් මතක් කරමින් කෑගෑහුවා.

තවත් අම්බලමකට අපි එකතු උනා මොකද විශාල බෑග් කරගහගෙන ඇවිත් හොදට මහන්සිය බෑග් ටික පෑත්තකින් දාලා අපි ඔක්කොම ටිකක් මහන්සිය ඇරවගන්න පටන් ගත්තා...ටික වෙලාවකින් අපි ඔක්කොටම හොදට නින්ද ගියා,ඇහෑරෙනකොට පහුවදා උදේ 6 විතර ඇති

ටිකිරා කලින් නෑගිටලා ෆොන් එකට සිග්නල් හොයනවා,හතර වටේම ෆොන් එක කරකවනවා...

එදා අවට තිබුනු ලස්සන ගෑනනම් කියන්න වදන් නෑ,ඇත මීදූමෙන් වෑසුනු කදු...සීතල...වලාකුලු වලින් වෑහිච්ච ඉර කිරන විහිදුවන්න පොර කනවා ඒත් ගන මීදුමෙන්,වලාකුලින් ඉඩක් ඇත්තේම නෑ...හරිම සුන්දර උදෑසනක්....

කොහොමහරි දෑන් අපි උඩමලුවට හුගක් ලගයි...මහගිරිදබය නගින්න පටන් ගත්තා (මහගිරිදබය කියන්නේ සිරිපාදය යනකොට හමුවන තවත් එක් ස්තානයක් මෙහේ විශේශය වන්නේ කලින් තෑන් වලට වඩා මෙහි නගින පඩි  අතර විශාල දුරක් පෑවතීමයි )

හෑමොගේම දඩිය දාගෙන අන්තිම ටිකත් නගිනවා...ඔය අතරේ තමා උඩමලුව දිහාවේ ඉදන් චීවරධාරියෙක් අපේ පෑත්තට හරිම සන්සුන්ව වඩිනවා..කිසිම කලබලයක් නෑ.හරියට සක්මන් භාවනාව කරනවා වගේ...

"අඩො....ඇනා,ගොට්ටො අර බන්.....අර බලපන් එන කෙනා"

"මොකාද බන් එන්නේ....හුටා සාදු කෙනෙක්"

"කට පරිස්සම් කරගනිල්ලා දෑන්වත් "ටිකිරාගේ සෑර ආයෙත් 


"අඩො මේ මහ වෑස්සේ කොහේ යනවාද බන්?"...මමත් කට දෑම්මා.

"කොහේ ගියාම අපට මොකො අපි යමු"..ගොට්ටා ඊලග පඩියට කකුල තබමින් කීවා.

කොහොමහරි ස්වාමින්වහන්සේ අපි ලගට වෑඩම කලා.අපි සියල්ලම උන්වහන්සේට වෑද ආචාර කලා.උන්වහන්සේ අපෙන් මෙහෙම ඇහුවා.

"ඔය දරුවො කොහේද මේ ඇදුම් තෙමාගෙන යන්නේ "

"අපි උඩ මලුවට යන ගමන් හාමුදුරුවනේ "නඩේ ගුරා ටිකිරා කීවා.

"අවාරේ මොනවා කරනවාද ඔයාලා පුතාලා දෑන් ආපහු යන්න උඩ මලුවට යන්න බෑ...මම ඒක වහලා යන ගමන්"

අපි අනිත් අයට අහන්න ප්‍රශ්න ගොඩයි විශේශයෙන්ම සුදාට ඒකා ඇබරි ඇබරි උන්නා,මොකද ස්වාමින්වහන්සේට ටිකිරා විතරක් කතා කරන්නම් කියලා ඒකා අපට මුලින්ම කියපු නිසා,කොහොම හරි එහෙම කියලා උන්වහන්සේ අපි හෑමොටම හිනා වෙලා පහලට ගියා.

අපිට යන්න හිතුනේම නෑ.ඒත් එකපාරටම ආයේ වහින්න පටන් ගත්තා ඒක අපි පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුනු වෑස්සක්.අපිට ටිකක් පහලින් අම්බලමක් තිබුනා කට්ටියම ඒකට දුවගෙන ගියා.ඒත් අපිට ලොකු ප්‍රශ්නයක් ආවා.ඒ තමා අපිත් එක්ක කතා කරපු හාමුදුරුවො වෑඩම කරපු වේගයට වඩා අපි දුවගෙන පහලට ගියාට උන්වහන්සේ දෑක්කේ නෑ....ඇත්තටම දෑක්කේ නෑ කොහොමහරි අපි අම්බලමට ආවාම ටිකිරා කියපු දෙයින් අපි හොදටම බය උනා.

"මචන් ටිකිරො අපි මෙච්චර වේගයෙන් ආවත් අපට සාදු හමු උනේ නෑනේ" ලෑටාත් දෙගිඩියාවකින් වගේ කීවා.


"මචන් ලෑටා ඒ සාදු කෙනෙක් නෙමේ බන්" ටිකිරාගේ ඒ වචනයත් එක්කම අකුනකුත් පිපුරුවා ලෑටා අපි ඔක්කොම කට ඇරගෙන ටිකිරා දිහා බලන් උන්නා.

"ඔව් මචන්ලා ඔය උබලා දෑක්කේ සමන් දෙවිදුන්ගේ රූපය මම උබලාට ඔය කතාව කීවේ නෑ.අපි ඉස්සර ඉදන්ම ඒ කියන්නේ අපේ සීයාගේ කාලයේ ඉදන්ම අපි සිරිපාදයට දාන එහෙම ගේනවා මචන් අපේ තාත්තාත් ඔක දෑකලා තියෙනවාලු,උන් වහන්සේ අපිට කතා කලේ අපි එක වෑරෑද්දක්වත් කලේ නෑ,මම උබලාට සිගරට් ගහන්නවත් දුන් නෑ,තනිකරම කුනුහරපයක්වත් කීවේ නෑ...උබලා අපි මේවා හිතන්නේ නෑ බන්...බොරු රෙද්දවල් කියලා හිතන්නේ මමත් එහෙම හිතුවා බන් ඒත් කොහේ නෑතත් සිරිපාදයේනම් නොපෙනෙන බලවේග හුගක් වෑඩි බන්...මම උබලාට කීවේ අපි ගෙදර යමු කියලා ඔක තමයි හේතුව....මචන්ලා මට සමාවෙයන් මම කෑමති නෑ උබලාව තවත් ඉස්සරහට අරගෙන ගිහින් අනතුරකට දාන්න,අපි යමු දෑන්වත් පහලට" ටිකිරා අපෙන් ආයාචනා කලා.


අපි ටික එකිනෙකාගේ මූනු බලාගෙන කල්පනා කලා මම කතා කලා මුලින්ම

"ගොට්ටො,සුදා උබලාව අපි මෙච්චර දුරක් අරගෙන ආවා...මටයි,ලෑටාටයි සමාවෙයන් බන්...අපි සිරිපා සමයේ එමු නෑවත...."

"මට එකම දුක බන් ඒක නෙමේ උන් වහන්සේ එක්ක කතා කරන්න බෑරි උනු එක හරියට වාත්තු කරලා වගේ බන් හාමුදුරුවො උබලා දෑක්කද?"

"අම්මො ඔව් බන් හරිම ලස්සන හිමි නමක්" ගොට්ටාත් කතාවට එකතු උනා

"එහෙනම් අපි ගෙදර යමු"ටිකිරා අන්තිමටත් අපිට නායකත්වය දෙමින් පහලට යන්න අපි පටන් ගත්තා.

ඉතින් අපි අවාරේ සිරිපාගමන අවසන් කලේ ඔහොම..ඔය මගෙත් ගියපු පලමු වතාව උනා අවාරේ සිරිපාදයට පස්සේ ඔය ගියපු කට්ටියම ගියා සිරිපාදය කරුනා කරන්න එන ඔබ වගේ බෑතිමතුන් දමන පොලිතින් එකතු කරන්න...කොහොම උනත් සිරිපා වදින්න යන සමහර අය මත් වතුර,සිගරට් අරගෙන උඩ මලුවට ආවාට හිතන්න එපා මෙතන ඇති දෙවියෙක් නෑ කියලා....හෑම දේටම විශ්වාශය වෑදගත්

ඔබ නෑවතත් සිරිපාදයට යනවානම් මත්වතුර,පොලිතීන්,නොදිරන කොටස් ගෙන යෑමෙන් වලකින්න එය පරිසරයට හානිදායකයි,අපි අපේ පරිසරය රෑක ගන්න දායක වෙමු. මෙන්ම ගිමන්හලේ කන්ඩායමටත් වෑඩි බරක් පහලට ගෙන ඒමට සිදුවන නිසා....

ඔබගේ ගල්,මුල්,මල් අපි බලාපොරොත්තු වෙමු,වෙනදා වගේම ඔබ අපත් සමග එකතු උනාට ඔබට තුති.

ඔබගේ අදහස් යොජනා අපට දෙන්න එකතුවන්න මුනූපොතේ ගිමන්හල පිටුවටත්

ගිමන්හල

එසේනම් මෙය ඉදිරිපත් කිරීමට සහය දෑක්වු සිය්ලුම දෙනාට තුති....අපි නෑවත ඉක්මනින් මුන ගෑහෙමු.....

ජයවේවා!!!!!!!!!!


පසු සටහන :-
 මෙය ගෙතුමක්වත්,ප්‍රොඩාවක්වත් නොවන අතර 2009 වසරේ මා ඇතුලු මගේ හිතවතුන් මුහුන දුන් සත්‍ය සිදුවීමකි..


x