මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව {දෙවන දිගහෑරුම}

  

ඔන්න එහෙනම් අද දවසෙත් ගිමන්හලේ කතා බහ අරඹන්නයි සූදානම,අපි ආරම්බ කරපු ආදරයේ මිහිරියාවට ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට ගිමන්හලෙන් ඔබට ස්තූතිය පුද කරනවා.එසේනම් ඔබ පුල පුලා බලා සිටි එහි දෙවෑන්න අද දවසේ අපි ඔබ වෙනුවෙන් එය ඉදිරිපත් කරනවා.

අවසන් උනේ...........

අනේ ඉතින් එයාත් ගියා,මට ඉතින් දෑන් තියෙන්නේ මගේ මනොපාර තමා මම ඒකත් ගහගෙන ගම බලා පිටත් උනා.

අද එතෑන් සිට...........

කොහොමහරි එදා හවස ඈනා පිට්ටනියට එනවා.ලෑටා එහෙමත් ඈවිත් සුපුරුදු සෙල්ලම් පටන් අරගෙන තිබුනා.

මගේ හෑමදෙටම හිටපු යාලුවානේ ලෑටා,මම ගිහින් ඒකාව හම්බ උනා.

"ලෑටො කවදාද උබලාගේ කෑම්පස් පටන් ගන්නේ"

"ඈනා මම ලබන බදාදා යනවා,උබ දන්නවාද අපේ පන්තිය එන අගහරුවාදා ඉවර වෙනවා,අගහරුවාදා හවස සහතික දෙනවා කියලා සර් මට කීවා.කට්ටියට සදුදා කියයි".

"යකො අපිට ඉංග්‍රිසි පුලුවන්ද"

"උබයි,මමයිනම් මොකක් හරි කරගත්තා,අනිත් එව්න්නම් තවම මදි බන්"

"ලෑටා,නිකන් සහතික දෙන්නේ පිස්සුද,විබාගයක්වත් නෑද්ද?"

"නිකන් එහෙම සහතික දෙන්නෙ නෑ බන් එහෙම"

"ඒකනේ"

"සදුදා හවස විබාගය තියෙනවා"

"එල එල නිකන් දුන්නොත් වෑඩක් නෑ"

"ඈනා,උබ ලග නෑද්ද බන් කොට කලිසම් 2 විතර ගන්න කෑලනියට ගෙනියන්න ඈදුම් නෑ බන්"

"හවස යමන් මගෙත් එක්ක මම කලිසම් දහයක් විතර පොලෙන් ගෙනාවා.උබට හරියන පහක් අරගෙන පලයන්"

"ඈනා,උබ කවදාද කෑම්පස් යන්නේ"

"කොළඹ කෑම්පස් එක තව සති දෙකකින් පටන් ගන්නේ බන් අපේ ෆෑකල්ටිය"

"පරිගනක විද්‍යාව නේද සෙට් උනේ"

"ඔව් බන්,ඔක කරනගමන් තව කොහෙහරි මොකක් හරි කරන්නත් වෙනවා"

"මමත් සෙට් වෙනවා කියපන් තනියම එහෙම කරන්න එපා උබ තෙරුනාද?"

"පිස්සුද හු***"

"ඈනා,පන්සලට යන්නත් ඔනෙ බන් ආයේ යන්න මට වෙලාවක් නෑ"

"අද එහෙනම් යමු බන්,වෑවට පෑනලා හොදටම නාලා යමු,ගමේ ඔක්කොම කොල්ලොත් අරගෙන යමු"

"කොල්ලො ඔක්කොම ගියොත් ගනයා උන් ඔක්කොටම මහ ලොකු දෙශනයක් දෙනවා,අපිව ආදර්ශයට ගන්න කියලා"

"එහෙනම් අපි දෙන්නා යමුකො"

කොහොම හරි එදා හවස අපි පිස්සු නටලා වෑවෙන් නාලා,සුදාගේ ගෙදරින් කාලා පන්සලට ගිහින් හාමුදුරුවොත් බෑහෑ දෑකලාම අවා.කොල්ලො ටික අපි එනකන් හිටියා වෑවේ බන්ට් එකේ,හවස් වරුවේ උන්ට අපි ගානේ බොන්නත් දුන්නා,සමහර කොල්ලො එහෙම බදාගෙන ඇඩුවා.ඇත්තටම තව ටික දවසකින් අපිට මුන් දාලා යන්න වෙනවානේ කියලා හිතුනා.ඒත් මොනවා කරන්නද? ගොට්ටා,සුදාට හොදටම ඒක හිතට දෑනුන ඒක උන කියපු දෙවල් වලිනුත් අපිට හොදටම තෙරුනා.

පහුවෙනිදා,උදෙන්ම පන්තියට ආවා උදේ හයට විතර මම පන්තියේ,කෙල්ලත් ඔය වෙලාවටම එනවා,මොකද අපි දෙන්නට තව හම්බවෙන්න තියෙන්නෙත් හරිම පොඩි කාලයක් නිසා.මම ගිහින් පොඩි වෙලාවකින්ම මෙයාත් ආවා.

"ගුඩ් මොනින් බබී...."

"ගුඩ් මොනින් අනූ......."

"ඔයාට කොහොමද"

"හොදයි"

"මොනවාද හොද"

"ඔක්කොම"

එලි පිටම කෙල්ල එක්ක කතා කරලා එයාගේ නම සවුත්තු කරන්න මම කෑමති නෑති නිසා මම එයාත් එක්ක පන්තිය පිටිපස්සට ආවා.

"ඔයා සතුටින්ද බබී"

"මගේ හිතේ සතුට වගේම දුකත් තියෙනවා"

"දෙකම කියන්න බලන්න"

"ඔයා කෑම්පස් යන එකටනම් මම හරි සතුටුයි,ඒත්...."

කොහොමහරි ඒත් කියලා කෙල්ලගේ ඇහෙන් කදුලු වෑටෙන්න ගත්තා,මට ඉතින් ෆුල් අප්සට් ඒත් කියලා අඩන්නේ

"ඔයා දන්නවානේ මගේ ලග ඉන්නකොට අඩන්න බෑ කියලා"

"නෑ,අනූ....ඔයා මාව දාලා දුරට යනවානේ,දෑන් කවදාද යන්නේ"

දෑන් ඔයාලට හිතෙන්නෙ පුලුවන් නදීකාත් කෑම්පස් යනවානේ කියලා.නෑ අපේ පෑත්තේ කොමස් කරලා A 3 දෑම්මත් යන්න අමාරුයි.ඉතින් එයාට යන්න බෑරි උනා

"ලබන මාසේ දෙවෙනිදා"

"හ්ම්........"

"ඔයාට මගෙන් මොනවාද ඔනේ"

"ඔයගේ පින්තූරයක් ඔනේ"

'මගේ පින්තූර නෑ අනූ"

"මම කෑම් එකක් හෙට ගේනවා අද ආපු වෙලාවටම එන්න,මට පින්තූරයක් ගන්න"

"පිස්සා"

"ගෙම්බී"

"අනූ......"

"ඔයා යන්න කලින් අපි කෑලනි පන්සල් යමුද?,අනේ බෑ කියන්න එපා"

"අද හවස විබාගය තියෙනවා,ලියමුකො මුලින්ම මම ඔයත් එක්ක යන්න එන්නම් බබී"

"අනූ......දෑන් යන්න ලෑහෑස්ති කරගත්තාද ඔක්කොම"

"එකක් අඩුයි"

"මොකක්ද"

"මගේ කෙල්ලව"

මගේ දිහා බලාගන්න පටන් ගත්තා ඒක කියපු ගමන්ම ජීවිතයේ මම හෑමදේම ඉක්මනට ලගා කරගත්ත කෙනෙක් නෙමේ,ඒත් අදත් ඈනාට දුක හිතුනා,මට මෙයාව ගෙනියන්න බෑනේ,ඒක ඇත්ත මම යන්නෙත් අපි වෙනුවෙන් කියලා තමයි හිත හදාගෙන උන්නේ

"බබී........."

"අනූ...."

"මට ආසයි ඔයාගේ කොන්ඩේ කඩ්ලා දාලා ඉන්නවා දකින්න"

"මහ පිස්සෙක් තමා ඔයා අනූ"

"යන්න කලින් අපේ ගෙදර එන්න අනූ හරිද ලෑටාත් එක්ක එන්න"

"ඔයාලට කරදරයක් නෑද්ද?"

මම ඔයාලට කලින්ම කීවා මතක ඇතිනේ මගේ බබී හොදටම දුප්පත් එයාලා හිටියෙත් පොඩි පෑල්පතක,නමුත් ඒක කොච්චර සුන්දර තෑනක්ද කියලා මට හිතෙනවා,අදටත් ඒ පුන්චි පෑල්පතේ සීතල දෑනෙනවා.ඉස්සර අනේ මටත් එහෙම එකක් තියෙනවානම් කියල හිතුන වාර අනන්තයි

"නෑ.......ඔයා සෙනසුරාදා එන්න අනූ,මම බලාගෙන ඉන්නවා"

"රෑට"

"පිස්සුද මොඩයො දවල්ට එන්න"

"මම අනිවාර්යෙන් එනවා,මගේ යාලුඔ හතරක් එනවා කමක් නෑද්ද?"

"කමක් නෑ ඒ හතරේ ඔයා අනිවාර්යෙන්ම එන්න"

"හ්ම්....."

"මට ඔයාව හෑමවෙලේම මතක් වේයි අනූ"

"මටත් එහෙම තමා"

"මම ගියාම ඔයා ගෙදරම ඉන්න එපා,ඔයා බෑන්ක් වලට දාන්න බලන්න,මමත් යන්න කලින් මොකක් හරි කරන්න බලන්නම්"

"බලමු"

"බලමු කතා මට වෑඩක් නෑ,කියන එක කරන්න බබී"

"හරි පන්ඩිතයො"

"මට CV එකක් හදලා දෙන්නකො,හරිද?"

"හ්ම්..........."

"යන්න කලින් ඔයාට ජොබක් සෙට් කලොත් මටත් ලේසි,හදිස්සියකට කීයක් හරි ඉල්ලගන්න"

"ආහ් මෙකටයි එහෙනම් මට ජොබ් එකක් හොයල දෙන්න මෙච්චර මෙයා උනන්දු?"

"නෑ නෑ.........බබී මම ජොක් එකක් කලේ"

කොහොමහරි අපේ පන්තියේ අවසන් දවස් කීපය පටන් ගත්තා.ඒක අදටත් හුගක් අපිට මතක් වෙන දවස් කීපයක් හවස් වරුවේ අපි හෑමොටම විබගය තිබුනා.දෑකලාවත් නෑති සර් කට්ටියක් ඇවිත් විබාගය තියලා ගියා.අපිත් විබාගය ලියලා වෙනදා වගේ කුඩ යටින් ටවුන් එකට ආවා.අපි පොඩි කාලේ අම්මාගේ කුඩේ යටින් යනවා,දෑන් කෙල්ලගේ කුඩේ යටින් යනවා.කාලේ වෙනස් වෙන ඉක්මන.

"බබී,ඔයාට දෑන්ම ගෙදර යන්න ඔනේද"

"මට ඇදුම්ක් ගන්න ඔනේ ගෙනියන්න,එනවාද මට ගෑලපෙන එක තොරලා දෙන්න"

"හ්ම්......ඔයාට නිල් පාට ලස්සනට ගෑලපෙනවා අනූ....."

"මම දන්නේ නෑ,ඔය ඇවිත් තොරල දෙන්න"

කොහොමහරි අපි කඩේ තියෙන හෑමතනකටම ගිහින් කමිසයක් තොරලා අවසන් මොහොතෙ එයාගේ හිතට අල්ලලා යන එකක් එය තොරගත්තා.

"අනූ......මේක ඔයට හොදටම ගෑලපෙනවා"

"එහෙනම් මේක ගමු"

"මොඩයො ඇදලා බලලා ගන්න,පන්ඩිතයා වගේ ගන්නවා ආයෙත් උස්සන් එන්න වෙනවා."

"ඔයා කීවොත් ඒක මට හරි"

කමිසයත් කරගහගෙන අපි දෙන්නා ඇවිත් බස් එකට නෑගලා එන්න පිටත් උනා.

"බබී......."

"මොකද"

"මට ඔයාව දාලා යන එක අමාරු වෙයි"

"ඔයාට විබාගය මොකද කියන්නකො"

"අවුලක් නෑ"

"මටනම් දෙවනි කොටස ආමාරු උනා"

"ඒ උනාට මම බලාගෙන හොදටම ලියනවා වගේ මම දෑක්කේ"

"ලෑටා,කවදාද යන්නේ"

"අනිද්දා උදේ යනවා"

"ඔයාට දුකයිද"

"එයාවනම් මට හම්බවෙයි කොළඹදි,ඒත් ඔයා"

"මම මෙහේ ඉන්නවානේ ඔයා හොදට වෑඩ කරගන්න තේරුනාද?"

"හ්ම්........"

"අනූ හෙට එනකොට මට ඔයාගේ ලස්සන පින්තූරයක් ගේන්න හොදද?"

"මම දෙන්නම්කො ඔයාට"

"හෙට එනවා නේද අනූ"

"ඔව්,අද ආපු වෙලාවට එන්න හරිද"

"බලන්නම්"

"බලන කතා එපා බබී"

"එන්නම් මොඩයො"

"අන්න එහේම එනවා කියන්න බලන්නම් නොකියා"

"එහෙනම් මම යනවා,ඔයා පරිස්සමට යන්න හරිද"

"හ්ම්......"

කෙල්ලත් බෑහෑලා ගියා.මේ කෙල්ල ගෑන මට හරිම දුකක් දෑනුනා.කොච්චර දුප්පත් උනත් හිත හොද නිසා වෙන්න ඇති.හෑමදේම සල්ලි වලින් තීරනය කලත් මිනිහෙක්ගේ හිතක් කාටවත් සල්ලි වලින් ගන්න බෑ කියලානම් මට හිතුනේ මෙයාත් එක්ක ලව් කරනකොට තමා.

කොහොමහරි ඔය විකාර හිත හිත මම ගමට ආවා.මගදී සුදා හමු උනා

"පොඩි මල්ලි කෙල්ලව බලන්න ගියාද"

"නෑ බන් මම පන්ති ගියා"

"ඊයේ උබලා දුන්නු බොතලය මරු"

"උබලාට ආතල්ද"

"ඒක කියලා වෑඩක් නෑ,මල්ලි හෙට මට උසාව් බන්"

"අයියේ,උබ ඔය මොකක්ද බන් ගෙවන ජීවිතය?"

"මොකො ඔය හොදට ඉන්නේ මම"

"මොන හොදක්ද"

සුදා උගේ ත්‍රි වීලය නෑවෑත්තුවා.ඒකට හෙන අප්සට් ගතියක් වගේ.මගේ දිහා බලාගෙන

"මලයා මට කියපන් මොකක්ද කේස් එක කියලා"

"මට උබ ගෑන හරි බයයි අයියේ"

"පිස්සුද බන් උබ මොකටද බය වෙන්නේ"

"උබ උසාව් හෑමදාම,මොකෙක් හරි ඇප දෙනවා උබ එලියට එනවා,ආයෙත් යනවා,උබ කෑමති නෑද්ද මිනිහෙක් වෙන්න බලපන් මම උබයි මමයි එකට ඉගෙන ගත්තා.මම හොදට ඉගෙනගත්තා,ඒත් උබ මොනවාද කරන්නේ මහ කෑලයේ කසිප්පු පෙරනවා."

"මල්ලි උබ මගේ යකා අවුස්සන්න එපා,යකො උබ කෑම්පස් ගියාට මට යන්න බෑරි උනා,ඒක මගේ වෑරෑද්ද,ඒත් මම කසිප්පු පෙරලා හරි මගේ ගෑනීටයි ලමයාටයි කන්න දෙනවා එහෙම කතා කරන්න එපා"

"ඔව් කන්න දෙනවා උබ ඒත් උබ කීදෙනෙක්ට වහ දෙනවාද බොන්න"

"මම පොවන්නේ නෑනේ,උන් ඉල්ලන නිසා මම හදනවා.බලෙන් පොවන්නේ නෑනේ"

"බලපන් අයියා උබට හොදට ඉංග්‍රිසි කතා කරන්න පුලුවන්,උබ නියම මලල ක්‍රීඩකයෙක්,උබට එක තෑනක් වෑරදුනා,මම එතන දන්නේ නෑ ඒත් මම කියන දේ උබට අහන්න පුලුවන්ද"

"කියපන් බලන්න"

"උබ වීල් එකෙන් හයර් යමන් ඔය ජරාව පෙරෙන්නේ නෑතුව"

"එහෙම කලාම අතට සොච්චමයි බන්"

"මම උබව ගොඩ දානවා,උබට හොද තෑනක ජොබක් සෙට් උනොත් ඔය වෑඩ නවත්වලා දානවාද කියපන්.අනික බලපන් උබට වයස තවම 30 වෙලාවත් නෑ.මම කීවොත් කොහොමහරි ඒක කරනවා කියලා දන්නවානේ"

"මම උබ ගෑන දන්නවා මල්ලි,ඒත් එක පාරටම කොහොමද කරන්නේ,කසිප්පු පෙරන එක නවත්වන්න බෑනේ මල්ලි එකපාරටම"

"එකපාරටම කරන්න පිස්සුද,පෙරපන් හෙටත් හෑබෑයි හෙට බොතල් 5 අඩුවෙන් පෙරපන්,අනිද්දා තවත් 2 විතර අඩු කරපන්.උබ ත්‍රීවීල් එකෙන් පුලුවන් තරම් හොයලා අරුන් දෙන්නාට කන්න දීපන්,උබේ ගෑනීට හොදට මහන්න පුලුවන් කියලා මම දන්නවා,වෑරදියට හිතන්න එපා ගමේ මිනිස්සු එහෙම කියනවා මට ඇහුනා."

සුදා තමා කොල්ලන්ගෙන් මුලින්ම කසාදයක් කරගත්තේ හෑමදේටම වඩා කසාදය ලොකු කරගත්තේ සුදා.

"ඔව් බන් මහනවා පිස්සු හෑදෙන්න"

"ඉතින් මම වෑරදිද"

"අයියේ,අපි මිනිස්සු තමා අපිට ජීවිතය වරදිනවා,දෑන් උබ පෙරන එක නෑවෑත්තුවා කියලා බොන එව්න්ට බොන්න ලෑබෙන්නේ නෑතුව යන්නේ නෑනේ අනිත් එව්න් පෙරයි"

"ඒකනම් එහෙම තමා"

"ඉතින් උබ හෑදියන් මම කියන දේ අහපන් හරි දෑන් යමන් ගොට්ටාව අල්ලගන්න"

මට ඔන උන ලොකු ප්‍රශ්නයක් ඒක, මම ගොඩ ගියා කියලා මම කෑමති නෑ මගේ අනිත් එව්න් අතහෑරලා උන්ගෙන් අපිට වෑඩක් නෑ කියන්න.කියවන ඔයාලත් හිතලා බලන්න අපි මිනිස්සු පොඩි දෙයක් වෑරදිලා



ජීවිතය වරදින්න පුලුවන්,ඒත් අපි එතනට වෙලා හූල්ලලා හරි යන්නේ නෑ,එතනම නවතින්නත් හොද නෑ.කඩාගෙන ඉස්සරහටම යන්න ඔනේ එහෙම ගියොත් අපිට බලන්න පුලුවන් මම කලින් වෑරදිලා මම අද මෙතන ඉන්නවානේ කියලා,වරදින්න වරදින්න ඈනා හරිම කෑමති ඒක නිසා,අනික තමන් කරන දේ හරිනම් ඒක කරන්න බය වෙන්න එපා,අනිත් මිනිස්සු මොනවා හිතුවත් තමන් කලේ හරි දෙයක්.

මමත් කලේ එහෙම සුදාට,ඔය යක්කු හදන්න බෑ කියලා මුලු ගමම මට කීවා.උනව ලගට ගන්නවත් එපා කියලා මට හෑමොම කීවත් මම උන්ව ලගට ගත්තා.උන් එක්ක කෑවා,හරිදේට ගහගත්තා,අන්තිමට උන දන්නේවත් නෑතුව උන් හෑදිලා,මම සුදාව ඔෆිස් එකක මහත්තයෙක් කලා කීවොත් ඔයාලා බොරු කියලා හිතයි,ඒත් ඈනා එහෙමත් කලා,ඔය ඔක්කොම මම ඔයාලට කියන්නම්. 

අද දවසේ ගිමන්හලෙන් අපි සමුගන්නවා ඔයාලට ඈනාගේ මහ පොර ටොක් එකක් දීලා කතාව අවසන් කලාට අපිට සමාවෙන්න.ඔනම කතාවක ආදාර්ශයක් පවතිනවානම් ඒ කතාව හුගක් තව කෙනෙක්ට වටින්න පුලුවන්

ඔබලාගේ අදහස කුමක් වේද කියන්න අපි දන්නේ නෑ,අදහස දක්වන්න කෑමතිනම් කෑමති අදහසක් දක්වන්න ඔබට පුලුවන්.මොකද ගිමන්හල ඔබලාගේ නිසා.


ජයවේවා!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

ආදරයේ මිහිරියාව{පලමු දිගහෙරුම}



ඔන්න මම ඔයාලට පොරොන්දු වුනු ලෙසම මම නෑවතත් ඔයාලාව මුන ගෑසීමටයි සුදානම,කලින් ගිමන්හලෙන් අපි මුන ගෑසුනු ජීවිතයේ පලමු හමුවීමට ඔබලා ලබා දුන් ඉතාමත් ඉහල අවධානයට අපගේ ප්‍රනාමය හිස නමා පුද කරනවා,එසේනම් අද සිට ඔබ වෙත අප ගෙන එන්නේ ආදරයේ මිහිරියාව.

මම කලින් පලමු හමු වීම අවසන් උනු අවස්තාවේ ඉදන් පටන් ගන්නම්.එතකොට අලුතෙන් කෙනෙක්ට උනත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් නිසා.

පලමු අදියර අවසන් උනේ අම්බුලුවාවේදි ඈනාට නදීකාගේ ආදරය කියපු තෑනෙන්,

මම එයාව මගේ පපුවට තුරුල් කරගත්තාම මට දෑනුනු හෑගීම ඔයාලට කියන්න මට තේරෙන්නෙ නෑ.ඒ හෑගීම කිසිසෙත්ම රාගයෙන් තොර උනු සුන්දර හෑගීමක්,අනික මට හුගක් සතුටු මගේ ආදරය ප්‍රකාශ උනු තෑන ගෑන.හිතට නිස්කලන්ක ගතියක් දෑනෙන තෑනක කොහොමහරි දත කාලා මම කීවා.මම ගෑන මටම පුදුමයි.

නදීකාම ඔන්න මගේ ජීවීතය පටන් ගත්ත තෑනින් කතා කලා.

"අනූ......මම හරි වාසනාවන්තයි"

"වාසනාව බලන්න තිබුනා,මම මෙතනින් පෑන්නානම්"

"ලෑටා මට කතා කරේනම් අනූ හරිම කෑත විදිහට"

"ඒකා විතරමයි දන්නේ මම ඔයාට කරපු ආදරය කෙල්ලේ"

"මම තරහයි ඔයත් එක්ක"

එහෙම කියලා මෙයා මගේ තුරුලෙන් අයින් වෙලා අහක බලාගත්තා.මට මල පෑන්නා.මට කොහොමත් පොඩ්ඩ ඈති.

"මොකද දෑන් උනේ,ඔය මූන එල්ලගෙන මොකද"

"යනවා,යන්න....එන්න එපා මගේ ලගට"

"ඒකත් එහෙමද.........එහෙනම් මම පනිනවා මෙතනින්"

එහෙම කියලා ආයෙත් නෑග්ගා පඩියක් උඩට නෑගලා හරියට ටයිටෑනික් ෆිල්ම් එකේ රොස් හිටියා වගේ හිටියා.

"අනේ......අනූ......බහිනවා බිමට,අනේ.........."

මම පෑන්නා බිමට,පෑනලා අල්ලගත්තා කෙල්ලව හිරකරගත්තා මගේ පපුවට එක පාරටම එනවා මෙන්න හූ පාරක්,පහල බෑලුවා නෑ,මම දෑම්මා සද්දයක්

"මොකාද යකො බෙරිහන් දෙන්නේ"

පන්තියේ එව්න් ටික ලගම අපේ දිහා බලාගෙන ඉදලා,උන් දෑන් අපෙන් ආතල් ගන්නවා.කොහොමහරි උන්ගේ කින්ඩි පාරවල් මෑද අපි දෙන්නාම පහලට ආවා.ඉස්සරහට ආවා සර්,දුන්නා මට කම්මුල් පාරක් ඒකනම් මට අදටත් හොදටම මට මතකයි.

"මොකද යකො උබ උඩින් පනින්න ගියේ"

"මෙයාව මට ඔන නිසා"

"මෑරුනානම් මොකද කරන්නේ"

"දන්නේ නෑ සර්"

සර්ට මල පනින නිසා මම එකට එක කියන්න ගියේ නෑ.

"කොල්ලො,උබ මොකක්ද කුප්පියක් කටේ හලාගන්නවා අපි දෑක්කා.උබ වහ බීවානම් මෙලහකට මෑරිලා"

මට පස්සේ මතක් උනේ ඒක,මම ගෙදරින් එනකොට කුඹුරට ගහන්න ගෙනාපු කෘමි නාශක බොතලයක් අරගෙන ආවා.

"ඒක තමා සර්,පුදුම වෑඩක් ඒක ගෙනාවෙත් වස බීවෙත් වස මුකුත් උනේ නෑනේ"

"කොල්ලො,මමයි,උබෙ යාලුවයි උබේ බෑග් එක නිකමට බෑලුවා,පස්සේ අපි දෑකලා ඒක හොදලා ඒකට වතුර පිරෙව්වා.උබ මහ අයියා වගේ බීවේ වතුර"

මට පොලොව පලාගෙන යන්න හිතුනා,චාටර් කියන්නේ උපරිම



"මට උබලා දෙන්නා වෙන වෙනම එනවාලා අර ගහ යටට" 

එහෙම කියලා එතන තිබුනු විලො ගහක් යටට සර් ගියා..මම ලේඩිස් ෆස්ට් නිසා එයාට යන්න කීවා.

"ඔයා යන්න"

"අනේ....අනූ ඔයා යන්න"

"කොහොම ගියත් අපි දෙන්නටම යන්න වෙනවා"

එහෙම කියලා මම ගියා

"කොල්ලො මට උබ ගෑන හරිම ආඩම්බරයි,උබ හොදට ඔය කෙල්ලව බලාගනින්,උබට මගේ පුතේ හුගාක් ප්‍රශ්න එයි.ඒවා ගොඩක් හිතලා උත්තර හොයපන්,කවදාවත් කලබල වෙන්න එපා."

"මට හිතාගන්න බෑ....සර් මෙහෙම කියන්නේ මොකද කියලා"

"සර් මොකද මට මෙහෙම කියන්නේ"

"මම බෑලුවේ උබ මුලින්ම ආවොත් උබ කෙල්ලව හොදට බලාගන්නවා කියලා මට හිතුනා,උබට කොන්දක් තියෙනවානම් උබ මුලින්ම එනවා"

ඈනාගේ මනමාල හිනාව වෑටුනා.ඒක හරිම ලස්සනයි කියලා නදීකාම මට එක පාරක් කීවා.

මම ගියා කෙල්ල ලගට

"අනූ......."

"මොකද"

"මොනවාද අහෑව්වේ....."

කොහොම හරි සර් මෙයාට එන්න කීවේ නෑ.මෙයාට ඉතින් හරිම සතුටුයි.මට කින්ඩ්යට වගේ හිනා වෙනවා

"සර් මෙන්න මෙයාටත් එන්න කියන්නකො"

"මට එපා උබේ කෙල්ල උබම තියාගනින්,අනුපිය අපි පහලට ගිහින් ඔයාට කතා කරනකන් දෙන්නා එන්න එපා,තේරුනාද"

"හරි සර්,එන්නේ නෑ"

යකො මෙයා මිනිහෙක්ද,නෑත්නම් දෙවි කෙනෙක්ද මට දුවගෙන ගිහින් ඉබින්න හිතුනා.එක පාරක් කෑවානේ ඈනා.ඉතින් ගියේ නෑ.කොහොම හරි කට්ටිය අපිට අත වනලා,කින්ඩි වරුසාවක් දාලා ගියා.අපි දෙන්නා තවම එතන

"මල කෙලියයි බබී......."

එහෙම කියලා මම කලින් පෑනලා මෑරෙන්න හෑදුවේ එතනට දිව්වා.මෙයාත් මගේ පස්සෙන් ආවා.මම එතන අපේ නම ගහලා දිනය දාලා බබීට පෙන්නුවා.

"කොහොමද වෑඩේ"

"පිස්සා ඔකටද දුවගෙන ආවේ"

"හ්ම්......."

ආයෙත් කලින් වගේම කෙල්ල මගේ දිහා බලාගත්තා,ආදරනිය මොහොතක ඈරබුම සිද්ද වුනා.

"අනූ.....කොල් එකක්"

"ඔන්න ඔහේ රින්ග් වෙච්චැ දෙන්"

"බලන්න සර්ද දන්නේ නෑ"

මොන සර්ද ලෑටා කතා කලේ ඒකාගේ හෑකර මට අදුරගන්න බෑරිද,

"මොකද යකො"

"හු**අද උබලා ඔතන නවතිනවාද මෙහේ වරෙන් අපිට යන්න ඔනේ,උබලා හෙමින් වරෙන් අපි තේ බොන්න රෙඩ්ය් වෙනවා"

"හරි අපි දෑන් එන්නම්"

ජීවිතයේ ප්‍රතම වතාවට මම එයාගේ අකමෑත්තෙන් එයාගේ අත ඈල්ලුවා

"මොකද අනූ....."

"යමු එන්න මගෙත් එක්ක"

කෙල්ලට හොදටම හිනා,මම අත අල්ලගෙන එයාගේ නිසා

"මොකද මගේ අත අල්ලගෙන,මම වෑටෙන්නේ නෑ"

"මම කෑමති නෑ ඔයාට පොඩි සීරිමක්වත් වෙනවාට"

නෑවතත් එයා මගේ මූන දිහා බලාගෙන උන්නා මමත් ඔහේ බලාගෙන උන්නා.මටනම් ඉතින් පිස්සු උපරිම කියලා දෑන් ඔයාලා දන්නවානේ,මහ හඩින් ගෑහුවා හෙනයක්,මගේ හිතට ආවා පුදුම සතුටක් ඔයාලට කියන්න මම කෑමෑත්තෙන් හිටියේ එයත් එක්ක මහ වරුසාවේ කුඩයක් යටින් යන්න

"බබී වහින්න එන්නේ"

"හ්ම්........"

"කුඩයක් ගෙනාවද"

"ඔව්,මම එක්කෙනෙක්ට කුඩයක් දීලා තවම නෑ,වෙලාවට මම එකක් ගෙනාවා"

කොහොම හරි අපි පිටත් වෙනකොටම වගේ වහින්න ගත්තා,නිකන් නෙමේ නා කපන වෑස්ස,හෙන ගහනවා කන් පෑලෙන්න ඒත් මම හිතපු එකම දෙයක් තිබුනා.

"අනේ දෙවියනේ තව හයියෙන් වෑහෑපන්"

ඔන්න අපි දෙන්නා හොදටම තුරුල් වෙලා කුඩය යටින් යනවා,දෙන්නාම බාගෙට නාලා,දන්නවානේ පොඩි කුඩ යටින් ගියාම ලොකු වෑස්සකදි

"බබී......."

"මොකද අනූ......"

"මම හරිම ආසයි වහිනවාට"

"පිස්සු......මොකද"

"මට ඔයාව තුරුල් කරගන්න පුලුවන්නේ"

"ඒ......මහ වල් සතෙක් ඔයා"

"ඔව් ඔයා ලගදි එහෙම තමා"

"පන්ඩිතයො අද ඉදන් මාව හෑමදාකම බලාගන්න වෙනවා,ඒත් මට එක බයක් තියෙනව අනූ...."

"මොකක්ද"

"ඩුබායි අයියා ආවොත් මොකද කියන්නේ"

"වෙන කෙල්ලෙක් හොයාගන්න කියනවා,ඔය ඔන තරම් කෙල්ලො ඉන්නෙ"

"ඔයාට එහෙම කීවොත්"

"මට කීවොත් කියනවා,මේ ආත්මේනම් මට බෑ,තව ආත්ම හතකින් මම කෙල්ලව දෙන්නම් එතකන් ඉන්න පුලුවන්නම් ඉදපන් කියලා"

"පිස්සා.....ඒත් මට හරි බයයි ඔයාව මට නෑති වේයි කියලා"

"මේ මගේ යකා අවුස්සන්න එපා"

"තද උනා නේද මොඩයාට"

"නදීකා මට කියන්නකො ඔය ඩුබයි කොල්ලා හම්බවුනු විදිහ"

"එයාව මට ගෙනාපු ප්‍රොපොසල් එකක්,අපේ බාප්පා තමා මට ගෙනාවේ ගෙවල් වලින් කෑමති අපිට අනූ"

"කියන්නකො"

"අපේ බාප්පාගෙන් අයියා අහලා,ඉතින් එක පාරටම කෑමති වෙලා එයාට,"

"ඔයා කෑමතිද එයාට"

කොල්ලෙක්ගේ හිතේ පිච්චෙන ප්‍රශ්නය මමත් ඈහුවා.

"දෑන්නම්,මම කෑමති කොල්ලා මගේ ලග ඉන්නවා"

"එහෙමද"

"අනිත් එක තමා මට ඔයා ගෑන හරිම බයයි රත්තරනේ"

අම්මපා,මටනම් පනින්න හිතුනා හෙලකට මට රත්තරනේ කියනවා,යකො ඈනා උනු දෙයක්,මටනම් තවම මේක හීනයක් වගේ,ඒක නිසා මම කොනිත්තලත් බෑලුවා මාව.

"මොකද අනූ වෙලා තියෙන්නේ,තනියම හිනා වෙන්නේ"

"නෑ,.....නිකන්"

කොහොමහරි ඔය වෙලාවේ වෑස්ස අඩු කලා,තනිකරම කුඩය අකුලන්න පුලුවන් විදිහටම වෑස්ස නෑවෑත්තුවා,මට යකා නෑග්ගා දෙවියො එක්ක

"මොකද දෙවියනේ ටෑප් එක වෑහුවේ,ආයෙත් අරින්නකො"

කෙල්ලට හොදටම හිනා,අනේ අහින්සක මූන අදත් ඒක ඈනාට අමතක වෙලා නෙමේ,ඈනාට ඒක මෙහෙම වද දෙන නිස තමා මේක ලියන්නේත්,කොහොමත් මම මේක කියවන ඔයාලට කියන්නේ විශේශයෙන් කොල්ලන්ට,උබලා උබලාගේ කෙල්ලව හොදට බලාගනිල්ලා,ඒක අනිවාර්යෙන්ම කරන්න

කතාවෙන් කතාවෙන් අපි ඔන්න අනිත් එව්න් ලගටම ආවා.කට්ටිය එක්කම තේ බීලා අපි පිටත් උනා ලෑටා ආයෙත් මගේ ලගට දුවගෙන ආවා

"ඈනා,කීයක් හරි හොයාගන්න වෙනවා උබට"

"මොකටද"

"මට වෑරදිලා වගේ ගමේ කොල්ලන්ට කීවා උබ ගොඩ කියලා"

"මට හු****"

බබී හිටියේ එයාලගේ යාලුවො එක්ක ඒක නිසා වචනය ඈහුනේ නෑ.

"දෑන් කරන්න දෙයක් නෑ අද බොන්නවත් අරගෙන දෙන්න වේයි"

"ඔව් ඈනො මමත් බීවේ නෑ,කාලෙකින් අපිට කෑම්පස් යන්න ආවාම වෑඩිය හම්බ වෙන්නෙත් නෑ නේ බන්"

"හරි ලෑහෑස්ති කරපන්"

ලෑටාට පට්ට හෑපි ඌ ඒවෙලේම කතා කලා කොල්ලන්ට,වෑඩේ සෙට් කරනව මට ඈහුනා.

කොහොමහරි බහුතරයක් මාලිගාවට යන්න ඔනේ කියලා කෑගෑහුවා.ඉතින් එතනටත් අපි ආවා.මම හෙමින් හෙමින් බබී ලගටම කිට්ටු උනා.එයා හරිම ආගමට,දහමට ලෑදි කෙල්ලෙක්.

පොඩි ලමයෙක් වගේ අත් දෙක එකතු කරගෙන ඈස් පියාගෙන,තොල් වලින් මොනවාද මන්දා මතුරනවා,මමත් එයා කියන ඒවා ඉවර වෙනකන් ලගට වෙලා හිටියා,කොහොමහරි එයා ඈස් අරිනකොටම දෑක්කේ මාව

"අනූ........"

"මොකො"


"මම ඈස් පියාගෙන හිතුවේ ඔයා ගෑන ඈස් අරිනකොටම ඔයා පෙනුනොත් ඔයාව හෑමදාම මගේ ලග ඉදිවි කියලා මම හිතුවා"

කෙල්ලො කොච්චර මොඩද,ඔන්න දෑන් මේක බලන කෙල්ලො මාව කන්න හදන්න එපා.හිතුනු දේ කීවේ.එහෙනම් අපි එයාලා බොලදයි කියමුකො.

"පිස්සි,මම කොහොමත් ඔයා ලග ඉන්නවා"

"යමු,එන්න බබී"

"අනූ......."

"ඒ පාර මොකද"

"මුකුත් නෑ...."

"හරි හරි මට තද උනේ නෑ,කියන්න මට"

"අනූ.....ඔයා මොනවාද හිතුවේ"

"මම හිතුවේනම් ඉක්මනට බෑදගන්න තමා"

"මොකද හදිස්සිය"

"බෑන්දම ඉතින් කොච්චර වෑඩ තියෙනවාද"

"වල්කම......"

කොහොමහරි හවස එනකන් මම එයාගේ ඔඩොක්කුවෙන් ඔලුව ගත්තේ නෑ.හවස අනිත් එව්න් සින්දුවක් කියන්න වරෙන් බන් කීවත් මට ඒ උනුසුමෙන් නෑගිටින්න හරිම ලොබ හිතුනා.

කෙල්ලව මම ගෙවල් ලගටම ඈරලුවා.අපේ බොන පාටියනම් කෙල්ලට කීවේ නෑ.කොහොමහරි සුදා මාව එක්කන් යන්න ඈවිත් හිටියා.

සුදා කියන්නේ අපේ ගමේ වලිවල උපත,හෑමදාම ඒකට වලියක් තියෙනවා,උසාවියේ සුදා නෑත්නම් උසාවිය නිකන් අප්සට් වගේ,එතකොට හිතාගන්න පුලුවන්නේ වලිවල තරම,මට කියන්නේම පොඩි මල්ලි කියලා ඒකා මට වඩා අවුරුද්දයි වෑඩිමල් ඒ උනාට මම පොඩි මල්ලි

"පොඩි මල්ලි,මොනවාද අපිට දෙන පානය ගල් බෑ"

"පලයන්කො මම සල්ලි දෙන්නම් ඔන මගුලක් අරගෙන බීපල්ලා"

මම සල්ලි දුන්නා උන්ට වෑඩෙ නොකලොත් එහෙම මගෙත් එක්ක අවුල් වෙනවා.කොල්ලො කියන එව්න්ට මම කොහොමත් කෑමති.මොකද හදිස්සියකට හෑමදාමත් මගේ ජීවිතයේ කොල්ලෙක් හිටපු නිසා

ඔය අතරේ මගේ බබී කතා කලා,වෙලාවට අපේ කස්ට්යට වෑඩ්ය් සූර් නෑ.

"අනූ.........."

"මොකද අදත් තාත්තා කේස් දෑම්මාද?"

"නෑ.....මොඩයො මම කතා කලේ ඔයා ගෙදර ගියාද බලන්න"

"මම ගෙදර ඉන්නෙ කෙල්ලේ"

"කෑවාද"

"හ්ම්......"

"මොකද බස්සෙක්ද"

"පිස්සා"

ඔය අතරේ අපේ කට්ටිය හොදටම බිලා මගේ ලගට ඈවිත් විකාර කරන්න ගත්තා,දන්නවානේ ඉතින් ඔයාලා බීවාම,දෑන් නිකන් ටිකක් කට්ටියෙගෙම පාවෙන වෙලාව

"ඈනො..........අපි........උබට.....,අනො"

ඔන්න ඔහොම ඉතින් එකම බෙරිහන් දීමයි

"අනූ කව්ද කෑගහන්නේ"

"අපේ කොල්ලො දන්නේ නෑද්ද"

"පාට්.......දානවා නේද මට කීවෙත් නෑ"

"මට ඔයාට බොරු කියන්න බෑ.........බබී, ඔයා මට ආදරෙයි කිව්වාට ඒක සමරනවා කෙල්ලේ"

"බොනවා නේද........"

"නෑ....බබී මම කලින් හොදටම බීවා,මෑරෙන්නම බීවා ඒත් මට දෑන් කෙල්ලෙක් ඉන්නවා,මට බලාපොරොත්තුවක් තියෙනවා,ඒක නිසා ඔයාගේ අනූ කවදාවත් ආයේ බොන්නේ නෑ"

"මට පොරොන්දුවෙන්න"

"මම පොරොන්දු වෙනවා,සදුදා ඈවිත් මම ඔයගේ ඔලුවේ අත් තියලාම පොරොන්දු වෙනවා,මගේ ආදරයේ නාමයෙන් මම බොන්නෙ නෑ කියලා"

ඈනාගේ ආදරය ඈනාට විදගන්න දීලා අපි බලමු ලෑටා ඈනාගේ ලව් එකට කරපු හෙල්ප් එක මොකක්ද කියලා

ලෑටාට හිටියා අය්යා කෙනෙක් එයා ජනක එයා වෑඩ කලේ ඩුබායි වල  එම්බසියේ,ලෑටා අයියාට වගේම අයියා ලෑටාටත් පුදුම බෑදීමක් තිබුනේ හරියට මමයි,නදීකායි වගේ

ලෑටා කොල්ලො බොන අස්සේම ශොට් එකක් ගහලා අයියාට කතා කලා

"අයියේ මට උදව්වක් කරන්නකො"

"මොකක්ද බන්"

"ඩුබායි ඉන්නවා පොරක් සුදේශ් ඉන්ද්‍රජිත් කියලා,ඒකා වෑඩ කරන්නේ එහේ මේසන් කාරයෙක් විදිහට ඔයා ඒකාගේ පාස්පොර්ට් එක අරගන්න ඔනි"

"මොකක්ද බන් කේස් එක"

"ඈනාගේ කෙල්ල කලින් ලව් කලේ ඔය කොල්ලාට,ඔකා ඈනාට හොදටම බෑනලා උබ දන්නවානේ අයියේ ඈනා මගේ එක කුස උපන් උබ වගේ කියලා ඉතින් මට ඒ හෙල්ප් එක කරපන් අයියේ"

"ඈනා ගෑන මම දන්නේ නෑතුව නෙමේ බන් කොල්ලා හොද එකා"

"ඔව් මට මේක කරලා දීපන් අයියේ"

"පාස්පොර්ට් එක පුච්චලාම දාන්නද එහෙම කලොත් මෙහෙන් එනවා බොරු,මම හොර පාස්පොර්ට් එකක් හදලා මේකට යවන්නම් ලන්කාවට එන වෙලාවක මම ඒක අල්ලලා උසාවි දාන්නම්,උබ දන්නවානේ මෙහේ ඔවා කලොත් ප** කපලා තමා එවන්නේ"

"ඔක කපලා එව්වොත් වෑඩක්ම නෑ"

"මල්ලි උබ බොනවාද"

"ඔව් අයියා,අද සමරනවා"

"මොකක්ද බෑන්ඩ් 1"

"විස්කි"

"ගහපන් කරටි කුඩු වෙන්න,මටත් එක්ක බීලා කෙලින් ගෙදර ගිහින් මගේ නම්බුව රෑකපන්"

"ඈනාට ෆොන් එක දීපන්"

ඈනා කොහෙද ඉන්නේ අපි බලමු.ඒකාකෙල්ල එක්ක මල් කඩනවා

"අනො......මගේ පෙම්බර ඈනො"

"ලෑටා බීවා හොදටම ඈති උබ තේරුනද"

"අපේ අයියා,කතා කරපන්"

"අයියේ,කියන්න"

"මල්ලියා,කවදාද අපිට කේක් කන්න පුලුවන්"

"තව කල් තියෙනවා අයියා ඒකට"

"සුදේශ් ගෑන මම බලාගන්නම් උබ බෑන්දාම කියපන්,එතකොට අපි එවමු"

"ලෑටාද ඒ ජරා වෑඩේ කරන්න කීවේ,එපා අයියේ ඒක කරන්න ඒපා.මම වෑදලා කියන්නම් කරන්න එපා"

මම ඈනා.තවත් ලෑටෙක් නෙමේ මම එයාට ලව් කලේ උපරිම බොක්කෙන්,මම වගේම අර කොල්ලත් මෙයාට ලව් කරනවා ඈති,තව කෙනෙක්ට මගේ ආදරය නිසා දුකක් දෙන්න මම කෑමති නෑ.අනික ඒකා කොල්ලෙක්

කොල්ලෙක් කොල්ලෙක්ට වින කරනවානම් මම කියන්නේ එයාලට පො**** කියලා,මගේ ආදරය නිසා කිසිම කෙනෙක්ට දුකක් දෑනෙන්න දෙන්න බෑ අන්න එතන ඈනා හෑම වෙලේම හිටියා.

සදුදා අපේ ජීවිතයේ තවත් එක මතක හිටින දවසක් උනා.අපි හෑමොගේම උසස් පෙල ප්‍රතිපලය ඈවිත්,දන්නවානේ ඔයාලා ඔය කාලේට අදුරන්නේ නෑති අයත් අහන්නේ කොහොමද ප්‍රතිපල කියලානේ,ඔක පන්තියෙත් ඔහොමමයි.මට කොළඹට එන්න පුලුවන් විදිහට හොද ප්‍රතිපලයක් තිබුනා.මම හිතුවාට වඩා හොද ප්‍රතිපලයක්,මටත් නිකන් ඉන්න බෑ,මමත් ගියා කට්ටියගේ ප්‍රතිපල බලන්න නිකන් එයාලට උගන්වපු ගුරුවරයා වගේ,මට මගේ බබීවත් අතටම මාට්ටු උනා

"මොකද ලමයි කෑගහන්නේ"

ඔයාලා හිතුවාද සර් කියලා නෑ මේ ඈනාගේ හදිසි ආක්‍රමනයක්.

"අනේ සර් අපේ ප්‍රතිපල ඈවිත්"

"ඈනා,ඔන්න දෙන්නටම එක කෑම්පස් එකේ ඉන්න පුලුවන්"ශශී කීවා.


පන්තිය අවසානේ සර් කීවා නියම කතාවක් ඒකට හෑමොටම හිනා,ඈත්තටම එහෙම සර්ලා හරිම අඩුයි.මගේ හෑගීම් දෑනගන්න එහෙම ගුරුවරු අද නෑ.ඒ වගේම අද ඈනාට සුද්දෙක් පාට් එකක් දෑම්මොත් ජාතිය අමතන්නත් පුලුවන්.එහෙම දෙයක් දුන්නේ සර්.ඒ වගේ මිනිස්සුන්ට් අම්මපා මල් තියන්නම ඔනේ.මේක මගේ මතය ඔයාලට වෙනස් දෙයක් හිතන්නත් පුලුවන් නිසා.

"තව පොඩ්ඩෙන් උබ අම්බුලුවාවෙන් පෑනලා ගිනස් පොතටත් යනවා"

පන්තියේ එකම හිනාවයි

"මමනම් හිත හිත හිටියේ මේකා මලාම මේකාගේ දානයට යන්න කියලා"

දන්නවානේ දෑන් ඔයාලත් ලෑටාගේ කුනු කට

මම හොරෙන් කෙල්ල දිහා බෑලුවා.මූන හොදටම කලු වෙලා,පව් අසරනී,ඈනාට මල පෑන්නා.මල පෑන්නාම මම ඔය කාලේ ටිකක් පිස්සු

"දෑන් උබලාට මොකක්ද වෙල තියෙන්නේ"

"හරි හරි ඈනාට තද වෙලා ඉන්නේ,ඔකා මුකුත්ම කීවේ නෑ කියන්නේ උගේ රතු කට්ට පෑනලා කියන එක,ඔක්කොම ගෙදර යමල්ලා,"

ලෑටා කට දෑම්ම නිසා හෑමොම කට පියාගෙන ගියා.

දෑන් මුලු පන්තියම වෙනස් වෙලා,පන්තියෙන් බගයක්ම ලව් කරනවා.හෑමොම යන්නේ කුඩ යටින්.ඈනාට ටිකක් ලෑජ්ජා හිතුනා වෑඩේට,එත් මොනවා කරන්නද බෑදගත්තනම් ගහපන් කීවාලු බෙරය.මොනවා කරන්නද මමත් රින්ගුවා කෙල්ලගේ කුඩය යටට

"අනූ......."

"මොකද බබී"

"මෙහෙම යන එක හරී නෑ"

"යකො හරි කතාවක්නේ ඒක,මම ලව් කරන කෙල්ලත් එක්ක යන්නේ නෑතුව වෙන කවුරුත් එක්ක යන්නද"

"පන්ඩිතයා,වගේ කියවන්නනම් පුලුවන්"

"ඔව් මම කවදා හරි එහෙම කෙනෙක් වෙනවා"

"හ්ම්.......මමත් ආසායි ඔයා එහෙම කෙනෙක් වෙනවාට"

"ඒකනේ,එහෙම උනාම අපිට ලන්කවෙන් යන්නත් පුලුවන්"

"අනේ......මට බෑ යන්න"

"පිස්සි,ඒවට තව කල් තියෙනවා"

"බබී....ඔයාගේ ප්‍රතිපල කොහොමද?"

"මට A2 B1 තියෙනවා,මම කොමස්නේ කලේ"

"අහ්......... එහෙමද"

"හ්ම්......"

"අනූ ඔයා කෑම්පස් ගියොත් මාව අමතක කරනවාද"

"අමතක කරන්නද මම අර අම්බුලුවාවෙන් පනින්න හෑදුවේ?"

කොහොමහරි විකාරම කියවමින් අපි ටවුන් එකට ආවා.මාව මග අරින්න වෙනදාට ඉක්මනට යන්න එන කෙල්ල දෑන් ලගින් හෙල්ලෙන්නෙවත් නෑ.ඔන්න කොල්ලනේ කෙල්ලන්ගේ හෑටි.මම මෙහෙම කීවා කියලා කෙල්ලො අප්ස්ට් වෙන්න එහෙම එපා.

ඔන්න ඉතින් මම කෙල්ලත් එක්ක මුලින්ම බස් එකට නෑග්ගා.වෙනදාටත් නගිනවා බස් එකට තමා.එත් අද දවසේ එයා මගේම විතරයි,ඒක නිසා ඈනාට පොඩි පොරක් ගතියක් දෑනුනා.බස් එකේ ඉන්න අනිත් කෙල්ලන්ට එහෙම මම රවනවා බබී දෑක්කා.

"අනූ........මොකද ඔය"

"අර කෙල්ලො මට ලයින් වගේ"

"ඉතින් දාගන්නකො"

මට තද උනා උපරිම,ඒත් කෙල්ලො හරිම කෑමති තමන්ගේ කොල්ලා ලගට වෙලා එයාත් එක්ක ආදරේ කරන්න.මම බබීට දෑම්මා සෑර පාට් එකක්

"බබී,මතක තියගන්න හොදටම මේ ආත්මේ වගේම ඊලග ආත්මෙත් ඔයා මගේ විතරමයි.ඒක වෙනස් කරන්න ඔයාට තියා මටවත් බෑ.අනික මම ඔයාට ලව් කරන්නේ හදවතින්මයි,මට ඔයා ඉන්න ගමන් තව කෙල්ලොත් එක්ක යන්න කිසිම උවනාවක් නෑ,හොදට මතක තියාගන්න"

"අනේ.......අනූ ඔහොම තද වෙන්න එපා"

"මට එහෙම කියන්න එපා බබී,මම ඔයාව හුගාක් දුක් විදලා මගේ ලගට ගත්තේ,ඔයා වෙනුවෙන් මෑරෙන්නත් ගියා මම දෑක්කානේ"

"ආයේ කවදාවත් මම එහෙම කියන්නේ නෑ"

"හ්ම්..."

"තරහද නපුරො"

"නෑ ,මට ඔයත් එක්ක තරහ වෙලා ඉන්න බෑ"

"අනූ එහෙනම් මම යනවා,පරිස්සමට යන්න හොදද"

"මගේ කෙල්ලට මම ගොඩක් ආදරෙයි.පරිස්සමට යන්න"

"හ්ම්....."

අනේ ඉතින් එයාත් ගියා,මට ඉතින් දෑන් තියෙන්නේ මගේ මනොපාර තමා මම ඒකත් ගහගෙන ගම බලා පිටත් උනා.

ඈනාට එහෙම මනො පාර ගහගෙන යන්න දීලා අපි ගිමන්හලෙන් අද දවසේ සමුගන්නවා.මෙය කොටස් ලෙස ඉදිරියටත් අපි ඔබලාට නිකුත් කිරීමට කටයුතු කරනවා.අපත් සමග ඉදිරියටම රෑදී සිටින ලෙස අපි ඔබලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.මෙහි වෑරෑද්දක් පවතිනවානම් වහාම ඔබගේ අදහස පවසන ලෙසද ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.

සෑමටම ජයවේවා!!!

ජීවීතයේ පලමු හමූවීම{අවසාන අඩහෑරය}



ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අපි අදත් ගිමන්හලට ගොඩ වෑදෙනවා.සයවන අඩහෑරයට ඔබ ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට අපි ඔබට බොහො සෙයින් අපගේ හද පිරි ප්‍රනාමය පුද කරමු.එසේනම් අද අපි අරබන්නේ එහි සත්වෑන්නයි.

අවසන් උනේ........

මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන මම අයින් උනා.

අද එතෑන් සිට..........

කොහොමහරි පන්තියේ හෑමොගේම ආසාව ට්‍රිප් එක යන එකමයි.මට නදීක ගෑන වෙනදා කරන ආදරයට වඩා ආදරයක් දෑනුනා.ඒක මට කියන්න තේරෙන්නේ නෑ.අපි කවුරුත් අසරන වෙනවා කියන හෑගීමත් හිතට ආවා කියන එක විතරයි මට ඔයාලාට කියන්න තේරෙන්නේ

අද දවසේත් පන්තිය සුපුරුදු ලෙසම අවසන් උනා.දවසම මම නදීකා ලගම හිටියා.මොකද මම කෑමති නෑ එයා දුකෙන් ඉන්නවා දකින්න.එයා හිනා වෙලා ඉන්නවා දකින්න මම හෑම වෙලේම ආසයි.

කොහොම හරි අපි දෙන්නට තනි වෙන්න වෙලාව එන්නේ හවස ගෙදර යන ටිකට විතරයි.ඒ වෙලාව මටනම් හුගක් වටිනවා.ඈත්තටම නදීකා හරිම අහින්සක කෙල්ලෙක්.කෙල්ලො ඔක්කොම අහින්සක නෑ.එයාගේ හිතේ තිබුනු වේදනාව,දුක මට නිරතුරුවම හිතට දෑනුනා.මේ ලියන මොහොතෙත් එයාව මෑවිලාම පේනවා.හේතුව මගෙන් අහන්න එපා.සමාවෙන්න මගේ යහලුවනේ

ඔන්න අපේ වාර්ශික ට්‍රිප් එක යන දවසට කලින් දව්සේත් මට නදීකාව හවස බස් එකේදිම මුනගෑහුනා.

"බබී........."

"මොකද පරක්කු උනේ"

"දන්නේ නෑද්ද වෑනි වෑනි එනකොට"

"අනූ........හෙට ට්‍රිප් එක යනවාද"

"නෑතුව"

"මටත් යන්න ආසයි...ඒත්"

"කෑමතිනම් එන්න මම බල කරන්නේ නෑ"

මම එදා ඉදන් මේක ලියන මොහොත වෙනකන් කිසිම කෙනෙක්ට නෑමෙන්නේ නෑ.නමන්නත් බෑ.ඒක ජාන වලින් ආපු එකක් වෙන්න ඔන.

"නපුරුකම..."

"කොහෙ නපුරු උනත් මට ඔයා ලග නපුරු වෙන්න බෑ"

"පිස්සා"

"මෑට්ටී"

"ඔයා අර මොකක්ද අහනවා කීවේ කෙල්ලෙක්ගෙන් ඒක අහෑව්වාද"

"හෙට ඒ කෙල්ල ආවොත් මම අහනවා"

"මට කියන්න බෑරිද"

"අහලා ඉවර උනාම මම ඔයාට කියන්නම්"

"කලින් කියන්න බෑරිද"

"බෑ....."

"පව් නේද කෙල්ල"

"මොකද"

"මුකුත් නෑ....."

"ඒ කෙල්ලට අඩන්ඩ මම ඉන්නකන් දෙන්නේ නෑමයි,ඒ කෙල්ල ගොඩක් දුක් විදිනවා"

"ඔයාට මම සුබ පතනවා ඒ කෙල්ල ඔයාට බෑ කීවොත්"

"මම හෙට වහ කුප්පියක් අරගෙන එන්නේ,අම්මාට ලියුමකුත් ලියලා තියලා එනවා.මගේ මලකද ගෙදරට ගෙනාවොත් අම්මා දකීවි"

"පිස්සෙක් වෙන්න එපා අනූ........තෙරුනාද"

උපරිමයට මල පෑන්නා නදීකාට,ලේසියෙන් මල පනින්නේ නෑ එයාට.එයාට කෑමති වෙන්න එක හේතුවක් ඒක.

"අපි බලමූ නදී ඒ කෙල්ල මට කෑමති වේද කියලා,මම ගොඩක් කල් ඒ කෙල්ල වෙනුවෙන් එයා ලගම හිටියා,හෙට අවසාන දවස මම එයා ලග ඉන්න,කෑමති උනොත් ජීවිත කාලේම මම එයා ලග"

"ඔයා එයාට ගොඩක් ආදරෙයි වගේ අනූ"

"අහන්නත් දෙයක්ද මගේ ආදරය දෙවෙනි වෙන්නේ දෙමව්පියො දරුවන්ට දක්වන ආදරයට විතරයි"

"මට කෙල්ල කව්ද කියන්න බෑරිද"

කපටි,මහ අමුතුම හිනාවක් එයාගේ මුනේ ඈදුනා.ඔතනින් මම හිර උනා.ඈනා මුලින්ම කෙල්ලෙක්ට පරාද උනා

"පස්සේ කියන්නම්"

"මම යනවා අනූ"

"හෙට උදේම එන්න නාවොත් මම එනවා ගෙදර,අනිවාර්යෙන්ම එනවා"

මම එසෑනින් ලෑටාට ගත්තා.මොකද ඔකානේ ෆිල්ම් එකේ ලොක්කා,කොහෙද ඉන්නේ බලන්නත් එක්ක ගත්තා

"ප**තො කොහෙද"

"අපිටත් වෑඩක් කරගන්න දීපන්කො"

මේකා ශශි බස්සන්න යන ගමන් ඉදලා තියෙන්නේ,ඒකානම් මම වගේ කෙල්ලට ලව් කලේ නෑ කියලා මට හොදටම තේරුනා.

"හවස පිට්ටනියට වරෙන්"

"එල ඈනා"

හවස පිට්ටනියේදි ඔකා ආවා.මටනම් ෆුල් ආතල් තනියම හිනා වෙනවා,බල්ලොත් එක්ක කතා කරනවා.අනේ මන්දා යාලුවනේ ඒ කාලේනම් පිස්සුම තමා.

"ඈනො......මොකක්ද මෙදා පාර අවුල"

"මොන අවුල්ද බන් මට උබ මගේ ලගනම් අවුලට තමා අවුල මට නෑ"

"ඈනො..................."

"මොකද"

"උබ ඈහෙව්වාවත්ද"

"පිස්සුද.....හෙට ඉවර වෙනවා ඈනාගේ ලව් එක"

එහෙම කියලා පන යනකන් අපි සෙල්ලම් කලා.පස්සේ කොකටත් මම විල් එකක් රෙඩි කලා,අනික අපේ ගමේ වීල් තියෙනවා හෑම ගෙදරකම වාගේ,ඒ වගේම තමා වලි.....ඒ ගෑන නියම කතා තියෙනවා මම පස්සේ කියන්නම්. කෙල්ල නාවොත් කියලා සෙට් කලේ,ලෑටානම් මට හොදටම බෑන්නා ඒකට,ඒත් එහෙමත් කලා

කොහොමත් මට මොකක් හරි ඔනේනම් මම මෑරිලා හරි ඒක මගේ කරගන්නවා,හොද,නරක ඔයාලා තීරනය කරන්න

පහුවෙනිදාට එලි උනා,ජීවීතයේ තීරනාත්මක දවසක් හරියටම මීට අවුරුදු 5 කලින් නොවෑම්බර් හතර වෙනිදා.....පිස්සු හෑදෙයි අද නේද හතර වෙනිදා,බලන්න කෑලෑන්ඩරය,ඔව් අද තමා අද වගේ දවසක කතාව ඉවර කරන්න බෑලුවේ

ටවුන් එකෙන් බස් එකට මම නෑග්ගේ ඈස් දෙක පියාගෙන,හිටියොත් ඈස් අරිනවා.නෑත්නම් මම බහිනවා බස් එකෙන් කියලා,මගේ ලගටම ආවා කවුරුහරි,ඒක දෑනෙනවානේ කාට උනත්

"මට එක වචනයක් කියන්න"

"ඈනා.............."

"ඔයා නදීකා නෙමේ,යකො මට අදුරන්න බෑරිද"

"පිස්සා,"

අන්න හරි මට හෑමවෙලේම කියන වචනය

"මට ඔයාව අදුරගන්න බෑරිනම්,අපේ අම්මාට මාව අදුරගන්න බෑරිවෙනවා"

දෑම්මා  පොර ටොක් එකක්

කොහොමහරි ට්‍රිප් එකේ අම්බුලුවාගලට එනකන් මම හොදටම නෑටුවා.හිතේ තියෙන අමුතු ගතිය යන්න,මීට කලින් ඔහොම ඒවා කරලාම නෑ නේ

අම්බුලුවාගල කියන්නේ හරිම ලස්සන තෑනක්.ඒක ගම්පොල නගරයට හොදට පේනවා,අපේ ගමේ කොල්ලො සෙට් එකක් පස්සෙ දවසක ගිහින් දෙබරු අවුස්සලා එකෙක් පෙට්ටියක ආවේ,ඒ කතාව පසුවට,කොහොමහරි අපි අම්බුලුවාගලට බස් එකේ ආවා.

ඉතිරිය පයින් තමා යන්න වෙන්නේ,ලෑටා කෙල්ලත් එක්ක යන්න පටන් ගත්තා.

මම අන්තිමටම වටේ පිටේ පින්තූර ගහ ගහ ආවා.නදීකා හෑම වෙලේම මම එනවාද කියන එකනම් බලනවා හොදටම තෙරුනා.මගේ වෙලාවට ශශිට ඔක මතක් වෙලා කෙල්ලට කින්ඩියක් දාලා

"නදීකා.....ඔයා අපිත් එක්ක එන්න එපා,පිටිපස්සෙන් එන්නේ ඔයාගේ අයිතිකාරයා එයත් එක්ක එන්න්"

කොහොමහරි නදීකාව දාලා අනිත් අය ඉහලට ගියා.මම මගේ ආතල් එක අරගෙන හෙමින් එනකොට මෙයා දුවගෙන මගේ ලගට ආවා

"කොහෙද දුවන්නේ"

"මාව දාලා අනිත් අය ගියා,මට බය හිතුනා අනූ"

අම්මපා කෙල්ලො අපිව මොල් කරනවා කියන එක බොරු නෙමේ,ඉතින් අපේ එව්න් කෙල්ලො බේරගන්න මරාගන්නවා.මේක කියවන අය මොකද හිතන්නේ,හිතේ හිරකරගෙන ඉන්නද කල්පනාව නදීකා වගේ

"යකො,මේ උදේ මොකාටද බය හිතෙන්නේ"

"නෑ......."

"අනූ......."

"මොකද බඩගිනිද"

"නෑ......."

"එහෙනම්.....ඔයාව මම අනිත් කට්ටියට සෙට් කරන්නද"

"එපා........"

"එහෙනම්"

"ඔයා කියපු අර ගෑනු ලමයා බස් එකේ ආවාද"

"එයා බස් එකේ ආවේ නෑ"

"ඔයා කොහොමද අරක අහන්නේ"

"එයාලගේ ගෙදර කට්ටිය මෙහේ එනවා,තව ටිකකින්"

"කෙල්ල ලස්සනයිද"

"ඔව්"

"කෙල්ල බෑ කීවොත්"

"ඔයා එහෙම උනොත් මට උදව්වක් කරන්න පුලුවන්ද?"

"කියන්න මම කරන්නම්"

"ඔයා දන්නවානේ මම අම්මාට හුගක් ආදරෙයි කියලා,එයාට මම ලියුමක් දෙනවා ඔයා ඒක දෙන්න"

"ඔක මොකක්ද මම දෙන්නම්"

"හෑබෑයි,ඔයා ඒක දෙනකොට මම මේ ලොකෙන් සමුගන්නවා"

අපි ඔය කතාව කතා කලේ මගදි ඒ කියන්නේ මගේ ආදරනීය යාලුවනේ පොඩ්ඩක් මහන්සියට ඉදගෙන වතුර ටිකක් බොන වෙලාවකදී,මම අර මෑරෙන කතාව කියනකොට කෙල්ලට ඉස්මොලේ ගිය වතුර ටික

"අනූ.......මම හොදටම කියල තියෙනවා මෑරෙන කතා මට ඈහෙන්න කියන්න එපා කියලා"

"කරන්න දෙයක්නෑනදීකා,මට එයා නෑතුව එක මොහොතක් ඉන්න බෑ,මම එයාට හුගක් ආදරෙයි.එයා මට නෑත්නම් මම මෑරෙනවා.ඒක ඔයාටවත් කාටවත් තීරනය වෙනස් කරන්න බෑ"


"ඔයා අඩන්න එපා බබී"

අඩන එක දෑන් උපරිමයි,ඉකි ගහ ගහ අඩනවා

"අඩන්න එපා.......මම මෑරෙන්නේ"

මට හිතුනා දෑන්වත් මේක කියන්න,ඒත් මම දන්නවා මෙයා මට කෑමති වෙන්නේ නෑ කියලා,මට කියන්න බෑරි උනා මේක තියෙන්නේ ලොකු කන්දක් උඩ,ඉතින් මට හෙලකට පෑන්නත් මම මෑරෙනවා.

"අපි යමු ඈඩුවා හොදටම ඈති දෑන්"

ඔන්න ඔක්කොම කස්ටිය උඩටම ආවා,මගේ හිත පිස්සු හෑදිලා තියෙන්නේ
දවල්ට කාලා එහෙම මම මගේ ජීවීතයේ ලොකුම තීරනයට මූන දෙන්න සුදානම්.හෑමදේටම වඩා මගේ යාලුවා මගේ ලගට ඈවිත් මෙහෙම කීවා

"ඈනා,අපි මෙතෙක් කල් නටපු පිස්සුව අදින් ඉවර වෙනවා.ආයේ උබවත්,මමවත් එයාගේ පස්සෙන් යන්නේම නෑ,ඒක නිසා උබ මේක එයාගෙන් අහපන්.උබ හොද එකා පලයන් උබට ජය වේවා"

මේක මට කටපාඩ්ම් දෙබසක්,මම කීවනෙ මේවා ඔක්කොම දිනපොත් වල තියෙනවා.මේක මම රතු ඉරෙන් ඈදලා තියෙන්නේ,ඔය මගේ හිටපු හොදම යාලුවා නිසා,

ඉතින් ශශි,නීශා ඔය ඔක්කොම මට සුබ පෑතුවා,අදටත් මට ඒ හෑගිම දෑනෙනවා.ඒක හරි අමුතු හෑගීමක්,අපි බලමු කොල්ලා මොකද කරගත්තේ කියලා

"නදී........"

"අනූ..........."

"ඔයා දෑක්කද අර ඈත තියෙන මල"

"හ්ම්......."

"ඒ මල වගේ ඔයා"

"නදී....."

"අනූ......"

මුලු පන්තියම අපේ දිහා බලාගෙන ඉන්නවා,සර් පවා හිනා වෙවි බලාගෙන ඉන්නවා.

මම කෙල්ලව අත් දෙකෙන් අල්ලලා මගේ පෑත්තට හරවා ගත්තා

"මම ඔයාට කීවා නේද කෙල්ලෙක්ගෙන් අද අහනවා කියලා"

"හ්ම්........"

"නදී........."

"හ්ම්....."

"අනුපිය එයාගේ පනටත් වඩා ආදරය කරන කෙල්ල වෙන කෙනෙක්ගේ කියලා අනුපිය දන්නේ නෑතුව නෙමේ,ඒකත් දන්නවා,මගේ පලමු සහ අන්තිම ආදරයත් එයා,මම ඒක එයාට කියලාම ඔයාලා ලගින් යන්නයි හදන්නේ"

"මගේ දිහා බලන්න"

මම කෙල්ලගේ පුන්චි මූනෙන්ම් අල්ලගත්තා,

"මම ඔයාට හුගක් ආදරේ කරනවා බබී.....හුගක්ම හුගක්"

කෙල්ල ඈඩිල්ල පටන් ගත්තා,හොදටම ඉකි ගහනවා.

පස්සේ එයා වේගයෙන්ම දුවලා ගියා ශශි ලගට අඩනවා උපරිම,මගේ ලගට කොල්ලො ටික ආවා,සර් එහෙමම දුවලා ආවා.

"අනේ සර් මම එයාට හුගක් ආදරෙයි,මට සමවෙන්න සර්"

මට මොකා උනත් ඒ වෙලේ මම ලග හිටපු එකා බදාගත්තා,හෑබෑයි අපේ ඈනා සෑලුනාද,ඔව් ඌ සෑලුනා,හිතින් හිතුවා ජීවීතයෙන් සමු ගන්නව කියලා

මගේ දෙවියො මට තව අවස්තාවක් දුන්නා.අම්බුලුවාගල තියෙනවා සර්පිලාකර පඩි පෙලක් තියෙන ගොඩනෑගිල්ලක් මට නමනම් මතක නෑ.ඔක උඩට නගිනව කියන්නේ මුලු ගම්පොල ටවුන් එකම පේනවා හරිම ලස්සනයි.

ඉතින් ඔතන උඩහට මම ගිහින් පනිනවා කියලා හිතාගෙන අවසන් ගමනට ඈනා රෙඩ් උනා.කෙල්ලෙක්ට ඔච්චර ලව් කරන මොඩයෙක් කියලා උබලා ඔක්කොටම මට බනින්න පුලුවන්.නමුත් ඒ වෙලේ එන හෑගීම දන්නේ එහෙම ලව් කලොත් විතරයි

අපි හෑමොම එලිලා මෑරෙන මිනිහාට පිස්සෙක්,අපරාදේ ජීවිතය නෑති කරගත්තා කියනවා.නමුත් කවුරුත් බලනවාද එහෙම කරගන්නේ මොකද කියලා,නෑ......කවුරුත් බලන්නේ නෑ....

ඈනා අවසන් ගමන පිටත් උනා.මගේ වෙලාවට කෙල්ල මගදි හම්බ උනා.අනිත් අය ඔක්කොම එතනට ගිහින් පහලට ආවා.මෙයා විතරක් යන්න බයයි කියලා එතනම ඒ කියන්නේ බාගයක් නෑගලා ඉදලා,ඈනා එන්නේ කුප්පිය සාක්කුවේ දාගෙන,බෑග් නෑතුව ආවා.මම එයාගෙන් ඈහුවා.

"එනවාද යන්න"

"ඔයා යන්න,මට බෑ"

අනිත් අය ශශි,නීශා එයාලා යන්න කියලා උපරිම කියලා මෙයාට බල කරලා මෙයා මගෙත් එක්ක උඩහටම ආවා ඔන්න දෑන් ඈනාගේ අවසානය

"නදී මම අහපු දේට මොකද කියන්නේ"

"මට කෑමති වෙන්න බෑ අනූ"

"හරි එහෙනම් මම සමු ගන්නවා,යාලුවෙක් උනාට ඔයාට බොහොම පින්"

"අනේ......අනූ මාව දාලා යන්න එපා"

"මම යනවා.මගේ කතාව ඉවරයි කියලා වහ කුප්පිය බීවා"

"අනු........."

"තව ටික මොහොතයි"

මම පහල බලලා වේගයෙන් කෑගෑහුවා.අපේ පන්තියේ ඔක්කොම උඩ බෑලුවා.මම එතනනින් පනින්න යන ගතියක් පෙන්නුවා.ලෑටා කෑගෑහුවා

"තොට පිස්සුද යකො"

"නදී....මාව තල්ලු කරන්න,මම කෑමති එහෙම මෑරෙන්න"

"ඔයා,මෑරුනොත් මම මෑරෙනවා සත්තයි අනූ....මම මෑරෙනවාමයි"

මගේ කකුල් දෙක හයියෙන් එයා අල්ල ගත්තා,පුදුම හයියකින්,මටත් මරන බය දෑනෙන්න ගත්තා නදී මාව දසමයක් එහෙට මෙහෙට කලානම් ගිමන්හල කියලා බ්ලොග් එකක් නෑති වෙනවා.

සර් පහල ඉදන් කෑගහන හඩත් ඈනාට ලාවට ඈහුනා,ඒත් එක්කම මගේ අඹ යාලුවා දුවගෙන ආවා,ඒකා කියපු කතාව මට අදත් දොන්කාර දෙනවා.දෑනුත් දෑනෙනවා.

"බොල,හු***මගේ පන වගේ යාලුවාට පොඩි සීරීමක් උනොත් මම උබව පහලට දානවා"

මම පඩියෙන් බෑස්සා,මට හොදටම හෑති,මරන බයයි,ලෑටා කෙල්ලට මොනවා හරි කරයි කියලායි දෙකටම,ඈනා අත ඈරියේ නෑ

"නදීකා ඔයා මොකද කියන්නේ"

"කියපිය බෑල්ලියේ,උබ ඈනාට ලව් කලේ මොකටද? පුලුවන්නම් නෑ කියපන්.මම මරනවා.කියපිය තමන්ගේ පනත් නසාගන්න හෑදුවා උබ වෙනුවෙන්,උබ වෙනුවෙන් මේකා කොච්චර ඈඩුවාද?"

ලෑටාගේ තරහවේ උපරිමය



"අනූ.........මාව හෑමදාම බලාගන්න.ඒත් මෙහෙම කරගන්නේ නෑ කියලා මට දිවුරන්න"

 "මම මගේ පනටත් වඩා ඔයාට ආදරේ කරනවා,ඒක බොරුවක් නෙමේ අනූ,සත්තයි,මගෙන් අහන්න එපා මම එහෙම කරන්නේ ඈයි කියලා,හෑමවෙලාවකම මට මතක් වෙන්නේ ඔය ලස්සන මූනමයි.මට දහස් වාරයක් සමාවෙන්න අනූ,  මම ඔයා ලගටම වෙලා ඉන්නවා"

ඈනා,සටන ජයගත්තා,කවදත් ඈනා අන්තිමයට මොහොතක් වෙනකන් අත අරින්නේ නෑ.මට දෙයක් කියන්න තියෙනව මේක බලන ඔයාලට කවදාවත් කෙල්ලෙක්ට බොරුවට ලව් කරන්න එපා.මම වගේ බොක්කෙන් කරපල්ලා,මේක කෙල්ලන්ටත් එහෙම තමයි කොල්ලන්ගෙන් කඩා ගන්න බලන්නේ නෑතුව ආදරය කියන එකට වටිනාකමක් දෙන්න  ඒත් මම කරන්න ගිය මොඩ වෑඩ නොකර කෙල්ලව/කොල්ලව ඔයාලා ලබා ගන්නවානම් ඈනා කෑමතියි

ලෑටා යන්න ගියා.මම කෙල්ලගේ ඔලුවට අත තියලා දිවුරුවා.අම්මපා මම කිසිම දේකට අද, නෙමේ හෙටවත් එහෙම කරගන්නේ නෑ කියලා.

මම කෙල්ලව මගේ පපුවට තුරුල් කරගත්තා,

උබලා වෙනුවෙන් මේ කතාව මම ලියන්නේ ගිනි කබල වගේ උන තියගෙන,ඈනාට නදීකාව පපුවට තුරුල් කරගෙන ඉන්න දීලා අපි යනවා.

අද දවස.............

මම 2007දී කොළබට ආවා නදී හෑමදාම මට කීවා වගේ මම අද හොද තෑනක ඉන්නවා,ඒ වගේම හොද කොල්ලෙක් විදිහට,හොද කියන එක තීරනය කරන්නේ මාව අදුරන සහ කියවන ඔයාලා,ලෑටා ඒකා අද කෑලනියේ කතිකාචාර්ය කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා.ශශිගේ තිබුනු ආදරය පන්ති අවසානේම නෑති උනා.අද වෙනකොට ශ්ශි,නීශා කොහෙ ඉන්නවාද කියන්න ඈනා දන්නේ නෑ.ඈත්තටම එයාලා හොද යහලුවො,එදා නදීකාට අසනීප උනු දවසේ අපිව බලන්න එක්ක ගිය කොල්ලා මතක ඈති,මටහක නෑත්නම් පොඩ්ඩක් බලන්න,ඒකා ගොට්ටා,එයා අද ලන්කාවේ ප්‍රසිද්ද ආයතනයක සුපවයිසර් ලෙස කටයුතු කරනවා.එයා කුලී වෑඩ කරන තෑනක ඉදන් එතනට ගෙනාපු කතාව ලගදීම කියන්නම්

එහෙනම් යාලුවනේ මගේ ආදර කතාව පටන් ගන්නවා මෙතන ඉදන්,කරුනාකරලා ඔබගේ අදහස මෙම කලාපයට ලබා දෙන්න.මොකද ඒක හුගක් වටිනවා මට

මට එයා වෙනුවෙන් මගේ හිතේ උපන් මුල්ම අදහස මෙලෙස ලියා තබනවා.

කලු කපන රාත්‍රියට
පුරහදක් වන්න නුඹ
ගිනිගහන මද්දහනේ
මද සිසිල වෙන්න නුඹ


මහා පෑස සුලගකදී
අත්වාරුව වන්න නුඹ
ඉඩොරය වලකාලන
වෑහි බින්දුව වන්න
නුඹ


ජීවීතේ දිගු ගමනේ
මා අසලින්ම
රෑදෙන්න නුඹ


සසරින් සසරේ මගේම වන්න නුඹ

සියලු දෙනාටම ජය වේව!!!!!

ඉක්මනින් හමු වෙමු..... දෙවන කලාපයෙන්

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

ජීවිතයේ පලමු හමුවීම{සයවන අඩහෑරය}



ඔන්න ඔයාලා මට කලින් සෑරේටත් වඩා ඉහලම ප්‍රතිචාර ලබාදුන්නා.ඒ ලබා දුන්නු ප්‍රතිචාර වලට මම හෑමදාම වගේ ඔයාලට හිස නමා මගේ ගෞරවය පුද කරනවා.මගේ කතාවේ දරුනු හරියට තමා හෙමින් හෙමින් ලගාවෙන්නේ,ඈනාට පට්ට දුකක් හිතට දෑනුනොත් කතාව ටිකක් විතර පරක්කු වෙයි.

කමක් නෑ,අදත් වෙනදා වගේම කතාව පටන් ගන්නවා ගිමන්හලේදි...

අවසන් උනේ.........

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අද එතෑන් සිට........

  "කියපන් බලන්න ලෑටා"

"අපි කෙල්ලට දෙනවා,එකීට අමතක නොවෙන්නම උබව"

"මොකක්ද යකො දෙන්නේ කියපිය මගුලක් නොකියා"

"මචො අපි දෙමු චේන් එකක්"

"තොට පිස්සුද? කොහෙන්ද බන් ඔවට සල්ලි"

"මොනවා කරන්නත් කලින් තො ප* වගේ ඉන්නේ නෑතුව අදුමක් දාගෙන වරෙන් යන්න"

"හරි යමන්කො එහෙනම්"

කොහොමහරි,මම ලෑටා මාවත් ඈදගෙනම ටවුන් එකට ආවා.කෙලින්ම ජුවලරි කඩයකට රින්ගුවා.

"මල්ලි බලමුද චේන් එකක්"

අම්මපා,මේකට නම් හොදටම පිස්සු වගේ අතේ තියෙන්නෙත් රුපියල් දහයයි.මොන චේන්ද?

"අපිට පෙන්ඩන්ට් එකකට කෑපිටල් A අකුරයි,කෑපිටල් N අකුරයි ගහලා ලස්සනට හදලා දෙන්න පුලුවන්ද?"

හරි අදනම් හරි සනීප ආතල් එකක් ලෑබෙන පාටයි.අතේ සතේ නෑතුව මොන චේන්ද?

"මහත්තයා ගෑනු ලමයෙක්ට දෙන්න වගේ"කඩේ කොල්ලා ඈහෙව්වා.ඌ දන්නේ නෑ නේ ලෑටාගේ තරම

"කෙල්ලෙක්ට දෙන්නේ නෑතුව උබේ ගෑනීට දෙන්න නේමේ චේන් එකක් හදන්න දෙන්නේ"

මේක කඩේ මුදලාලිවත් ලස්සනට නමලා තිබුනා.කොහොමත් කපටිකමේ මුදුන් මල්කඩ ලෑටා

"සර් මට ඈඩ්වාන්ස් 1000 දෙනවාද?"

මට උගුර කට වේලුනා.සල්ලි නෑතුව මේකා මොනවා කලාද කියලා,පන්ඩිතයො වගේ ඈවිත් චාටර් වෙන්නත් බෑනේ

යකො මෙන්නෙ මේකා මටත් ඈහක් ගහලා 2000 කොලයක් දුන්නා.කඩෙන් එලියට ආපු ගමන් ලෑටාව අල්ලගත්තා.

"තො කොහෙන්ද 2000 මෑව්වේ"

"දෑක්කානේ කොල්ලාගේ වෑඩ,මම උබට හෑම වෙලේකම කියන්නේ මම උබට වඩා හිතනව කියලා"

"හරි උබ පොර,ඔකනේ ඔනේ උබට"

"උබ දන්නවාද මම අද උදේ ඈවිත් ඩිසයින් එකක් තොරලා උබලාගේ ගෙදර ආවේ"

මම ලෑටාව බදාගත්තා.මහ පාරෙදිම ඒකා මට ලව් කරන්න දීලා අනිත් ඔක්කොම බලාගන්නවා.මගේ ඈහෑට කදුලක් ආවා.මොකද මම ටිකක් විතර හෑගීම්බර නීසා.

"ඈනා....උබ ලෑහෑස්ති වෙයන් අන්තිම ආසියා ගහන්න"
"මොකටද"

"ඔකීගෙන් අහලා උබට ඉවර කරන්න එපාද?,මොකක්ද බන් උබලා ලව් කරනවා කියලා ගහ,කොල පවා දන්නවා.උබලා දන්නේ නෑ"

"හරි මහත්තයො ඈනා රෙඩි"


කොහොමහරි ශේප් ගානකට අපි වෑඩේ කරගත්තා.ඉතිරිය මම දීලා දෑම්මා.ඒක හරිම ලස්සනයි.ඔය ඔක්කොම ලට්ට,ලොට්ට අරගේන ඈනා උදේ පාන්දරම පන්තියේ.නදී, ශශී එක්ක පන්තියට ආවා.මට හිතුනා පොඩි රගපෑමක් දාන්න,මම ඔලුව ගහගත්තා බන්කුවේ

"අනූ.........ඔයාට මොකද"

මගේ ඔලුවට අත තියලා ඈහෙව්වා.ඔලුව රදේ තිබුනත් සනීප වෙනවා එයා මාව කොනිත්තුවත්

"නෑ.....ටිකක් ඔලුව රිදෙනවා"

"පෑනඩොල් බීවාද"

"හ්ම්....."

එක පාරටම කෙල්ලගේ මූනේ ලස්සන හිනාවක් ඈදුනා,මට හිතුනා මේකිට පිස්සු හෑදීගෙන එනවාවත්ද කියලා.

"මොකො......හිනා වෙන්නේ"

"අනූ......ඔයාගේ අත හොද වේලා,මට හිනා ගියේ ඒකට"

අනේ මම මොන ප*** කියලා මට හිතුනා.මෙච්චර මේ වගේ කෙල්ලෙක්ට මම මෙහෙම බොරු කලානේ.ඈත්තටම ඈනාට එදානම් එපාම උනා

"අනූ.......මොනවාද කල්පනා කරන්නේ?"

"මුකුත් නෑ......"

"මම යනවා,"

එහෙම කියලා මම පන්තියට ආවා.මලා පෑනක් නෑ.කෙලින්ම මම කෙල්ල ලග.මුලු පන්තිය ඉස්සරහම මට මෙහෙම කියවුනා.

"බබී........මට පෑනක් දෙන්නකො"

"අම්මට හුඩු බබී........කව්ද බන් උබේ බබී"

නීශා එකීගෙ හෑකර කට දෑම්මා.අම්ම්පා උබව තමා හරියන්නේ ලෑටාට කියන්න හෑදුවත් මම කීවේ නෑ.

අපි දෙන්නා ඈස් වලින් කතා කලා.දෑන් ඒක උබලා ඔක්කොටම තේරෙනවානේ මම,නදීගේ ඈස් දිහා බලාගෙනම ඉන්නවා.එයත් එහෙමමයි. අපේ කරුමේටම සර් අවා.ඒක දෑකලා බලාගේනම ඉන්නවා.ඒක පාරටම මුලු පන්තියම සද්දයක් නෑ,මම ලෑටා දිහ බෑලුවා.ඒක මට ඈස් වලින් සර් පෙන්නුවා.

"කොල්ලො මොකක්ද බන් ඔකේ තේරුම"

"කොල්ලො උබ මම කියන එක ඔය කෙල්ලට කියපන්"

සර් මට කීවේ මම ඔයාට ආදරෙයි කියලා.ඒත් මම කියලා තියෙන්නේ මම ඔයාට හුගක් ආදරෙයි කියලා.ඈත්ත මම එයාට හුගක්ම,හුගක් ආදරෙයි.ඒක දන්නේ මම විතරයි.

පන්තියේ වෑඩ පටන් ගත්තා.ලමයි ගජරාමේට වෑඩ එයාලට ඉගෙන ගන්න දීලා අපි ටිකක් බලමු කව්ද මේ සර් කියලා

මෙයා,කපිතාන් වගේ, අමු මිරිස් කාලාද මන්දා හරිම සෑරයි.සර් මම ගෑන වගේම නදීක ගෑනත් හොදටම දන්නවා,සර් අපි දෙන්නට හරිම ආදරෙයි.විශේශ හේතුවක්නම් මම දන්නේ නෑ.

කොහොමහරි හවස් වරුවේ නීශා,ශශි දෙන්නා නදීකාව අරගෙන ටවුන් ගියා.අපි ඒ අතරේ බෑලුම් එල්ලලා පන්තිය එකම කෙලියයි.තනිකරම ඉස්සර අපේ සීයලාගේ කලේ මගුල් හට් එක වගේ හරිම ලස්සනයි.

කේක් එකක් මම ගෙනල්ලා,ඒකට ඉටිපන්දම් 20 ගහලා ඔක්කොම රේඩ් කලා.එයාගේ 20 උපන්දිනය.ශශීට කොල් කලා කෙල්ලව ගෙන්වන්න

"ශශී වරෙල්ලා"

"අනුපියට පපුවේ අමාරුවක්"

ශශී මටම කීවා

"තොට පිස්සුද අරකි බය වේයි බොල"

නදී දුවගෙන පන්තියට ආපු විදිහටම මට තේරුනා.ඒක නිසා මම ගිහින් එයාව පිලිගත්තා

"අනූ......මොඩ වෑඩ කරන්න එපා"

"මොකද බබී කේස් එක"

බබී මම ඔය වචනය රෙජිස්ටර් කලා ප්‍රසිද්දියෙම ඔක කීවානම් උබලාට කියන්න මම මොකටද ඈබරෙන්නේ

"මම කොච්චර බය උනාද,ඔයාට මොකක් හරි වෙලා කියලා"

"මට අවුලක් නෑ බබී"

"බබී.........තමයි එක විදිහකට ඉන්නත් බෑනේ"

"යකො ඈනා,ඔය කෙල්ලට එන්න කියපන් බන් මේක කපන්න හෑමවේලෙම ලව් කරනවානේ උබල"

උබලා දෑන් හොදටම  දන්නවානේ කව්ද ඒ අලුගේත්තුකාරයා කියලා ලෑටා

අපි උපන්දිනයට කියන සින්දුව කියලා නදී කේක් කෑපුවා.එයා හෑමොටම කේක් කෑව්වා.හෑමොටම කියන්නේ එයාගේ යාලුවන්ට කොහොමහරි ලෑටා මාව ගොඩ දෑම්මා.

"නදී ඔයා ඔක්කොටම කෑව්වනේ ඔයාගේ මහත්තයාට කෑව්වේ නෑ නේ"

අනේ කෙල්ල මටත් කටක් කෑව්වා.එකේ රස දෙවෙනි වෙන්නේ මගේ අම්මා කවපු බත් කටවල් වලට විතරයි.

මම ගෙනාපු මාලේ පෙට්ටිය පිටින්ම දෙන්න ලෑහෑස්ති උනා.කොහෙද ලෑටා එතනටත් මෑද්දට ආවා.

"අනො යකො ඔහොම දීලා වෑඩක් නෑ.ඔක කෙල්ලගේ බෙල්ලේ බෑදපන්"

එහෙම කරන්න ඈනා අකමෑති වේයිද?ඒත් කෙල්ල කෑමති වෙයිද දන්නේ නෑනේ,මම මුලින්ම කෙල්ලගෙන් අහෑව්වා.

"නදී.. මම බදින්නද"

"හ්ම්..."මම කෑමතිම වචනය පිට උනා.

බදින්නද.....කීවා විතරයි කොල්ලාන්ගේ සූ.....පාර දුන්නා දුම් විසිවෙන්නෙ.ඈනා බෑලුවේ නෑ
 කෙල්ලෙගේ බෙල්ලේ බෑන්දා.

එදා හවස එකම පිස්සුවයි.ලෑටා,ශශි දෙන්නාත් කෙල්ලට ලස්සන ගවුමක් දුන්නා.ඒකත් හරිම හෑඩයි.එදා අපි හුගක් පින්තුර ගත්තා.එදා හරිම ලස්සන හෑන්දාවක්.එදා ගත්ත පින්තූර තවම ඈනා ලග තියෙනවා.එයා වෙනුවෙන් මගේ මරනය වෙනකන් ඒවා මගේ ලගම තියේවි.

ඒ වගේම සර් අපිට හොද නිව්ස් එකක් දුන්නා.

"කොල්ලනේ අපි අනිද්දා ට්‍රිප් එක යනවා.සල්ලි ගෙනාපු එව්න් දීපල්ලා"

මට දෙලො රත් උනා.කෙල්ල සල්ලි දීලාද දන්නේ නෑ,අනික එයා යනවාද කියලාවත් ඈහුවේ නෑ

මම කෙල්ල හොයාගෙන ගියා.එයා මාලේ ලස්සන බලනවා.මට දුකත් හිතුනා.කෙල්ලො කොහොමත් ඔවා වලට කෑමතිනේ

"බබී......"

"මොකද අනූ...."

"ඔයා ට්‍රිප් එක යනවා නේද?"

"නෑ.....මට එන්න වෙන්නේ නෑ...."

"කලින් එනවා කීවා.දෑන් බෑලු මොකක්ද මේකේ තෙරුම බබී"

මට තද උනාම එයා කරන්නේ මගේ මූන දිහා බලන එක.මට ආතල් ගන්න බෑනේ හෑමවෙලේම

"මම ඔයාටත් එක්කම සල්ලි බදිනවා"

මම අපි දෙන්නාටම සල්ලි දුන්නා.

"පිස්සුද අනූ ඔයාට"

"පිස්සූ"

"මට පේනවා"

"හ්ම්......."

කොහොමහරි මම හවස ගෙදර යනගමන් කෙල්ලව අල්ල ගත්තා.

"ආහ්.....මෑඩම් කොහෙද ගියේ?"

"මම පොලට ගියානේ"

"කෑරට් අලයක්වත් නෑද්ද කන්න"

"නෑ.........."

"හෙට එනවා නේද බබි"

"අනේ....නෑ අනූ"

"මම ඔයාගෙන් අහනවා කීවේ ඒක මම හෙට අහනවා"

"අනේ......අනූ ඒකනම් මගෙන් අහන්න හිතන්නවත් එපා"

ඈනා ගොඩ කියලා ඔයාලට තේරෙනවාද? මෙතෙක් කල් බලන් හිටපු අවසන් තුරුම්පුව ගහන්න තව ටික දවසයි.

"හේතුව"

"මට බය හිතෙනවා"

"ඔයාට පිස්සුද නදී මම ඔයාගෙන් යාලුවෙන්න අහන්නේ නෑ,වෙන කතාවක් අහන්නේ"

මූන හොදටම මෑලවිලා ගියා.තනිකරම මලමිනියක් වගේ.මම එයාගේ දිහා බලාගෙන තොල් විතරක් හෙලෙව්වා.

"ඒක තමා මම අහන්නේ"

"අද බහින්නේ නෑද්ද"

"පන්ඩිතයෙක් එක්ක ඉදලා ඒකත් අමතක වෙනවා"

"අනූ.......මගේ කුඩේ කො"

මම අකමෑතිම දේ කුඩේ.ඈනා කුඩ ඉහලන්නේ හෙන ගහලා වෑස්සොත් විතරයි.නෑත්නම් ලගටවත් ගන්නේ නෑ.

අනීක තමා මට ඔවා අමතක වෙනවා.මගේ ඔලුව පිස්සන් කොටුව වගේනේ

"අහ්.....මට අමතක උනනේ"

"හෙට ගේන්න"

එහෙම කියලා මට හිනාවක් දාලා ගියා.

මට තියෙන මගේ මනො පාර ගහගෙන මම ගෙදර ආවා.,මම රෑ වෙලා කෙල්ලට කොල් එකක් ගන්න හදන කොටම ලෑටා කතා කලා.

"අනො,අපි හිතන තරම් වෑඩේ ලේසි නෑ"

"මොන වෑඩෙද ප*"

"ඈනා මම ඉන්නේ නදීකලාගේ ගෙවල් ලග"

"මගේ කෙල්ලගේ ගෙදර උබ මොකද කරන්නේ"

"මම ආවේ ලග ගෙදරකට මිසක් නදීකලාගේ ගෙදර නෙමේ"

මට ඔය අතරේ ලෑටාගේ පොන් එකෙන් වලියක් වගේ ඈහුනා.

"ලෑටා වලියක් නේද"

ඈනාට වලි කීවම ඊට දෙයක් නෑ.කොහොමත් මම වලි කාරයෙක්.මගේ ජීවිතයෙන්  වලි වලට යන එක වගේම මට මල පනින දෙත් හදලා මගේ ජීවීතයට පිලිවෙලක් කලේ නදීකා



"ඔව්....නදීකාලාගේ තාත්තා ගෙදර වලන් පොලවේ ගහනවා"

"බීලාද"

"නෑතුව උබ හිතුවාද ආතල් එකට වලන් පොලවේ ගහනව කියලා"

"ඈනා උබ දෑන් කොල් කරන්න එපා,කෙල්ලට.මම ටිකක් ඉස්සහරට යනවා උබ මේක කට් කරන්න එපා"

කොහොමහරි ලෑටාගේ රහස් පරීක්ශන වෑඩේට මමත් ආවා.මට දෑන් ඔක්කොම ඈහෙනවා.කෙල්ලට තාත්තා හොදටම ගහනවා වගේම,වලන් පොලවේ ගහන සද්දේත් හොදට ආවා

දෑන් මේක කියවන් ඔයාලට තරහත් යනවා ඈති මම මොකද පෑන්නෙ නෑත්තේ කියලා මෑද්දට මම හිටියේ ලෑටා ඉන්න තෑන ඉදන් කිලොමීටර 10 විතර ඈත මගේ ගමේ.මම යනකොට කොහොමත් ඔක්කොම ඉවර වෙනවා.ලෑටාත් මෑද්දට පෑනලා නෑ.මම පොන් එක කට් කලේම නෑ,ලෑටා ආයෙත් කතා කලා.

"අනො.....මේකා මහ ප**"

"මගේ කෙල්ලට ගෑහුවාද"

"ඔව්...ඒකා උබේ නම කියලා ඒකිට කොන්ඩෙන් ඈදලා ගහනවා"

එයාට ලස්සන කොන්ඩයක් තිබුනා.ඒක පිඹුරෙක් වගේ හරිම මහතයිකොන්ඩේ ලෙහෙලා දෑම්මාම අපේ ගෙදර වී වෙලන මාගල වගේ.ඉනටත් වඩා පහලට කොන්ඩේ තිබුනා.

මට උපරිම මල පෑන්නා.මට ලෑටා එක්ක හොදටම මල

"පො***ප** උබ මගේ කෙල්ලව බේරපන් බන්"

කොහොමහරි ගමේ එව්න් මෑද්දට පෑනලා රන්ඩුව බේරලා තිබුනා

පහුවෙනිදා මම උදේම පන්තියට ආවා.මට මේක අහනවාද නෑද්ද කියලා හිතගන්න බෑරුව කලින් රාත්‍රියේ ඉදන් මම තවම හිතනවා.කොහොමහරි කෙල්ල පන්තියට ආවා.එලි වෙනකන් අඩපු ගතියක් මට හොදට පෙනුනා.එයා මාව මග අරින්න උත්සාහ කලත් මම කෙල්ලව අල්ලගත්තා.

"නදී....මට ඔයාත් එක්ක කතා කරන්න ඔනේ"

"අනේ.......අනූ මට වද දෙන්න එපා"

මට හොදටම මල පෑන්නා.අල්ලගත්තා කෙල්ලගේ අතින් ඈදගෙනම ආවා කාටවත් පේන්නේ නෑත් තෑනකට

"හරි දෑන් කියමු"

"මොනවාද අනූ"

"මට බොරු කරන්න ලෑහෑස්ති වෙන්න එපා,තේරුනාද මම ඔක්කොම දන්නවා කලින් දවසේ රෑ උනු දේවල් ඔක්කොම කොහොමද දන්නේ කියලා අහන්නේ නෑතුව මට හේතුව කියන්න"

මගේ මූන දිහා බලාගත්තා ආයෙත් සෑරයක් ඉන්නෙත් තද වෙලා තවත් විකාර කරනවා බෑරිම තෑන ආයෙත් කීවා

"ඔයා කියනවාද,නෑත්නම් මම එයාගෙන්ම අහගන්නද?"

"අනේ.....අනූ මගේ තාත්තා මම පොඩි කාලේදිම පපුවේ අමාරුවක් හෑදිලා නෑති උනා.බාප්පා අපේ ගෙදරට ආවා.එදා ඉදන් අපි මේ දුක විදිනවා අනූ"

මට හුස්ම ගන්න බෑ වගේ දෑනුනා.නිකන් මම ගුටි කාලා වගේ.මට ඈත්තටම උපරිම දුකක් වගේම සුපිරි මලක් හිතට ආවා.

"ඔයා බය වෙන්න එපා.... මම ඉන්නවා ඔයාට"
එසෑනින් දිය ඈල්ලක් කඩා හෑලුනා.

"අඩන්න එපා....කො මෙහේ බලන්න,අඩලා බෑනේ කෙල්ලේ"

මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන මම අයින් උනා.

ඒ ආදරවන්තයන්ට ආදරය කරන්න දීලා අපි එහෙනම් ගිමන් හලෙන් සමු ගන්නවා.හෙටත් සුපුරුදු පරිදි ගිමන්හලට ගොඩ වෑදෙන්න ආරාධනා කරනවා.

එකිනෙකාට හොරෙන් ආදරය කරන මේ ප්‍රේම කුරුල්ලන්ට ඉදිරියට මොනවා වේද ඉවසමු තව දවසකට

අදත් ගිමන්හලට ලබා දුන් ඉහල ප්‍රතිචාර වලට මගේ ප්‍රනාමය පුද කරනවා

ජයවේවා!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්



















ජිවිතයේ පලමු හමුවීම{පස්වෑනි අඩහෑරය}



අද හවස් යාමෙත් බොහො ගල්,මුල්,මල් එල්ලවෙන ජිවිතයේ පලමු හමුවීම කියන්න ගිමන්හල සුදානම්,මගේ ජන්ගම දුරකතනයට වෑල නොකෑඩි ප්‍රතිචාර ලබා දුන් කොලඹ විශ්ව  විද්‍යාලයේ සහ  කාර්යාල වල සේවය කරන මගේ හිත මිතුරන්ටත්,කවදාකවත් දෑකලා නෑති ස්යිබර් යහලුවන්ටත්, සෑම දෙනාටමත් මගේ හිස නමා අචාරය පුද කරනවා.

එහෙනම් මෙන්න කතාව.....

අවසන් වුනේ........


"අනුපිය....මම දෑන් නදීට කතා කලා,එය අසනිප වෙලා ඉස්පිරිතලේ නවත්වලා,මම දෑන් ඉන්නේ ඉස්පිරිතාලේ"


අද එතෑන් සිට..........

මම ඉවරයි යන ගතියක් මට දෑනුනා.දෙවියනේ........එයාට මොනවා වෙන්නද? පෙරේදාත් මම එයත් එක්ක කතා කලානේ,හිත හිත ඉන්න වෙලාවක් නෑති නිසා මගේ එකම යාලුවාට කතා කලා

"ලෑටා මට පොඩි කරදරයක්"

"තොට නෙමේ,නදිකාට කියපිය"


"විහිලු කරන්න එපා බන්"

"හරි හරි මම වාහනයකුත් අරගෙන එන ගමන්,තො ලෑහෑස්ති වෙලා ඉදපන්.එයාව ටිකට් කපලා දෑන් ගෙදර අරගෙන යන ගමන්"

"හරි වරෙන්කො"


මම නන්දිකඩාල් කලපුවේ අවසන් සටනට යන්න වගේ රෙඩි උනා.කොහොමහරි විනාඩි පහෙන් ලෑටා තව කොල්ලෙක් එක්ක ආටා{රොද තුනේ දුප්පතාගේ වාහනය }එකක් අරගෙන ආවා.

"කොහෙන්ද මේක හොයාගත්තේ"

"දන්නවානේ ඩයල් එක උබ"කියලා ආටා එක අරගෙන ආපු එකාට කීවා

"ඈනා......නේද උබ"

"කතාව කියන්නම් නෑගපන් උබ ඉක්මනට"ලෑටාගේ බෙරිහන්දිම හින්දාම මම නෑග්ගා.


අපේ ගමන පිටත් උනා.ටික වෙලාවක් යනකන් එකෙක්වත් කතාවක් නෑ.මට පට්ට බයයි.කෙල්ලට හුගක් අමාරුදවත් මම දන්නේත් නෑනේ.ටික වෙලාවකින් ලෑටාම උගේ හෑකර කට පටන් ගත්තා.

"ඈනා,උබ දන්නවාද මේකා ගොට්ටා"

"මොකා"

"ඔව් මල්ලි මම උබ ගෑන දන්නේ උබ නේද ගමේ තරුන සමිතියේ සබාපති"


ඔය කාලේ සමිතියේ ලොක්කා මම,මම තමා හෑමදේටම හොට දාලා බෑනුම් අහන්නයි,ගුටිකන්නයි හිටියේ.මොන මගුලක්ද මන්දා මට මේකව මතකම නෑ.

"ලෑටා මොකාද බන් මේකා"මම හොරෙන් ඈහුවා.

"මල්ලි උබ දවසක් ගමේ පොලියාට බෑන්නා නේද කන් පෑලෙන්න"



අපේ ගමේ පොලි මුදලාලියාට සල්ලිමයි ඔනේ,කොහොමත් පොලියො ඔහොමමනේ,දවසක් දුප්පත් පවුලක් එලියට ඈදලා දාන්න යනකොට මම ඒකත් එක්ක ඈරගත්තා යන්තමට මතකයි.මිනිස්සුන්ගේ හොද වගේම බෑනුම් මම කනේ තියගන්න කෙනෙක් නෙමේ නිසා ලාවට වගේ තමා මතක

"එදා ඈදලා දෑම්ම මගේ පවුල බේරගත්තේ උබ මල්ලි,මම එදා හිටියේ කුලී වෑඩකට කොළඹ ගිහින්,මම අද ආවේ උබ වෙනුවෙන්" 

"එහෙමද.....මොනවා උනත් උබට පින් අයියා"
අපි විනඩි 30 විතර කෙල්ලගේ ගෙවල් ලග,මම ගෙදර ගියේ එදාමයි.ලෑටා කෙලින්ම ගෙදරට ගියා.එතන තිබුනේ පෑල්පත් ගෙයක්.

"මේ කොහෙද උබලා ආවේ"

"නදිකාගේ ගෙදර යකො ඔය තියෙන්නේ"


මට ඒක ශුවර් නෑතිකමට මම කෙලින්ම ගියා අල්ලපු ගෙදරකට මිදුල අතුගගා හිටියා අක්කා කෙනෙක් එයාගෙන් ඈහුවා.

"අක්කේ,නදිකාගේ ගෙදර කොහෙද?"

"අර අටා එකක් ඈවිත් තියෙන්නේ ඒක ගෙදර"

"ගෙදර කවුරුත් නෑ වගේ"


"බලන්න දෑන් තමා ටිකට් කපලා එයාව අරගෙන ආවේ"

"බොහොම ස්තුතියි"

මම කෙලින්ම ලෑටා ලගටම ආවා.

"උබට පිස්සු වගේ නේද ඈනා,උබට කලින් මම මෙයත් එක්කම දවසක් රාත්‍රියේ ලග ගෙදරකට ආවා,ආපු වේලාවක නදිකා ඉන්නවා දෑකලා මම ආවා එයා මට කීවා ඔයාට මුකුත් කියන්න එපා කියලාඑයා වෙනුවෙන් අද වෙනකන් මම රහස රෑක්කා.මම කෑමති නෑ උබව මෙහෙම අමාරුවක දාන්න,එකී උබට ආදරේ ඈති,එත් එකි කොහොමද උබට ලව් කරන්නේ,හිතපන් ඈනා,උබ ඉක්මනට මේකට තීරනයක් ගනින්,උබට කෙල්ලො අකමෑති නෑනේ,අනික කෙල්ලො මේ ලොකේ නෑතුවත් නෙමේ"


මේක කියනකොට ගොට්ටා තෙල් ගහගෙන එන්න හන්දියට ගියා.වෙලාවත් නරකයි වටින් ගොඩින් අදුරත් වෑටීගෙන එන වෙලාව

"ලෑටා මොකද බන් මට මෙහෙම සල්ලි වද දෙන්නේ"

"ඒක උබේ වාසනාවන්තකම"


"රෙද්දේ සල්ලි........එත් ලෑටා මෙයාටත් දියුනු වෙන්නෙ පුලුවන්නේ බන්.අනික මට සල්ලි නෑනේ"

"ඔක අපි තෙරුම් ගත්තට වෙන කවුරුත් තෙරුම් ගන්නේ නෑ බන්, උබ මොකද කියන්නේ"

"මොකටද"



"උබේ තීරනය කියපන්,කෙල්ලව එපානම් අපි දෑන්ම යමු"

"කෙල්ලව ඔනේනම්"

"තොට........පිස්සුද"

"ඔව් මට පිස්සු,උබට මම නිසා ගෑටලුවක් නම් පලයන්,එත් මම මෙයාව බදිනවා"


"මට අවුලක් නෑ,උබනේ ජීවත් වෙන්නේ,එකක් ඈනා හොදට මතක තියාගනින් උබ මාව එපා කීවත් මම උබ ලගින් හෙලවෙන්නේ නෑ"

මට ලෑටාව බදාගෙන ඉබින්න හිතුනා.යකො මෙහෙමත් යාලුවො ඉන්නවද.එත් කොල්ලො ඉබින්නේ නෑනේ

"උබට පින් ලටො"


"මමත් හරි කෑමති කලුගලේ ඔලුව හප්පගන්න"
ඒ රුවන් වෑකිය ලෑටගෙන්

ටිකකින් නදිකා අම්මාත් එක්ක ගෙදර ආවා.කෙල්ල මෑලවිලා ගිහින්,මුනෙන්ම පෙවුනා අසනීප ගතිය

අම්මාත් එක්කත් කතා කරලා,මම මගේ ඈස් දෙකෙන් නදීකට කතා කලා අම්මා පොඩ්ඩක් එහාට,මෙහාට වෙනකන් ඉදලා


"ඈනා.....උබ පලයන් මෙයත් එක්ක වෑව පෑත්තට,මම අම්මාව බලාගන්නම්,උබට කියන්නත් ගොඩක් දෙවල් ඈතිනේ"

මම එයත් එක්ක වෑවපෑත්තට ආවා.එයාගේ ගමෙත් ලස්සන වෑවක් තියෙනවා.ඒක අපේ ගමේ එකට වඩා ලස්සනයි හෑම තෑනම මානෙල් මල් පිපිලා.අපි කතා නොකරම වෑව ලගටම ආවා.මම වතුරට බෑහෑලා මලක් කඩාගත්තා 


"ඔයාට"

"ලස්සනයි"
එහෙම කියලා කෙල්ල මල අරගත්තා.

"මල වගේම මට ඔයත් ලස්සනයි නදී,,,"

හෑමදාම දකින සුන්දර හිනාව ඈතුලේ ගොඩාක් ලොකු වේදනාවක් පිරිලා තිබුනා 


මට එයා මගේ දිහා බලාගේන හිටපු විදීහටම තේරුනා.මම ආයෙත් කතාව පටන් ගත්තා.එයා මල අත ගගා ඔහේ ඉන්න නිසා

"ඔයාට මොකද උනේ"

"කොල්ලෙක් එක්ක ගෙදර ඈවිත් මට අසනීප උනා"

"හිතටද" 


ආයෙත් එයාගේ බෑල්ම මගේ ඈස් දෙකටම දුන්නා.

"මොකද"

"නෑ......අනු නිකන්"


එහෙම කියලා ලොකු හුස්මක් අරගත්තා.මට එකේන්ම තෙරුනා මගේ හිතට ලොකු ගින්දරක් ලගින්ම එනවා කියලා,හිතුවා වගේම ඒක මගේ පපුවට එයා දුන්නා 


"අයියා ලගදිම එනවාලු"

"කව්ද"

"මම කීවේ අනු..."

"ඒකත් එහෙමද?,එහෙනම් මමත් වහ කුප්පියක් ගත්තානම් හරි,මටත් ඉක්මනටම මගේ පව්කාර ජීවිතයෙන් සමුගන්න පුලුවන්,සමහරවිට මම ඔයා හමු වෙන අවසන් දවස වෙන්නත් බෑරි නෑ" 

"අනු......විකාර කියවන්න එපා..."

"විකාර නෙමේ මම මෑරෙනවාමයි"

"අනේ.....අනු"

"මට එක දෙයක් අන්තිමට කියන්න අන්තිමට"

"මොකක්ද"

"මගේ ආදරය ඔයාට දෑනේන්නේ නෑද්ද"

ආයෙත් මගේ ඈස් දෙක දිහා බලාගත්තා.මට ඒකෙන් උපරිම මල පෑන්නා

"මගේ දිහා බෑලුවාට මට උත්තරයක් නෙමේ ඒක"

"කියන්න මට නදී....."

"ඒක දන්නේ මමයි,මගේ දින පොතයි විතරයි අනු..."

"දෑනෙනවාද"තව ටිකක් සෑරෙන්ම ඈහෙව්වා.

"ඔව්....මට ඒක හුගක් දෑනෙනවා,මට ඒක එපා කියන්න හිතෙන්නේ නෑති තරම් දෑනෙනවා.ඒත් මම එක්කෙනෙක්ට අයිති අනු.......මාව තෙරුම් ගන්න"

"මම කීවානේ මම ඔයාව බලාගන්න පුලුවන් කියලා"

"දුව මොනවාද මෙතන කරන්නේ"

අපි දෙන්නාම හොදටම ගෑස්සුනා.ඒත් එක්කම නදී මගේ අත හයීයෙන් අල්ලගත්තා.මාගේ පාපතර මිතුරා ලෑටා හොරෙන් ඈවිත් අපි පිටිපස්සේ ඉදලා

"අඩො උබලාගේ ලව් සීන් එක මරු බන්,ඈතින් ඉර බහිනවා,වෑව් ඉස්මත්තේ ලස්සන කෙල්ලෙක් ලග හෑලි වදුරෙක් වගේ කොල්ලෙක් ඉන්නවා"

"හෑලි වදුරා...වරෙන් පෙන්වන්න"

"ඔය ගෑනු ලමයා මොකද කොල්ලගේ අත ගලවන්න හදන්නේ"
මටත් ඒක දෑනුනේ නෑ එයා අත තවම අල්ලගෙන කියලා.නදි හෙමින් මගේ අත අතෑරියා.

"නදීකා....උබ අනූට ගොඩක් ආදරෙයි කියල අපි ඔක්කොම දන්නවා.එත් ඔයගේ හිතත් දන්නවා.ඔයා දන්නේ නෑ."

"නෑ.....මම ආදරේ නෑ"

"එහෙනම් අත අල්ලගත්තේ දුවන්නද"

නදීකා මගේ මුන දිහා බලාගත්තා.එකේන් මට තෙරුනා මාව බේරගන්න වගේ

"අපි යමු බන්.."ලෑටාගේ කටින් බෙරෙන්න අපි කාටවත් බෑ කියලා දන්න හින්දාම මම එහෙම කීවා.

නදීකාගේ අම්මාගෙන් තේ බීලා,ගොට්ටාට කොල් කලා
ඒකත් ඉක්මනටම එතනට ආවා.
නදීකාගේ අම්මාටත් වෑදලා අපි දෙන්නා ආටා එකට නෑගලා පිටත් උනා

"ලෑටො මොනවාද බන් බිස්කට් ටින් 2 තිබුනේ පොටිකොව උඩ"

"තොට ඔලුවක් නෑ කියලා මම හොදට දන්න හින්දාම ගොට්ටායි,මමයි ගත්තේ ගෙවල් වලට හොලව හොලවා යනවද යකො"

"උබට දේවයන් වහන්ස හෑමතෑනටම ඔලුව දීලා"ලෑටා කතොලික ඒකා පල්ලි යන්නේ නත්තලට විතරයි,ඒ යන්නෙත් කෙල්ලෙක් දෑලේ දාගන්න බලන්න .

"මම දෑක්කා උබ නෑන්දම්මාටත් උඩ දාගෙන වදිනවා,ඒවා ඉතින් හොද වෑඩ"

"පලයන් ගෙදර.හෙට පන්ති වරෙන්"

සදුදා ටිකක් විතර දවල් වෙලා මම පන්තියට ආවා.නදීකා,ශශී එක්ක ලොකු කතාවක්.මේකි මොන තරම් කපටී කෙල්ලෙක්ද කියලා මට හිතුනා.ශශී ගෑන, ශශීම කතාව පටන් ගත්තා.

"අන්න....නදී සපුමල් කුමාරයා එනවා ඔයාගේ"
නදීකා එක පාරටම මගේ මූන දිහා බලාගත්තා.

"නදී......කොහොමද ඔයාට"

"හොදයි"

"මොනවාද හොද?"

"ඔක්කොම"
මම හිනාවක් දාලා කෙලින්ම ලෑටා ලග.

"තො,අද පරක්කු උනු එක හොදයි"

"මොකටද"

"කෙල්ල,වෙන වෑඩක් කලේ නෑ.මම බලාගෙන හෑම වේලේම පාර පෑත්තට ඔලුව දානවා"

"වෙන කවුරුහරි එනවා බලන්න ඈති බන්"

"පන්තිය පටන් ගත්තම එන්නේ එකිගේ මොකාද බොල"

"මන්දා, ඉතින්"

"උබට කීවා නේද ඌරාගේ මාලු කපන ක්‍රමය"

"ඉතින්"

"හෙට උදෙත් අපි ඒක කරනවා"

"උබ මොකක්ද කරන්නේ"

"තො අත කඩගෙන වගේ රගපාපන්"

"තොට මොලේ අමාරුවද මී හරකො"

"නෑ බන් මේකයි කතාව මට බලාගන්න ඔනේ මෙයා ඩබල් ගේමක් ගෙනියන්නද හදන්නේ කියලා,එහෙම උනොත් එයා අහගන්නවා මගේන් හොදවයින් දෙකක්"

"එකි එහෙම නෑ"

"උබට පිස්සු හෑදිලානේ ඉන්නේ උබට දෙයක් තෙරෙන්නේම නෑති නිසා තමා බලන්නේ"

කොහොමහරි ලෑටාගේ ජාතික වෑඩපිලිවෙලට මම කෑමති උනා.පහුවෙනිදා ටිකක් දවල් වෙලා මම අත කෑඩුනු විදිහට අත එල්ලාගෙන පන්තියට ආවා.
ඒක ලස්ස්නට ගමේ වෙද මාමාගේ පුතා බෑදලා දුන්නා.

ලෑටා උදේ පාන්දරම ඈව්ත් ගින්දර පත්තු කරලා තිබුනා.කොල්ලො ටිකම කෑගහගෙන මගේ ලගට ආවා.ලෑටා ලස්සනට වෑඩේ කරලා තිබුනා.ලෑටා ශශීටවත් කියලා තිබුනේ නෑ.එකීත් හොදටම බය වෙලා වෑඩේට

"අනුපිය.......මොකද උනේ"

මෙකී මට ලව් වගේ විදිහට නදීකාගේ දිහා බලලා කතාව දෑම්මා.නදීකාත් මගේ දිහා බලලා,නෑගිටලා මගේ ලගටම ආවා.තවම පන්තිය පටන් අරගෙන තිබුනේ නෑ.
"අනූ...ඔයාට මොකද උනේ"
නදීකා මගේත් එක්ක හොදටම ෆිට් උනු දවසේ ඉදන් එයා මට එහෙම කිවේ.

"මොනවා වෙන්නද මගේ අත කෑඩුනා.සතියකින් විතර හොද වෙයි කියලා කීවේ"

"කව්ද"
"දොස්තර තමා බබී"
එයා එක පාරටම මගේ මුන දිහා බලාගත්තා.මමත් ඔහේ බලාගෙන උන්නා.මට කොහොම කියවුනාද මන්දා බබී කෑල්ල

ලෑටා සීන් එක දෑකලා එකාගේ ලෑට් කට ඈරියා
"සර්...කොහොමද කපල් එක,මරු නේද"

"අනේ......අම්මපා උබලා දෙන්නව මම බන්දවනවා.මේක හරි යන්නේ නෑ"

"ඔන්න සර් මම තමා දෙවෙනි මනමාලයා" 
ලෑටාගේ කුනු කටේන් තවත් කෑපිල්ලක් මට දෑම්මා.මම ඉක්මනට ලෑටා ලගට ඈවා එකට දෙකක් අනින්න හිතගෙන

"ලෑටො....තොගේ කටට හාපික් එකක් දාලා හොද ගනින්"

කොහොමහරි,එදා දවසේත් මට කලින් කලා වගේ මාව මග ඈරලා යන්න නීශා ගහපු ප්ලෑන් එකත් අපේ ඔත්තුකාරි මට දුන්නා.ඒත් නදීකා ඒක කරන්න බෑ කියලා තිබුනා

මම බස් එක අල්ලගන්න එනකොට මෙයා ඉදගෙන,තවත් සීට් එකක් අල්ලගෙන හිටියා.

"අනූ...එන්න මෙතනට"

"කමක් නෑද්ද"

"ඔයාට තමා මම අල්ලගෙන උන්නේ"

"හ්ම්...."
"ඔන්න,ආයෙත් මගේ දිහා බලාගන්න පටන් ගත්තා මොකද නදී"

"අත රිදෙනවාද"

"හ්ම්....."

"අනේ..."
"පිස්සි,කලබල වෙන්න එපා ඉක්මනට හොද වෙයි"

"මට කියන්න අනූ මොකද උනේ කියලා"
මම ඔය ප්‍රශ්නය අහනවා කියලා හොදටම දන්න නීසා බොරුවක් කීවා.මම එයාට බොරු කරන්න කෑමති නෑ.එත් නිකන් ආතල් එකට බෑදගෙන ඉන්නවා කියන්නත් බෑනේ

"පාරේ,යනකොට බයික් එකකට හෑප්පුනා"

"ඔයත් කරගන්න ඒවා බලන්නකො"

"මොකද?"

"අත"
"දෑන් එක පාරක් කීවනේ අවුලක් නෑ කියලා"

"අනු......"

"මොකද මගේ අනිත් අතත් කඩන්නද යන්නේ?"

"මොඩයො,පන්තියේ ට්‍රිප් එකක් යනවා අම්බුලුවාගල ඔයා එන්න කලින් සර් හම්බවෙලා කීවා"
"නියමයිනේ.....අපි දෙන්නත් යමු"

"මොකටද"

"බෑරිනම් ඉන්න මම යනවා"
මගේ කටත් මහ ලෑට් එකක්ම තමා කියලා හිතුනා.නදී පාර දිහා බලාගත්තා.මම හෙමින් එයාගේ අත උඩ මගේ අත තිබ්බා.

"නදී......මම දන්නවා ප්‍රශ්නය"

"ඔය දුක් වේන්න එපා නදීකා,මම ඔක්කොම බලාගන්නම් ඔයා එනවා නේද?"

"නෑ"

"හේතුව"

"මම දන්නේ නෑ"
"කමක් නෑ දෑනගත්තාම කියන්නකො මට" 
හොරෙන් මගේ දිහාට ඈස් කරකනවා වගේ දෑනුනා

"අනූ.......මම එන්නම්"
මට ඉතින් ඈමෙරිකාවට බොම්බ දාලා සතුටු උනු බිල් ලාඩන් වගේ පට්ට ආතල්.තවම මම මෙයාට ලව් කියලත් නෑ.අපි දෙන්නම ඒත් ලව් කරනවා.

ඔය අතරේ එලියේ මහ හඩ්න් හෙනයක් ගෑහුවා.අහසත් වහින්නයි සුදානම ඒක නදිකා දෑක්කා.
"අනූ....වහින්න එන්නෙ"

"මට නාගෙනම ගියෑකි"

"ඒවා කොහෙද...අද මගේ කුඩේ අරගෙන යන්න"

"ඔයා"

"මට වෑස්සට කලින් යන්න පුලුවන්"

"කමක් නෑද්ද?"

"මෙන්න......අරගන්න"එහෙම කියලා මගේ ස්යිඩ් බෑග් එකට දෑම්මා.


මට කුඩේ යටින් තනියම ගිහින් වෑඩක් තියෙනවාද මේ වෑස්සේ,එයත් එක්ක යන්න තියෙනවානම්........කොහොමහරි කෙල්ල එයගේ ගම්මානය ලගින් බෑහෑලා ගියා.
.කොල්ලාට ගමට එනකන් නියම මනො පාරක් වෑදුනා..ඒත් එක්කම දන්නේ නෑති ලෑන්ඩ්   නම්බෙර්කින්   කොල් එකක් අවා

"හෙලො"
"මම නදීකා කතා කරන්නේ"

මට නදීකාව මගේ ඈස් බෑදලා තිබුනත් අදුරගන්න පුලුවන් කියලා මම දන්නවා.මම එක පාරටම දෑනගත්තා,ටිකක් විතර හිතත් ගෑස්සුනා කරදරයක්ද කියලා

"මම දන්නවා..නදි කියන්න මොකද හදිසියක්ද"

"නෑ"

"එහෙනම්"

"පරිස්සමට ගෙදර ආවාද බලාගන්න,එක විදිහකට ඉන්න බෑනේ පොඩ්ඩක්වත්"

"ඔයා අවාද කියන්නකො මට මුලින්ම"
"මම අවා..අනූ"

"මමත් දෑන් ගෙදර ලග ඉන්නේ"

"අනූ මම තියනවා....එහෙනම් බුදුසරනයි" 
කෙල්ල පොන් එක තිබ්බා.පහුවෙනිදා උදේ පාන්දරම ලෑටා මගේ කාමරයේ

"මොකද බන් උදෙන්ම"

"උබ දන්නවාද සීන් එක"

"නෑ.....යකො කියපන්කො"

"නදීකාගේ හෑදුනුම්පත ශශී උස්සලා"
"මොකක්....එකිට පිස්සුද,උබේ ගෑනීව හදාගනින්කො"

"කතා කරන්න දීපන් ප**"
"කියපන්කො"

මේකා පුටුවක් උඩට නෑගලා,සද්දෙන් බෙරිහන් දුන්නා.
"නදීගේ උපන් දිනය දහ වෙනිදා...ඒ කියන්නේ එන සදුදා"

මගේ නිදිමත හොරු අරගත්තා.මලා....මොනවාද දෙන්නේකියලා හිතුනා.

"ඈනො....මොකද කරන්නේ"

"අනේ...මන්දා බන්"

හිටපන්කො,කියලා ලෑටා එකාගේ පෙම්බරියට කතා කලා

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අදට ගිමන්හලෙන් සමු ගන්නයි අපි හදන්නේ.
කලින් අඩහෑරයට දක්වපු ප්‍රතිචාර වලට මම හිස නමා ඔබ සෑම දෙනාටම පුද කරනවා.

අනුපිය එයාගේ කෙල්ලට උපන් දිනයට ලස්සන තෑග්ගක් දෙන්න වගේ සුදානම.අපි බලමු එයා එයාගේ නදීට මොනවාද අරගෙන දෙන්නෙ කියලා හෑබයි ඒකට හෙට වෙනකන් ඉවසන්න වෙනවා.හෙටත් මේ වෙලාවටම ගිමන්හලට ගොඩ වෑදෙන්න මම ඔයාලා සියලුම දෙනාට අරධනා කරනවා. 


එහෙනම් අදට ගිමන්හලෙන් සමුගන්නවා.

සෑමටම ජයවේවා!!





ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙය මගේ ජීවිතයේ මම මුහුනු දුන් අත්දෑකීමකි.මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්  ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත



මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්