මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජිවිතයේ පලමු හමුවිම ( පලමු අඩහෑරය)

ඔන්න අදත් වරුසාව මෑද්දේ ගිමන්හලට ගොඩ උනා.අප්පේ ගහන හෙන ගෙඩි නම් ඉවසන්න බෑ.කන් දෙකම පිරිලා,ඔය ඔක්කොම වෑඩ අතරේ මගේ හොදම ඩයල් එකක් කියනවා කතා මවන්නාගේ ජිවිතයේ සොදුරුම මතකය අනිත් අපේ කස්ටියටත් දෑනගන්න එක්ක කියන්න කියලා

අනේ ඉතින් මගේ ජිවිතයේ එහෙම සොදුරු මතකයන් අඩු උනාට අදටත් හිතට සොදුරුම මතකය මේ වෑහි වරුසවෙ කුල් බියර් ටින් එකක් අදින ගමන් කියන්නයි සුදානම

   මගේ ජිවිතයේ මිහිරි මතකය ඉතින් මගේ පලමු ආදරය මුන ගෑහිම තමා,ඔකනේ ඉතින් කොල්ලන්ට තියෙන මුලිකම සොදුරු මතකය,එහෙනම් මෙතන ඉදන් මම මගේ කතාව කියනවා

එයා මට මුලින්ම හමු උනේ 2006 අවුරුද්දේ මම උසස් පෙල ඉවර කරලා,ගෙදරින් බේරිල්ලක් නෑති තෑන මම ගියා මගේ ගමට අල්ලපු ගමේ කඩ්ඩ පන්තියකට ඔකෙදි තමා මට එයාව මුලින්ම හමුවුනේ

 එයා නමින් නදිකා,ඉතින් මමත් එදා ඉදන් හෑමදාකම කඩ්ඩ පන්තියට යනවා,එනවා කඩ්ඩ සර් අපිටම ගෑලපෙන නියම සර් කෙනෙක් එයාවත් මතක් කරන්නම වෙනවා.මොකද අද මම කඩ්ඩ අකුරක් හරි දන්නවානම් එකට වග කියන්න වෙන්නේ එයාට තමා,

හොදටම වල බහින්න පුලුවන් උනු කාලයක් තමා ඔය කාලය මගේ ජිවිතයේ මටම ගෑලපෙන යාලුවන් කිහිප දෙනෙක් හිටියා,එකෙක් හිට්යා.

ලෑටා(ඔකා කොයි වෙලේත් කියවන නිසා මගේ යලුවො ඔකට කියන්නේ ඔය නම]

මගේ පොඩි කාලේ ඉදන් හිත මිතුරා,හෑම අවුලකටම ඔකා තමා මම වෙනුවෙන් ඉස්සරහට අවේ,ඉතින් මගේ වෙලාවටම ඔකාත් මම යන තෑනම සෙට් වෙනවා.

අය්යො........මම තවම කතාව පටන් ගත්තේ නෑ කියලා ගිමන්හලේ කස්ටිය දොස්මුරේ දානවා

මට මුලින්ම එයා ගෑන හිතක් මගේ හිතට අවේ මගේ ගමට යන බසයෙදි තමා,එයා ගිනි ගහන දවල් වරුවෙ බස් එකෙ මෑද්දට වෙන්න ඉන්නව.මමත් පුලුවන් උපරිම කට්ට කාලා එල්ලුනා බස් එකට,

  මට කියන්න බෑරි උනා අපේ පන්තිය හෑමදාම උදේ අටට පටන් අරගෙන දවල් වෙනකොට ඉවර කරනවා,ඉතින් එකයි මම කිවේ දවල් බස් එකක යන කතාවක්,නෑත්නම් ඔයාලට හිතෙන්න පුලුවන්

මේක මහ අමුතුම කඩ්ඩ පොලිස් කිරිමක්නේ කියලා

ඉතින් කොල්ලා මුලින්ම කෙල්ලගේ ලගටම කිට්ටු උනා,නදිකා හිනාවක් දාලා නෑවතත් පාර දිහා බලාගත්තා.මම ආවේ එයත් එක්ක කතා කරන්න මිසක් කල්පනා කරන්න නෙමෙයිනෙ


 හා හා පුරා කියලා කොල්ලා වචනයක් දෑම්මා.

"අද හරියට සෙනග නේද?"

"හ්ම්............"

ඔච්චරමයි පලමු දවසේ කතාව.මට ඉතින් පුදුම සතුටක්,කන්නත් බෑ,නින්ද යන්නෙත් නෑ මගේ මතකයේ තියෙන්නෙම නදිකා ගෑනමයි.

අපිට සතියට දවස් 4 කඩ්ඩ පොලිශ් කරගන්න සර් පන්ති කරා.එක නිසා මට හෑමදම දවස් හතරක් යනකන් නදිකාව හමුවෙන්න පුලුවන් උනා........
 
ඔය ඔක්කොම එක පාර ලියන්නත් හරිම අමරුයි.අපි හෙම්හිට කතාව කතාකරමු.හෙටත් ඉර පායනවානේ.......

එහෙනම් අදට ගිමන්හලෙන් යන්නයි මේ සුදානම අද ගිමන්හලේ කියපු කතාව සම්පුර්නයෙන් ඈත්ත සිදුවිමක්.
නමුත් මේකෙ ගෑහනු ලමයගේ නම විතරක් පට්ට පල් බොරුවක්

හෙට නදිකගෙ මගේ හමුවිමේ දෙවෙනි අඩහෑරය අහන්නත් ගිමන්හලට ගොඩ වෑදෙන්න අමතක කරන්න එපා.

මගේ කුඩය කොහෙද දන්නෙත් නෑ,එක හොයාගන්නත් වෙනවා.මහ වෑස්ස එන්න කලින් ඉක්මනට යාගන්නත් ඔනේ

හෑමදෙනටම ජය වෙවා!!!

3 comments:

  1. හ්ම්

    අපිත් කතාව බලන ගමන් .

    ReplyDelete
  2. Hodai hodai ohoma yamu....
    Me letath inne kathawe...
    Itin ita passe...?

    ReplyDelete
  3. බොහොම පින්,සදරු{හිස් අහසේ අයිතිකර කොල්ලා}මේක මගේ කතාව.

    ReplyDelete