මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව {දෙවන දිගහෑරුම}

  

ඔන්න එහෙනම් අද දවසෙත් ගිමන්හලේ කතා බහ අරඹන්නයි සූදානම,අපි ආරම්බ කරපු ආදරයේ මිහිරියාවට ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට ගිමන්හලෙන් ඔබට ස්තූතිය පුද කරනවා.එසේනම් ඔබ පුල පුලා බලා සිටි එහි දෙවෑන්න අද දවසේ අපි ඔබ වෙනුවෙන් එය ඉදිරිපත් කරනවා.

අවසන් උනේ...........

අනේ ඉතින් එයාත් ගියා,මට ඉතින් දෑන් තියෙන්නේ මගේ මනොපාර තමා මම ඒකත් ගහගෙන ගම බලා පිටත් උනා.

අද එතෑන් සිට...........

කොහොමහරි එදා හවස ඈනා පිට්ටනියට එනවා.ලෑටා එහෙමත් ඈවිත් සුපුරුදු සෙල්ලම් පටන් අරගෙන තිබුනා.

මගේ හෑමදෙටම හිටපු යාලුවානේ ලෑටා,මම ගිහින් ඒකාව හම්බ උනා.

"ලෑටො කවදාද උබලාගේ කෑම්පස් පටන් ගන්නේ"

"ඈනා මම ලබන බදාදා යනවා,උබ දන්නවාද අපේ පන්තිය එන අගහරුවාදා ඉවර වෙනවා,අගහරුවාදා හවස සහතික දෙනවා කියලා සර් මට කීවා.කට්ටියට සදුදා කියයි".

"යකො අපිට ඉංග්‍රිසි පුලුවන්ද"

"උබයි,මමයිනම් මොකක් හරි කරගත්තා,අනිත් එව්න්නම් තවම මදි බන්"

"ලෑටා,නිකන් සහතික දෙන්නේ පිස්සුද,විබාගයක්වත් නෑද්ද?"

"නිකන් එහෙම සහතික දෙන්නෙ නෑ බන් එහෙම"

"ඒකනේ"

"සදුදා හවස විබාගය තියෙනවා"

"එල එල නිකන් දුන්නොත් වෑඩක් නෑ"

"ඈනා,උබ ලග නෑද්ද බන් කොට කලිසම් 2 විතර ගන්න කෑලනියට ගෙනියන්න ඈදුම් නෑ බන්"

"හවස යමන් මගෙත් එක්ක මම කලිසම් දහයක් විතර පොලෙන් ගෙනාවා.උබට හරියන පහක් අරගෙන පලයන්"

"ඈනා,උබ කවදාද කෑම්පස් යන්නේ"

"කොළඹ කෑම්පස් එක තව සති දෙකකින් පටන් ගන්නේ බන් අපේ ෆෑකල්ටිය"

"පරිගනක විද්‍යාව නේද සෙට් උනේ"

"ඔව් බන්,ඔක කරනගමන් තව කොහෙහරි මොකක් හරි කරන්නත් වෙනවා"

"මමත් සෙට් වෙනවා කියපන් තනියම එහෙම කරන්න එපා උබ තෙරුනාද?"

"පිස්සුද හු***"

"ඈනා,පන්සලට යන්නත් ඔනෙ බන් ආයේ යන්න මට වෙලාවක් නෑ"

"අද එහෙනම් යමු බන්,වෑවට පෑනලා හොදටම නාලා යමු,ගමේ ඔක්කොම කොල්ලොත් අරගෙන යමු"

"කොල්ලො ඔක්කොම ගියොත් ගනයා උන් ඔක්කොටම මහ ලොකු දෙශනයක් දෙනවා,අපිව ආදර්ශයට ගන්න කියලා"

"එහෙනම් අපි දෙන්නා යමුකො"

කොහොම හරි එදා හවස අපි පිස්සු නටලා වෑවෙන් නාලා,සුදාගේ ගෙදරින් කාලා පන්සලට ගිහින් හාමුදුරුවොත් බෑහෑ දෑකලාම අවා.කොල්ලො ටික අපි එනකන් හිටියා වෑවේ බන්ට් එකේ,හවස් වරුවේ උන්ට අපි ගානේ බොන්නත් දුන්නා,සමහර කොල්ලො එහෙම බදාගෙන ඇඩුවා.ඇත්තටම තව ටික දවසකින් අපිට මුන් දාලා යන්න වෙනවානේ කියලා හිතුනා.ඒත් මොනවා කරන්නද? ගොට්ටා,සුදාට හොදටම ඒක හිතට දෑනුන ඒක උන කියපු දෙවල් වලිනුත් අපිට හොදටම තෙරුනා.

පහුවෙනිදා,උදෙන්ම පන්තියට ආවා උදේ හයට විතර මම පන්තියේ,කෙල්ලත් ඔය වෙලාවටම එනවා,මොකද අපි දෙන්නට තව හම්බවෙන්න තියෙන්නෙත් හරිම පොඩි කාලයක් නිසා.මම ගිහින් පොඩි වෙලාවකින්ම මෙයාත් ආවා.

"ගුඩ් මොනින් බබී...."

"ගුඩ් මොනින් අනූ......."

"ඔයාට කොහොමද"

"හොදයි"

"මොනවාද හොද"

"ඔක්කොම"

එලි පිටම කෙල්ල එක්ක කතා කරලා එයාගේ නම සවුත්තු කරන්න මම කෑමති නෑති නිසා මම එයාත් එක්ක පන්තිය පිටිපස්සට ආවා.

"ඔයා සතුටින්ද බබී"

"මගේ හිතේ සතුට වගේම දුකත් තියෙනවා"

"දෙකම කියන්න බලන්න"

"ඔයා කෑම්පස් යන එකටනම් මම හරි සතුටුයි,ඒත්...."

කොහොමහරි ඒත් කියලා කෙල්ලගේ ඇහෙන් කදුලු වෑටෙන්න ගත්තා,මට ඉතින් ෆුල් අප්සට් ඒත් කියලා අඩන්නේ

"ඔයා දන්නවානේ මගේ ලග ඉන්නකොට අඩන්න බෑ කියලා"

"නෑ,අනූ....ඔයා මාව දාලා දුරට යනවානේ,දෑන් කවදාද යන්නේ"

දෑන් ඔයාලට හිතෙන්නෙ පුලුවන් නදීකාත් කෑම්පස් යනවානේ කියලා.නෑ අපේ පෑත්තේ කොමස් කරලා A 3 දෑම්මත් යන්න අමාරුයි.ඉතින් එයාට යන්න බෑරි උනා

"ලබන මාසේ දෙවෙනිදා"

"හ්ම්........"

"ඔයාට මගෙන් මොනවාද ඔනේ"

"ඔයගේ පින්තූරයක් ඔනේ"

'මගේ පින්තූර නෑ අනූ"

"මම කෑම් එකක් හෙට ගේනවා අද ආපු වෙලාවටම එන්න,මට පින්තූරයක් ගන්න"

"පිස්සා"

"ගෙම්බී"

"අනූ......"

"ඔයා යන්න කලින් අපි කෑලනි පන්සල් යමුද?,අනේ බෑ කියන්න එපා"

"අද හවස විබාගය තියෙනවා,ලියමුකො මුලින්ම මම ඔයත් එක්ක යන්න එන්නම් බබී"

"අනූ......දෑන් යන්න ලෑහෑස්ති කරගත්තාද ඔක්කොම"

"එකක් අඩුයි"

"මොකක්ද"

"මගේ කෙල්ලව"

මගේ දිහා බලාගන්න පටන් ගත්තා ඒක කියපු ගමන්ම ජීවිතයේ මම හෑමදේම ඉක්මනට ලගා කරගත්ත කෙනෙක් නෙමේ,ඒත් අදත් ඈනාට දුක හිතුනා,මට මෙයාව ගෙනියන්න බෑනේ,ඒක ඇත්ත මම යන්නෙත් අපි වෙනුවෙන් කියලා තමයි හිත හදාගෙන උන්නේ

"බබී........."

"අනූ...."

"මට ආසයි ඔයාගේ කොන්ඩේ කඩ්ලා දාලා ඉන්නවා දකින්න"

"මහ පිස්සෙක් තමා ඔයා අනූ"

"යන්න කලින් අපේ ගෙදර එන්න අනූ හරිද ලෑටාත් එක්ක එන්න"

"ඔයාලට කරදරයක් නෑද්ද?"

මම ඔයාලට කලින්ම කීවා මතක ඇතිනේ මගේ බබී හොදටම දුප්පත් එයාලා හිටියෙත් පොඩි පෑල්පතක,නමුත් ඒක කොච්චර සුන්දර තෑනක්ද කියලා මට හිතෙනවා,අදටත් ඒ පුන්චි පෑල්පතේ සීතල දෑනෙනවා.ඉස්සර අනේ මටත් එහෙම එකක් තියෙනවානම් කියල හිතුන වාර අනන්තයි

"නෑ.......ඔයා සෙනසුරාදා එන්න අනූ,මම බලාගෙන ඉන්නවා"

"රෑට"

"පිස්සුද මොඩයො දවල්ට එන්න"

"මම අනිවාර්යෙන් එනවා,මගේ යාලුඔ හතරක් එනවා කමක් නෑද්ද?"

"කමක් නෑ ඒ හතරේ ඔයා අනිවාර්යෙන්ම එන්න"

"හ්ම්....."

"මට ඔයාව හෑමවෙලේම මතක් වේයි අනූ"

"මටත් එහෙම තමා"

"මම ගියාම ඔයා ගෙදරම ඉන්න එපා,ඔයා බෑන්ක් වලට දාන්න බලන්න,මමත් යන්න කලින් මොකක් හරි කරන්න බලන්නම්"

"බලමු"

"බලමු කතා මට වෑඩක් නෑ,කියන එක කරන්න බබී"

"හරි පන්ඩිතයො"

"මට CV එකක් හදලා දෙන්නකො,හරිද?"

"හ්ම්..........."

"යන්න කලින් ඔයාට ජොබක් සෙට් කලොත් මටත් ලේසි,හදිස්සියකට කීයක් හරි ඉල්ලගන්න"

"ආහ් මෙකටයි එහෙනම් මට ජොබ් එකක් හොයල දෙන්න මෙච්චර මෙයා උනන්දු?"

"නෑ නෑ.........බබී මම ජොක් එකක් කලේ"

කොහොමහරි අපේ පන්තියේ අවසන් දවස් කීපය පටන් ගත්තා.ඒක අදටත් හුගක් අපිට මතක් වෙන දවස් කීපයක් හවස් වරුවේ අපි හෑමොටම විබගය තිබුනා.දෑකලාවත් නෑති සර් කට්ටියක් ඇවිත් විබාගය තියලා ගියා.අපිත් විබාගය ලියලා වෙනදා වගේ කුඩ යටින් ටවුන් එකට ආවා.අපි පොඩි කාලේ අම්මාගේ කුඩේ යටින් යනවා,දෑන් කෙල්ලගේ කුඩේ යටින් යනවා.කාලේ වෙනස් වෙන ඉක්මන.

"බබී,ඔයාට දෑන්ම ගෙදර යන්න ඔනේද"

"මට ඇදුම්ක් ගන්න ඔනේ ගෙනියන්න,එනවාද මට ගෑලපෙන එක තොරලා දෙන්න"

"හ්ම්......ඔයාට නිල් පාට ලස්සනට ගෑලපෙනවා අනූ....."

"මම දන්නේ නෑ,ඔය ඇවිත් තොරල දෙන්න"

කොහොමහරි අපි කඩේ තියෙන හෑමතනකටම ගිහින් කමිසයක් තොරලා අවසන් මොහොතෙ එයාගේ හිතට අල්ලලා යන එකක් එය තොරගත්තා.

"අනූ......මේක ඔයට හොදටම ගෑලපෙනවා"

"එහෙනම් මේක ගමු"

"මොඩයො ඇදලා බලලා ගන්න,පන්ඩිතයා වගේ ගන්නවා ආයෙත් උස්සන් එන්න වෙනවා."

"ඔයා කීවොත් ඒක මට හරි"

කමිසයත් කරගහගෙන අපි දෙන්නා ඇවිත් බස් එකට නෑගලා එන්න පිටත් උනා.

"බබී......."

"මොකද"

"මට ඔයාව දාලා යන එක අමාරු වෙයි"

"ඔයාට විබාගය මොකද කියන්නකො"

"අවුලක් නෑ"

"මටනම් දෙවනි කොටස ආමාරු උනා"

"ඒ උනාට මම බලාගෙන හොදටම ලියනවා වගේ මම දෑක්කේ"

"ලෑටා,කවදාද යන්නේ"

"අනිද්දා උදේ යනවා"

"ඔයාට දුකයිද"

"එයාවනම් මට හම්බවෙයි කොළඹදි,ඒත් ඔයා"

"මම මෙහේ ඉන්නවානේ ඔයා හොදට වෑඩ කරගන්න තේරුනාද?"

"හ්ම්........"

"අනූ හෙට එනකොට මට ඔයාගේ ලස්සන පින්තූරයක් ගේන්න හොදද?"

"මම දෙන්නම්කො ඔයාට"

"හෙට එනවා නේද අනූ"

"ඔව්,අද ආපු වෙලාවට එන්න හරිද"

"බලන්නම්"

"බලන කතා එපා බබී"

"එන්නම් මොඩයො"

"අන්න එහේම එනවා කියන්න බලන්නම් නොකියා"

"එහෙනම් මම යනවා,ඔයා පරිස්සමට යන්න හරිද"

"හ්ම්......"

කෙල්ලත් බෑහෑලා ගියා.මේ කෙල්ල ගෑන මට හරිම දුකක් දෑනුනා.කොච්චර දුප්පත් උනත් හිත හොද නිසා වෙන්න ඇති.හෑමදේම සල්ලි වලින් තීරනය කලත් මිනිහෙක්ගේ හිතක් කාටවත් සල්ලි වලින් ගන්න බෑ කියලානම් මට හිතුනේ මෙයාත් එක්ක ලව් කරනකොට තමා.

කොහොමහරි ඔය විකාර හිත හිත මම ගමට ආවා.මගදී සුදා හමු උනා

"පොඩි මල්ලි කෙල්ලව බලන්න ගියාද"

"නෑ බන් මම පන්ති ගියා"

"ඊයේ උබලා දුන්නු බොතලය මරු"

"උබලාට ආතල්ද"

"ඒක කියලා වෑඩක් නෑ,මල්ලි හෙට මට උසාව් බන්"

"අයියේ,උබ ඔය මොකක්ද බන් ගෙවන ජීවිතය?"

"මොකො ඔය හොදට ඉන්නේ මම"

"මොන හොදක්ද"

සුදා උගේ ත්‍රි වීලය නෑවෑත්තුවා.ඒකට හෙන අප්සට් ගතියක් වගේ.මගේ දිහා බලාගෙන

"මලයා මට කියපන් මොකක්ද කේස් එක කියලා"

"මට උබ ගෑන හරි බයයි අයියේ"

"පිස්සුද බන් උබ මොකටද බය වෙන්නේ"

"උබ උසාව් හෑමදාම,මොකෙක් හරි ඇප දෙනවා උබ එලියට එනවා,ආයෙත් යනවා,උබ කෑමති නෑද්ද මිනිහෙක් වෙන්න බලපන් මම උබයි මමයි එකට ඉගෙන ගත්තා.මම හොදට ඉගෙනගත්තා,ඒත් උබ මොනවාද කරන්නේ මහ කෑලයේ කසිප්පු පෙරනවා."

"මල්ලි උබ මගේ යකා අවුස්සන්න එපා,යකො උබ කෑම්පස් ගියාට මට යන්න බෑරි උනා,ඒක මගේ වෑරෑද්ද,ඒත් මම කසිප්පු පෙරලා හරි මගේ ගෑනීටයි ලමයාටයි කන්න දෙනවා එහෙම කතා කරන්න එපා"

"ඔව් කන්න දෙනවා උබ ඒත් උබ කීදෙනෙක්ට වහ දෙනවාද බොන්න"

"මම පොවන්නේ නෑනේ,උන් ඉල්ලන නිසා මම හදනවා.බලෙන් පොවන්නේ නෑනේ"

"බලපන් අයියා උබට හොදට ඉංග්‍රිසි කතා කරන්න පුලුවන්,උබ නියම මලල ක්‍රීඩකයෙක්,උබට එක තෑනක් වෑරදුනා,මම එතන දන්නේ නෑ ඒත් මම කියන දේ උබට අහන්න පුලුවන්ද"

"කියපන් බලන්න"

"උබ වීල් එකෙන් හයර් යමන් ඔය ජරාව පෙරෙන්නේ නෑතුව"

"එහෙම කලාම අතට සොච්චමයි බන්"

"මම උබව ගොඩ දානවා,උබට හොද තෑනක ජොබක් සෙට් උනොත් ඔය වෑඩ නවත්වලා දානවාද කියපන්.අනික බලපන් උබට වයස තවම 30 වෙලාවත් නෑ.මම කීවොත් කොහොමහරි ඒක කරනවා කියලා දන්නවානේ"

"මම උබ ගෑන දන්නවා මල්ලි,ඒත් එක පාරටම කොහොමද කරන්නේ,කසිප්පු පෙරන එක නවත්වන්න බෑනේ මල්ලි එකපාරටම"

"එකපාරටම කරන්න පිස්සුද,පෙරපන් හෙටත් හෑබෑයි හෙට බොතල් 5 අඩුවෙන් පෙරපන්,අනිද්දා තවත් 2 විතර අඩු කරපන්.උබ ත්‍රීවීල් එකෙන් පුලුවන් තරම් හොයලා අරුන් දෙන්නාට කන්න දීපන්,උබේ ගෑනීට හොදට මහන්න පුලුවන් කියලා මම දන්නවා,වෑරදියට හිතන්න එපා ගමේ මිනිස්සු එහෙම කියනවා මට ඇහුනා."

සුදා තමා කොල්ලන්ගෙන් මුලින්ම කසාදයක් කරගත්තේ හෑමදේටම වඩා කසාදය ලොකු කරගත්තේ සුදා.

"ඔව් බන් මහනවා පිස්සු හෑදෙන්න"

"ඉතින් මම වෑරදිද"

"අයියේ,අපි මිනිස්සු තමා අපිට ජීවිතය වරදිනවා,දෑන් උබ පෙරන එක නෑවෑත්තුවා කියලා බොන එව්න්ට බොන්න ලෑබෙන්නේ නෑතුව යන්නේ නෑනේ අනිත් එව්න් පෙරයි"

"ඒකනම් එහෙම තමා"

"ඉතින් උබ හෑදියන් මම කියන දේ අහපන් හරි දෑන් යමන් ගොට්ටාව අල්ලගන්න"

මට ඔන උන ලොකු ප්‍රශ්නයක් ඒක, මම ගොඩ ගියා කියලා මම කෑමති නෑ මගේ අනිත් එව්න් අතහෑරලා උන්ගෙන් අපිට වෑඩක් නෑ කියන්න.කියවන ඔයාලත් හිතලා බලන්න අපි මිනිස්සු පොඩි දෙයක් වෑරදිලා



ජීවිතය වරදින්න පුලුවන්,ඒත් අපි එතනට වෙලා හූල්ලලා හරි යන්නේ නෑ,එතනම නවතින්නත් හොද නෑ.කඩාගෙන ඉස්සරහටම යන්න ඔනේ එහෙම ගියොත් අපිට බලන්න පුලුවන් මම කලින් වෑරදිලා මම අද මෙතන ඉන්නවානේ කියලා,වරදින්න වරදින්න ඈනා හරිම කෑමති ඒක නිසා,අනික තමන් කරන දේ හරිනම් ඒක කරන්න බය වෙන්න එපා,අනිත් මිනිස්සු මොනවා හිතුවත් තමන් කලේ හරි දෙයක්.

මමත් කලේ එහෙම සුදාට,ඔය යක්කු හදන්න බෑ කියලා මුලු ගමම මට කීවා.උනව ලගට ගන්නවත් එපා කියලා මට හෑමොම කීවත් මම උන්ව ලගට ගත්තා.උන් එක්ක කෑවා,හරිදේට ගහගත්තා,අන්තිමට උන දන්නේවත් නෑතුව උන් හෑදිලා,මම සුදාව ඔෆිස් එකක මහත්තයෙක් කලා කීවොත් ඔයාලා බොරු කියලා හිතයි,ඒත් ඈනා එහෙමත් කලා,ඔය ඔක්කොම මම ඔයාලට කියන්නම්. 

අද දවසේ ගිමන්හලෙන් අපි සමුගන්නවා ඔයාලට ඈනාගේ මහ පොර ටොක් එකක් දීලා කතාව අවසන් කලාට අපිට සමාවෙන්න.ඔනම කතාවක ආදාර්ශයක් පවතිනවානම් ඒ කතාව හුගක් තව කෙනෙක්ට වටින්න පුලුවන්

ඔබලාගේ අදහස කුමක් වේද කියන්න අපි දන්නේ නෑ,අදහස දක්වන්න කෑමතිනම් කෑමති අදහසක් දක්වන්න ඔබට පුලුවන්.මොකද ගිමන්හල ඔබලාගේ නිසා.


ජයවේවා!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

3 comments:

  1. Waradinna waradinna igena ganna dewla wediy. I agree with you dis. :)

    ReplyDelete
  2. sachi.......................
    mulinma thank u kiyanava gimanhalata nitharama enava yanavata,aniva sachi varadina eka loku deyak thama,ethakota apita issarahata yanna puluvan

    ReplyDelete