මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

මාරයා අත වනපු දවස 1


 
ඔන්න ඉතින් අද දවසේත් හා හා පුරා අපි ගිමන්හලට ගොඩ වෑදෙනවා.මෙම කතාව මම දියතලාවේ ඉන්නකොට මටයි,මගේ යාලුවෙකුටයි උනු සිදුවීමක් යාලුවානම් ඉතින් ඔයාලට මතකත් ඇති ලෑටා ඒකා මගේ හොදම යාලුවා කියලා ගිමන්හලේ හිටපු සියලුම දෙනාම දන්නවානේ ඉතින්

වෑඩි කතා අවශ්‍ය නෑ,කෙලින්ම එහෙනම් කතාව පටන් ගන්නම්.මෙම සිදුවීම උනේ හරියටම ගිය මාසයේ මම දියතලාවේ රාජකාරි කරන කාලයේ

සිදුවීම වීමට සතියකට කලින් මම සුපුරුදු ලෙසම මගේ කාර්යාලයට ගියාම ටික වෙලාවකින් පියන් ඇවිත් මට කතා කලා

"සර් ඔබතුමාට කොළඹ මහත්තයෙක් කතා කරනවා"

"ලයින් එකේ ඉන්නවාද?"

"හරි මම එන්නම්"

එහෙම කියලා මම ඉක්මනට ගියා කව්ද කියලා බලන්න

"අහ්.....මහත්තයා මාව අදුරනවාද?"

"නෑ...කව්ද ඔයා?"

"මම කව්ද කියලා තොට කියන්න බෑරිද ප**"

"අප්පේ ......නොදකින් විතරක් උබනේ"

ලෑටා තමා එදා මට කතා කලේ,ඒකා එදා කීවා ලෑටාගේ ඔෆිස් එකෙන් ඌත් එක්කම කට්ටියක් එනවා කියලා නවතින්න තෑනක් සෙට් කරලා දෙන්න තමා උදේ පාන්දරම කතා කරල තිබුනේ.

මමත් වෑඩේ කරලා දෙන්න පුලුවන් කියලා බාරගත්තා.පස්සේ මම මගේ සුපුරුදු වෑඩ ටික කරගෙන යන අතරේ චුරු චුරු වෑස්ස ආයේත් පටන් ගත්තා.....හෑමදාම වහිනවා එහෙට පොදයක් හරි යනවා..ඒක තමා දියතලාවේ ලස්සන

උදේට ඈත කදුකරයෙන් හරිම නෑවුම් සීතලක් එනකොට මුලු දවසම ප්‍රබොදමත්,ඒ වගේම ඈතින් වෑටෙන මිහිදුම මුලු දියතලාවම වහ ගත්තාම හරිම ලස්සනයි.

කොහොමහරි මට ලෑටා එන දවස මතකයෙන් ගිලිහුනා.අම්බානක වෑඩ කන්දක් කරලා කාමරයට ආවාම ඔක්කොම අමතක වෙනවා මහන්සියටම.........

ලෑටා මට එන්න කිරෘ කරලා තව දවසක් කතා කලා

"අනේ සොරි මචන් අපිට කියපු දවසේ එන්න වෙන්නේ නෑ"

"තමුසේ පිස්සෙක්නේ,මම නවතින තෑනුත් රෙඩි කරලා"

මම බේගලයක් කියලා ඒකා වෙනුවෙන් දෙයක් කලා කියලා පෙන්වන්න ට්‍රයි එකක් දෑම්මාට මේකා කියපු එකෙන් කාඩ් කුඩු.......................

"අනේ පලයන් තොට කොහෙද බන් ඔවා මතක තියෙන්නේ.....,උබේ වෑඩේම රාජකාරිය විතරයි,මම එන්න හේතුවත් උබට ජීවීතයක් තියෙනවා ඒක විදපන් කියන්න"

"එන දවසක වරෙන්කො" කියලා මම පොන් එක තිබ්බා"

ඔහොම සුපුරුදු ලෙසම කාලය ගත උනා....

දවසක් මට හිතුනා දියතලාවේ ඉදන් ගම්පොල පෑත්තට තියෙන නමුත් කොච්චියෙන් ගිහින් බලන්න තෑන් බලන්න යන්න.

එදා උදේ පාන්දරම මම බෑග් එකකුත් කරගහගෙන,බූට් දෙකකුත් දාගෙන හෙමින් සෑරේ රේල් පාර දිගේ ගමන් කලා.

මට කියන්න බෑරි උනා,මම දුම් රියවල් එන වෙලාවන් කොළඹට කතා කරලා කලින් දවසේම අහගත්තා.නෑත්නම් කොච්චියකට අහු වෙනවා.

ඒ ගමනනම් පුදුම ලස්සනක් ගොවා වතු,තේ වතු අතරින් මම හෙමින් හෙමින් ඉස්සරහට ආවා.එක ලගම බිං ගෙවල් සෑහෙන්න තියෙනවා ඔය හරියේ එකක් පහු වෙනකොට තවත් එකක්.....කොකටත් මම පරිස්සමට ආවා....

කියන්න බෑනේ යන්නේත් තනියම...ඒක නිසා..කොහොමහරි ඔය අතරේ මම උදේ 7.20 පමන බලාපොරොත්තු උනු කොළඹින් එන පොඩි මෑනිකේ කොච්චිය ඔලොක්කුවට වගේ හූ පාරක් දාලා  මාව පහු කලා....

ඊලගට 9.45 කොච්චිය......එතකන් ඔය හරියේ කොච්චි නෑ.ඉදලා හිටලා ඩක්කුවක් ගියොත් තමා...

මහන්සිය බලන්නේ නෑතුව තව ටිකක් ඇදුනා.එකපාරටම මාව ලෙස්සලා ගිහින් වෑටුනා වලකට..

ඒක උනේ මෙන්න මෙහෙම මම දිය ඇල්ලක් දෑකලා ඒක බලන්න යන්න හෑදුවා තේ වත්තක් මෑදින්,කොහොම හරි එතන මගේ කරුමෙටම වලකට ලෙස්සලා ගිහින් වෑටිලා මට නෑතුවම බෑරි ටොච් එකත් බිදුනා....

කෙලියා.....මටම කියවුනා.කොච්චර ට්‍රයි කලත් ඒක හදන්න බෑ....ඔක මට ඔන උනේ බිංගෙයක් ඇතුලේන් යනකොට මොකද ඒක ඇතුල හරිම කලුවර,ගුප්ත තෑනක්....

දෑන් ඉතින් කට්ට කලුවරේ යන්න වෙන්නේ....හුලු අත්තක්වත් හදාගන්න පොල් අත්තක් දකින්නවත් නෑනේ..

කොහොමහරි මම පලවෙනි බිංගෙය පහු කලා මට එලියක් නෑතුව..ඒකනම් එච්චර ලොකු එකක් නෙමේ...දෑන් ආයේත් චුරු චුරු වෑස්ස පටන් ගත්තා...

එහේ හුග දෙනෙක් කුඩ වලට වඩා පාවිච්චි කරනවා රේන්කොට් ( වෑහි කබා ) මමත් මම ගෙනාපු එක ඔතා ගත්තා මුලු ඇගටම..ප්ලෙන්ටියක්වත් උනු පිටින් ගහන්න ලග පාත කඩයක් තියා මිනිස් පුළුටක් නෑ......

මම වෑස්සේම ඉස්සරහට ගියා....හුලග හරි හයියෙන් කෑ ගහනවා මට හිතෙන්නේම ඒක මට කෑ ගහනවා කියලා..ඔන මගුලක් කියලා මම තව බිං ගෙයක් ලගට ඈවිත් එහා කෙලවර පේනවාද කියලා බෑලුවා

නෑ...ලොකුම බිංගෙයක්...මට තව ඉස්සරහට යන්න ඔන මම පිටත් උනා,වවුලො කෑගහගෙන ඉගිලිලා ගියා...දෑන්නම් තොල කට එහෙමත් සීතලටම වේලිලා..

හෙමින් හෙමින් මම බිංගෙය මෑද්දටම ආවා...........

මම හිතන්නේ ඇත්තටම මම උන්නේ ඔය බිංගෙය මෑද්දේ ඔය වෙලාවේ...

මට ඇතීන් ලොකු ලයිට් එලියක් පෙවුනා............මම පොන් එක අරන් වෙලාව බෑලුවා...හරියටම උදේ 9.50.......

මොකක්ද ඔය එන්නේ?????

මට මොකද උනේ?????

ප්‍රශ්න ගොඩයි.අදට එහෙනම් සමුගන්න අවසර මිතුරනේ ඔබට හෑකිනම් පමනක් ගිමන්හල වෙනුවෙන් ඔබගේ අදහස දක්වා යන්න.එහෙම නොකලා කියලා ගිමන්හලේ කිසිම කහටක් නෑ.....

ජයවේවා!!!

13 comments:

  1. අයියා ඔයා මට මේක කියලාවත් නෑනේ.....අනේ ඉක්මනට ඊලග දාන්න ඔයාට හෙට නිවාඩුනේ හෙට දාන්න හොදද?.......

    ඔයා මොකද අයියා කලේ?..........එහෙන් කොච්චියක් එනවා ඔයා ඔහොම ගමනක් ගියේ මොකද?......

    ReplyDelete
    Replies
    1. නංගි භය වෙලා (දුවෙක්ද මන්දා)

      Delete
    2. ශලනි නගා.....දන්නේ නෑද්ද ඉතින් මට එකපාරටම ඔහොම හිතෙනවා මම යනවා.ආයේ යනකොට කියලාම යන්නම්කො මම

      Delete
    3. අටම්පහුර අයියා.....ඔය මගේ නංගි කෙනෙක් ඔයාටනම් දුවෙක් වගේ තමා....හික් ...හික්

      Delete
  2. අළුත් කතාවක්... ඒකත් කියවලා බලමුකෝ... සුබපැතුම් මලයා...

    ReplyDelete
    Replies
    1. හෑමදාම වගේ මගේ ස්තූතිය ඔයාට අයියේ

      Delete
  3. මම කියන්නං ආවේ පෙට්රෝල්මන්, අර පීල්ලට බදීන වෙඩි අරගන (අනතූරැ දන්වන)එයාගේ කෑලිපහේ ටෝච් එක තමයි ඔයා දැක්කේ

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම අවසාන කොටස දෙනවා....ඔයාම බලන්නකො...........

      Delete
  4. අම්මො අපිත් රේල්වේ හයික් යනව නේ..ඔය බිංගෙවල් අස්සෙන් යද්දි හෙන පරිස්සමෙන් නමයි යන්නෙ o.O

    ReplyDelete
    Replies
    1. රේශාන් ඔයාලත් යනවාද?....මම තනියම ගිහින් මට වෙලාව අමතක උනා ඊලග කොටසත් බලන්නකො මොකද වෙන්නේ කියලා

      Delete
    2. බලමු බලමු...

      රේල්වේ හයික් යන ගොඩක් අය ඉන්නවා..මම නම් තාම එකක් විතරයි ගිහින් තියෙන්නෙ..යන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා..බ්ලොග් අවකාශෙ වගේම ෆේස්බුක් එකේත් ඉන්නවා ඒ වගේ යන අය... :D

      Delete
  5. හෙට අනිද්දා අපේ කට්ටියක් රේල්වේ හයික් එකක් යනවා කැමති නම් ඒකට ඔයාව අමුණලා දෙන්නම්

    ReplyDelete
    Replies
    1. කොහෙ සිට කොහාටද යන්න ඉන්නෙ :D

      Delete