මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

මාරයා අත වනපු දවස ( අවසාන කොටස )




අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි අපේ මේ සුදානම,ජීවීතයත්,මරනයත් අතර මා ගත කර ඒ දවසට එහෙනම් අපි වෑඩි කතා බහක් නෑතුව ඉක්මනටම යමු.

අවසන් උනේ.......

මම බිංගෙය තුල මගේ දිහාවට සෑර එලියක් එල්ල වුනා.

අද එතෑන් සිට............

ඉතින් මම දෑන් බිංගේ ඇතුලේ...මට පේනවා ඇතීන් ලොකු ලයිට් පාරක්,ෆොන් එක බෑලුවාම හරියටම උදේ 9.50 එකවරම කන් පුපුරන්න සද්දය....ඒ මදිවාට මම උන්නු රේල් පීලී දෙදරන්න ගත්තා....

උඩරට මෑනිකෙ එනවා කගවේනා වගේ......

මම අනිත් පෑත්තට හෑරිලා දුවන්න ගත්තා...මරන බය උපරිමයි...දෑන් කොච්චියත් ලග ලග එන ගතියක් තේරෙනවා.එකම දෙයයි මට තිබුනේ මම බිංගෙය කෙලවරට ඒ කියන්නේ බිංගේ ඇතුලේම කොන්ක්‍රීට් බිත්තියක් කන්න වගේ ඒක අල්ලාගෙන උපරිම අයින් උනා..

තව පොඩ්ඩකින් කොච්චිය මගේ ලගට එනවා.මම තවත් උපරිම දාලා බිත්තිය අල්ලගත්තා.ඒ මදිවාට මරන බයේ මාව හොදටම ගෑහෙනවා...එකවරම කොච්චිය මාව පහු කලා.

මම උපරිමයෙන් බිත්තිය අල්ලාගෙන කෑගෙහුනා මට බයටම,මම හිතුවේ මම මෑරුනාම තමා කියලා ඒත් දෙවියො මට තව අවස්තාවක් දුන්නා,කොච්චිය යනකොට එතනින් මාවත් ඇදගෙන යන්නම උඩරට මෑනිකේට හිතුනා වගේ පුදුම සුලංපාරක් ආවා.බිත්තිය තදින් අල්ලන් හිටපු පාරට ඇගිලි තුවාල වෙලා ලේ එහෙමත් ඇවිත්......

මම ඒකෙන් බෙරුනා.ඒත් දෑන් මට හුස්මගන්න බෑ,මට කලන්තේ වගේ,මම කාට කියන්නද?...ෆොන් එකට සිග්නල් එහෙමත් නෑ.මම රේල් පීලී උඩින් වාඩි උනා..මම හිතන්නේ මට නින්ද ගියා වගේ.......ඒ එක්කම වමනේ ගියා....

වතුර බොතලයක් ගෙනියපු නිසා ඒකෙන් කටත් හොදගෙන තව ඉස්සරහට ආවා.ඒත් මාව තවම ගෑහෙනවා..ජීවීතයටවත් ආයේ එන්නේ නෑ කියලා හිතුනා..හෑබෑයි  අදනම් ඒක මතක් උනාම හිනා යනවා.

කොහොමහරි මම ආයේ ඉස්සරහට යන ගමන අත ඇරලා,දියතලාවට එන්න පිටත් උනා.මගේ අත්වල තුවාල වලට තේ කොල ටිකක් පොඩ් කරලා තියාගෙන ලේන්සුවකින් අතත් බෑදගෙන දියතලාවට මහ ගන අදුරේම ආවා.

ඊට පස්සේ ලෑටා මට කතා කලා

"මචන් ඇනා"

"මොකද?"

"මම අද රෑ වෙනකොට දියතලාවේ"

"ඔව් වරෙන් කියන්න දෙයක් තියෙනවා උබට"

එදා රෑ එලි වෙනකන් මම කරපු කතාව ඒකාට කීවා,බංකුවක් උඩට වෙලා කතාව අහපු ලෑටා මට හොදටම බිම දාගෙන ගෑහුවා.

"ඇනා පො** වෑඩ එපා බොල,මට යාලුවෙක්ට ඉන්නේත් උබ විතරයි,උබට මොකක් හරි උනානම් තොගේ මිනියක්වත් නෑ....කාලකන්නියා"

ලෑටා දවස් ගානක් ඉන්න කීයපු නිසා අපි සිරිපාදය යමු කියලා කතා උනා,හෑබෑයි අවාරයේ......ඒ කතාව ඉතා ඉක්මනට ගෙනෙන්නම් අපි ගිමන්හලෙන්.......

එසේනම් කලින් කලාපයන් වලට ඔබ ලබදුන් ප්‍රතිචාර වලය මගේ මෙන්ම ගිමන්හෙලේ සෑමගේ ප්‍රනාමය හිමි වෙන අතරම,මෙම කලාපයටද ඔබේ ගල්,මුල්,මල් වලට ඉඩ කඩක්ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු.....

නෑවත හමුවෙමු.....

ඔබ සෑමට ජය!!!!!

2 comments:

  1. අම්මෝ! පිස්සුවක්නෙ කරල තියෙන්නෙ! කියද්දිත් මැවිල පේනව!
    අදනේ මම මේ ගිමන්හල දැක්කේ, අපූරු කතා ගොඩක් තියෙනවා නොවැ. කොනක ඉදන් කියවන්න කියල ඉන්නෙ.
    තනි නොතනියට කියල තවත් පොඩි පහේ ගිමන්හලක මමත් අකුරු කරනවා. අහිතක් නැත්නම් අනුප්‍රිය සහෝදරයට පුලුවන් වෙලාවක ඒ පැත්තෙත් ගොඩවෙලා උපදේශයක් දෙකක් දීල යන්න.
    ඔන්න මම නම් දැන් ඉතිං දිගටම මේ පැත්තෙ එනවා! අර සිරීපාදෙ ගමන ගැනත් ඉක්මනටම කියන්න!
    ඔබට ජය!

    ReplyDelete
  2. හම්මෝ..මෙහෙමත් බේරිල්ලක්..
    අනුනමයෙන් බේරිලා..:(

    ReplyDelete