මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ජීවිතයේ පලමු හමුවීම{සයවන අඩහෑරය}



ඔන්න ඔයාලා මට කලින් සෑරේටත් වඩා ඉහලම ප්‍රතිචාර ලබාදුන්නා.ඒ ලබා දුන්නු ප්‍රතිචාර වලට මම හෑමදාම වගේ ඔයාලට හිස නමා මගේ ගෞරවය පුද කරනවා.මගේ කතාවේ දරුනු හරියට තමා හෙමින් හෙමින් ලගාවෙන්නේ,ඈනාට පට්ට දුකක් හිතට දෑනුනොත් කතාව ටිකක් විතර පරක්කු වෙයි.

කමක් නෑ,අදත් වෙනදා වගේම කතාව පටන් ගන්නවා ගිමන්හලේදි...

අවසන් උනේ.........

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අද එතෑන් සිට........

  "කියපන් බලන්න ලෑටා"

"අපි කෙල්ලට දෙනවා,එකීට අමතක නොවෙන්නම උබව"

"මොකක්ද යකො දෙන්නේ කියපිය මගුලක් නොකියා"

"මචො අපි දෙමු චේන් එකක්"

"තොට පිස්සුද? කොහෙන්ද බන් ඔවට සල්ලි"

"මොනවා කරන්නත් කලින් තො ප* වගේ ඉන්නේ නෑතුව අදුමක් දාගෙන වරෙන් යන්න"

"හරි යමන්කො එහෙනම්"

කොහොමහරි,මම ලෑටා මාවත් ඈදගෙනම ටවුන් එකට ආවා.කෙලින්ම ජුවලරි කඩයකට රින්ගුවා.

"මල්ලි බලමුද චේන් එකක්"

අම්මපා,මේකට නම් හොදටම පිස්සු වගේ අතේ තියෙන්නෙත් රුපියල් දහයයි.මොන චේන්ද?

"අපිට පෙන්ඩන්ට් එකකට කෑපිටල් A අකුරයි,කෑපිටල් N අකුරයි ගහලා ලස්සනට හදලා දෙන්න පුලුවන්ද?"

හරි අදනම් හරි සනීප ආතල් එකක් ලෑබෙන පාටයි.අතේ සතේ නෑතුව මොන චේන්ද?

"මහත්තයා ගෑනු ලමයෙක්ට දෙන්න වගේ"කඩේ කොල්ලා ඈහෙව්වා.ඌ දන්නේ නෑ නේ ලෑටාගේ තරම

"කෙල්ලෙක්ට දෙන්නේ නෑතුව උබේ ගෑනීට දෙන්න නේමේ චේන් එකක් හදන්න දෙන්නේ"

මේක කඩේ මුදලාලිවත් ලස්සනට නමලා තිබුනා.කොහොමත් කපටිකමේ මුදුන් මල්කඩ ලෑටා

"සර් මට ඈඩ්වාන්ස් 1000 දෙනවාද?"

මට උගුර කට වේලුනා.සල්ලි නෑතුව මේකා මොනවා කලාද කියලා,පන්ඩිතයො වගේ ඈවිත් චාටර් වෙන්නත් බෑනේ

යකො මෙන්නෙ මේකා මටත් ඈහක් ගහලා 2000 කොලයක් දුන්නා.කඩෙන් එලියට ආපු ගමන් ලෑටාව අල්ලගත්තා.

"තො කොහෙන්ද 2000 මෑව්වේ"

"දෑක්කානේ කොල්ලාගේ වෑඩ,මම උබට හෑම වෙලේකම කියන්නේ මම උබට වඩා හිතනව කියලා"

"හරි උබ පොර,ඔකනේ ඔනේ උබට"

"උබ දන්නවාද මම අද උදේ ඈවිත් ඩිසයින් එකක් තොරලා උබලාගේ ගෙදර ආවේ"

මම ලෑටාව බදාගත්තා.මහ පාරෙදිම ඒකා මට ලව් කරන්න දීලා අනිත් ඔක්කොම බලාගන්නවා.මගේ ඈහෑට කදුලක් ආවා.මොකද මම ටිකක් විතර හෑගීම්බර නීසා.

"ඈනා....උබ ලෑහෑස්ති වෙයන් අන්තිම ආසියා ගහන්න"
"මොකටද"

"ඔකීගෙන් අහලා උබට ඉවර කරන්න එපාද?,මොකක්ද බන් උබලා ලව් කරනවා කියලා ගහ,කොල පවා දන්නවා.උබලා දන්නේ නෑ"

"හරි මහත්තයො ඈනා රෙඩි"


කොහොමහරි ශේප් ගානකට අපි වෑඩේ කරගත්තා.ඉතිරිය මම දීලා දෑම්මා.ඒක හරිම ලස්සනයි.ඔය ඔක්කොම ලට්ට,ලොට්ට අරගේන ඈනා උදේ පාන්දරම පන්තියේ.නදී, ශශී එක්ක පන්තියට ආවා.මට හිතුනා පොඩි රගපෑමක් දාන්න,මම ඔලුව ගහගත්තා බන්කුවේ

"අනූ.........ඔයාට මොකද"

මගේ ඔලුවට අත තියලා ඈහෙව්වා.ඔලුව රදේ තිබුනත් සනීප වෙනවා එයා මාව කොනිත්තුවත්

"නෑ.....ටිකක් ඔලුව රිදෙනවා"

"පෑනඩොල් බීවාද"

"හ්ම්....."

එක පාරටම කෙල්ලගේ මූනේ ලස්සන හිනාවක් ඈදුනා,මට හිතුනා මේකිට පිස්සු හෑදීගෙන එනවාවත්ද කියලා.

"මොකො......හිනා වෙන්නේ"

"අනූ......ඔයාගේ අත හොද වේලා,මට හිනා ගියේ ඒකට"

අනේ මම මොන ප*** කියලා මට හිතුනා.මෙච්චර මේ වගේ කෙල්ලෙක්ට මම මෙහෙම බොරු කලානේ.ඈත්තටම ඈනාට එදානම් එපාම උනා

"අනූ.......මොනවාද කල්පනා කරන්නේ?"

"මුකුත් නෑ......"

"මම යනවා,"

එහෙම කියලා මම පන්තියට ආවා.මලා පෑනක් නෑ.කෙලින්ම මම කෙල්ල ලග.මුලු පන්තිය ඉස්සරහම මට මෙහෙම කියවුනා.

"බබී........මට පෑනක් දෙන්නකො"

"අම්මට හුඩු බබී........කව්ද බන් උබේ බබී"

නීශා එකීගෙ හෑකර කට දෑම්මා.අම්ම්පා උබව තමා හරියන්නේ ලෑටාට කියන්න හෑදුවත් මම කීවේ නෑ.

අපි දෙන්නා ඈස් වලින් කතා කලා.දෑන් ඒක උබලා ඔක්කොටම තේරෙනවානේ මම,නදීගේ ඈස් දිහා බලාගෙනම ඉන්නවා.එයත් එහෙමමයි. අපේ කරුමේටම සර් අවා.ඒක දෑකලා බලාගේනම ඉන්නවා.ඒක පාරටම මුලු පන්තියම සද්දයක් නෑ,මම ලෑටා දිහ බෑලුවා.ඒක මට ඈස් වලින් සර් පෙන්නුවා.

"කොල්ලො මොකක්ද බන් ඔකේ තේරුම"

"කොල්ලො උබ මම කියන එක ඔය කෙල්ලට කියපන්"

සර් මට කීවේ මම ඔයාට ආදරෙයි කියලා.ඒත් මම කියලා තියෙන්නේ මම ඔයාට හුගක් ආදරෙයි කියලා.ඈත්ත මම එයාට හුගක්ම,හුගක් ආදරෙයි.ඒක දන්නේ මම විතරයි.

පන්තියේ වෑඩ පටන් ගත්තා.ලමයි ගජරාමේට වෑඩ එයාලට ඉගෙන ගන්න දීලා අපි ටිකක් බලමු කව්ද මේ සර් කියලා

මෙයා,කපිතාන් වගේ, අමු මිරිස් කාලාද මන්දා හරිම සෑරයි.සර් මම ගෑන වගේම නදීක ගෑනත් හොදටම දන්නවා,සර් අපි දෙන්නට හරිම ආදරෙයි.විශේශ හේතුවක්නම් මම දන්නේ නෑ.

කොහොමහරි හවස් වරුවේ නීශා,ශශි දෙන්නා නදීකාව අරගෙන ටවුන් ගියා.අපි ඒ අතරේ බෑලුම් එල්ලලා පන්තිය එකම කෙලියයි.තනිකරම ඉස්සර අපේ සීයලාගේ කලේ මගුල් හට් එක වගේ හරිම ලස්සනයි.

කේක් එකක් මම ගෙනල්ලා,ඒකට ඉටිපන්දම් 20 ගහලා ඔක්කොම රේඩ් කලා.එයාගේ 20 උපන්දිනය.ශශීට කොල් කලා කෙල්ලව ගෙන්වන්න

"ශශී වරෙල්ලා"

"අනුපියට පපුවේ අමාරුවක්"

ශශී මටම කීවා

"තොට පිස්සුද අරකි බය වේයි බොල"

නදී දුවගෙන පන්තියට ආපු විදිහටම මට තේරුනා.ඒක නිසා මම ගිහින් එයාව පිලිගත්තා

"අනූ......මොඩ වෑඩ කරන්න එපා"

"මොකද බබී කේස් එක"

බබී මම ඔය වචනය රෙජිස්ටර් කලා ප්‍රසිද්දියෙම ඔක කීවානම් උබලාට කියන්න මම මොකටද ඈබරෙන්නේ

"මම කොච්චර බය උනාද,ඔයාට මොකක් හරි වෙලා කියලා"

"මට අවුලක් නෑ බබී"

"බබී.........තමයි එක විදිහකට ඉන්නත් බෑනේ"

"යකො ඈනා,ඔය කෙල්ලට එන්න කියපන් බන් මේක කපන්න හෑමවේලෙම ලව් කරනවානේ උබල"

උබලා දෑන් හොදටම  දන්නවානේ කව්ද ඒ අලුගේත්තුකාරයා කියලා ලෑටා

අපි උපන්දිනයට කියන සින්දුව කියලා නදී කේක් කෑපුවා.එයා හෑමොටම කේක් කෑව්වා.හෑමොටම කියන්නේ එයාගේ යාලුවන්ට කොහොමහරි ලෑටා මාව ගොඩ දෑම්මා.

"නදී ඔයා ඔක්කොටම කෑව්වනේ ඔයාගේ මහත්තයාට කෑව්වේ නෑ නේ"

අනේ කෙල්ල මටත් කටක් කෑව්වා.එකේ රස දෙවෙනි වෙන්නේ මගේ අම්මා කවපු බත් කටවල් වලට විතරයි.

මම ගෙනාපු මාලේ පෙට්ටිය පිටින්ම දෙන්න ලෑහෑස්ති උනා.කොහෙද ලෑටා එතනටත් මෑද්දට ආවා.

"අනො යකො ඔහොම දීලා වෑඩක් නෑ.ඔක කෙල්ලගේ බෙල්ලේ බෑදපන්"

එහෙම කරන්න ඈනා අකමෑති වේයිද?ඒත් කෙල්ල කෑමති වෙයිද දන්නේ නෑනේ,මම මුලින්ම කෙල්ලගෙන් අහෑව්වා.

"නදී.. මම බදින්නද"

"හ්ම්..."මම කෑමතිම වචනය පිට උනා.

බදින්නද.....කීවා විතරයි කොල්ලාන්ගේ සූ.....පාර දුන්නා දුම් විසිවෙන්නෙ.ඈනා බෑලුවේ නෑ
 කෙල්ලෙගේ බෙල්ලේ බෑන්දා.

එදා හවස එකම පිස්සුවයි.ලෑටා,ශශි දෙන්නාත් කෙල්ලට ලස්සන ගවුමක් දුන්නා.ඒකත් හරිම හෑඩයි.එදා අපි හුගක් පින්තුර ගත්තා.එදා හරිම ලස්සන හෑන්දාවක්.එදා ගත්ත පින්තූර තවම ඈනා ලග තියෙනවා.එයා වෙනුවෙන් මගේ මරනය වෙනකන් ඒවා මගේ ලගම තියේවි.

ඒ වගේම සර් අපිට හොද නිව්ස් එකක් දුන්නා.

"කොල්ලනේ අපි අනිද්දා ට්‍රිප් එක යනවා.සල්ලි ගෙනාපු එව්න් දීපල්ලා"

මට දෙලො රත් උනා.කෙල්ල සල්ලි දීලාද දන්නේ නෑ,අනික එයා යනවාද කියලාවත් ඈහුවේ නෑ

මම කෙල්ල හොයාගෙන ගියා.එයා මාලේ ලස්සන බලනවා.මට දුකත් හිතුනා.කෙල්ලො කොහොමත් ඔවා වලට කෑමතිනේ

"බබී......"

"මොකද අනූ...."

"ඔයා ට්‍රිප් එක යනවා නේද?"

"නෑ.....මට එන්න වෙන්නේ නෑ...."

"කලින් එනවා කීවා.දෑන් බෑලු මොකක්ද මේකේ තෙරුම බබී"

මට තද උනාම එයා කරන්නේ මගේ මූන දිහා බලන එක.මට ආතල් ගන්න බෑනේ හෑමවෙලේම

"මම ඔයාටත් එක්කම සල්ලි බදිනවා"

මම අපි දෙන්නාටම සල්ලි දුන්නා.

"පිස්සුද අනූ ඔයාට"

"පිස්සූ"

"මට පේනවා"

"හ්ම්......."

කොහොමහරි මම හවස ගෙදර යනගමන් කෙල්ලව අල්ල ගත්තා.

"ආහ්.....මෑඩම් කොහෙද ගියේ?"

"මම පොලට ගියානේ"

"කෑරට් අලයක්වත් නෑද්ද කන්න"

"නෑ.........."

"හෙට එනවා නේද බබි"

"අනේ....නෑ අනූ"

"මම ඔයාගෙන් අහනවා කීවේ ඒක මම හෙට අහනවා"

"අනේ......අනූ ඒකනම් මගෙන් අහන්න හිතන්නවත් එපා"

ඈනා ගොඩ කියලා ඔයාලට තේරෙනවාද? මෙතෙක් කල් බලන් හිටපු අවසන් තුරුම්පුව ගහන්න තව ටික දවසයි.

"හේතුව"

"මට බය හිතෙනවා"

"ඔයාට පිස්සුද නදී මම ඔයාගෙන් යාලුවෙන්න අහන්නේ නෑ,වෙන කතාවක් අහන්නේ"

මූන හොදටම මෑලවිලා ගියා.තනිකරම මලමිනියක් වගේ.මම එයාගේ දිහා බලාගෙන තොල් විතරක් හෙලෙව්වා.

"ඒක තමා මම අහන්නේ"

"අද බහින්නේ නෑද්ද"

"පන්ඩිතයෙක් එක්ක ඉදලා ඒකත් අමතක වෙනවා"

"අනූ.......මගේ කුඩේ කො"

මම අකමෑතිම දේ කුඩේ.ඈනා කුඩ ඉහලන්නේ හෙන ගහලා වෑස්සොත් විතරයි.නෑත්නම් ලගටවත් ගන්නේ නෑ.

අනීක තමා මට ඔවා අමතක වෙනවා.මගේ ඔලුව පිස්සන් කොටුව වගේනේ

"අහ්.....මට අමතක උනනේ"

"හෙට ගේන්න"

එහෙම කියලා මට හිනාවක් දාලා ගියා.

මට තියෙන මගේ මනො පාර ගහගෙන මම ගෙදර ආවා.,මම රෑ වෙලා කෙල්ලට කොල් එකක් ගන්න හදන කොටම ලෑටා කතා කලා.

"අනො,අපි හිතන තරම් වෑඩේ ලේසි නෑ"

"මොන වෑඩෙද ප*"

"ඈනා මම ඉන්නේ නදීකලාගේ ගෙවල් ලග"

"මගේ කෙල්ලගේ ගෙදර උබ මොකද කරන්නේ"

"මම ආවේ ලග ගෙදරකට මිසක් නදීකලාගේ ගෙදර නෙමේ"

මට ඔය අතරේ ලෑටාගේ පොන් එකෙන් වලියක් වගේ ඈහුනා.

"ලෑටා වලියක් නේද"

ඈනාට වලි කීවම ඊට දෙයක් නෑ.කොහොමත් මම වලි කාරයෙක්.මගේ ජීවිතයෙන්  වලි වලට යන එක වගේම මට මල පනින දෙත් හදලා මගේ ජීවීතයට පිලිවෙලක් කලේ නදීකා



"ඔව්....නදීකාලාගේ තාත්තා ගෙදර වලන් පොලවේ ගහනවා"

"බීලාද"

"නෑතුව උබ හිතුවාද ආතල් එකට වලන් පොලවේ ගහනව කියලා"

"ඈනා උබ දෑන් කොල් කරන්න එපා,කෙල්ලට.මම ටිකක් ඉස්සහරට යනවා උබ මේක කට් කරන්න එපා"

කොහොමහරි ලෑටාගේ රහස් පරීක්ශන වෑඩේට මමත් ආවා.මට දෑන් ඔක්කොම ඈහෙනවා.කෙල්ලට තාත්තා හොදටම ගහනවා වගේම,වලන් පොලවේ ගහන සද්දේත් හොදට ආවා

දෑන් මේක කියවන් ඔයාලට තරහත් යනවා ඈති මම මොකද පෑන්නෙ නෑත්තේ කියලා මෑද්දට මම හිටියේ ලෑටා ඉන්න තෑන ඉදන් කිලොමීටර 10 විතර ඈත මගේ ගමේ.මම යනකොට කොහොමත් ඔක්කොම ඉවර වෙනවා.ලෑටාත් මෑද්දට පෑනලා නෑ.මම පොන් එක කට් කලේම නෑ,ලෑටා ආයෙත් කතා කලා.

"අනො.....මේකා මහ ප**"

"මගේ කෙල්ලට ගෑහුවාද"

"ඔව්...ඒකා උබේ නම කියලා ඒකිට කොන්ඩෙන් ඈදලා ගහනවා"

එයාට ලස්සන කොන්ඩයක් තිබුනා.ඒක පිඹුරෙක් වගේ හරිම මහතයිකොන්ඩේ ලෙහෙලා දෑම්මාම අපේ ගෙදර වී වෙලන මාගල වගේ.ඉනටත් වඩා පහලට කොන්ඩේ තිබුනා.

මට උපරිම මල පෑන්නා.මට ලෑටා එක්ක හොදටම මල

"පො***ප** උබ මගේ කෙල්ලව බේරපන් බන්"

කොහොමහරි ගමේ එව්න් මෑද්දට පෑනලා රන්ඩුව බේරලා තිබුනා

පහුවෙනිදා මම උදේම පන්තියට ආවා.මට මේක අහනවාද නෑද්ද කියලා හිතගන්න බෑරුව කලින් රාත්‍රියේ ඉදන් මම තවම හිතනවා.කොහොමහරි කෙල්ල පන්තියට ආවා.එලි වෙනකන් අඩපු ගතියක් මට හොදට පෙනුනා.එයා මාව මග අරින්න උත්සාහ කලත් මම කෙල්ලව අල්ලගත්තා.

"නදී....මට ඔයාත් එක්ක කතා කරන්න ඔනේ"

"අනේ.......අනූ මට වද දෙන්න එපා"

මට හොදටම මල පෑන්නා.අල්ලගත්තා කෙල්ලගේ අතින් ඈදගෙනම ආවා කාටවත් පේන්නේ නෑත් තෑනකට

"හරි දෑන් කියමු"

"මොනවාද අනූ"

"මට බොරු කරන්න ලෑහෑස්ති වෙන්න එපා,තේරුනාද මම ඔක්කොම දන්නවා කලින් දවසේ රෑ උනු දේවල් ඔක්කොම කොහොමද දන්නේ කියලා අහන්නේ නෑතුව මට හේතුව කියන්න"

මගේ මූන දිහා බලාගත්තා ආයෙත් සෑරයක් ඉන්නෙත් තද වෙලා තවත් විකාර කරනවා බෑරිම තෑන ආයෙත් කීවා

"ඔයා කියනවාද,නෑත්නම් මම එයාගෙන්ම අහගන්නද?"

"අනේ.....අනූ මගේ තාත්තා මම පොඩි කාලේදිම පපුවේ අමාරුවක් හෑදිලා නෑති උනා.බාප්පා අපේ ගෙදරට ආවා.එදා ඉදන් අපි මේ දුක විදිනවා අනූ"

මට හුස්ම ගන්න බෑ වගේ දෑනුනා.නිකන් මම ගුටි කාලා වගේ.මට ඈත්තටම උපරිම දුකක් වගේම සුපිරි මලක් හිතට ආවා.

"ඔයා බය වෙන්න එපා.... මම ඉන්නවා ඔයාට"
එසෑනින් දිය ඈල්ලක් කඩා හෑලුනා.

"අඩන්න එපා....කො මෙහේ බලන්න,අඩලා බෑනේ කෙල්ලේ"

මට එයාව මගේ පපුවට තුරුල් කරගන්න හිතුනත් ඈනා තවත් ඉවසුවා.හෑගීම් වලට ඉඩ දුන්නේම නෑ.තොල හපාගෙන මම අයින් උනා.

ඒ ආදරවන්තයන්ට ආදරය කරන්න දීලා අපි එහෙනම් ගිමන් හලෙන් සමු ගන්නවා.හෙටත් සුපුරුදු පරිදි ගිමන්හලට ගොඩ වෑදෙන්න ආරාධනා කරනවා.

එකිනෙකාට හොරෙන් ආදරය කරන මේ ප්‍රේම කුරුල්ලන්ට ඉදිරියට මොනවා වේද ඉවසමු තව දවසකට

අදත් ගිමන්හලට ලබා දුන් ඉහල ප්‍රතිචාර වලට මගේ ප්‍රනාමය පුද කරනවා

ජයවේවා!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්



















ජිවිතයේ පලමු හමුවීම{පස්වෑනි අඩහෑරය}



අද හවස් යාමෙත් බොහො ගල්,මුල්,මල් එල්ලවෙන ජිවිතයේ පලමු හමුවීම කියන්න ගිමන්හල සුදානම්,මගේ ජන්ගම දුරකතනයට වෑල නොකෑඩි ප්‍රතිචාර ලබා දුන් කොලඹ විශ්ව  විද්‍යාලයේ සහ  කාර්යාල වල සේවය කරන මගේ හිත මිතුරන්ටත්,කවදාකවත් දෑකලා නෑති ස්යිබර් යහලුවන්ටත්, සෑම දෙනාටමත් මගේ හිස නමා අචාරය පුද කරනවා.

එහෙනම් මෙන්න කතාව.....

අවසන් වුනේ........


"අනුපිය....මම දෑන් නදීට කතා කලා,එය අසනිප වෙලා ඉස්පිරිතලේ නවත්වලා,මම දෑන් ඉන්නේ ඉස්පිරිතාලේ"


අද එතෑන් සිට..........

මම ඉවරයි යන ගතියක් මට දෑනුනා.දෙවියනේ........එයාට මොනවා වෙන්නද? පෙරේදාත් මම එයත් එක්ක කතා කලානේ,හිත හිත ඉන්න වෙලාවක් නෑති නිසා මගේ එකම යාලුවාට කතා කලා

"ලෑටා මට පොඩි කරදරයක්"

"තොට නෙමේ,නදිකාට කියපිය"


"විහිලු කරන්න එපා බන්"

"හරි හරි මම වාහනයකුත් අරගෙන එන ගමන්,තො ලෑහෑස්ති වෙලා ඉදපන්.එයාව ටිකට් කපලා දෑන් ගෙදර අරගෙන යන ගමන්"

"හරි වරෙන්කො"


මම නන්දිකඩාල් කලපුවේ අවසන් සටනට යන්න වගේ රෙඩි උනා.කොහොමහරි විනාඩි පහෙන් ලෑටා තව කොල්ලෙක් එක්ක ආටා{රොද තුනේ දුප්පතාගේ වාහනය }එකක් අරගෙන ආවා.

"කොහෙන්ද මේක හොයාගත්තේ"

"දන්නවානේ ඩයල් එක උබ"කියලා ආටා එක අරගෙන ආපු එකාට කීවා

"ඈනා......නේද උබ"

"කතාව කියන්නම් නෑගපන් උබ ඉක්මනට"ලෑටාගේ බෙරිහන්දිම හින්දාම මම නෑග්ගා.


අපේ ගමන පිටත් උනා.ටික වෙලාවක් යනකන් එකෙක්වත් කතාවක් නෑ.මට පට්ට බයයි.කෙල්ලට හුගක් අමාරුදවත් මම දන්නේත් නෑනේ.ටික වෙලාවකින් ලෑටාම උගේ හෑකර කට පටන් ගත්තා.

"ඈනා,උබ දන්නවාද මේකා ගොට්ටා"

"මොකා"

"ඔව් මල්ලි මම උබ ගෑන දන්නේ උබ නේද ගමේ තරුන සමිතියේ සබාපති"


ඔය කාලේ සමිතියේ ලොක්කා මම,මම තමා හෑමදේටම හොට දාලා බෑනුම් අහන්නයි,ගුටිකන්නයි හිටියේ.මොන මගුලක්ද මන්දා මට මේකව මතකම නෑ.

"ලෑටා මොකාද බන් මේකා"මම හොරෙන් ඈහුවා.

"මල්ලි උබ දවසක් ගමේ පොලියාට බෑන්නා නේද කන් පෑලෙන්න"



අපේ ගමේ පොලි මුදලාලියාට සල්ලිමයි ඔනේ,කොහොමත් පොලියො ඔහොමමනේ,දවසක් දුප්පත් පවුලක් එලියට ඈදලා දාන්න යනකොට මම ඒකත් එක්ක ඈරගත්තා යන්තමට මතකයි.මිනිස්සුන්ගේ හොද වගේම බෑනුම් මම කනේ තියගන්න කෙනෙක් නෙමේ නිසා ලාවට වගේ තමා මතක

"එදා ඈදලා දෑම්ම මගේ පවුල බේරගත්තේ උබ මල්ලි,මම එදා හිටියේ කුලී වෑඩකට කොළඹ ගිහින්,මම අද ආවේ උබ වෙනුවෙන්" 

"එහෙමද.....මොනවා උනත් උබට පින් අයියා"
අපි විනඩි 30 විතර කෙල්ලගේ ගෙවල් ලග,මම ගෙදර ගියේ එදාමයි.ලෑටා කෙලින්ම ගෙදරට ගියා.එතන තිබුනේ පෑල්පත් ගෙයක්.

"මේ කොහෙද උබලා ආවේ"

"නදිකාගේ ගෙදර යකො ඔය තියෙන්නේ"


මට ඒක ශුවර් නෑතිකමට මම කෙලින්ම ගියා අල්ලපු ගෙදරකට මිදුල අතුගගා හිටියා අක්කා කෙනෙක් එයාගෙන් ඈහුවා.

"අක්කේ,නදිකාගේ ගෙදර කොහෙද?"

"අර අටා එකක් ඈවිත් තියෙන්නේ ඒක ගෙදර"

"ගෙදර කවුරුත් නෑ වගේ"


"බලන්න දෑන් තමා ටිකට් කපලා එයාව අරගෙන ආවේ"

"බොහොම ස්තුතියි"

මම කෙලින්ම ලෑටා ලගටම ආවා.

"උබට පිස්සු වගේ නේද ඈනා,උබට කලින් මම මෙයත් එක්කම දවසක් රාත්‍රියේ ලග ගෙදරකට ආවා,ආපු වේලාවක නදිකා ඉන්නවා දෑකලා මම ආවා එයා මට කීවා ඔයාට මුකුත් කියන්න එපා කියලාඑයා වෙනුවෙන් අද වෙනකන් මම රහස රෑක්කා.මම කෑමති නෑ උබව මෙහෙම අමාරුවක දාන්න,එකී උබට ආදරේ ඈති,එත් එකි කොහොමද උබට ලව් කරන්නේ,හිතපන් ඈනා,උබ ඉක්මනට මේකට තීරනයක් ගනින්,උබට කෙල්ලො අකමෑති නෑනේ,අනික කෙල්ලො මේ ලොකේ නෑතුවත් නෙමේ"


මේක කියනකොට ගොට්ටා තෙල් ගහගෙන එන්න හන්දියට ගියා.වෙලාවත් නරකයි වටින් ගොඩින් අදුරත් වෑටීගෙන එන වෙලාව

"ලෑටා මොකද බන් මට මෙහෙම සල්ලි වද දෙන්නේ"

"ඒක උබේ වාසනාවන්තකම"


"රෙද්දේ සල්ලි........එත් ලෑටා මෙයාටත් දියුනු වෙන්නෙ පුලුවන්නේ බන්.අනික මට සල්ලි නෑනේ"

"ඔක අපි තෙරුම් ගත්තට වෙන කවුරුත් තෙරුම් ගන්නේ නෑ බන්, උබ මොකද කියන්නේ"

"මොකටද"



"උබේ තීරනය කියපන්,කෙල්ලව එපානම් අපි දෑන්ම යමු"

"කෙල්ලව ඔනේනම්"

"තොට........පිස්සුද"

"ඔව් මට පිස්සු,උබට මම නිසා ගෑටලුවක් නම් පලයන්,එත් මම මෙයාව බදිනවා"


"මට අවුලක් නෑ,උබනේ ජීවත් වෙන්නේ,එකක් ඈනා හොදට මතක තියාගනින් උබ මාව එපා කීවත් මම උබ ලගින් හෙලවෙන්නේ නෑ"

මට ලෑටාව බදාගෙන ඉබින්න හිතුනා.යකො මෙහෙමත් යාලුවො ඉන්නවද.එත් කොල්ලො ඉබින්නේ නෑනේ

"උබට පින් ලටො"


"මමත් හරි කෑමති කලුගලේ ඔලුව හප්පගන්න"
ඒ රුවන් වෑකිය ලෑටගෙන්

ටිකකින් නදිකා අම්මාත් එක්ක ගෙදර ආවා.කෙල්ල මෑලවිලා ගිහින්,මුනෙන්ම පෙවුනා අසනීප ගතිය

අම්මාත් එක්කත් කතා කරලා,මම මගේ ඈස් දෙකෙන් නදීකට කතා කලා අම්මා පොඩ්ඩක් එහාට,මෙහාට වෙනකන් ඉදලා


"ඈනා.....උබ පලයන් මෙයත් එක්ක වෑව පෑත්තට,මම අම්මාව බලාගන්නම්,උබට කියන්නත් ගොඩක් දෙවල් ඈතිනේ"

මම එයත් එක්ක වෑවපෑත්තට ආවා.එයාගේ ගමෙත් ලස්සන වෑවක් තියෙනවා.ඒක අපේ ගමේ එකට වඩා ලස්සනයි හෑම තෑනම මානෙල් මල් පිපිලා.අපි කතා නොකරම වෑව ලගටම ආවා.මම වතුරට බෑහෑලා මලක් කඩාගත්තා 


"ඔයාට"

"ලස්සනයි"
එහෙම කියලා කෙල්ල මල අරගත්තා.

"මල වගේම මට ඔයත් ලස්සනයි නදී,,,"

හෑමදාම දකින සුන්දර හිනාව ඈතුලේ ගොඩාක් ලොකු වේදනාවක් පිරිලා තිබුනා 


මට එයා මගේ දිහා බලාගේන හිටපු විදීහටම තේරුනා.මම ආයෙත් කතාව පටන් ගත්තා.එයා මල අත ගගා ඔහේ ඉන්න නිසා

"ඔයාට මොකද උනේ"

"කොල්ලෙක් එක්ක ගෙදර ඈවිත් මට අසනීප උනා"

"හිතටද" 


ආයෙත් එයාගේ බෑල්ම මගේ ඈස් දෙකටම දුන්නා.

"මොකද"

"නෑ......අනු නිකන්"


එහෙම කියලා ලොකු හුස්මක් අරගත්තා.මට එකේන්ම තෙරුනා මගේ හිතට ලොකු ගින්දරක් ලගින්ම එනවා කියලා,හිතුවා වගේම ඒක මගේ පපුවට එයා දුන්නා 


"අයියා ලගදිම එනවාලු"

"කව්ද"

"මම කීවේ අනු..."

"ඒකත් එහෙමද?,එහෙනම් මමත් වහ කුප්පියක් ගත්තානම් හරි,මටත් ඉක්මනටම මගේ පව්කාර ජීවිතයෙන් සමුගන්න පුලුවන්,සමහරවිට මම ඔයා හමු වෙන අවසන් දවස වෙන්නත් බෑරි නෑ" 

"අනු......විකාර කියවන්න එපා..."

"විකාර නෙමේ මම මෑරෙනවාමයි"

"අනේ.....අනු"

"මට එක දෙයක් අන්තිමට කියන්න අන්තිමට"

"මොකක්ද"

"මගේ ආදරය ඔයාට දෑනේන්නේ නෑද්ද"

ආයෙත් මගේ ඈස් දෙක දිහා බලාගත්තා.මට ඒකෙන් උපරිම මල පෑන්නා

"මගේ දිහා බෑලුවාට මට උත්තරයක් නෙමේ ඒක"

"කියන්න මට නදී....."

"ඒක දන්නේ මමයි,මගේ දින පොතයි විතරයි අනු..."

"දෑනෙනවාද"තව ටිකක් සෑරෙන්ම ඈහෙව්වා.

"ඔව්....මට ඒක හුගක් දෑනෙනවා,මට ඒක එපා කියන්න හිතෙන්නේ නෑති තරම් දෑනෙනවා.ඒත් මම එක්කෙනෙක්ට අයිති අනු.......මාව තෙරුම් ගන්න"

"මම කීවානේ මම ඔයාව බලාගන්න පුලුවන් කියලා"

"දුව මොනවාද මෙතන කරන්නේ"

අපි දෙන්නාම හොදටම ගෑස්සුනා.ඒත් එක්කම නදී මගේ අත හයීයෙන් අල්ලගත්තා.මාගේ පාපතර මිතුරා ලෑටා හොරෙන් ඈවිත් අපි පිටිපස්සේ ඉදලා

"අඩො උබලාගේ ලව් සීන් එක මරු බන්,ඈතින් ඉර බහිනවා,වෑව් ඉස්මත්තේ ලස්සන කෙල්ලෙක් ලග හෑලි වදුරෙක් වගේ කොල්ලෙක් ඉන්නවා"

"හෑලි වදුරා...වරෙන් පෙන්වන්න"

"ඔය ගෑනු ලමයා මොකද කොල්ලගේ අත ගලවන්න හදන්නේ"
මටත් ඒක දෑනුනේ නෑ එයා අත තවම අල්ලගෙන කියලා.නදි හෙමින් මගේ අත අතෑරියා.

"නදීකා....උබ අනූට ගොඩක් ආදරෙයි කියල අපි ඔක්කොම දන්නවා.එත් ඔයගේ හිතත් දන්නවා.ඔයා දන්නේ නෑ."

"නෑ.....මම ආදරේ නෑ"

"එහෙනම් අත අල්ලගත්තේ දුවන්නද"

නදීකා මගේ මුන දිහා බලාගත්තා.එකේන් මට තෙරුනා මාව බේරගන්න වගේ

"අපි යමු බන්.."ලෑටාගේ කටින් බෙරෙන්න අපි කාටවත් බෑ කියලා දන්න හින්දාම මම එහෙම කීවා.

නදීකාගේ අම්මාගෙන් තේ බීලා,ගොට්ටාට කොල් කලා
ඒකත් ඉක්මනටම එතනට ආවා.
නදීකාගේ අම්මාටත් වෑදලා අපි දෙන්නා ආටා එකට නෑගලා පිටත් උනා

"ලෑටො මොනවාද බන් බිස්කට් ටින් 2 තිබුනේ පොටිකොව උඩ"

"තොට ඔලුවක් නෑ කියලා මම හොදට දන්න හින්දාම ගොට්ටායි,මමයි ගත්තේ ගෙවල් වලට හොලව හොලවා යනවද යකො"

"උබට දේවයන් වහන්ස හෑමතෑනටම ඔලුව දීලා"ලෑටා කතොලික ඒකා පල්ලි යන්නේ නත්තලට විතරයි,ඒ යන්නෙත් කෙල්ලෙක් දෑලේ දාගන්න බලන්න .

"මම දෑක්කා උබ නෑන්දම්මාටත් උඩ දාගෙන වදිනවා,ඒවා ඉතින් හොද වෑඩ"

"පලයන් ගෙදර.හෙට පන්ති වරෙන්"

සදුදා ටිකක් විතර දවල් වෙලා මම පන්තියට ආවා.නදීකා,ශශී එක්ක ලොකු කතාවක්.මේකි මොන තරම් කපටී කෙල්ලෙක්ද කියලා මට හිතුනා.ශශී ගෑන, ශශීම කතාව පටන් ගත්තා.

"අන්න....නදී සපුමල් කුමාරයා එනවා ඔයාගේ"
නදීකා එක පාරටම මගේ මූන දිහා බලාගත්තා.

"නදී......කොහොමද ඔයාට"

"හොදයි"

"මොනවාද හොද?"

"ඔක්කොම"
මම හිනාවක් දාලා කෙලින්ම ලෑටා ලග.

"තො,අද පරක්කු උනු එක හොදයි"

"මොකටද"

"කෙල්ල,වෙන වෑඩක් කලේ නෑ.මම බලාගෙන හෑම වේලේම පාර පෑත්තට ඔලුව දානවා"

"වෙන කවුරුහරි එනවා බලන්න ඈති බන්"

"පන්තිය පටන් ගත්තම එන්නේ එකිගේ මොකාද බොල"

"මන්දා, ඉතින්"

"උබට කීවා නේද ඌරාගේ මාලු කපන ක්‍රමය"

"ඉතින්"

"හෙට උදෙත් අපි ඒක කරනවා"

"උබ මොකක්ද කරන්නේ"

"තො අත කඩගෙන වගේ රගපාපන්"

"තොට මොලේ අමාරුවද මී හරකො"

"නෑ බන් මේකයි කතාව මට බලාගන්න ඔනේ මෙයා ඩබල් ගේමක් ගෙනියන්නද හදන්නේ කියලා,එහෙම උනොත් එයා අහගන්නවා මගේන් හොදවයින් දෙකක්"

"එකි එහෙම නෑ"

"උබට පිස්සු හෑදිලානේ ඉන්නේ උබට දෙයක් තෙරෙන්නේම නෑති නිසා තමා බලන්නේ"

කොහොමහරි ලෑටාගේ ජාතික වෑඩපිලිවෙලට මම කෑමති උනා.පහුවෙනිදා ටිකක් දවල් වෙලා මම අත කෑඩුනු විදිහට අත එල්ලාගෙන පන්තියට ආවා.
ඒක ලස්ස්නට ගමේ වෙද මාමාගේ පුතා බෑදලා දුන්නා.

ලෑටා උදේ පාන්දරම ඈව්ත් ගින්දර පත්තු කරලා තිබුනා.කොල්ලො ටිකම කෑගහගෙන මගේ ලගට ආවා.ලෑටා ලස්සනට වෑඩේ කරලා තිබුනා.ලෑටා ශශීටවත් කියලා තිබුනේ නෑ.එකීත් හොදටම බය වෙලා වෑඩේට

"අනුපිය.......මොකද උනේ"

මෙකී මට ලව් වගේ විදිහට නදීකාගේ දිහා බලලා කතාව දෑම්මා.නදීකාත් මගේ දිහා බලලා,නෑගිටලා මගේ ලගටම ආවා.තවම පන්තිය පටන් අරගෙන තිබුනේ නෑ.
"අනූ...ඔයාට මොකද උනේ"
නදීකා මගේත් එක්ක හොදටම ෆිට් උනු දවසේ ඉදන් එයා මට එහෙම කිවේ.

"මොනවා වෙන්නද මගේ අත කෑඩුනා.සතියකින් විතර හොද වෙයි කියලා කීවේ"

"කව්ද"
"දොස්තර තමා බබී"
එයා එක පාරටම මගේ මුන දිහා බලාගත්තා.මමත් ඔහේ බලාගෙන උන්නා.මට කොහොම කියවුනාද මන්දා බබී කෑල්ල

ලෑටා සීන් එක දෑකලා එකාගේ ලෑට් කට ඈරියා
"සර්...කොහොමද කපල් එක,මරු නේද"

"අනේ......අම්මපා උබලා දෙන්නව මම බන්දවනවා.මේක හරි යන්නේ නෑ"

"ඔන්න සර් මම තමා දෙවෙනි මනමාලයා" 
ලෑටාගේ කුනු කටේන් තවත් කෑපිල්ලක් මට දෑම්මා.මම ඉක්මනට ලෑටා ලගට ඈවා එකට දෙකක් අනින්න හිතගෙන

"ලෑටො....තොගේ කටට හාපික් එකක් දාලා හොද ගනින්"

කොහොමහරි,එදා දවසේත් මට කලින් කලා වගේ මාව මග ඈරලා යන්න නීශා ගහපු ප්ලෑන් එකත් අපේ ඔත්තුකාරි මට දුන්නා.ඒත් නදීකා ඒක කරන්න බෑ කියලා තිබුනා

මම බස් එක අල්ලගන්න එනකොට මෙයා ඉදගෙන,තවත් සීට් එකක් අල්ලගෙන හිටියා.

"අනූ...එන්න මෙතනට"

"කමක් නෑද්ද"

"ඔයාට තමා මම අල්ලගෙන උන්නේ"

"හ්ම්...."
"ඔන්න,ආයෙත් මගේ දිහා බලාගන්න පටන් ගත්තා මොකද නදී"

"අත රිදෙනවාද"

"හ්ම්....."

"අනේ..."
"පිස්සි,කලබල වෙන්න එපා ඉක්මනට හොද වෙයි"

"මට කියන්න අනූ මොකද උනේ කියලා"
මම ඔය ප්‍රශ්නය අහනවා කියලා හොදටම දන්න නීසා බොරුවක් කීවා.මම එයාට බොරු කරන්න කෑමති නෑ.එත් නිකන් ආතල් එකට බෑදගෙන ඉන්නවා කියන්නත් බෑනේ

"පාරේ,යනකොට බයික් එකකට හෑප්පුනා"

"ඔයත් කරගන්න ඒවා බලන්නකො"

"මොකද?"

"අත"
"දෑන් එක පාරක් කීවනේ අවුලක් නෑ කියලා"

"අනු......"

"මොකද මගේ අනිත් අතත් කඩන්නද යන්නේ?"

"මොඩයො,පන්තියේ ට්‍රිප් එකක් යනවා අම්බුලුවාගල ඔයා එන්න කලින් සර් හම්බවෙලා කීවා"
"නියමයිනේ.....අපි දෙන්නත් යමු"

"මොකටද"

"බෑරිනම් ඉන්න මම යනවා"
මගේ කටත් මහ ලෑට් එකක්ම තමා කියලා හිතුනා.නදී පාර දිහා බලාගත්තා.මම හෙමින් එයාගේ අත උඩ මගේ අත තිබ්බා.

"නදී......මම දන්නවා ප්‍රශ්නය"

"ඔය දුක් වේන්න එපා නදීකා,මම ඔක්කොම බලාගන්නම් ඔයා එනවා නේද?"

"නෑ"

"හේතුව"

"මම දන්නේ නෑ"
"කමක් නෑ දෑනගත්තාම කියන්නකො මට" 
හොරෙන් මගේ දිහාට ඈස් කරකනවා වගේ දෑනුනා

"අනූ.......මම එන්නම්"
මට ඉතින් ඈමෙරිකාවට බොම්බ දාලා සතුටු උනු බිල් ලාඩන් වගේ පට්ට ආතල්.තවම මම මෙයාට ලව් කියලත් නෑ.අපි දෙන්නම ඒත් ලව් කරනවා.

ඔය අතරේ එලියේ මහ හඩ්න් හෙනයක් ගෑහුවා.අහසත් වහින්නයි සුදානම ඒක නදිකා දෑක්කා.
"අනූ....වහින්න එන්නෙ"

"මට නාගෙනම ගියෑකි"

"ඒවා කොහෙද...අද මගේ කුඩේ අරගෙන යන්න"

"ඔයා"

"මට වෑස්සට කලින් යන්න පුලුවන්"

"කමක් නෑද්ද?"

"මෙන්න......අරගන්න"එහෙම කියලා මගේ ස්යිඩ් බෑග් එකට දෑම්මා.


මට කුඩේ යටින් තනියම ගිහින් වෑඩක් තියෙනවාද මේ වෑස්සේ,එයත් එක්ක යන්න තියෙනවානම්........කොහොමහරි කෙල්ල එයගේ ගම්මානය ලගින් බෑහෑලා ගියා.
.කොල්ලාට ගමට එනකන් නියම මනො පාරක් වෑදුනා..ඒත් එක්කම දන්නේ නෑති ලෑන්ඩ්   නම්බෙර්කින්   කොල් එකක් අවා

"හෙලො"
"මම නදීකා කතා කරන්නේ"

මට නදීකාව මගේ ඈස් බෑදලා තිබුනත් අදුරගන්න පුලුවන් කියලා මම දන්නවා.මම එක පාරටම දෑනගත්තා,ටිකක් විතර හිතත් ගෑස්සුනා කරදරයක්ද කියලා

"මම දන්නවා..නදි කියන්න මොකද හදිසියක්ද"

"නෑ"

"එහෙනම්"

"පරිස්සමට ගෙදර ආවාද බලාගන්න,එක විදිහකට ඉන්න බෑනේ පොඩ්ඩක්වත්"

"ඔයා අවාද කියන්නකො මට මුලින්ම"
"මම අවා..අනූ"

"මමත් දෑන් ගෙදර ලග ඉන්නේ"

"අනූ මම තියනවා....එහෙනම් බුදුසරනයි" 
කෙල්ල පොන් එක තිබ්බා.පහුවෙනිදා උදේ පාන්දරම ලෑටා මගේ කාමරයේ

"මොකද බන් උදෙන්ම"

"උබ දන්නවාද සීන් එක"

"නෑ.....යකො කියපන්කො"

"නදීකාගේ හෑදුනුම්පත ශශී උස්සලා"
"මොකක්....එකිට පිස්සුද,උබේ ගෑනීව හදාගනින්කො"

"කතා කරන්න දීපන් ප**"
"කියපන්කො"

මේකා පුටුවක් උඩට නෑගලා,සද්දෙන් බෙරිහන් දුන්නා.
"නදීගේ උපන් දිනය දහ වෙනිදා...ඒ කියන්නේ එන සදුදා"

මගේ නිදිමත හොරු අරගත්තා.මලා....මොනවාද දෙන්නේකියලා හිතුනා.

"ඈනො....මොකද කරන්නේ"

"අනේ...මන්දා බන්"

හිටපන්කො,කියලා ලෑටා එකාගේ පෙම්බරියට කතා කලා

"හරි මට අදහසක් තියෙනවා කියන්නද"

අදට ගිමන්හලෙන් සමු ගන්නයි අපි හදන්නේ.
කලින් අඩහෑරයට දක්වපු ප්‍රතිචාර වලට මම හිස නමා ඔබ සෑම දෙනාටම පුද කරනවා.

අනුපිය එයාගේ කෙල්ලට උපන් දිනයට ලස්සන තෑග්ගක් දෙන්න වගේ සුදානම.අපි බලමු එයා එයාගේ නදීට මොනවාද අරගෙන දෙන්නෙ කියලා හෑබයි ඒකට හෙට වෙනකන් ඉවසන්න වෙනවා.හෙටත් මේ වෙලාවටම ගිමන්හලට ගොඩ වෑදෙන්න මම ඔයාලා සියලුම දෙනාට අරධනා කරනවා. 


එහෙනම් අදට ගිමන්හලෙන් සමුගන්නවා.

සෑමටම ජයවේවා!!





ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙය මගේ ජීවිතයේ මම මුහුනු දුන් අත්දෑකීමකි.මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්  ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත



මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්




















ජිවිතයේ පලමු හමුවීම{සිව්වෑනි අඩහෑරය}




මහ වෑස්සක් කඩා වෑටෙන්න ඔන්න මෙන්න තියෙනකොටම,එහෙනම් අදත්,හෑමදෙනාගෙම විසිල් එකයි,හූ හඩයි එක්කම ගිමන්හලට ගොඩවෑදෙන්නයි සුදානම් වෙන්නේ.අද පුදුම සෙනගක් ගිමන්හලේ,මුලු ගමම මෙතනට ඈවිත් වගේ

මෙන්න වයසවත් බලන්නේ නෑතුව සීයා ඈවිල්ලා..

"කොල්ලො,අපිත් ඔය කාලේ ඔහොම තමා හොද හොද නෑටුම් නෑටුවා,උබ මගෙන් දෑකෑති පාර කන්නෙ නෑතුව ඉක්මනට කතාව කියපන්."

"සීයත් කතාව බලනවා වගේ"

"තො කියනවද නෑත්නම් මම කියවන්නද?"

හරි හරි තර්ජන,ගර්ජන මෑද්දෙ අදත් එහෙනම් කතාව පටන් ගන්නව.කොහෙන්ද අපි අවසන් කලේ?

"ලටෑඩ මොකාද උබට කතාවක් කියන්න හෑදුවෙ එතන ඉදන්"
සීයම අවසානෙත් මතක් කලා

අවසන් කලේ........ 

"මට කියපන් ලෑටා මොකද අද උබ කලේ"

අද එතෑන් සිට........ 

"ඈනා,මචන් මෙහෙම කීවට උබ අප්සෙට් වෙන්නේ නෑ කියපන්."

"හරි හරි කියපන් ඉක්මනට මගෙන් මෑරුම් නොකා"

"මම හවස මචන් නදිකා එක්ක කතා කලා,එයාට කොල්ලෙක් ඉන්නවාලු,එයා ඉන්නේ ඩුබායි වලලු"

"ඉතින්"

"මම ඈහුව එහෙනම් මොන කෙහෙල්මලටද උබට මේකි කෑමති වගෙ පෙන්වන්නෙ කියල"


"උබ නදිකාට බෑන්නාද"

"හිටපන් පොඩ්ඩක් මොල් වෙන්නේ නෑතුව"

"ඒ කොල්ලාත් උබමලු බන්"

"මොකක්"

"එයත් උබ වගේම එයාට මෑරෙන්න ලව් කරලා,අන්තිම දවසෙ එයා මම ඔයාව දාල යනවා එහෙනම් කීවමලු මේකි බහ දිල තියෙන්නෙ"

"මම මහ පව් කාරයෙක් බන්"

"උබ කොහෙද පව් කාරයෙක් වෙන්නෙ උබ වාසනාවන්තයෙක් බන්"

"රෙද්ද"

"එත් මෙහෙමත් කේස් එකක් තියෙනවා,නදිකගෙ ලව් එකට ගෙවල් වලින් එහෙමත් කෑමතිලු"


"එකනේ මම කීවේ පව් කාරයෙක් කියලා හරිනේ"

"නෑ.....ප**"

"එහෙනම්"

"මම කීවා ඔයා වහාම එකාව අමතක කරන්න කියලා,අනික බන් ඔය රටවල් වල ගිහින් එන එව්න් කාටද බන් ශුවර්?"

"එකනේ"


"නොදකින් මේකාගේ තියෙන පෙම් පාට"

"එහෙම තමයි යකො ලව් කරනකොට තොට ඒවා තේරෙන්නේ නෑනේ"

"ගෙම්බා වගේ පනිනවානේ හිටපන් මගේ සුපිරි ගේම් එක කියන්න"

"මොකක්ද"


"මමත් නදිකාට ලව් බන්"

"මොකක්"

"අප්පො......මට එපා උබම තියාගනින්"

"තියාගන්නවා තමා"

"මම වෑඩෙ කලාට මට මොනවද උබ දෙන්නෙ"


"මොනවාහරි වාන් පාටියක්වත් දෙන්නම්....කියපන්කො"

"උබ දන්නවා නේද ශශි?"

"ඔව් උබ ටොක් කරන කෑල්ලනේ"

"ඔව්,මම එයාව දවල් කෑම වෙලේ ඔත්තු බලන්න දෑම්මා"

"නෑ.........."


"උබ අම්මගේ ඩයල් එකක්නේ"

"දන්නවානේ කොල්ලා වෑඩකට බෑස්සාම"

"කියපන්කො"

"ආසයි නේ....."

"කියපිය බන්"


"දවල් වරුවේ නීශා නදීකාට කතාව කියලා,නදීකත් කියලා මම දන්නවා අනු මට ගොඩක් ලව් කරනවා කියලා"

"නෑ....... තොගේ කෙප්පද කොහෙද"

"පිස්සුද හු**"

"ඉතින් නදීකා උබ ගෑන ගොඩක් හොයලා,එයාගේ ලොකු අම්මා වෑඩ කරන්නේ උබලගේ තාත්තගේ ඔෆිස් එකේලු"


"තාත්තා ලොක්කානේ බන් ඔෆිස් එකේ"

"ඔව් ඉතින්"

"මෙකි හොදටම බය වෙලා,ඒක නිසා මට අනුට කෑමති වෙන්න බෑලු"

"මේකි කොහොම හොයගත්තාද මන්දා බන් මේවා"


"ඒවා දන්නේ නෑ යාලුවා"

"බලපන් බන් රෙද්දේ පරතරය,අපි ඔක්කොම එකම මිනිස්සු බන් එත් කෙහෙල්මල් සල්ලි අපිව දෙකට කඩලා"

"ඔවා මහ එව්න්ට තෙරේන්නේ නෑ බන්"

"මට මේක කියපන් උබට නදීකාව ඔනේමද?"


"රෙද්දෙ කතා අහන්න එපා බන්...නෑත්නම් මෙහෙම කට්ට කනවාද"

"හරි මම කරලා දෙන්නම් උබට"

"මමත් උබට ශශීව දාලා දෙන්නම්"

"ඒක මම කරගත්තා උබෙන් වෑඩක් නෑ මට"


"අම්මට හුඩු........ඒකත් ජය මන්ගලම්"

"උබලාගේ ගෙදර කන්න මුකුත් නෑද්ද? මට බඩගිනී බන් හොදටම"

"යමන්...අම්මා මොනවාහරි හදලා ඈති"

ලෑටා කියන්නේ කව්ද කියන එක දෑනගත්තේ මම එදා,ඒ වගේ යාලුවෙක් හිටපු එක මට ෆිට් එකක් උනා. 


ඔහොම සදුදා වෙනකන් මම මනො පාර ගසමින්,මම හිටියා.කොයි වෙලේත් මම ලෑටාගේ ගෙදරමයි,උගෙන් අහන්නේම මම

"මචන් මට නදීකාව දාගන්න පුලුවන් වේයිද බන්"

ඔන්න කොහොමහරි සෑප්තම්බර් මාසයේ මුල් සතියේ සදුදා දවසත් උද උනා.කොල්ලා ඉතින් කාටත් කලින් පන්තියේ බලු බල්ලෙක් නෑ පන්තියේ

කවදාවත් නෑතුව නදීකත් උදෙන්ම පන්තියට ආවා. 


මට ඉතින් වෙන මුකුත්ම ඔනෙද? නෑ... නේ මම හෙමින් සෑරේ හොරෙක් වගේ එයා ලගටම කිට්ටු උනා.

හෑම දෙකටම කොල්ලානේ පියවර තියන්න ඔනේ.මම දෑම්මා වචනය

"ගුඩ් මොනින්"

"ගුඩ් මොනින්" 


"අද මොකද උදෙන්ම?"

"අපි කවදත් උදෙන්ම එනවා"

"ආහ්.... එහෙමද"

"අනූ......කෑවද?"

"හ්ම්......"


"නීශා මොනවාහරී කීවාද?"

"නෑ..."

"බොරු කියනවා නේද උදෙන්ම"

"මෙන්න වෑඩක් මම මොකටද බොරු කියන්නේ"

එහෙම කියලා අමුතු හිනාවක් මූනේ ඈදුනා.ඒ හිනාවේ ඈතුලේ ගොඩක් දෙවල් මට පෙනුනා. 


"මොකද හිනාවෙන්නේ"

"නෑ.......නිකන්"

"නිකන් හිනා යන එකනම් හොද දෙවල් නෙමේ"

"පිස්සා"

"මම අල්ලගන්නම්කො"


ආයෙත් අමුතු හිනාවක් දාලා මගේ ඈස් දෙක දිහා බලාගෙනම උන්නා.

"මොනවාද බලන්නේ"

"මුකුත් නෑ...."

"එහෙනම්"

"ලගදි උසස් පෙල ප්‍රතිපල එනවාලු නේද"


"ඔයානම් කෑම්පස් යයි"

"ඔයා"

"ශුවර් නෑ"

"බලමුකො"

"එහෙම වෙන්නෙ නෑ ඔයා යනවා"


නදී.......මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"

"මොකක්ද"

"ලොකු දෙයක්"

"ඉතින් කියන්නකො"

"දෑන්ම බෑ නදී..."


මතක් කරලා ඒක මගෙන් අහන්න"
එහෙම කියලා එයාගේ මුනේ ලස්සන හිනාවක් ඈදුනා

"මම අනිවාර්යෙන්ම අහනවා"

"අන්න ඔයාගේ යාලුවා එනවා"

ලෑටා කෑගහගෙනම පන්තියට ආවා

"ආදරේ.............."

"ලෑටා මොකද"

නදිටත් මම යනව කියාගෙනම ලෑටා ලගට අවා.


"මොකද හු*** බෙරිහන් දෙන්නේ"

"නදි මොකද කීවේ"

"මම එයාගෙන් අහන්නද බන්"

"පොඩ්ඩක් ඉවසපන්"

පන්තිය පටන් ගත්තා.මට ඉතින් බෑල්ම තියෙන්නෙ ඒ පත්තට තමා,කොයි වෙලේත් මම බලන්නේ ඒ පෑත්තමයි,නදිත් නිකමට වගේ මගේ පෑත්ත බෑලුවා.මට හිනා උනා.එත් එක්කම ඒක අපේ සර් දෑක්කා.දෑන් ඉතින් කාලා වරෙන්කො ටොපිය
 

"මම උබලා දෙන්නව බන්දලා දෙන්නද?"

පුලුවන්නම් ලොකු දෙයක් සර් කියන්නත් මට හිතුනා.ඒකට හරි යන්න ලෑටා නියම එකක් කීවා

"අනේ සර්ට පුලුවන්නම් ලොකු දෙයක් මේකා හෑමදාම මට වද දෙනවා නදිව යාලු කරලා දෙන්න කියලා"

මුලු පන්තියම එකම හූ පාරයි. 


මට ඉතින් සුපිරි මල අම්මාපා අපේ එව්න්මනේ අපිට කපන්නේ,කොහොම හරි ඒක එහෙමම ශෙප් වෙලා ගියා.
එදා හවස් වරුවෙත් අපේ ඔත්තු කාරයා වෑඩේට ගියා.
පන්තිය ඉවර වෙලා අපිට බොම්බ දාන්න තිබුනු ප්ලෑන් එකක සුල මුල හොයාගත්තා.

"අනුපිය පොඩි කේස් එකක් තියෙනවා"ශශි ඈවිත් මට කීවා.

"මොකක්ද බන් අවුල" 


"අද නදිකා උබව මග අරින්නයි හදන්නේ එහෙම කරලා උබව රිදවන්නයි හදන්නේ,"
ලෑටාත් එහෙමම මගේ ලගට දුවගෙන අවා


"එකත් එහෙමද" මම කීවා

"ඈනා ඌරාගේ මාලු ඌරගේ පිටේ තියලා කපමු"
ලෑටා කීවා
 

"මොකක්"

"අනුපිය මම ටවුන් එකේ ඉන්නම් නදිකා කොහොමත් මගේත් එක්ක ෆිට් එයා බස් එකට නෑගපුවාම ඔයා ඈවිල්ලා මාලු කපන්න"


"දෙන්නම් නිල් වෙන්න"එහෙම කියලා මමයි,ලෑටායි හන්දියට ගියා.අපේ ඔත්තුකරි වෑඩේට බෑස්සා.

ටික වෙලාවකින් මට කොල් එකක් ආවා

"අනුපිය නදිකා බස් එකට නෑග්ගා.තනි දොරේ බස් එකක් ඒකට ඔතනින් නගින්න"

"උබට පින්"එහෙම කියල මම ලෑටාට සිදුවිම කීවා


එහෙනම් මම අදට කතාව අවසන් කරනවා.

"කොල්ලො දෑන් තමා හොදම හරිය කියපිය තො මොකද කලේ කියලා"

"සීයේ බෑ වගේ"

"අම්මාපා මම තොව කෑති ගානවා.මට කියපන් විගහට ඉතිරිය". 


මම ගානට බස් එකට නෑග්ගා.මිනිස්සු පෙරලගෙන මම පස්සට ආවා.නදී මාව දෑක්කේ නෑ.

"අද පරක්කු උනා වගේ"
නදී එකපාරටම ගෑස්සිලා ගියා.

"මම කඩයකට ගියා"

"මොකටද"

"මට ඔන නිසා" 


"එහෙමද"

"ඔව්"

"අනේ මමත් කඩයකට ගියා"

"එහෙමද"

"මොකටද"


"අකමෑතිනම් කෙලින්ම කියන්නේ නෑතුව හොර ගල් අල්ලන අයට බෙතක් තියෙනවාද බලන්න"

"අකමති.. මොකටද"

"මුකුත් දන්නේ නෑති තොත්ත බබා"

"අනු......මොකද ඔය තද වෙලා"


"තද වෙන්නේ නෑද්ද කරන දෙවල් වලට"

"මට තෙරෙන්නේ නෑ මුකුත් අනු....."
එහෙම කියලා මට සමාවෙන්න බෑල්මක් මට දෑම්මා.මට එයාගේ හෑගිම් හොදට දෑනෙනවා,හිනාවෙන් එයා මට ගොඩාක් දෙවල් කියන බවත්

"හෙට පන්ති එනවානේ"
මම එයාගේ කන් දෙක ලගට රහසක් කියනව වගේ කීවා.


"හ්ම්......."

"මම බලාගෙන ඉන්නවා"

"මොකටද"

"උදේ කියපු දේ මතකද මම දෙයක් ඔයාගෙන් අහනවා කීවේ"

"ඉතින් අනු....." 

"ඒක අහනවා"

"හ්ම්..."

"හෙට උදෙන්ම එන්න,මම බලාගෙන ඉන්නවා"

"මම එන්නම්"
එහෙම කියලා එයා ගෙවල් ලගින් බස් එකෙන් බෑස්සා.වෙනදා වගේම මට හිනා වෙලා එයා ගියා.මම ඉතින් මනො පාර ගහගෙනම ගමට අවා.

ලෑටාව මට එදා හමු උනේ නෑ.එකා ඔත්තුකරිත් එක්ක ආතල් එකක් අරගෙන එනකොට රෑ වෙනව කියලා කෑපිලා හියා.

පහුවෙනිදා,මගේ උපරිම පුරුශ ශක්තිය පෙන්වන්න හිතගෙන උදෙන්ම පන්තියට අවා.මොකෙක්වත් නෑ.ටික ටික දවල් උනා.මට හිතුනා මෙකී මට සුපිරි ලනුවක් දුන්නා කියලා,ලෑටාත් ආවා.එත් තවමත් නෑ

කොහොමහරි එයා පන්ති ආවේ නෑ.මට ඉතින් පිස්සු වගේ,ඔලුව යකාගේ කම්මල වගේ

මගේ ලග එයාගේ නම්බරේ තිබුනාට ඒක මම එයාගෙන් නෙමේ අරගත්තේ ඔත්තුකරිගෙන්.මට කොල් කරන්නත් බෑ.ඔත්තුකරි එකට කොල් කලත් පොන් එක ඔෆ් කරලා.මමත් එයගේ පොන් එකෙන් බෑලුවා.නො වෑඩ.

දෑන් මොකද කරන්නේ,මම ඔත්තුකාරිට කීවා කොහොම හරි ට්‍රයි කරන්න කියලා,එහෙම කියලා මම තනියම ගමට ආවා.පහුවෙනිදා මගේ කරුමෙට පොයක් වෑටිලා,ඒකත් මටමයි කෙලින්නේ

පොය දවසේ ආවා මට කොල් එකක් ඔත්තුකරිගෙන්

"අනුපිය....මම දෑන් නදීට කතා කලා,එය අසනිප වෙලා ඉස්පිරිතලේ නවත්වලා,මම දෑන් ඉන්නේ ඉස්පිරිතාලේ"

"එයාට අමරුද"

"හ්ම්.........."

එයාට මොනවා වෙන්න ඈතිද?,මොකක්ද එයට උනේ ඒක බලන්නනම් ගිමන්හලේ හෑමොටම ඉවසන්න වෙනවා හෙට වෙනකන්.

අදත් ඔයලාගේ වටිනා කාලය ගිමන්හලේ ගත කරන්න ආවාට මගේ ප්‍රනාමය හිස නමා පිලිගන්වනවා.

අනුපියට එයාගේ හිතේ තියෙන අදහස අහන්න ලෑබේද,නෑද්ද?බලමු අපි එයලා මොනවා කරගනීද කියලා

තවත් මහ වෑස්සක් කඩා වෑටෙන්න හරිම ලගයි.එහෙනම් අද ගිමන්හලෙන් සමු ගන්නවා

සෑමදෙනාටම ජයවේවා!!  

   
ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත
මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

 

ජිවිතයේ පලමු හමුවීම{තෙවෙනි අඩහෑරය}

                 අදත් හෙන ගහලා,මහ වෑස්ස කඩා වෑටෙනකොටම මම ගිමන්හලට ආවා.කවදාවත් නෑති සෙනගක්,වෑස්සවත් බලන්නේ නෑතුව මෙතන,

මුලින්ම මතක් කරන්න ඔනේ මගේ කතාව අහලා ගොඩක් අය මට කතා කලා,කතාව පිටවෙන්න කලින්ම මොකද වෙන්නේ බලන්න.ඒත් එහෙම කලොත් මගේ සයිබර් අවකාශයේ යාලුවන් තරහ වෙන නිසා පුලුවන් වෙලාවට ගිමන්හලට ගොඩ වෑදෙන්න මම හෑමොටම ආරාධනා කරනවා

"අඩො ලොක්කා අපි මෙතනට අවේ ඔය බයිල අහන්න නෙමෙ ඉක්මනට කියනවා මොකද උනෙ කියල"

ගිමන්හලෙ කස්ටියට මල පෑනල,හරි එහෙනම් කතාව පටන් ගමු.

අවසන් උනේ.........
    "මම උබේ යාලුවට ආදරය කරනවා බන් එයාගෙන් හෙමින් ඒක අහලා බලපන්"

අද එතෑන් සිට..........

"අනේ අනුපිය මම මෙක කිව්වා කියලා උබ හිත නරක් කරගන්න එපා"
"කියපන් බලන්න" මම කිව්වා.
"අනුපිය......එයාට කොල්ලෙක් ඉන්නවා බන්,ඒ අයියා,රට ඉන්නේ"

"එකත් එහෙමද"

"උබ අවුල් වෙන්න එපා බන්,කොහොමත් එකි උබට ගෑලපෙන්නෙ නෑ"

"එතකොට මට ගෑලපෙන්නේ උබද?"

"නෑ බන් හේතුවක් තියෙනවා,එක නිසා උබට ගෑලපෙන්නේම නෑ."

"කමක් නෑ උබ දුන්නු හෙල්ප් 1ට පින් මචො"

            මම කෙලින්ම ගියේ ලෑටා ලගට,එතන පන්තියේ කොල්ලො ඔක්කොම ඉන්නවා,හෑමොටම යුධ රහස් කියන්නේ නෑනේ එක නිසා මම එකාවත් අදෑගෙන ටිකක් ඈතට ආවා.

"මචා වෑඩේ හරි යන්නේ නෑ"

"නීශා මොකද කීවේ"

"නදීකට කොල්ලෙක් ඉන්නවලු බන්"

"ඉන්නවනම් මොකද දන්නෙ නෑ එයා හෑම වෙලෙම වගෙ උබට හිනා වෙන්නෙ"

"වෑඩක් නෑ බන්.........අනේ මන්ද බන්....මම යනව මට පන්තිය හවස ඉන්න බෑ"

"උබ දන්නවානේ කොල්ලො 1000 සමාන එක කෙල්ලටයි"

"මම දන්නවා ලෑටා එත් උබ දන්නවානේ මගේ සීන් එක"

"උබ කොහෙවත් යන්න ඔනේ නෑ.තවම ලෑටා ගෑන දන්නේ උබ විතරනේ,අද පන්තියම බලාගනි."

"තො මොකද කරන්න හදන්නේ"

"හවසට අපේ පොට් 1 යනකම් මගෙන් උබ අහන්නත් එපා මම කියන්නෙත් නෑ"

           එහෙම කියලා එකා ගියා කොල්ලො සෙට් 1 ලගටම මවාත් අදෑගෙන,මෙකා කීවොත් කීවම තමා.මගේ හොඩියේ ඉදන් ඉන්න යාලුවා,මට බය මෙකා කෙල්ලට සද්දයක් දමයිද කියලා,

මට බෑලවෙන්නෙම නදිකාගේ මුනමයි,යාලුවා එක්ක මොකක් හරි ලොකු කතාවක් කියලා මට තෙරුනා.නීශා එයාට කියලාද මන්දා එයත් අමුතු හිනාවක් මට දෑම්මා.

මම ගනන් ගන්න ගියෙ නෑ,මොන මගුලක්ද.... මම මොකටද කෙල්ලෙක්ට නෑමෙන්නෙ කියල ගට අරගෙන පන්තියට අවා.

හවස් වරුවේ කරන්නේ මුනට මුන බලගෙන කඩ්ඩෙන් කපාගන්න එකයි.මට පිස්සු හෑදිලා මම ඉන්නේ වෙන ලොකයක,ලෑටා එක පාරටම සර්ට මෙහෙම කීවා

"සර් මාව අද නදිකාත් එක්ක කතා කරන්න දාන්න,මම අනිත් අය ඔක්කොම එක්ක කතා කලා"

"මම දෑක්කා උබයි,උබේ යාලුවයි,දෙන්නම මොකක් හරි අන්චියක් අදෑගෙන එන බව"

"මට බය තියෙන්නේ මුන් දෙන්නා මේ කෙල්ලට මොනවහරි අවෑඩක් කරයිද කියල"

"මම අහින්සක කොල්ලානේ,හෑබෑයි මෙකානම් කරන්න බලාගෙන ඉන්නවා"

ලෑටා තවත් කියන්න කලින් මම එකාගේ කට වහගත්තා,මේකානම් මගේ හතුරෙක්ද මන්දා,දෑන් මම ඉවරයි.නදිකාට කොහොමද මුහුන දෙන්නේ?.....

"තො හු..."මට දෑන් සුද්ද සින්හලෙන්ම එකාට කියවුනා.

"ඈනා,ප්ලෑනේ කොටසක් කලබල වෙන්න එපා"

කොහොම හරි මේකාට සර් නදිකාත් එක්ක කතා කරන්න දුන්නා.මටත් ඈහෑක් ගහලා ලෑටා එතන.මාව වෑටුනේ එයගේ යාලුවා ලගට

"නීශා,අපිට කඩ්ඩ පුලුවන්නේ සින්හල අමාරු නිසා අපි එකෙන් කතා කරමු"

"උබම පටන් ගනින්කො"

"පටන් ගන්න තමා හදන්නේ,එත් තවම අවසරයක් නෑ බන්"

"අද අවසර ලෑබෙන්නත් බෑරිකමක් නෑ බන්" කියලා නීශා හිනා උනා.

"මොකක්"

"ඒක නෙමේ නීශා මට කියපන් මාව ගෑලපෙන්නේ නෑති හේතුව?"

"සර් එනවා බන්..මොනවහරි කඩ්ඩෙන් කියපන්"කතාව වෙන පාරකට දෑම්මා.

එහෙමම පන්තිය ඉවර උනා,ලෑටා මගෙත් පොත් ටිකත් අරගෙනම හන්දියට දුවගෙන ගියා.මම මොකද කියලා ඈහෙව්වත් මේකා මී හරක් මස් කාලා වගේ දිව්වා.නදිකාත් එයලගේ සෙට් එකෙන්ම පන්තියෙන් ආවා.මමත් සර්ට යනව කියලා එහෙම හෙමින් සෑරේ හන්දියට ආවා.

මම බස් එක ලගට එනකොටම නදිකා බස් එකට නගිනවා දෑක්කා.ලෑටා ඈවිත් මාව ඈදගෙනම වෙන පෑත්තකට දිව්වා.

"තොටත් නදීකව දෑක්කොත් හෙන ගෑහුවත් කමක් නෑ නෙද?"

"ඔන්න බලපන් තව ටිකකින් බස් එක අද්දනවා.අද්දනකොට උබ නෑගපන්"

"මොකටද බන් දෑන්ම යන්නම්"

"තොට මොල් උනාට...හිටපිය,බලපිය අන්න කෙල්ල,එකි බලනවා උබ නෑද්ද කියලා,"

එතකොට නදිකා හිටියේ බස් එකේ හිටගෙන

මමත් සීන් එක දෑක්කා.දෑන්නම් යනවා.මෙකට කොහෙන්ද ආදරයක් හිතෙන්නේ මම යනවා.

"ලටා මම යනවා බන් අත අතෑරපන්කො"

"ඔන්න හරි දෑන් පලයන්....උබේ සුරන්ගනාවිය ලගට"

මම තත්පරයෙන් බස් එක ඈතුලේ නදිකා ලගම හිටගෙන

"මේක දෑන්වත් යයිද දන්නේ නෑ"

"අනු.......ඔයාට ඉවසන්න බෑ නේද?"

"දාඩිය දානවා ඉන්න බෑ.තව ඉවසපල්ලකො"

"නදී.......මට සමාවෙන්න ලෑටා දවල් කියවපු එවාට,එකාගේ කට මහන්න වෙනවා"

මම කෑමතිම කම්මුල් දෙක වල ගෑහෙන අහින්සක හිනාව එයගේ මුනේ ඈදුනා

"මම තරහක් නෑ අනු......."
කියල මගේ ඈස් දෙක දිහා බලගත්තා

"මොනවාද බලන්නේ ඔයා"

"මුකුත් නෑ"

"ඔයාලගේ ගෙවල් කොහෙද?"

ආයෙත් මගෙ මුන දිහා බලගත්තා.බස් එකෙ පුදුම සෙනගක් සෙට් වෙන වෙලාව ඉස්කොලත් ඈරෙන වෙලාව නිස කට කෑපෙන්න සෙනග

"නදී....ඔය මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ"

"නෑ"

"ඔයගේ ඈස් දෙකෙන් මට පේනවා"

"පිස්සු........."

"හෙට පන්ති එනවද?"

"නෑ"

"මොකද"

"පන්ති ගියා ඈති කියලා හිතෙනවා"

"මොකද දෑන් සුද්දෙක් එක්ක කඩ්ඩෙන් මරාගන්නත් පුලුවන්ද"

"නෑ"

"එහෙනම්"

"බෑ.....කියල හිතෙනවා අනු...."

"මොකද සල්ලි කේස් එකක්ද"

"නෑ"

"එවා හරි යන්නේ නෑ........නදී මගෙත් එක්ක ඉන්නවානම් පන්ති සදුදාට එන්න"

අපේ පන්තියේ සතියට දවස් හතරක් කීවානේ මුලින්ම මම, අද බ්‍රහස්පතින්දා සතියේ අවසන් දවසක තමයි එහෙම උනේ,

"මගෙත් එක්ක ඉන්නවානම්"

නදිකා එක පාරටම මගේ මූන දිහා බලාගෙනම ඈහෙව්වා.

"ඔව්.....මොකද"

"අනු........මම බහිනවා"

"හ්ම්.......පරිස්සමට"

බෑහෑලත් මගේ දිහ අමුතු විදිහට බලනවා.දෑක්කා.මෙකි මාව අන්දනවාද?,මගෙත් එක්ක මලෙන්ද?? ඔවා හිත හිත මනො පරක් ගහගෙන මම මගේ ගමට ආවා

කොහොමහරි ඉරත් බෑහෑගෙන යන වෙලාවේ මම වෑවු තාවුල්ලට ආවා.ලෑටා මම එනකොටත් ඈවිත්...

"මොකද යකො.....තොට උනේ"

"මොනව වෙන්නද මම ආවෙ"

"මට කියපන් ලෑටා මොකද අද උබ කලේ"


අද වෑස්ස ටිකක වෑඩ් උනු නිසා අද කතාව ටිකක් විතර වෑඩි උනා.අනික මම කතාව පොඩ්ඩක් කියනවා කියලා ගොඩක් උදවිය මෑසිවිලි නගපු නිසා එයාලානම් කෑමති වෙයි.

වෑස්ස ටිකක් අඩු කරපු වෙලේ පෑනගත්තේ නෑත්නම් එලි වෙනකන් මෙතන ඉන්න වෙනවා.

හෙටත් වෙනදා වගේම ගිමන්හලට ගොඩ වෑදෙන්න ආරාධනා කරනවා.

ලෑටා කියන්නෙ සුපිරි බොක්කක්ද, මොකෙක්ද කියල බලන්නයි, මම වෙනුවෙන් මොකද කලෙ.....බලන්නයි,

හෙට වෙනකන් ඉවසන්න.

එහෙනම් හෑමොටම ජය වෙවා!!!

ජිවිතයේ පලමු හමුවිම(දෙවෙනි අඩහෑරය}

වෑඩ් කතා බහක් නෑතුවම මම කතාව පටන් ගන්නවා,අද ගිමන්හලම පිරිලා ඉන්න නිසා,

අවසන් උනේ........

අපි සතියට දවස් හතරක් කඩ්ඩ පොලිශ් කරන්න යනවා කියලා

අද එතෑන් සිට.....

          ඔන්න ඉතින් තවත් සදුදා දවසක මම උදෙන්ම පන්තියට ආවා.නදිකා ටික වෙලාවකින් අවා.එයාගේ හෑමදාම අදින සල්වාරියක් තියෙනවා.අපි කියන්නේ නම් ඔකට වල් සාරි කියලානේ,

එයා මගේ මුන දිහා බලලා හොදටම හින උනා.හිනවෙලා

"ගුඩ් මොනින් අනුපිය...."

             මට ඉතින් තව වෙන මොනවාද? අනුපියට පුදුම සතුටක් කොල්ලාගේ මුලු හිතම පිරිලා මමත් කවුරුත් නෑති අතරේ හෙමේන් ලගටම ඈවිත් ඉදගත්තා.

"මොකද අද උදෙන්ම අවේ.........".

නදිකා ලගට ආපු ගමන්ම අහෑව්වා.

"මොකද අපිට උදෙන්ම එන්න බෑරිද?"

මට ඉතින් උපරිම මොල්,මොකද මමත් කොල්ලෙක්නේ බන්,මම හිතුවා මේක අදම මම ඉවර කරලා දානවා කියලා,

මගේ පන වගේ යාලුවාත් අවා.දෑන් ඉතින් ලොකයක් පෙරලන්න උනත් පුලුවන්.ලෑටා තව කොල්ලො ටිකක් අරගෙන ඈවිත්

"උබත් එහෙනම් ඉක්මනටම ගොඩ ගියා නේද" 
 කින්ඩියක් දාගෙනම අවා.

ඔන්න එක පාරටම නදිකා එයාගේ මිහිරි හඩ ආයෙත්ම දානවා

"අනු....ඔයා උදේට කෑවාද????"

"හ්ම්....."

එදා උදේ වරුවට මට හොදටම ඈති.මම හෙමින් එතනින් අයින් උනා,

මොකද කියන්නේ අනිත් අයත් එනවානේ,අනික එයගේ හොදම යාලුවා නීශා,එයාගේ කට නිකන් වක්කඩම තමා කියවනවා හොදටම,

නදිකට එකි උප්සට් කලොත් කියලා මම අපේ ගෑන්සියට සෙට් උනා.

ලෑටාගේ හූ....හඩ මෑද්දේ මම අවා.මුන්ගෙන් එකම කෙලියයි.

"කෙල්ල හරිම අහින්සකයි අනා,උබ එකිව හොදට බලාගනින්"

"බලාගන්න තමා බන් මෙහෙම කට්ට කන්නේ,මම එයාට මටත් වඩා ඈත්තටම හුගක් ආදරේ කරනවා,මේක කියන්න සප් එකක් දිපන්"

හවස 12 විතර කෙල්ලගෙන් අහන්න මම ප්ලෑනක් ගෑහුවා.මහමොලකරු මම.

        දෑන් එහෙනම් ඔක්කොම රෙඩි,කෙල්ලගෙන් අහන්න නෙමේ අපි හදන්නේ එයාගේ යාලුවාව නමනවා අපේ පෑත්තට,එයා මගින් අහන්නයි ප්ලෑන් එක ගෑහුවේ......

අයියා වගේ ගිහින් නදිකාගෙන් අහලා බෑ....... කිවොත් කාටද කටගෑස්ම මටනේ,ලෑටා කියනවා එකිගෙන් අහපන් කියලා

මට එතනටනම් මගේ උට්ටාන විරිය නෑ,එයාව මට ඔනේම නිසා,

දවල්ට කෑම එහෙමත් කලා ඉවර වෙල හෙමින් සෑරේ,මගේ ලෑටා නීශට කතා කලා මෙන්න මෙහෙම..........

"නිශා අනුපියට ඔයත් එක්ක ටිකක් කත කරන්න ඔනේලු.."

"අප්පට සිරි මේකට මගේ ගෑන හිතක්වත් හිතිලාද??"

"කාගේ ගෑනද බලන්න මෙහෙට වරෙන්"

මගේ වෑඩේට මම යනවා මිසක් එයාව මගේ ලගට ගෙන්නගෙන හරි නෑති නිසා,කොල්ලා වෙඩිල්ල වගේ එතන,

"නීශ මට පොඩි හෙල්ප් එකක් ඔනේ උබෙන්"

"මොකද්ද බන් උබට මගෙන් වෙන්න ඔනේ ඔච්චරටම ලොකු උදව්ව?"

"මම උබේ යාලුවට ආදරය කරනවා බන් එයාගෙන් හෙමින් ඒක අහලා බලපන්"

"අනේ......අනුපිය"

මොනවා වෙන්න ඈතිද?? නදිකා අපේ කතන්දර කාරයාට බෑ කියයිද??

අදත් මහ වෑස්සට අහු වෙන්න කලින් ගිමන්හලෙන් සමු ගන්නයි හදන්නේ,
මේ දවසේ වරුසාව නිසා හරිම කරදරයි.

අදත් තව ටිකෙන් මට අමතක වෙනවා කතාවේ කාන්තා චරිතම් අමූලික පට්ට පල් බේගලයක්.....කාන්තාවන්ට සලකන්න කියලා කව්ද කියලා තියෙන නිසා ඒ චරිතයන් මනක්කල්පිතයි

අද වගේම හෙටත් මේ වෙලාවටම ගිමන්හලට ගොඩවෑදෙන්න අමතක කරන්න එපා.

සෑමටම ජයවේවා.......... 


             .


ජිවිතයේ පලමු හමුවිම ( පලමු අඩහෑරය)

ඔන්න අදත් වරුසාව මෑද්දේ ගිමන්හලට ගොඩ උනා.අප්පේ ගහන හෙන ගෙඩි නම් ඉවසන්න බෑ.කන් දෙකම පිරිලා,ඔය ඔක්කොම වෑඩ අතරේ මගේ හොදම ඩයල් එකක් කියනවා කතා මවන්නාගේ ජිවිතයේ සොදුරුම මතකය අනිත් අපේ කස්ටියටත් දෑනගන්න එක්ක කියන්න කියලා

අනේ ඉතින් මගේ ජිවිතයේ එහෙම සොදුරු මතකයන් අඩු උනාට අදටත් හිතට සොදුරුම මතකය මේ වෑහි වරුසවෙ කුල් බියර් ටින් එකක් අදින ගමන් කියන්නයි සුදානම

   මගේ ජිවිතයේ මිහිරි මතකය ඉතින් මගේ පලමු ආදරය මුන ගෑහිම තමා,ඔකනේ ඉතින් කොල්ලන්ට තියෙන මුලිකම සොදුරු මතකය,එහෙනම් මෙතන ඉදන් මම මගේ කතාව කියනවා

එයා මට මුලින්ම හමු උනේ 2006 අවුරුද්දේ මම උසස් පෙල ඉවර කරලා,ගෙදරින් බේරිල්ලක් නෑති තෑන මම ගියා මගේ ගමට අල්ලපු ගමේ කඩ්ඩ පන්තියකට ඔකෙදි තමා මට එයාව මුලින්ම හමුවුනේ

 එයා නමින් නදිකා,ඉතින් මමත් එදා ඉදන් හෑමදාකම කඩ්ඩ පන්තියට යනවා,එනවා කඩ්ඩ සර් අපිටම ගෑලපෙන නියම සර් කෙනෙක් එයාවත් මතක් කරන්නම වෙනවා.මොකද අද මම කඩ්ඩ අකුරක් හරි දන්නවානම් එකට වග කියන්න වෙන්නේ එයාට තමා,

හොදටම වල බහින්න පුලුවන් උනු කාලයක් තමා ඔය කාලය මගේ ජිවිතයේ මටම ගෑලපෙන යාලුවන් කිහිප දෙනෙක් හිටියා,එකෙක් හිට්යා.

ලෑටා(ඔකා කොයි වෙලේත් කියවන නිසා මගේ යලුවො ඔකට කියන්නේ ඔය නම]

මගේ පොඩි කාලේ ඉදන් හිත මිතුරා,හෑම අවුලකටම ඔකා තමා මම වෙනුවෙන් ඉස්සරහට අවේ,ඉතින් මගේ වෙලාවටම ඔකාත් මම යන තෑනම සෙට් වෙනවා.

අය්යො........මම තවම කතාව පටන් ගත්තේ නෑ කියලා ගිමන්හලේ කස්ටිය දොස්මුරේ දානවා

මට මුලින්ම එයා ගෑන හිතක් මගේ හිතට අවේ මගේ ගමට යන බසයෙදි තමා,එයා ගිනි ගහන දවල් වරුවෙ බස් එකෙ මෑද්දට වෙන්න ඉන්නව.මමත් පුලුවන් උපරිම කට්ට කාලා එල්ලුනා බස් එකට,

  මට කියන්න බෑරි උනා අපේ පන්තිය හෑමදාම උදේ අටට පටන් අරගෙන දවල් වෙනකොට ඉවර කරනවා,ඉතින් එකයි මම කිවේ දවල් බස් එකක යන කතාවක්,නෑත්නම් ඔයාලට හිතෙන්න පුලුවන්

මේක මහ අමුතුම කඩ්ඩ පොලිස් කිරිමක්නේ කියලා

ඉතින් කොල්ලා මුලින්ම කෙල්ලගේ ලගටම කිට්ටු උනා,නදිකා හිනාවක් දාලා නෑවතත් පාර දිහා බලාගත්තා.මම ආවේ එයත් එක්ක කතා කරන්න මිසක් කල්පනා කරන්න නෙමෙයිනෙ


 හා හා පුරා කියලා කොල්ලා වචනයක් දෑම්මා.

"අද හරියට සෙනග නේද?"

"හ්ම්............"

ඔච්චරමයි පලමු දවසේ කතාව.මට ඉතින් පුදුම සතුටක්,කන්නත් බෑ,නින්ද යන්නෙත් නෑ මගේ මතකයේ තියෙන්නෙම නදිකා ගෑනමයි.

අපිට සතියට දවස් 4 කඩ්ඩ පොලිශ් කරගන්න සර් පන්ති කරා.එක නිසා මට හෑමදම දවස් හතරක් යනකන් නදිකාව හමුවෙන්න පුලුවන් උනා........
 
ඔය ඔක්කොම එක පාර ලියන්නත් හරිම අමරුයි.අපි හෙම්හිට කතාව කතාකරමු.හෙටත් ඉර පායනවානේ.......

එහෙනම් අදට ගිමන්හලෙන් යන්නයි මේ සුදානම අද ගිමන්හලේ කියපු කතාව සම්පුර්නයෙන් ඈත්ත සිදුවිමක්.
නමුත් මේකෙ ගෑහනු ලමයගේ නම විතරක් පට්ට පල් බොරුවක්

හෙට නදිකගෙ මගේ හමුවිමේ දෙවෙනි අඩහෑරය අහන්නත් ගිමන්හලට ගොඩ වෑදෙන්න අමතක කරන්න එපා.

මගේ කුඩය කොහෙද දන්නෙත් නෑ,එක හොයාගන්නත් වෙනවා.මහ වෑස්ස එන්න කලින් ඉක්මනට යාගන්නත් ඔනේ

හෑමදෙනටම ජය වෙවා!!!