මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

ආදරයේ මිහිරියාව{තෙවන දිගහෑරුම}



ඔන්න ඉතින් අදත් බහුතර ප්‍රේක්ශක අවදානය දිනා සිටින ගිමන්හලෙන් ඔබ සිත් ගත් ආදරයේ මිහිරියාව කතා කරන්නයි සුදානම,විටෙක ආදරය තවත් විටෙක වේදනාව දිව යන මෙම මිහිරියාවේ අද දිගෑහෙරෙන්නේ එහි තෙවෑන්නයි.

අවසන් උනේ..........
    
      "ඉතින් උබ හෑදියන් මම කියන දේ අහපන් හරි දෑන් යමන් ගොට්ටාව අල්ලගන්න"

අද එතෑන් සිට.........

       කොහොමහරි ඔය විකාර කතා කියවමින්ම අපි ගොට්ටාගේ ගෙදරට ආවා.

"අක්කේ.........අක්කේ....."

"මම මේ බෑලුවා මොකද බල්ලා බුරන්නේ කියලා,මල්ලිලානේ එන්න ඇතුලට"

අපි දෙන්නම රින්ගුවා උන්ගේ ගේ ඇතුලට,ගෙදර හරිම පිලිවෙලයි,ආසාවට කුනු කෑල්ලක් නෑ,මුලු ගෙදරම පිච්චමල් සුවදයි.සුදාට මම අතින් ඇනලා පෙන්නුවා

"සුදා දෑක්කා නේද අක්කා ගෙදර තියාගන්න හෑටි පොඩි එකෙකුත් ඉදලා"

"හ්ම්.........."

ගොට්ටා ඔය අතරේ කොන්ඩේ පිහ පිහ සාලයට ආවා.ඒකාත් මහ අමුතුම එකෙක් මොන වෙලාව උනත් නානවා.

"අහ්.......මල්ලි යමන් කාමරයට"

අපිත් උගේ පස්සෙන් ඇදුනා.කොහොමත් අපේ රහස් කතා වෙන්නේ ඔය කාමරයේ තුන්දෙනාම රින්ගුවා.

"උබලා දෙන්නටම කියන්න ඔනේ සෙනසුරාදා දවල් වරුව එහෙම මුකුත් වෑඩක් දාගන්න එපා"

"මොකද කේස් එක මල්ලි" 

  සුදා ඇහුවා.

"මගේ කෙල්ලගේ ගෙදරින් උබලාට කන්න දෙනවා වරෙල්ලා යන්න"

"මල්ලි මටනම් එන්න වෙන්නේ නෑ,කසිප්පු ටික කොළඹට යවන්න ලොරිය එනවා.ඉතින් මම ලගම ඉන්න වෙනවා බන් මල්ලි"

මට උපරිම මල පෑන්නා.දෑන් එක පාරක් මම ඒකට කීවා කෙහෙල්මල් මල ජරාව නවත්වන්න කියලා.ඒත් මේකා දෑනුත් කියවනවා.

"මොන හු*** සුදා කියවන්නේ මම එක පාරක් කීවා උබට සිංහලෙන් තෙරුනාද,ඔක මොකෙක්ට හරි කරගන්න කියල උබ එන්නම ඔනේ මගෙත් එක්ක තෙරුනාද?"

"හරි හරි එන්නම්.උබට බෑ කියන්නත් බෑනේ,ගොට්ටො උබට අවුලක් නෑනේ,තව ලෑටටත් කියන්න ඔනෙ"

"ලෑටායි,අපි තුන්දෙනායිද යන්නේ"

ගොට්ටා ඇහුවා.

"ඇයි උබට මුලු ගමම එක්කන් යන්න ඔනේද"

සුදා අහනවා.

"නෑ බන් මොකාද යන්නේ කියල බලන්න ඔන නිසා ඇහුවේ ඒක නෙමේ මල්ලි මොනවාද අපි ගෙනියන්නේ?"

"මුකුත් ගෙනියන්න ඔනේ නෑ බන් අපි මේකාව අරගෙන ගියාම කෙල්ලට ඇති"

සුදාගෙන් මට කින්ඩියක් දෑම්මා.

ඔය අතරේ ගොට්ටගේ අක්කා කාමරයට තේ හදාගෙන ආවා.රෙද්දයි,හෑට්ටෙයි අදින ගෑනු කෙනෙක් උනත් එයාගේ හිත ගෑනනම් කියලාම වෑඩක් නෑ,ගොට්ටාට පන යන්න ලව් කරනවා,මහ රෑ උනත් ඔන දේකට ඔට්ටුයි ගෑනු කියන්නේ ඔහොම මිනිස්සුන්ට තමා කියලා මට හිතුනු වාර වලදි මතක් උනේ ඒ අක්කාව

"කොල්ලො ටික කොහෙද යන්න හදන්නේ?,අපිව අරගෙන යන්නේ නෑද්ද"

අක්කා අපෙන් ඇහෑව්වා.

"අනේ නෑ අක්කේ කොල්ලෙක්ගේ නංගි කෙනෙක්ගේ කොටහලුවක් තියෙනවා ඒකට යන්නේ"

අක්කලාට ඔක්කොම කියන්න දෑන්ම හොද නෑ කියලා මට හිතුනු නිසා මම කිසිම කෙල්ලෙක්ටවත් මගෙ ලව් එක කියන්න කෑමති උනේ නෑ

තේ එහෙමත් බීලා ගොට්ටලාටත් කියලා අපි ආටා ඒකෙම පිටත් උනා ලෑටාගේ ගෙවල් පෑත්තට.

අපි යනකොට ලෑටා ඇදුම් සෙට් කරනවා ගෙනියන්න.කොහොමහරි අපි එනවා දෑකලා මේකා එලියටම ආවා.

"යකො උබ තවම ගෙදර ගියේ නෑද්ද?"

"නෑ බන් මට මේකා හම්බවුනා හන්දියේදි පස්සේ ගොට්ටාවත් බලලා මෙහේ ආවා"

"මම ඇදුම් මදිනව බන් ගෙනියන්න"

"ලෑටා උබ සිකුරදා හවස එනවා නේද ගමට?"

"ඔව් බන් එනවා මොකද කොහෙවත් යනවද උබ?"

"නදීකාලාගේ ගෙදර යන්න ඉන්නේ බන් සෙනසුරදා දවල්ට

"අම්මට හුඩු උබ දෑන් ගෙදරත් යනව එහෙනම්"

"නෑ හු*** එකි මට දවල්ට කෑමකට එන්න කීව.උබයි මමඉ,ගොට්ටයි,මේකයි යනවා"

"එල එල මම එනවා අනිවා"

"හෙට එහෙනම් හම්බවෙමු අපි යනවා බන් නාගන්නත් ඔනේ"

කොහොමහරි මම පහුවෙනිදා උදේ පාන්දරම කෑම් එකකුත් අරගෙන පන්තියේ,කෙල්ලත් කීවා වගේම වෙලාවට ආවා.

"අහ්.....මම බෑලුවා මොකද පරක්කු කියලා"

"බස් එක ආවේ හරිම හිමින් අනූ....."

"එහෙමද"

"එහෙමයි"

"මම ටිකකින් පන්තිය පිටිපස්සටම ආවා.කෙල්ලත් මගේ පස්සෙන්ම ආවා.

"ඉතින් බබී...."

"හ්ම්....ඔයා කෑවද?"

"ඔව්"

"මම කෑම එකක් ගෙනාවා ඔයාටත් එක්ක කමුද?"

"ඔය කන්න මට බඩගිනි නෑ දෑන්"

"අනේ........කමුකො මගෙත් එක්ක,නෑත්නම් මම තරහයි."

කෙල්ලො තරහකරගත්තොත් අපිටම තම බන් කේස් කියලා දවසක් ලෑටා මට කියපු එක මතක් වෙලා මමත් ඉතින් කන්න ඉදගත්තා,අපිට ඉතින් කන්නත් බෑනේ,

"මටනම් කන්න බෑ,ඔයාට කවන්න වෙයි"

"පිස්සා,කො එන්න මෙහෙට කවන්න"

මමත් එයාට කියල හොදට කවාගත්තා,නිකන් හම්බවෙනවානම් දෙමල පත්තරෙ උනත් ගන්නවානෙ

"බබී ඔයා ඔහොම ඉන්නකො මට පින්තූරයක් ගන්න ඔනේ ඔයාගෙ"

"අනේ......අනූ මම කෑමති නෑ"

"යකො මම ගන්නේ අනික අරගෙන කටවුට් ගහන්නේ නෑ එකෙන්"

"හරි හරි එහෙනම් ගන්නකො"

මමත් මට අති වෙනකන් පින්තූර ගත්ත,ඒවා ඇත්තටම හරිම ලස්සනට තිබුනා.අදටත් ඒවා මගෙ ලගම තියෙනවා.හරිම සරල කෙල්ලෙක් කියල එදත් මටනම් එයා ගෑන හිතුනා,සමහරු වගේ බොරු ආටොප නෑ.

"බබී,අපි සෙනසුරදා එහෙනම් එනවා හොදද ඔයාව බලන්න"

"හ්ම්...."

"අනූ...මට කියන්න බෑරිඋනා මම ඔයාට මගේ CV එකක් ගෙනාවා,මම යනකොට දෙන්නම්.මෙලො සිහියක් නෑනේ කොහෙ දායිද දන්නේ නෑ"

"දන්නවානේ කවුරුනිසාද එහෙම උනේ කියලා"

"පිස්සා"

"මම වෑඩේ කරලා දෙන්නම්කො,ඔයා බය වෙන්න එපා."

කොහොමත් මට ඒ වෑඩේ කරල දෙන්න පුලුවන් කියලා හොදටම ශුවර් එකක් තිබුනා,මොකද මගේ යාලුවෙක් මහජන බෑංකුවේ ඉහල තෑනක හිටපු නිසා.

"ඔයාට ටවුන් එකෙ බෑන්ක් එකේ සෙට් කරල දෙන්නම් මම,එතකොට මට දවල්ට එන්නත් පුලුවන් ඔයව බලන්න"

"කපටියා,මාවත් බලන්න එක්කම තමා කරගන්නේ"

"කෑමති නෑද්ද?"

"මට ඔයා ලග ඉන්නවානම් අනූ වෙන මුකුත්ම එපා"

"හරි හරි බබො ඉක්මනටම ලගට ගන්නවා ඔයාව මම හෑමදාටම,මේ අපි හෙට බදිමුද එහෙනම්"

"මොඩයො,පිස්සුද ඔයා හොදට ඉගෙනගෙන මහත්තයෙක් වගේ ඇවිත් මාව අරගෙන යන්න.ඒ දවස වෙනකන් මම බලාගෙන ඉන්නව අනූ"

"හ්ම්......"

කෙල්ලො මෙහෙම බොලද වෙන්නේ මොකද කියන එකටනම් මට අදටත් උත්තරයක් නෑ.ඒක හිතගන්න මට බෑරි මොකද කියන එකත් මම දන්නේ නෑ.තමන්ගේ කොල්ලා ලග ඉන්නකොට හෑම කෙල්ලම එහෙම වෙන්න ඇති කියලා තමා මම අදටත් හිතන්නේ

"අද අපේ ප්‍රතිපල දෙනවා නේද,මටනම් හෙන අප්සට් දවසක් වෙයි අද දවස"

"මොකද"

"අද අපි කට්ටියම වෙන් වෙනවා බබී,ඔයයි මමයි ඇරෙන්න අපිට අනිත් අය ලේසියෙන් හම්බවෙන්නේ නෑතිවෙයි.ශශිලා එහෙම කවදා දකින්නද ආයේ"

"එයාලා විතරද,ඔයා"

මට එකපාරටම එයා දිහා බෑලුනා,මට තෙරුනා කෙල්ලට දෑන් ඇඩෙනවා කියලා කෙල්ල මගේ ලගටම ඇවිත් මගේ බෙල්ලේ එල්ලිලා හොදටම ඉකි ගහ ගහා ඇඩුවා,

"කො බබී බලන්න මගේ දිහා"

"මට බෑ,මට මෙහෙම ඉන්න දෙන්න අනූ...."

"අඩන්න එපා මම කෑමති නෑනේ,ඔයා මම කෑමති නෑති වෑඩ කරන්නේ නෑ කියලා මට පොරොන්දු උනා නේද?"

පස්සේ ඒක මතක් වෙලාද කොහෙද මගේ ඇස් දෙක දිහා බලාගත්තා.

"කො හිනාවෙන්න බලන්න ලස්සනට,අපි ඉක්මනටම මෑරි කරමු හොදද එතකන් අඩන්නේ නෑතුව ඉන්න"

"කදුලු පිහදගන්න දෑන්වත්"

"අනූ......මම එක්කෙනෙක් සදහටම අමතක කලා ඔයා වෙනුවෙන්,අපි අතරෙ සම්බන්ධයක් තියෙනව කියල බාප්පා දන්නවානම් මාව මරනවා,මාව කවමදාකවත් තනි කරන්න එපා අනූ"

"පිස්සු කියවන්න එපා බබී,ඔයාට මම ට්‍රෙනින් ජොබක් සෙට් කරනවා හෙට ඉදන් ටවුන් එකේ බෑන්කුවෙ. ඔයා හෙට ඉදන් එතන හොදට වෑඩ කරගන්න මම පුලුවන් උනු ගමන් ඔයාව බලන්න ඉක්මනටම එනවා හොදද?"

"මට ඔයාව මගේ පනටත් වඩා විස්වාසයි"

"අපි අතරේ කවුරුත් ඉන්න බෑ.ඒ කියන්නේ කවුරුහරි ඔයාට මගේ ගෑන බොරුවක් එහෙම කීවොත් කෙලින්ම මගෙන් අහන්න පුලුවන්,ඔයාට හොදටම පුලුවන්නේ මගේ බොරු අල්ලන්න මගේ ඇස් දෙක දිහා බලපු ගමන්"

කෙල්ලට ඒකටනම් හිනා ගියා,හොදටම හිනා ගියා,මාව කොනිත්තුවත් එක්ක

"ආයි......."

"පිස්සා....

එහෙම කියලා කෙල්ල ආයෙත් මට තුරුල් උනා.පව් මෙයාට හුගක් හිතට අමාරු බව මම හොදටම දන්නවා.ඒත් මමත් කෑමති ඔක්කොම දමලා ගහලා මෙහෙට වෙලා ඉන්න.ඒත් එහෙම ඉදලා අනාගතය විනාස කරගන්නත් බෑ,මගේ ගමේ එව්න් ගොඩ දාන්නත් ඔනේ ගොඩක් බලාපොරොත්තු බිදින්න හොද නෑනේ

"බබී.......මොනවාහරි කියන්නකො"

"අනූ ඊයේ ගත්ත ඇදුම ඔයාට හිරද?"

"නෑ.....ගානට තිබුනා"

"ඇදුම් ගත්තාම ඒවා පිලිවෙලකට තියගන්න ඔනේ තෙරුනාද,අල්මාරියකට දානවානම් කපුරු දාන්න."

"හොදමයි මෑඩම්"

"පිස්සා කියන දේ අහගන්න එහෙම කරන්න ඔනේ මම බලනවා,ඔය මගේ ලගට එනකොට කපුරු සුවද එන්න ඔනේ"

අනේ අම්මාපා දෑන් කපුරු හොයපල්ලාකො,කපුරු කාලා තමා මෙයාව බලන්න එන්න වෙන්නේ සෙන්ට් එකක් ගහල බෑරිවෙයි වගේ,මොනවාකලත් මට මෙයාව අන්දන්න බෑනේ,මම ගමේ එහෙම අනිත් අය අන්දලා ලස්සනට වෑඩ කරගන්නවා.මෙයානම් හිතනකොටත් කියලා ඉවරයි මගෙ ගෑන.

"මොනවාද ඔය කල්පනා කරන්නේ කපුරු ගන්නත් වෙනවා නේද මේ කෙල්ලත් එක්ක ඉන්නකොට කියල නේද කල්පන කලේ?"

"ඔයාට දිවෑස් තියෙනවාද බබි"

"නෑ මොඩයො ආදරය කරනකොට මට ඔයාව දෑනෙනවා,ඔයා කෑවාද නෑද්ද කියලාත් මට දෑනෙනවා,ඔයාට බොරු කරන්න බෑ,බොරුවක් කලොත් ඔයාට අමුතු හිනාවක් යනවා අනූ"

"ඔයා දන්නවා නේද ඔක්කොම"

"අනූ ඔයා මට ඔයාගේ පින්තූරයක් දුන්නේ නෑනේ"

මම එයාට දුන්නා අපි දෙන්නාම ඉන්න පින්තූරයක්,ඒක අපි අම්බුලුවාවේ පහල ඉන්නකොට ලෑටා අරගෙන ලස්ස්නට හදපු පින්තූරයක්

"ලස්සනයි අනූ.....මම ඔයාට මටත් වඩා ආදරෙයි"

"මගේ ගෑන දන්නවානේ"

කොල්ලො බොලද වෙන්න හොද නෑ,කියන එකේ මම ඉන්නවා,උන් ඉන්න ඔනේ සිරාම ඩයල් විදිහට,දෑක්කොත් මෑරයෙක් කියලා හිතනවානම් ඒ කොල්ලාට කිසි කරදරයක් නෑ.එහෙම කියලා මහ මෑරයෙක් නෙමේ අහිංසක මෑර පෙනුමක්

කොහොමහරි පන්තියේ අද දවසම ඉගෑන්විල්ලක් තිබුනේම නෑ.කෙල්ලො බදාගෙන අඩනවා.මම නදීකාට කියලා තිබුනේ අඩන්න එහෙම බෑ කියලා,කොහොමත් මම කියපු දේ එයා ඈහුවා.මම එයාව හරියට ගොට්ටාගේ අක්කා වගේ හදනවා කියලා හිතාගෙන හිටියේ,කෙල්ලො උනාම ෆොවඩ් වෙන්න ඔනේ ඒක මට අපේ අක්කා කෙනෙක් කියපු කතාවක්

හවස් වරුව අපිට සහතික දෙන්න සුදානම් කලා,වෙලාවට වගේ මුලු පන්තියම වගේ ගොඩ ගිහින් තිබුනා.සමහරු නිකන් එල්ලිලා ගිය අය වගේ හිටියා.සර් අග ඉදන්ම නම් කියව කියවා ආවා අපි පස් දෙනා පිටිපස්සට වෙලා කයිය ගහ ගහා හිටියේ මමයි,ලෑටයි.බබී,නීශා,ශශී කොහොමත් ඔය ටික පන්තියේ ඉන්නව කියන්නේ කෑගහනවාමනේ

මගේයි,බබීගෙයි ඈරෙන්න අනිත් කට්ටියගේම සහතික දුන්නා.ඈත්තටම ඒ සහතික අපිට අදටත් දෑක්කොත් මතක් වෙන්නේ අපේ අතීතය,එදා හිටපු අය අද කොහෙද දන්නෙත් නෑ.ඒ සහතිකය ලොකු දෙයක් අදටත් අපේ ජීවිත වලට.

සර් කතා කරන්න පටන් ගත්තා.

"පන්තියේ දක්ශතම කෙනා කව්ද කියලා ඔයාලට කියන්න පුලුවන්ද?"

සහතික දෙක අරගෙන සර් අත් දෙකේම තියාගෙන මෙහෙම කීවා

"නදීකාගෙයි,අනුපියගෙයි සහතික දෙක තියෙන්නේ"

"මේ පාර පන්තියේ පලමුවෙනි තෑන ගන්නේ.........."

මුලු පන්තියම දෙවනත් වෙන්න ඒ හඩ ඇහුනා.අපි දෙන්නාම එක ලග ඉදගෙන හිටියෙත් මුලු පන්තියම අපේ දිහා බලාගෙන කොල්ලො සූ.....දෙනවා කෙල්ලො කින්ඩි දානවා,ඇත්තටම කව්ද එදා හවස් වරුවේ වසනාවන්ත???

එහෙනම් අද දවසේත් ගිමන්හලට වෙන් වුන කාලය අවසන් කර අපි ඔබෙන් සමුගන්නයි සුදානම,කලින් දවසේ ඔබ ලබදුන් චොදනා,යොජනා වලට අපි බොහොමත් ස්තූතිවන්ත වෙමු.අද දවසේත් අපි ඔබගෙන් ගිමන්හලට ඔබගේ අදහස් බලාපොරොත්තුවෙමු.

ඒ වගේම අපට මෙම ආදරයේ මිහිරියාව ඉදිරිපත් කිරීමේදී මිහිල රේඩියො දක්වන සහයොගයටද ඔබ ආයතනයට ගිමන්හලෙන් තුති පුදනවා.ඔබටත් එම වෙබ් අඩවියට පිවිසෙන්නත් අපි ආරාධනා කරනවා.


ජයවේවා!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2006, 2007 මගේ සහ නදීකාගේ දින පොත්

3 comments:

  1. නියමයි මල්ලි.... හැබැයි මේ මාකදුරෙ කතාවක්නම් වෙන්න බෑ....!!!

    ReplyDelete
  2. 1st place gaththe nadeeka neda...???????kiyawanna kiyawanna asa hithena kathawak.....malli....

    ReplyDelete
  3. මමත් ඔන්න ඔයාගේ ආදර කතාව කියවන්න පටන් ගත්තා....
    මුල ඉඳලම බලාගෙන ඇවිත් කමෙන්ට් එකක් දෙන්නම්

    ReplyDelete