මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

මාරයා අත වනපු දවස ( අවසාන කොටස )




අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි අපේ මේ සුදානම,ජීවීතයත්,මරනයත් අතර මා ගත කර ඒ දවසට එහෙනම් අපි වෑඩි කතා බහක් නෑතුව ඉක්මනටම යමු.

අවසන් උනේ.......

මම බිංගෙය තුල මගේ දිහාවට සෑර එලියක් එල්ල වුනා.

අද එතෑන් සිට............

ඉතින් මම දෑන් බිංගේ ඇතුලේ...මට පේනවා ඇතීන් ලොකු ලයිට් පාරක්,ෆොන් එක බෑලුවාම හරියටම උදේ 9.50 එකවරම කන් පුපුරන්න සද්දය....ඒ මදිවාට මම උන්නු රේල් පීලී දෙදරන්න ගත්තා....

උඩරට මෑනිකෙ එනවා කගවේනා වගේ......

මම අනිත් පෑත්තට හෑරිලා දුවන්න ගත්තා...මරන බය උපරිමයි...දෑන් කොච්චියත් ලග ලග එන ගතියක් තේරෙනවා.එකම දෙයයි මට තිබුනේ මම බිංගෙය කෙලවරට ඒ කියන්නේ බිංගේ ඇතුලේම කොන්ක්‍රීට් බිත්තියක් කන්න වගේ ඒක අල්ලාගෙන උපරිම අයින් උනා..

තව පොඩ්ඩකින් කොච්චිය මගේ ලගට එනවා.මම තවත් උපරිම දාලා බිත්තිය අල්ලගත්තා.ඒ මදිවාට මරන බයේ මාව හොදටම ගෑහෙනවා...එකවරම කොච්චිය මාව පහු කලා.

මම උපරිමයෙන් බිත්තිය අල්ලාගෙන කෑගෙහුනා මට බයටම,මම හිතුවේ මම මෑරුනාම තමා කියලා ඒත් දෙවියො මට තව අවස්තාවක් දුන්නා,කොච්චිය යනකොට එතනින් මාවත් ඇදගෙන යන්නම උඩරට මෑනිකේට හිතුනා වගේ පුදුම සුලංපාරක් ආවා.බිත්තිය තදින් අල්ලන් හිටපු පාරට ඇගිලි තුවාල වෙලා ලේ එහෙමත් ඇවිත්......

මම ඒකෙන් බෙරුනා.ඒත් දෑන් මට හුස්මගන්න බෑ,මට කලන්තේ වගේ,මම කාට කියන්නද?...ෆොන් එකට සිග්නල් එහෙමත් නෑ.මම රේල් පීලී උඩින් වාඩි උනා..මම හිතන්නේ මට නින්ද ගියා වගේ.......ඒ එක්කම වමනේ ගියා....

වතුර බොතලයක් ගෙනියපු නිසා ඒකෙන් කටත් හොදගෙන තව ඉස්සරහට ආවා.ඒත් මාව තවම ගෑහෙනවා..ජීවීතයටවත් ආයේ එන්නේ නෑ කියලා හිතුනා..හෑබෑයි  අදනම් ඒක මතක් උනාම හිනා යනවා.

කොහොමහරි මම ආයේ ඉස්සරහට යන ගමන අත ඇරලා,දියතලාවට එන්න පිටත් උනා.මගේ අත්වල තුවාල වලට තේ කොල ටිකක් පොඩ් කරලා තියාගෙන ලේන්සුවකින් අතත් බෑදගෙන දියතලාවට මහ ගන අදුරේම ආවා.

ඊට පස්සේ ලෑටා මට කතා කලා

"මචන් ඇනා"

"මොකද?"

"මම අද රෑ වෙනකොට දියතලාවේ"

"ඔව් වරෙන් කියන්න දෙයක් තියෙනවා උබට"

එදා රෑ එලි වෙනකන් මම කරපු කතාව ඒකාට කීවා,බංකුවක් උඩට වෙලා කතාව අහපු ලෑටා මට හොදටම බිම දාගෙන ගෑහුවා.

"ඇනා පො** වෑඩ එපා බොල,මට යාලුවෙක්ට ඉන්නේත් උබ විතරයි,උබට මොකක් හරි උනානම් තොගේ මිනියක්වත් නෑ....කාලකන්නියා"

ලෑටා දවස් ගානක් ඉන්න කීයපු නිසා අපි සිරිපාදය යමු කියලා කතා උනා,හෑබෑයි අවාරයේ......ඒ කතාව ඉතා ඉක්මනට ගෙනෙන්නම් අපි ගිමන්හලෙන්.......

එසේනම් කලින් කලාපයන් වලට ඔබ ලබදුන් ප්‍රතිචාර වලය මගේ මෙන්ම ගිමන්හෙලේ සෑමගේ ප්‍රනාමය හිමි වෙන අතරම,මෙම කලාපයටද ඔබේ ගල්,මුල්,මල් වලට ඉඩ කඩක්ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු.....

නෑවත හමුවෙමු.....

ඔබ සෑමට ජය!!!!!

මාරයා අත වනපු දවස 1


 
ඔන්න ඉතින් අද දවසේත් හා හා පුරා අපි ගිමන්හලට ගොඩ වෑදෙනවා.මෙම කතාව මම දියතලාවේ ඉන්නකොට මටයි,මගේ යාලුවෙකුටයි උනු සිදුවීමක් යාලුවානම් ඉතින් ඔයාලට මතකත් ඇති ලෑටා ඒකා මගේ හොදම යාලුවා කියලා ගිමන්හලේ හිටපු සියලුම දෙනාම දන්නවානේ ඉතින්

වෑඩි කතා අවශ්‍ය නෑ,කෙලින්ම එහෙනම් කතාව පටන් ගන්නම්.මෙම සිදුවීම උනේ හරියටම ගිය මාසයේ මම දියතලාවේ රාජකාරි කරන කාලයේ

සිදුවීම වීමට සතියකට කලින් මම සුපුරුදු ලෙසම මගේ කාර්යාලයට ගියාම ටික වෙලාවකින් පියන් ඇවිත් මට කතා කලා

"සර් ඔබතුමාට කොළඹ මහත්තයෙක් කතා කරනවා"

"ලයින් එකේ ඉන්නවාද?"

"හරි මම එන්නම්"

එහෙම කියලා මම ඉක්මනට ගියා කව්ද කියලා බලන්න

"අහ්.....මහත්තයා මාව අදුරනවාද?"

"නෑ...කව්ද ඔයා?"

"මම කව්ද කියලා තොට කියන්න බෑරිද ප**"

"අප්පේ ......නොදකින් විතරක් උබනේ"

ලෑටා තමා එදා මට කතා කලේ,ඒකා එදා කීවා ලෑටාගේ ඔෆිස් එකෙන් ඌත් එක්කම කට්ටියක් එනවා කියලා නවතින්න තෑනක් සෙට් කරලා දෙන්න තමා උදේ පාන්දරම කතා කරල තිබුනේ.

මමත් වෑඩේ කරලා දෙන්න පුලුවන් කියලා බාරගත්තා.පස්සේ මම මගේ සුපුරුදු වෑඩ ටික කරගෙන යන අතරේ චුරු චුරු වෑස්ස ආයේත් පටන් ගත්තා.....හෑමදාම වහිනවා එහෙට පොදයක් හරි යනවා..ඒක තමා දියතලාවේ ලස්සන

උදේට ඈත කදුකරයෙන් හරිම නෑවුම් සීතලක් එනකොට මුලු දවසම ප්‍රබොදමත්,ඒ වගේම ඈතින් වෑටෙන මිහිදුම මුලු දියතලාවම වහ ගත්තාම හරිම ලස්සනයි.

කොහොමහරි මට ලෑටා එන දවස මතකයෙන් ගිලිහුනා.අම්බානක වෑඩ කන්දක් කරලා කාමරයට ආවාම ඔක්කොම අමතක වෙනවා මහන්සියටම.........

ලෑටා මට එන්න කිරෘ කරලා තව දවසක් කතා කලා

"අනේ සොරි මචන් අපිට කියපු දවසේ එන්න වෙන්නේ නෑ"

"තමුසේ පිස්සෙක්නේ,මම නවතින තෑනුත් රෙඩි කරලා"

මම බේගලයක් කියලා ඒකා වෙනුවෙන් දෙයක් කලා කියලා පෙන්වන්න ට්‍රයි එකක් දෑම්මාට මේකා කියපු එකෙන් කාඩ් කුඩු.......................

"අනේ පලයන් තොට කොහෙද බන් ඔවා මතක තියෙන්නේ.....,උබේ වෑඩේම රාජකාරිය විතරයි,මම එන්න හේතුවත් උබට ජීවීතයක් තියෙනවා ඒක විදපන් කියන්න"

"එන දවසක වරෙන්කො" කියලා මම පොන් එක තිබ්බා"

ඔහොම සුපුරුදු ලෙසම කාලය ගත උනා....

දවසක් මට හිතුනා දියතලාවේ ඉදන් ගම්පොල පෑත්තට තියෙන නමුත් කොච්චියෙන් ගිහින් බලන්න තෑන් බලන්න යන්න.

එදා උදේ පාන්දරම මම බෑග් එකකුත් කරගහගෙන,බූට් දෙකකුත් දාගෙන හෙමින් සෑරේ රේල් පාර දිගේ ගමන් කලා.

මට කියන්න බෑරි උනා,මම දුම් රියවල් එන වෙලාවන් කොළඹට කතා කරලා කලින් දවසේම අහගත්තා.නෑත්නම් කොච්චියකට අහු වෙනවා.

ඒ ගමනනම් පුදුම ලස්සනක් ගොවා වතු,තේ වතු අතරින් මම හෙමින් හෙමින් ඉස්සරහට ආවා.එක ලගම බිං ගෙවල් සෑහෙන්න තියෙනවා ඔය හරියේ එකක් පහු වෙනකොට තවත් එකක්.....කොකටත් මම පරිස්සමට ආවා....

කියන්න බෑනේ යන්නේත් තනියම...ඒක නිසා..කොහොමහරි ඔය අතරේ මම උදේ 7.20 පමන බලාපොරොත්තු උනු කොළඹින් එන පොඩි මෑනිකේ කොච්චිය ඔලොක්කුවට වගේ හූ පාරක් දාලා  මාව පහු කලා....

ඊලගට 9.45 කොච්චිය......එතකන් ඔය හරියේ කොච්චි නෑ.ඉදලා හිටලා ඩක්කුවක් ගියොත් තමා...

මහන්සිය බලන්නේ නෑතුව තව ටිකක් ඇදුනා.එකපාරටම මාව ලෙස්සලා ගිහින් වෑටුනා වලකට..

ඒක උනේ මෙන්න මෙහෙම මම දිය ඇල්ලක් දෑකලා ඒක බලන්න යන්න හෑදුවා තේ වත්තක් මෑදින්,කොහොම හරි එතන මගේ කරුමෙටම වලකට ලෙස්සලා ගිහින් වෑටිලා මට නෑතුවම බෑරි ටොච් එකත් බිදුනා....

කෙලියා.....මටම කියවුනා.කොච්චර ට්‍රයි කලත් ඒක හදන්න බෑ....ඔක මට ඔන උනේ බිංගෙයක් ඇතුලේන් යනකොට මොකද ඒක ඇතුල හරිම කලුවර,ගුප්ත තෑනක්....

දෑන් ඉතින් කට්ට කලුවරේ යන්න වෙන්නේ....හුලු අත්තක්වත් හදාගන්න පොල් අත්තක් දකින්නවත් නෑනේ..

කොහොමහරි මම පලවෙනි බිංගෙය පහු කලා මට එලියක් නෑතුව..ඒකනම් එච්චර ලොකු එකක් නෙමේ...දෑන් ආයේත් චුරු චුරු වෑස්ස පටන් ගත්තා...

එහේ හුග දෙනෙක් කුඩ වලට වඩා පාවිච්චි කරනවා රේන්කොට් ( වෑහි කබා ) මමත් මම ගෙනාපු එක ඔතා ගත්තා මුලු ඇගටම..ප්ලෙන්ටියක්වත් උනු පිටින් ගහන්න ලග පාත කඩයක් තියා මිනිස් පුළුටක් නෑ......

මම වෑස්සේම ඉස්සරහට ගියා....හුලග හරි හයියෙන් කෑ ගහනවා මට හිතෙන්නේම ඒක මට කෑ ගහනවා කියලා..ඔන මගුලක් කියලා මම තව බිං ගෙයක් ලගට ඈවිත් එහා කෙලවර පේනවාද කියලා බෑලුවා

නෑ...ලොකුම බිංගෙයක්...මට තව ඉස්සරහට යන්න ඔන මම පිටත් උනා,වවුලො කෑගහගෙන ඉගිලිලා ගියා...දෑන්නම් තොල කට එහෙමත් සීතලටම වේලිලා..

හෙමින් හෙමින් මම බිංගෙය මෑද්දටම ආවා...........

මම හිතන්නේ ඇත්තටම මම උන්නේ ඔය බිංගෙය මෑද්දේ ඔය වෙලාවේ...

මට ඇතීන් ලොකු ලයිට් එලියක් පෙවුනා............මම පොන් එක අරන් වෙලාව බෑලුවා...හරියටම උදේ 9.50.......

මොකක්ද ඔය එන්නේ?????

මට මොකද උනේ?????

ප්‍රශ්න ගොඩයි.අදට එහෙනම් සමුගන්න අවසර මිතුරනේ ඔබට හෑකිනම් පමනක් ගිමන්හල වෙනුවෙන් ඔබගේ අදහස දක්වා යන්න.එහෙම නොකලා කියලා ගිමන්හලේ කිසිම කහටක් නෑ.....

ජයවේවා!!!

ආදරයේ මිහිරියාව {අවසාන දිගහෑරුම}


  
පුරා දිගු නිහෑඩියාවකින් පසු ගිමන්හලේ වෑඩ කටයුතු අරබන්නයි සුදානම..ඔබ ඉතාමත් ආදරයෙන් රසවිදි ආදරයේ මිහිරියාවේ අවසානය ඉදිරිපත් කරන්නයි අද අපේ සුදානම..කලින් වගේම අපේ ගිමන්හලට හද බෑදි ඔබ සියලු දෙනාටම අපි නෑවතත් ආරාධනා කරනවා ගිමහල සමග රොක් වෙන ලෙස.....එසේනම් අද දිගහෑරෙන්නේ ආදරයේ මිහිරියාවේ අවසානයයි.

අවසන් උනේ......

මම සියලුම දෙනාගෙන් සමුගෙන කොළබ විස්ස විද්‍යාලයට අවා කියන තෑන ඉදන්

අද එතෑන් සිට.....

සුපුරුදු පරිදි රෑග කාලා එහෙම ඉතින් මම මගේ වෑඩ කටයුතු ආරම්බ කලා.

කෙල්ලට නිවාඩුවක් තියෙන අතරේ එහෙම මම කතා කරන්නත් අමතක කලේ නෑ.මොනවා උනත් එයා මගේ ප්‍රතම ප්‍රේමය.ඒක කොහොමවත් අමතක කරන්නත් බෑලුනේ.....හෑමදාම හවසට මම තුම්මුල්ල පෑත්තට මූන දාගෙන මලක් කඩනවා අපේ ලෙක්චරය ඉවර උනාම,නෑත්නම් ආතල් ගන්න වෙලාවක

මට එහෙන් සෙට් උනා මටම හරියන සෙට් එකක් උන් ටිකත් නියම හෙල්ප් එකක් දුන්නා මලක් කඩලා මගේ ආතල් එක ගන්න.දවසක් හවස් වරුවේ ඒ කියන්නේ සිකුරාදාවක මම හෑන්දෑවේ 6 විතර කෙල්ලට ගත්තා කොල් එකක්,

"බබා........."

"අනූ........"

"ඔයා මොකද කරන්නේ?"

"කොල්ලෙක්ගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නවා සුදු......අනේ ඉක්මනට එන්න බබා"

"ඇවිදින් දවස් කීයද,මම ඉකමනටම එන්නම්කො ඔයාව බලන්න බබා"

"අනේ......මට කියන්න දේවල් ගොඩයි"

"ඉතින් කියන්න"

"රට උන්නු අයියා ගෙදර ඇවිත්"

"මොකක්"

"ඔව්.....එයා ලගදීම අපේ ගෙදර එනවා කීවා"

"ඒකත් එහෙමද?"

එකවරම මගේ කපටි ඔලුවට ආවා අදහසක්

"එයාට එන්න වෙන්නේ අපේ ගම හරහානේ දෙන්නම් වෑඩක්"

"මොකද කරන්න යන්නේ?"

"ඔයාට එයා ඔයාගේ ගෙදර ආවේ නෑති උනොත් හරිනේ"

"හ්ම්......."

"මුලින්ම කියන්න මොකටද එන්නේ ඔයාව ගෙනියන්නද?"

"ඒකට තමා එන්නේ"

"ඔයා දන්නේ නෑ අනූ......ඔයා ගිය දවසේ බාප්පා මාව බලෙන්ම එයාගේ කරේ එල්ලන්න යන්නේ...හේතුවනම් දන්නේ නෑ....රෙජිස්ටාර් කෙනෙකුටත් කතා කරලා"

"මොකක්.............."

"ඔව්..මම ඔයාගේ විතරයි අනූ...ඔයාගේ නෙමේනම් මම කාගේවත් වෙන්නේ නෑ"

"මම බලාගන්නම්කො.......කවදාද එන්නේ?"

"සදුදා එනවා"

"අනූ බාප්පා එනවා වගේ පරිස්සමට ඉන්න මගේ පන තියනකන් මම ඔයාට හුගක්ම හුගක් ආදරෙයි....හොදට ඉගෙනගන්න මගේ කොල්ලා,මම තිබ්බා,බුදුසරනයි"

"බුදුසරනයි"

දෙවියනේ මම අයියා වගේ කීවට දෑන් මොකද කරන්නේ,මට යන්න විදිහකුත් නෑ, සොසල් { කෑම්පස් වල රෑග ඉවර කරලා දාන පොඩි සාජ්ජයක්} එකත් හෙට.......

දෑන් මොකද කරන්නේ?........

මොකක් හරි කරන්නම වෙනවා.ඒක නිසා මගේ අති ජාත මිතුරා ලෑටාට දෑම්මා කොල් එකක්

"ලෑටො"

"මොකද හු**"

"අන්න අරකා ලංකාවට ඇවිත්....."

"මොකාද?"

"රට උන්නා කීවේ බන් නදී අන්න ඒකා"

"එහෙනම් උබට හරි,මොනවා කරන්නද හිත හදාගනින්"

"අනේ මේ......උබට බෑරිනම් කියපන් මම වෙන මොකක් හරි කරන්නම් ඒකට"

"අප්පො උබට වෙන මොකේටවත් කලින් මලනම් පනිනවා නේද ප**" 

"අඩො මොකද බන් කරන්නේ?"

"මෙහෙම කරමු උබ සුදාටයි,ගොට්ටාටයි කතා කරල කියපන් සිද්දිය උන් දෙන්න බලාගනි මොකද කරන්න ඔන කියලා"

"ඒක හරි මචන් මම කතා කරලා බලන්නම්"

කොහොමහරි සුදාගේ සහ ගොට්ටාගේ පිහිටෙන් ඔය ප්‍රශ්නය මම විසදුවා.උන් දෙන්නා වෙඩින් එකට එන කට්ටියව කොල්ලො ටිකක් අරගෙන ගිහින් එලවලා දාලා තිබුනා.

ඉතින් ඔහොම මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සහ නදී සුපුරුදු ලෙසම බෑංකුවක රාජකාරි කරමින් කට්යුතු  කරගෙන්බ ගියා..

අවුරුද්දයි මාස 10 පසු............

කෙල්ල දවසක් ගෙදර ඇරිලා එනකොට පරක්කු උනා.දෙසෑම්බර් මාසයේ ඔය සිදුවීම උනේ

කෙල්ලගේ ගෙවල් පෑත්තේ එහේ ලොකුම කලබගෑනියක්,

කෙල්ලගේ බාප්පා හොදටම බීලා ඇවිත් ගෙදර මහ කලබගෑනියක්.(ඔය සිදුවීම සම්පූර්නයෙන් මම අහගත්තේ මගේ යාලුවෙක්ගෙන්) ඉතින් බාප්පා හොදටම රන්ඩුව ඇදගෙන එතන...

ඒත්........නොහිතපු වෙලාවක.......

බාප්පා කුස්සියේ තිබුනු මන්නයක් අතට අරගෙන එලියට පෑනලා ඇවිත් කෙල්ලගේ අම්මගේ ඔලුවට ගහලා.

අම්ම ලේ විලක මෑරිලා වෑටුනා මගේ කෙල්ලගේ ඉස්සරහම......

අනේ දෙවියනේ මාමා ඊලගට කෙල්ලගේ පෑත්තට හෑරිලා......????????

කෙල්ලට මන්නේන් කොටලා,ඔය සිදුවීම ඔහොම වෙනකොට ගමි මිනිස්සු බාප්පාට ගහල අල්ලගෙන පොලීසීයට බාර දුන්නා.මගේ කෙල්ලව ඉස්පිරිතාලයට ගෙනිච්චා.එතනින් කොළබ 72 හදිසි අනතුරු වාට්ටුවට ගෙනිච්චා.

"පෑයකින් පස්සේ ලෑටා මගේ බොඩිමට ආවා."

"ඇනා ඉක්මනට ලෑහෑස්ති වෙයන් ඉස්පිරිතාලයට යන්න"

"මොකටද බන්?"

"උබේ කෙල්ලට බාප්පා මන්නයකින් කොටලා කොළබ ඉස්පිරිතාලයේ යමන් යකො"

"මොකක් අනේ මචන් කෙල්ලට අමාරුද?"

"මම දන්නේත් නෑ බන් ඒක......අපි යමු ඉක්මනට"

"මගේ කෙල්ලට මොකක් හරි උනොත් මම බාප්පාද මොකාද එකාව මරාගෙන මෑරෙනව මචන්"

"ඒවා පුලුවන් වරෙන් දෑන් යන්න"

කොහොමහරි අපි දෙන්න බයික් එකක් හොයාගෙන විනඩි කීපයකින් ඉස්පිරිතලයට ආවා.

මගේ කෙල්ල 72 වාට්ටුවේ ඇදක් උඩට වෙලා ජීවීතයත් මරනයත් අතර සටනක...මම එදා හොදටම ඇඩුවා.ඒක මගේ ජීවීතයේ දුක්බරම මොහොතක්

කෙල්ලට සිහියක් නෑ..මම එයා ලගම ඉස්පිරිතාලයේ කල්පනාකරමින් දවස් 5 විතර කන්නේත් නෑතුව උන්නා.මගේ ලග ලෑටා වගේම ගමේ ඔක්කොම කොල්ලො ටික ඇවිත් උන්නා.

ඒත් 6 දවසේ උදේ පාන්දර 6.15 මම පන පිටින් වෑලලුව වගේ මට දෑනුනා.

දොස්තර කෙල්ල ජීවීතයෙන් සමු ගත්තා කියලා මට කීවා..එදා ඉදන් එයාගේ අවසන් කටයුතු කරනකන් මම මොනවා කලාද කොහොම හෑසිරුනාද කියන්න මම අදවත් දන්නේ නෑ.....ඒක මොකක්ද කියලා අහන්නත් එපා..

අවසානයේ මගේ ජීවීතය විනාශම උනා.හිතින් මෑරි මෑරි අඩපු හෑම වෙලාවකම ලෑටා මගේ ලග උන්නා.

සියදිවිනසාගන්න හදපු වාර අනන්තයි ඒත් කවෘහරි කෙනෙක් මට ඒකට එදා ඉදන් අද වෙනකන් එරෙහි උනා.

අද දවස.......

මම කෙල්ලගේ එකම බලාපොරොත්තුව උනු හොදට ඉගෙනගෑනීම ඉශ්ට කලා.ඒත් මට කවදාවත් ආයේ වරම් නෑ මහත්තයෙක් වගේ ඇවිත් මාව අරන් යන්න කියපු ඉල්ලීම ඉටු කරන්න

අදටත් ඒ මතකය තුල මාව ජීවත් කරවනවා.මෙය ලියන මොහොත වෙනකොට මට එයාව අහිමි කරලා හරියටම වසර 4 වෙනවා.ඔය අවුරුදු ගානේ අපි දෙන්නා හමු උනු දවසේ වගේම එයාගේ උපන්දිනය උනු සෑප්තෑම්බර් 10 වෙනිදාට මම එකම ඉල්ලීමක් දෙවියන්ගෙන් ඉල්ලනවා..

"අනේ දෙවිදුනේ අපි දෙන්නට ඊලග බවයකදීවත් එකතු වෙන්න ලෑබේවා"

ලෑටා දෑන් කතිකාචාර්ය කෙනෙක් කෑලනිය විශ්වවිද්යාලයේ.ඒකාට කෙල්ලෙක් ආයේත් සෙට් උනා.ලබන අවුරුද්දේ ලෑටා විවාහ වේවි.

සුදා සම්පූර්නයෙන් කසිප්පු ජාවාරම නවත්වලා පොල් විකුනන්න පටන් ගත්තා.දෑන් සුදාට යමක් කමක් තියෙන කෙනෙක්.දෑන් මිනිහා යටතේ මිනිස්සු එහෙමත් වෑඩ කරනවා හොදට

ගොට්ටා ඒකාට නිවුන්නු කොල්ලො 2 ඉපදුනා.මිනිහා ස්ලිම් ලයින් කියන ගාමන්ට් එකක ඉහල පෙලේ රෑකියවක් ලබාගත්තා.

කෙල්ලගේ බාප්පා බොගම්බර සිර කදවුරට වෙලා තමන් කරපු පව් වලට විදවනවා.මාමා තමන්ගේ වෑරදි පිලිගත්තා ඒ වගේම එයාව 20 අවුරුද්දකට බරපතල වෑඩ ඇතුව සිරගත කලා.

මම එකපාරක් එයාව බලන්නත් ගියා.මට වෑදලා සමාව ඉල්ලුවා.මගේ පන,මගේ ජීවීතය විනාශ කරපු ඒ මිනිහාට මම අනුකම්පා කලා.ලෑටා එහෙමනම් ගහන්නත් ගියා.

අවසානයේ ඇනා තනි උනා...අද දවසේත් එයා මාව හොයාගෙන එනකන් මම බලාගෙනම ඉන්නවා......

ඔබේ සුසුම් පොද ලග
ඉන්න ආසායි ආයේත්
ඔබ එන්නේ නෑති වගෙ
නොදන්නවා නොවුනාට
ඒ උනුසුම නෑතුව
මම කෙසේ ඉන්නද?........

තවත් එක් ආත්මයක ඔබ
මගේ වෙන තුරා
මම වගේම ඔබත්
ඉමු දෑස් දල්වාගෙනම.........

පුරා වසරකට ආසන්න කාලයක් ඔබ වෙත දිගෑහුරුනු ආදරයේ මිහිරියාව මෙලෙස අවසන් කර සමුගන්න අවසර.....

මෙයා සදාකාලිකවම සමුගෑනීමක් නොවන අතර අප කලින් සදහන් කරනවා සේම ඔබගේ ප්‍රතිචාරයන් වලට අපගේ ගමන් මග වෙනස් කල හෑකි බව මතක් කර සිටිමු....

ඔබ සෑමට ජය!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්








ආදරයේ මිහිරියාව {අටවන දිගෑහෑරුම}



අදත් වෙනදා වගේම කලින් කලාපයන් වලට ඔබගේ වටිනා අදහස ලබාදුන් සියලුම දෙනාට මගේ ගෞරවය හිමි වෙනවා.එසේනම් අද කතාවේ අවසානය

අවසන් උනේ

කෙල්ල බෑහෑලා ගියා.මම අර පෙට්ටියත් කරගහගෙන ගම බලා පිටත් උනා

අද එතෑන් සිට

කොහොම හරි මම ගෙදරට ඔය පෙට්ටියත් කරගහගෙන ආවා.කඩලා බෑලුවාම පොත් කන්දක්.හුගක් පොත් මම පොඩි කොල්ලන්ට බෙදලා දෑම්මා.

කොහොමහරි මම කෑම්පස් යන්නත් ටිකටික රෙඩි උනා.මොනවා නෑතත් ගොට්ටා,සුදා එහෙම ෆුල් අප්සට් එකනම් මට හොදටම පෙනුනා.උන් ඇත්තටම හොද එවුන්.ඒ යාලුවො අදටත් ඉන්න එකනම් හුගක් වටිනවා

ඉතින් ඔය දුක් මුසු සිදුවීම් බලාගෙනම මම කෙල්ලත් එක්ක හෙට නුවර යන්න රෙඩි උනා.ඔය කාලේ ජොබක් කලේ සුදා ඒකත් ජොබක්ම නෙමේ,ගොටටගෙනුත් අත මරුවට අරගෙන කොල්ල හෙට උදේම යන්න සුදානම

මම ඉතින් උදේ 7 වෙනකොට ටවුන් එකට ආවා.හෑමදාම වගේ කෙල්ලත් පරක්කු වෙලාම ආවා.

දෙන්නාම කුරුනෑගල බස් එකකට නෑගලා ඉදගත්තා.

"ඔයානම් හෑමදාම පරක්කුයි බබි"

"පරක්කු උනේ දෙයක් නිසා,ඒක මම නුවරදීම කියන්නම්"

"මොකද දෑන් කීවොත් ඒකට ඇස් වහ වදිනවාද?

කෙල්ල හිනා වෙලා අහක බලාගත්තා.එයත් එක්ක ඉන්න අන්තිම දවස මට ඇත්තටම දුක හිතුනා.මොකද මම මෙයාව ලබාගත්තේ හරිම අමාරුවෙන් ඉතින් මෙයාව දාලා යන්නත් වෙනවා.

"බබී.......ඔයා මට කතාකරනවාද?"

"ඔව්......ඔයා දන්නවානේ අනූ මට ඔයාව හෑමතෑනකම පෙනේවි."

කොහොමහරි බස් එක පිටත් උනා.මම හෙමින් කෙල්ලගේ උරපත්තට ඔලුවත් තියාගෙන ආවා.එයාට අද හරිම සතුටුයි.පව් කෙල්ලෙක් ලබන අහිංසක සතුටට මම බාදාවක් කරන්න ගියේ නෑ.ලොකු බෑග් මල්ලක්ම උස්සගෙන ටවුන් එකට ආවාම මට ඒක තේරුනා.

කුරුනෑගලින් උදේට අපි කෑම කාලා,හා හා පුරා කියලා නුවර බස් එකට නෑග්ගා.විනාඩි 15 විතර බස් එකත් පිටත් උනා.

"බබි.......ඔයාට හරිම සතුටුයි නේද?"

"හ්ම්.....ඔයාත් එක්ක යන පලමු ගමන......මට කවදාකවත් අමතක වෙන්නේ නෑ"

එහෙම කියලා මගේ අත හයියෙන් අල්ලගත්තා.

කොහොමහරි ඔය කතා මෑද්දේම අපි දෙන්නා නුවරට ආවා.එයා මටත් කලින් මල් එහෙම අරගෙන මාලිගාවට යන්න සුදානම

"මාලිගාවට යන්නම ඔනද බබී"

ආයේ අවුස්සන්න ලෑබෙන්නේ නෑති නිසා මම එහෙම ඇහෑව්වා.

"විකාර කියවන්න එපා.මට යන්න ඔන,"

"හරි හරි යමු අප්පො ඔයානම්..........."

"මොකද?"

"හරි බබො......යමු"

ඔහොම කියලා අපි දෙන්නාම මාලිගාවට ඇවිත් තෙල් මල් පූජා කරලා එලියට ආවා.මම දෑක්කා මාලිගාව ඇතුලේදී කෙල්ල මොනවාද මන්දා වෑදගෙන මතුරනවා.

"බබී......."

"මොකද"

"ඔයා මොනවාද මාලිගාව ඇතුලේදී වෑදගෙන ප්‍රාර්තනා කලේ?"

"ඔයාට මොකටද ඒවා"

"යකො හරි වෑඩක්නේ මගේ කෙල්ල කරන ප්‍රාර්තනා කරන දෙයක් මට දෑනගන්න බෑරිද?"

"මම කීවේ ඔයාට කවදාවත් මාව අමතක වෙන්න එපා කියලා,ඒ වගේම ඉක්මනටම මම ඔයාගේ බිරිද කරගන්න ඔයාට ලෑබේවා කියලා"

"කොච්චර කීවත් ඔයාට මාව සත 5 තරම්වත් විශ්වාස නෑ නේද?"

"අනේ නෑ බබා,මට ඔයාව මටත් වඩා විශ්වාසයි,ඒත් මට බයයි ඔයාව මට නෑති වෙයිද කියලා"

"කොහොමද එහෙම වෙන්නෙ?"

"කොළඹ කෙල්ලො ගෑන මම දන්නවා අනූ.....අනේ පරිස්සම් වෙන්න"

"හරි හරි අපි යමු වෑව රවුමේ පොඩ්ඩක් ඇවිදින්න"

එහෙම කියලා මම මගේ කෙල්ලත් එක්ක වෑව රවුමේ පොඩ්ඩක් ඇවිදලා,එයා මට ගෙනාපු කෑම එකත් කාලා,එයාව මගේ තුරුලට අරන් දෙන්නාම කල්පනාවක වෑටුනා.

"බබී.......මට හෑමදාම කතා කරන්න හොදද?"

"හ්ම්......."

"බබී මට ඔයාව හුගක් මතක් වෙයි.......මගේ හිත තියෙන්නේ ඔයා ලග බබා"

එහෙම කියපු සෑනින් මෙයා මාව බදාගෙන අඩන්න ගත්තා.....මිනිස්සුත් අමුතු විදිහට බෑලුවොත් කියලා ඉක්මනට අහකට ගත්තා

"මට ඔයාව නොදෑක ඉන්න බෑ කියලා ඔය දන්නවානේ මගේ අනූ.....මට ඔයාව අරින්න හරිම ලොබයි...ඒත් මට ඔයාව තියාගන්න බෑ....අපි දෙන්නා වෙනුවෙන් ගිහින් හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වගේ ඇවිත් මාව අරගෙන යන්න"

"පුලුවන්නම් මම ඔයාව දෑන් අරගෙන යන්නේ"

"මම ඔයා ගෑන හොදටම දන්නවා බබා"

"අපි යමුද අනූ...."

"හ්ම්....."

එහෙම කියලා කෙල්ල මගේ බෙල්ලට මාලයක් බෑන්දා....ඒක හරිම සරල මාලයක් සිල්වර් මාලයක්...ඒක මට රටක් වටින නිසා බෙල්ල ගෑලවුනොත් මිසක් ගලවන්නේ නෑ කියලා මමත් හිතා ගත්තා.




කොහොමහරි අපි නුවර ඉදන් අපේ ගම් බලා පිටත් උනා.සුදාට මගට එන්න කියලා මම කොල් එකක් දාලා කෙල්ලව ගෙදරට ගිහින් බෑස්සුවා.මෙයා බෑහෑලත් හොදටම අඩ අඩා ඉන්නව දෑක්කා.....හ්ම්...........
මොනවා කරන්නද ඉතින් කියලා මම හිත හදාගෙන ගෙදරට ආවා.

හවස් වරුවේ ඒ කියන්නේ රෑ අටට විතර මගේ හොදම යාලුවො ගොට්ටා,සුදාගෙන් සමු ගත්තා.උන් දෙන්නාගේ පින්තූරයක් උන් මට රාමු කරලා දුන්නා.උන් එක්ක අන්තිමට සෙට් උනා

පහුවදා පාන්දරම මම මගේ ආදරනීය කෙල්ල,මගේ ගම.......ගහ කොල හෑමදේමකින් සමු අරගෙන කොළඹ බලා පිටත් උනා

ඔන්න එහෙනම් අදත් අපි ගිමන්හලට විරාමයක් තබනවා.අද වෑලන්ටයින් දවස

සියලුම ආදරය කරන සෑමටම සුබ ආදරවන්තයින්ගේ දිනයක්ම වේවා

ඔබ ලබා දෙන ප්‍රතිචාරයන් වලට අපේ හෑමදාම ස්තූතිය ලබාදෙනවා

ජයවේවා!!!!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්

ආදරයේ මිහිරියාව {සත්වන දිගෑහෑරුම}


 
 ගිමන්හලට හද බෑදගත් ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

2011 වගේම 2012 නව වසරේත් ගිමන්හලත් සමග සිටින ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

ඔන්න එහෙනම් දිගු නිහෑඩියාවකට පසු ගිමන්හලේ ආදරනිය කතාව අරබන්නයි අපේ සුදානම.බොහො පිරිසක් අපෙන් නිතරම අසන්නේ මෙම කතාවට අවසානයක් නෑතිද?,නෑත්නම් මේකත් මෙගා ටෙලි නාට්‍යක් වගේද කියලායි.නමුත් මෙහි අවසානයක් තියෙනවා එතකන් ඉවසන්න ප්‍රිය හිත මිතුරනෙ........

අවසන් උනේ..........

අපි කොල්ලො සෙට් එකම කෙල්ලගේ ගෙදර ගිහින් ආවා.

අද එතෑන් සිට.......

ඔන්න අපි කොහොම හරි කෙල්ලගේ ගෙදරට ගිහින් විකාර නටලා අවුලක් නෑතුව ගමට ලගා වුනා.

හවස් වරුවේ කොහොමහරි ලෑටාගේ ගෙදරට සෙට් උනා.ගමනේ ආතල් කතා කරන්න.කොහොමහරි ගොට්ටා මගේ කාඩ් එක කුඩු කරලා දෑම්මා.

"උබලා දන්නේ නෑනේ,ඇනා හිටපු විදිහ කෙල්ලත් එක්ක?"

"මොකද යකො උබ හිතුවාද මම අහවල් දේ කලා කියලා"

 මම කියලා දෑම්මා.

"අම්මො මචන් මම ඔවා ඔන තරම් දෑකලා තියෙනවා මේකගේ..."

ලෑටා කට දෑම්මා.

"ලෑටො උබ දෑන් හෙට යනවාද?"

"ඔව් බන් මම හෙට උදේ පාන්දරම යනවා."

"මමත් මේ සතිය අන්තිමට එනව කොළබට"

"කවදද බන් උබලාට පටන් ගන්නේ"

"බදාදා පටන් ගන්නවා මචන්"
.
"එල එල එහෙනම් ඊලගට කොලඹදී සෙට් වෙමුකො"

"අනිවා"

කොහොමහරි මම කට්ටියගෙන්ම සමුගෙන ගෙදරට ආවා.ටිකක් රෑ වෙලා මලක් කඩන්න පටන් ගත්තා.

"බබි........."

"පොඩ්ඩක් ඉන්න බබො"

"මොකද?"

"මම ඇදුම් මදිනවා අනේ හෙට මට වෑඩට යන්න"

කොහොමහරි මම පෑයකින් විතර කෙල්ලට කතා කලා.දන්නවානේ කෙල්ලන්ට ඇදුම් මදින්න ඉතින් ගොඩක් වෙලාව යනවානේ

"බබී,දෑන්වත් හරිද?"

"හරි...බබො"

"මොකද මේ වෙනදාට වඩා මට ආදරයක්......"

"ඔයාට මුකුත් මතක නෑ මම තරහම තරහයි."

"අනේ බබො,තරහ වෙන්න එපා.මට ඇත්තටම මතක නෑ"

"කතා කරන්න එපා මගේත් එක්ක මම පොන් එක තියනවා."

"ඔය ඉතින්,හරි හරි කියන්න බලන්න මට මොකද කියලා මම අදවත් මතක තියගන්නම්කො"
.
"මොඩයා........"

"ඔව් මම මොඩයානේ ඉතින් ඔයාගේ"

"ඔයාට අද වගේ දවසක තමා මාව අයිති උනේ,මතකද අපි අදට අම්බුලුවාව ගිහින් හරියටම අවුරුද්දක් වෙනවා."

"නෑ......."

"ඉන්නවා පනින්නේ නෑතුව,අනික ඔයා අද මාව බලන්න ආවානේ........මම හිතුවා ඔයාට ඒක මතක ඇති කියලා ඒත් මම කියනකන් ඔයා  ඒක දන්නේ නෑ"

"හරි බබො,ආයෙ කවදාවත් මම අමතක නොකර  ඉන්නම්කො ඔය දවස"

"පන්ඩිතයා"

කෙල්ලො කියන්නේ මහ අමුතු ජාතියක් කියලා ඇනාට ඒදා තේරුනා.මොකද කොල්ලන්ට වඩා කෙල්ලන්ට හොදට දවස් එහෙම මතකයක් තියෙනවා.ඇත්තටම අදටත් මට වෑඩිය එහෙම විශේශ දවස් මතකයක් නෑ.

"බබී.......ඒක නෙමේ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා".

"මොකක්ද අනූ?"

"මම ඔයාට හුගක් ආදරෙයි බබො, හුගක්ම...... හුගක්"

"හ්ම්......මම ඒක දන්නවා,ඒ වගේම මට ඒක හොදටම දෑනෙනවා අනූ"

"ඒත් මම බදාදා යනවා කොලඹ"

"කමක් නෑ ඔයා යන්න අනූ.....ගිහින් හොදට ඉගෙන ගන්න,පස්සේ ලොකු මහත්තයෙක් වෙලා එන්න මගේ ලගට"

"පිස්සි"

"ඔයාට හිතෙනවා ඇති මම හරිම බොලද කෙල්ලෙක් කියලා,නෑ අනූ මම මේවා හෑමදෙයක්ම කියන්නේ හොදටම හිතලා"

"මම දන්නවා,ඔයා ගෑන ඔයාටත් වඩා බබො,මම එහෙම හිතන්නේ නෑ කවදාකවත්"

"ඔයා යන්න කලින් මට පොඩි උදව්වක් කරන්න ඔනේ අනූ...."

"මොකක්ද?"

"මාව අගහරුවාදා දළදා මාලිගාවට එක්ක යන්න ඔනේ,ඔන්න බෑ කියන්න එපා."

"පිස්සි...... එක්ක යන්නම්කො ඔයා දන්නවානේ ඔයත් එක්ක මම තනි වෙන්න හරි කෑමති කියලා"

"අප්පො........කීවොත් මොකක් හරි කෑත කතාවක් තමා,ඔය කට රිදෙන්නේ නෑද්ද ඔහොම කියවලා අනූ....."

"ඔයත් එක්ක නෑතුව මම කාත් එක්ක කතා කරන්නද?"

"හරි හරි පන්ඩිතයා හෙට උදේම එන්න,මම බලන් ඉන්නවා.හෙට පන්ති එනවානේ නේද? ටීචර්"

"හ්ම්....."

"එහෙනම් මම නිදාගන්නවා අනූ බුදුසරනයි"

"බුදුසරනයි"

කොහොමහරි හෑමදාම වගේ මම එදාත් උදේ පාන්දරම කෙල්ලව ඔෆිස් එකට දාලා මම පන්තියට ගියා.අද දවල් වරුවේ කොල්ලො ටික ඒ කියන්නේ මගේ ගොලයො ටික මාවත් ඇදගෙනම ටවුන් එකට ගියා.පෑයක් විතර ටවුන් එකේ රස්තියාදුවක් ගහලා පන්තියට එනකොට පන්තිය සරසලා හරියට මගුල් ගෙයක් වගේ

මට වෑඩේ හිතාගන්නවත් බෑ.ඒත් ටිකකින් මට කඩ්ඩ කියලා දුන් මගේ මුල් ගුරුතුමා හෑමදේටම කලින් වේදිකාවට ඇවිත් කතාවක් පටන් ගත්තා.

"අද මෙහෙම අපි හදිසියේ මෙහෙම උත්සවයක් ලෑහෑස්ති කලේ ලගදීම අපෙන් වෙන් වෙලා උසස් අධ්‍යාපනය සදහා පිටත් වෙන අනුපියට සුබ පතන්නයි."

මට එහෙම කිව්වාම දෙලොව පොල් පෙනුනා.දෙවියනේ මම  කොළඹ යනවාට මගේ ගමේ මිනිස්සු බහුතරයක් ඊරිසියාවේ පුපුරනවා.ඒත් මේ මිනිස්සු මම යනවාට මට සුබ පතනවා.

කොහොමහරි උත්සවයක අසිරියම ගත්තා.මම කලින් දවස් වල කරපු වීඩියො වගේම,මම නටපු පිස්සු එහෙම කොල්ලො ටික වීඩ්යො කරලා දාලා උන් මගේන් හොද ආතල් එකක් අරගත්තා.

අවසානයේ සර් මට හෙන ලොකු පාර්සලයක් දුන්නා.ඒක අල්ලනකොටම මට හිතුනා පොත් තමා කියලා.පස්සේ මට බෑරිම දේ කරන්නත් මට ආරාධනා කලා.

ඒක තමා කතාවක් කරන එක.

මමත් ඉතින් සෑමගේන්ම අවසර අරගෙන කතාව පටන් ගත්තා.

"මෙහෙම දෙයක් මම වෙනුවෙන් කලාට ඔයාලා ඔක්කොටම පින්.මට උබලා කවුරුත් කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ වගේම කඩ්ඩ මෙලො දෙයක් බෑරිව මෙතනට ඇවිත් මට කඩ්ඩ කියලා දුන්න සර් ඔයාට පින් සර්.ඉංග්‍රිසි කොහේ හරි මම කතා කලොත් ඒකේ ගෞරවය එන්නේ ඔයාට සර්"

එදා කතාව මම කොහොම කලාද මම අදටවත් දන්නේ නෑ.නමුත් මම අදටත් ගමට ගියොත් සර් බලන්න යනවා.මොකද අද එයා උගන්වපු දේ නිසා මම යම් තරමක හොද තෑනක ඉන්න නිසා.අපි කොච්චර ඉහල ගියත් අපි සරල වෙන්න ඔනේ,අනික අපි මුල අමතක කරන්න නරකයි.

ඒක ඔයාලා කොහොම හිතයිද දන්නේ නෑ,හිත මිතුරනේ ඒක මගේ අදහසක් පමනි.

කොහොමහරි ඔය ලොකු පෙට්ටියත් උස්සගෙන මම හවස ටවුන් එකට යනකොට එක්කෙනෙක් ඉන්නවා මූන නිකන් පොල්ලෙන් ගහලා අල්ලපු මාළුවා වගේ..

"මොක්ද ඔය මූනට උනේ?"

එහෙම කියපු ගමන් ගස්සගෙන බස් එකට නෑග්ගා.මම මොකටද සෙකන්ඩ් වෙන්නේ කියලා මම නෑග්ගේ නෑ.

බස් එක පිටත් උනා.මෙයා හිතුවා මම නගී කියලා,පස්සේ මෙය බස් එකෙන් බෑහෑලා ආයෙත් මගේ ලගට ආවා.දෑන් ඉතින් වෑඩේ චාටර් නිසා බුම්මගෙන ඉන්නවා.

"මොකද බස් එක කෑඩුනාද?"

"නෑ....ගිනි ගත්තා."

"කොහෙද.....?,කො පේන්නවත් නෑනේ......"

"ඔයා,මට කරන ආදරය බොරුවක්,අපරාදේ මම අර අයියා ලගට ගියානම් මේ මුකුත් නෑ.එදා මම ඔයාට පනින්න ඇරියානම් අම්බුලුවාගලින් මේ මුකුත් වෙන්නේ න එ මට"

මාව පන පිටින් පිලිස්සුවා වගේ මට දෑනුනා.කවදාවත් මට මෙහෙම කියයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.ඒත් කෙල්ලෙක්ට හරි ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද කියලා මට හිතුනා.

මම අනිත් පෑත්ත හෑරිලා යන්න හෑදුවා විතරයි,නදී දුවගෙන මගේ ඉස්සරහට ආවා.මාව අල්ලගත්තා.

"පින් සිද්දවෙයි මට යන්න දෙන්න"

"බෑ..........ඔයා මාව එපා කීවත් මම එනවා."

ඔන මගුලක් කරගන්න කියලා මම අත ගසලා යන්න ආයෙත් හෑරුනා.

"ඔයාගේ හිත හරියට රිදෙනවා නේද අනූ.............මම පොඩි දෙයක් කීවත් ඒක ඔයා ලොකුවට හිතනවා.මම මෙහෙම කලේ පලි ගන්න නෙමේ,ඔයාට මම හුගක් ආදරෙයි.ඒක වෙනස් වෙන්නේ නෑ කවමදාකවත්.ඔයා මොකද අද මාව අරගන්න ආවේ නෑත්තේ? සමහරු අනම් මනම් මට කීවා,දෑන් තරහ ගන්න එපා.කෙල්ලෙක්ට හොද රෑකවරනයක් ඔනේ කොල්ලෙක්ගෙන්,ඒක මටත් එහෙමයි,බබො,ඔය මගේ කොල්ලා,ඔයාට පුලුවන් වෙන්න ඔනේ මාව බලාගන්න හොදට?"

"මට අද......."

එහෙම කියනකොටම එයා මගේ කට වෑහුවා.

"අනික අද ඉදන් මාව වෙනදාට වඩා හොදට බලාගන්න ඔනේ තේරුනාද ඔයාට,මට තව දවසයි ඔයත් එක්ක ඉන්න තියෙන්නේ"

අනේ මන්දා,කෙල්ලො කියන ජාතිය අපිටනම් කවමදාකවත් තෙරුම් ගන්න බෑ.

"බබී........අපි යමුද,ඔයාගේ පඩි වදන් අහලා මට නිකන් පිස්සු වගේ?"

කොහොමහරි බස් එකට නෑගලා ආදරවන්තයන්ටම බස් වල වෙන් කරල තියෙන තෑනක් අල්ලගත්තා.

"මොකක්ද මේ පෙට්ටිය අනූ....?"

මගේ කෙල්ල මුලින්ම දෑම්මා වචනය

"මේකෙ මේ.........තෑග්ගක් තියෙන්නේ,කෙල්ලෙක්ට?"

"විකාර කියවන්නේ නෑතුව කියනවාකො මොකක්ද කියලා?"

"මට සර් දුන්නේ මේක බබී,එයලා සුබ පතලා මට මේක දුන්නා."

"හ්ම්......"

"ඔන්න ඔය හේතුව නිසයි මට ඔයාව අරගන්න එන්න බෑරි උනේ.තෙරුනාද?"

"අනූ.... මේක තියාගන්න "

මට එහෙම කියලා ලොකු පාර්සලයක් දුන්නා.ලොකු කියන්නේ ඉතින් ලොකුමත් නෑ.ලියුම් කවරයක්.මම ඇරලාම බෑලුවා.මොනරු මිටියක්

"මොනවද?"

"අනූ.....අද මගේ පඩි ඔයා මේක තියාගන්න ඔයාටත් දෑන් හොදටම වියදම් එනවා ඉස්සරහට තේරුනාද,ඒක නිසා තියාගන්න"

"මට එපා.ඔයා තියාගන්න"

මම එහෙම කලේ,මම එයාට ජොබක් සෙට් කරලා දුන්නේ මට හම්බ කරගන්න නෙමේ.එයාට කියක් හරි එන ආදායම් මාර්ගයක් තියෙන්න ඔන නිසා.

"අනේ.....තියගන්න අනූ..."

"මට එපා,දෑන් හෙට කීයටද එන්නෙ?"

"කොහෙ යන්නද?"

"මහ ලොකුවට කීවේ නුවර යන්න ඔනේ කියලා?"

"හෙට උදේ 7 වෙනකොට මම ටවුන් එකට එනවා,මම එනකොට ඇවිත් ඉන්න."

"මට එහෙනම් පාන්දර 4 විතර එන්න වෙනවා.ඔයා කීයට ආවත් මම ඉන්න එපෑ"

"විකාර කියවන්න එපා,මොඩයා"

"හරි,හරි මම එන්නම්කො,ඔන්න ඔයා බහින තෑන ලගයි,කියවනවා විතරයි.ඒවා මම කියන්න ඔනේ"

"අනූ,මම අද ඔයාගේ හිත රිදෙව්වාට මට සමා වෙන්නෙ"

එහෙම කියලා මගේ අත් දෙක අල්ලලා,මට වදින්න සුදානම් උනේ

"විකාර කරන්න එපා බන්,මම ඔවා හිතන්නේ නෑ,හෑබෑයි මේ එහෙම උනු අන්තිම වතාව වෙන්න ඔනේ තෙරුනාද?"

"හ්ම්....."

"ගෙදර ගිහින් මට කොල් කරන්නකො"

කෙල්ල බෑහෑලා ගියා.මම අර පෙට්ටියත් කරගහගෙන ගම බලා පිටත් උනා.

ඉතින්,අද කතාව මම මෙතනින් නවත්වනවා.මොකද මේක තව දික් උනොත් එහෙම ඔයාලට ගිමන්හල එපා වෙනවා.එහෙම කරන එක ගිමන්හලට හොද නෑ.

කලින් අවුරුද්දේ ඔයාලා ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට මගේ ස්තුතිය

මේ අවුරුද්දේ ඉදන් ගිමන්හලට මාසයකට කතා සතරක් දාන්න තමා හිතාගෙන ඉන්නේ,

"ඔකට වෑඩිය කතා දාන්න එපා,මාසයකට උබ 5 වෑඩියෙන් දානවා ඒක නිසා ඒක අඩු කරපන්."

ඔහොම කීවේ බ්ලොග්කරනයේ ඉහලටම ආපු විද්වත් මිතුරෙක්

ජයවේවා!!!!!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්

ආදරයේ මිහිරියාව {සයවන දිගෑහෑරුම}


 
ඔන්න ඉතින් අද දවසේත් ගිමන්හල කරලියට පිවිසෙන්නයි සුදානම.කලින් කලාපයට ඔබ ලබා දුන් ඉහලම ප්‍රතිචාර වලට ගිමන්හලෙන් ස්තූතිය ඔබලාට පුද කරන අතරම අද දවසේ එහි කතා බහ සිදුවන්නේ සයවන දිගෑහෑරුමයි.බොහො දෙනෙක් අසන කරුනක් වන්නේ මෙහි අවසානයක් නොමෑති කතාවක්ද යන්නයි,නමුත් ලොව සෑම දෙයකම අවසානයක් පවතින විට මෙහිද අවසානයක් නොවන්නේ කොහොමද?.ඔබ ගිමන්හලේ දිගටම රෑදුනොත් ඔබටද එහි අවසානය කෙලෙස විසදේද කියලා අපි කියන්න සුදානම්

අවසන් උනේ........

මම කොල්ලො තුන් දෙනත් එක්කම කෙල්ලගේ ගෙවල් ලගටම ආවා

අද එතෑන් සිට.....

අපි ගෙවල් ලගට එනකොට එහේ එකම යුද්දයක්.කට්ටිය අපිව පිලගන්න සුදානම.ලෑටා එක්ක කට්ටියම ඔන්න ගෙදරට ඇතුල් උනා.මුලින්ම මගේ මාමන්ඩිය එලියට ආවා. ඔයාලට මතක ඇති මෙයා ගෑන මම කලින් කියලා තියෙනවා.ටිකක් කන්න බොන්න එහෙම රුසියා කියලා


"මේ.....ඇහුනාද මෙන්න අර දරුවො ටික ඇවිත්"

දරුවො එතන හිටියේ මමයි,ලෑටායි විතරයි.ගොට්ටා,සුදා එතින් කොහෙද දරුවො වෙන්නේ උන් බෑදලාත් එක්කනේ

"අපි බෑලුවා මොකද පරක්කු කියලා"

නදීගේ අම්මත් කුස්සියේ ඉදන් පොල් කටු හෑන්දත් අරගෙනම මිදුලට ආවා


ඔයාලා දන්නවානේ නදී කියන්නේ හරිම දුප්පත් කෙල්ලෙක්,එයාලගේ ගෙදර පොඩි පෑල්පතක්.ඉතින් ඒකේ තිබුනේ පොඩි පිලිකන්නක් විතරයි.හරිම දුප්පත්

"දන්නේ නෑද්ද නෑන්දේ ආටා එක පොඩ්ඩක් විතර ලෙඩ දුන්නා,ඒක නිස එන්න පරක්කු උනා"

සුදාට ඔහොම කියනකොට ටිකක් මල පනිනවා.මොකද මිනිහගේ වාහනය තමා අපි හෑමදේකටම ගන්නේ,අනික ඒක සුදා නියමෙට තියාගෙනත් ඉන්නවා,ඒහෙම කියපුවාම ඔකට සුපිරි මල


"මොකද ඔයාලා පරක්කු උනේ?"

මගේ කෙල්ලත් එලියට ආවා.අදනම් එයා හරිම ලස්සනයි,කොන්ඩේත් කඩලා දාලා,ඒක එයාට හරිම ලස්සනට තිබුනා.

"මෙන්න මේකාට ඇහෑරුනේ නෑ,අන්තිමට අපිම බලෙන් ඇදගෙන ආවා"

ලෑටාගේ හෑකර කට පටන් ගත්තා.


"මොකද එලි වෙනකන් කලේ අනුපිය?"

අනුපිය......කෙල්ලො කොච්චර කපටිද?වෙනදාට මට අනූ කියනවා වෙනුවට එහෙම කීවා,අනූ කීවොත් ගෙදර අයට තේරෙනවානේ

"නින්ද ගියේ නෑ,මොකද මන්දා"

මම ඒහෙම කියලා කෙල්ලෙගේ දිහා හොරෙන් බෑලුවා.මමනේ දන්නේ අද වෙනකන් මම හිටපු අමාරුව


"දුවේ,මෙයාලට මෙන්න මේ ටික අල්ලන්න"

අම්මා කුස්සියේ ඉදන් කතා කරන සද්දේට කෙල්ල ගිහින් අපිට තේ කහට ටික අරගෙන ආවා

"අප්පේ මොකටද මන්දා මෙච්චර කරදර වේලා"

 ලෑටා කියනවා

"උබට ඒකෙන් වෑඩක් තියෙනවාද ඔන්න ඔක බීලා දාපන්"

 සුදා කීවා

කොහොම හරි තේ එහෙමත් බීලා,ලෑටා හීමින් මගේ කනට කරලා මේහෙම කීවා


"ඇනො,මචන් මමයි,සුදායි මාමන්ඩියා ශේප් කරගන්නම්,ගොට්ටා කෙල්ලෙගේ අම්මා බලාගනි උබලා දෙන්නා වෑව දිහාට පලයන් හරිද ඔන්න බලපන් ලෑටා ගේමට එන්ටර් වෙන විදිහ"

එහෙම කියලා ලෑටා නෑවතත් කතාව පටන් ගත්තා.

"මාමේ මේහෙට වෑස්සේ නෑද්ද?"

"ඊයේනම් ලාවට වගේ පොදයක් ගියා."

"අපිට ඊයේ හොදටම වෑස්සා"

මේකාගේ පට්ට පල් බේගලය,ඊයේ වහිනවා තියා හිතුවේත් නෑ අපේ ගමට,මොනවා උනත් මම වෙනුවෙන්නේ මේකා කට්ට කන්නේ,ඔය අතරේ ගොට්ටා කෙල්ලගේ අම්මාව අල්ලගෙන ලොකු කතාවක්.ඔකා මොනවා කීවාද කියලා මමනම් අද වෙනකන් දන්නේ නෑ,අපි බලමුකො සුදා කොහොමද කතාවට එන්නේ කියලා


"මාමේ,මෙහේ නෑද්ද සෙකන්ඩ් හෑන්ඩ් බයික් එහෙම,මම ආටා එක විකුනන්නයි බෑලුවේ"

එහෙම කියලා සුදා හිමින් සෑරේ ආටා එක දිහාට ගියා

"අපරාදේ විකුනන්නේ,මමත් හොයනවා ආට එකක්"

"එහෙමද?"

ලෑටාත් එහෙම කියාගෙනම ආටා එක දිහාට ගියා.


"සුදා උබ අලුත් සෙටප් එකක් ගෑහුවාද බන්" 

ලෑටා කියනවා

මාමන්ඩියත් හිමින් සෑරේ එහේම කියලා අරුන් දෙන්නා ලගට ආවා.

"මේ.....කොටයක් තියෙනවා මාමා,මොකද කියන්නේ පෙරලමුද?"

සුදාගේන් මාමාට අන්තිම සිල් පදය කඩන්න ආරාධනාව

"මොනවාද" මාමා අහනවා


"විස්කි බාගයක්,ගෙදර තිබිලා මම දාගෙන ආවා,මාමා පාවිච්චි කරයි කියලා හිතුන නිසා මොකද කියන්නේ"

"ජාති......කොල්ලො හිටපන්කො මම මොනවාහරි හපන්නයි,කොප්ප ටිකකුයි අරගෙන එන්නම්"

එහෙම කියලා මාමා කුස්සියට දිව්වා.ඔය අතරේ ලෑටා දුවගෙන මගේ ලගට ආවා


"ඇනා,කොහොමද මගේ ටිකිරි මොලේ?"

"මෙහේ බොන්න එපා හු*** පලයන් කෑලය දිහාට"

"හරි බන්,ඔන්න දෑන් උබේ වාරේ"

එහෙම කියලා ලෑටා කෙලින්ම ආටා එකේ ඇතුලේ,මාමාත් හනික ආවා.

පුතා,ඔයත් යමු"


මටත් මාමාගේ ආරාධනාව,මම ගිහින් කොහොමද ඔක කියන්න බෑනේ මෙයාට මම මෙහෙම කියලා දාලා ශේප් උනා

"මාමලා යන්න,මම ඉන්නම් අරයත් ඉන්නවානේ"

"එහෙනම් අපි ගියා"

එහෙම කියලා කට්ටිය ගියා.

නදී ටිකකින් කුස්සියේ ඉදලා මගේ ලගට ආවා.

"බබී කට්ටියම ගියා බොන්න,යමු වෑව දිහාට"

"අනූ,අම්මා මාව හොයයි"

"ගොට්ටා,එයාව බලාගනී,ඔයා එන්නකො යන්න."

"හ්ම්...."

අපි දෙන්නා කතාවක් නෑතුවම වෑව් තාවුල්ලට ආවා.කුරුල්ලො ටික කෑගහනවා අපි ආවාම හරියට උන් ටික අපි එනකන් බලන් ඉදලා වගේ,වෑව හුගක් හිදිලා,තෑන් තෑන් වල විතරක් ටිකක් වතුර තිබුනා.

"අනූ......"

"මොකද බබී"

"නෑ...මට බය හිතුනා"

"මොකටද ඔයා ලග මම ඉන්නකොට බය වෙන්නේ මොකද කෙල්ලේ?"

එහෙම කියලා මම කෙල්ලව මගේ ලගට ඇදල ගත්තා


"ඔය නිකන් ඉන්න දෙන්නකො,ඔය හරියට වල් වෙලා අනූ"

"හරි හරි දෑන් කියන්නකො මගේ කෙල්ලේ මොකටද බය උනේ ඔයා"

"ඔයා එන්නේ නෑති වෙයි කියලා"

"පිස්සි.....මම ආවානේ"


"හ්ම්.."

මම වෑවේ තිබුනු ලස්සන නෙලුම් මලක් කඩාගත්තා.තෑන් තෑන් වල මලක් දෙකක් තිබුනා.නට්ට කඩ්ලා මල කෙල්ල ලගට අරගෙන ආවා.

"මොකද අනූ මල කෑඩුවේ"

මම මුකුත් නොකියා එයාගේ කොන්ඩේ අස්සේ ඒ මල ගෑහුවා.


"ඔන්න ඔකට කෑඩුවේ මල"

"පිස්සා"

"මට කියන්න බලන්න අද මට ඔයා මොනවද හෑදුවේ කියලා"

"හ්ම්.....ඔයා ආසම කජු මාලුව"


"ඊයා,ඒවා කන්න පුලුවන්ද,මම කෑමතිම නෑ" 

 එහෙම කියලා මම හොරෙන් කෙල්ලගේ දිහා බෑලුවා.කෙල්ලගේ මූන එක පාරටම මලානික උනා.

"ඔයා හොද නෑ,අනූ හෑමවෙලේම මගේ හිත රිදවනවා,මම යනවා යන්න"

එහෙම කියලා කෙල්ල යන්න හෑරුනා.

"කොහෙ යන්නද බබො"

එහෙම කියලා මම එයාව මගේ ලගට ආයේත් ඇදලා ගත්තා.ආදරයේ සොදුරුම මොහොතක අපි දෙන්නා තනි උනා.


"බබී......මට ඔයාව ඉක්මනටම මගේ ලගට ගන්න ඔනා"

"මමත් ඒ දවස එනකන් බලාගෙන ඉන්නේ රත්තරනේ"

කෙල්ල එහෙම කියලා මගේ පපුවට තුරුල් උනා.මම කතා කරන්න හෑදුවත් එයා මගේ කට වෑහුවා.මට හරියට දුක හිතුනා මගේ කෙල්ල ගෑන.මට පුදුම විදිහට ආදරය කරනවා.උපරිම ආදරයක්,මම අහස දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තා.මගේ සේරම ප්‍රශ්න විසදුනා වගේ මට හිතුනා.
එක පාරටම අපි ලග ඉදලා හූ පාරක් ඇහුනා.මට නිකන් මරන බය දෑනුනා.දෙන්නාම නියමෙටම ගෑස්සුනා
ගොට්ටා අපි දිහා බලාගෙන ඉන්නවා.මගේ කෙල්ලට ලෑජ්ජාව වගේ මූනම ජම්බු ගෙඩිය වගේ රතු උනා.

"යකො,අම්මා කොහෙද"

"අම්මා,දියට ගියා උබ කියන්නේ මටත් දියට යන්න කියලාද එයත් එක්ක"


අපි දෙන්නාටම හිනා ගියා,පස්සේ ගොට්ටා කෙල්ලගේ පෑත්තට හෑරුනා.

"මම බලාගෙන හිටියේ ඔයා මේකාගේ බෙල්ල මිරිකන්න හදනවා"

ගෑනු ලමයා හිමීටම බිම බලාගෙන මගේ පිටිපස්සට ආවා

"බබී,මෙන්න මෙයා මොනවාද අහනවා"

"ඔයා කියන්න"

"ගොට්ටා,මෙයාට ලෑජ්ජයි වගේ"

"අම්මා,නාලා ඉවර උනාම මම මිස් කොල් එකක් ගහනවා තොපිලා වරෙව්"

"හරි හරි බන් එන්නම්"

"අපේ කොල්ලාව මරන්න එපා නංගී අපි යනවා"

"බබී.....එයා ගියා කො බලන්න මගේ දිහා"


කාලයකින් අපි දෙන්නා ඇස් දෙක දිහ බලාගෙන උන්නා.ඒ බලාගෑනිල්ල ගොට්ටා මිස් කොල් 5 විතර ගහනකන් ඔහේ උන්නා.කොහොමහරි අන්තිමට කෙල්ලට ඇහිලාම මට පොන් එක පෙන්වපු නිසා ඉක්මනට ගෙවල් පෑත්තට හෑරුනා.

අපි එනකොටම වගේ බොන්න ගිය කට්ටියත් ආවා.මුන් මාමාට හොදට සලකලා වගේ,කෙල්ල අපිට කෑම රෙඩි කරන්න කුස්සියට ගියා.ලෑටා,සුදා මගේ ලගට ආවා.මාමා කාරයා හොදටම ඩොප් වෙලා වෑනි වෑනිම ආවා.මට බය හිතුනේ මේක බීවම තිරිසනා වෙන නිසා


"ඇනා,මුලු විස්කි එකම මේකා අමුවෙන් ගෑහුවා බන්,අපි දෙන්නා ශොට් දෙකයි ගෑහුවේ වතුර බොන්න වගේ මේකා අශොක ග්ලාස් එකකටම විස්කි එක දාලා ගෑහුවා,මල පෙරෙතයෙක් බන්"

"අම්මො.....උබලට පෙවුනෙ නෑනේ ඒකත් හොදා"

සුදා මාමාව අල්ලලා එතන තිබුනු බූරු ඇදට දෑම්මා.කොහොමහරි ටික වෙලාවකින් මිනිහා නිදි.


"පේනවානේ පුතේ අපට තියෙන කරදරේ,මෙයා ඔයාලටත් පෙව්වේ නෑනේ"

අම්මා,ලෑටාගෙන් ඇහුවා.උත්තරය දුන්නේ සුදා

"අනේ නෑ නෑන්දේ,ටිකක් වෑඩි උනා ගෙදර යන්න බෑ කියනකොටත් අපි මෙයාව බලෙන් අරගෙන ආවා,නෑන්දේ දෙහි ගෙඩියක් ගන්නකො කපලා"

සුදා මට කින්ඩියට හිනාවක් දාලා මාමාගේ ඔලුවෙයි,කකුලෙයි දෙහි ගෑවා.

කොහොමහරි ඒදා කෑම බෙදලා මේස වලට අරින්න එහේ මේස නෑ.තිබුනෙත් එකම හෙලවෙන මේසයක්.කෙල්ලගේ තත්වය ආයෙත් කියන්න දෙයක් නෑනේ ඔයාලට

ඉහල පෑලෑන්තියෙ කෑම නොතිබුනත්,කෙල්ලගේ කජු මාලුව හරිම රසට තිබුනා.සාමාන්‍ය කෑම වේලක් අපි කෑවා.ගහක් යට බංකුවක ඉදගෙන කනකොට තව මොනවාද ඉතින්?


අන්තිමටම අපි කට්ටියම ඉතින් වේලක් අපේ බඩගින්න නිවපු අම්මට දන ගහල වෑදලා යන්න සුදානම් උනා.මාමාට කතා කරන්න බෑලුවත් මිනිහා ලී මොල වගේ ගොරවනවා.

"නදීකා අපි යනවා,මම අන්තිමට කීවා"

"හ්ම්.......පරිස්සමට යන්න ගිහින් මට කොල් එකක් දෙන්න"

 අම්මාට ඇහෙන්නේ නති වෙන ගානට වගේ කීවා

අන්තිම මොහොතෙත් සුදා අම්මගෙන් වතුර එකක් ඉල්ලලා අම්මව කුස්සියට යවලා ඒකා මෙහෙම කියල ආටා ඒකට නෑග්ගා


"නංගී ඊලගට අපි එන්නේ ඔයාව මනමාලියක් විදිහට අපේ ගමට ගෙනියන්න හරිද?"

කට්ටියටම හිනා ගියා,ඔකාගේ මහ අසමජ්ජාති කතාවට කොහොමහරි වටින් ගොඩින් අදුර වෑටීගෙන එනකොට වගේ අපි පිටත් උනා.

අරුන් තුන්දෙනා යන ගමන් මාව නියමෙට බයිට් කලා

"ඇන ඔන්න මාමා උබෙ මාමාට පෙව්වා,ඒ වගේම් දෙහිත් ගෑවා "

 සුදා කියනවා.


කොහොමහරි ඔහොම පිස්සු නට නටා අපි ගමට ආවා.ඉතින් ඔන්න ඔහොමයි එදා දවසේ අපි කෙල්ලගේ ගෙදරට ගිහින් සිද්ද උනේ.ඒවා අදටත් අපිට නියම සතුටක් දෙන මතකයන්,මම හිතන්නේ ජීවිතය තියෙනකන් ඒවා අමතක වෙන එකක් නෑ.නමුත් අද දවසේ හුගක් දේවල් වෙනස් වෙලා.අද මොනවාද වෙලා තියෙන වෙනස බලන්නම් ඔයාලා තව දවස් කීපයක් ඉවසන්න වෙනවා.


ගිමන්හලේ අපි අද දවසේත් ඔබලාට ගෞරවනීය ආරාධනා කරනවා ගිමහ්ලට ඔබගේ ප්‍රතිචාරය ලබා දෙන ලෙස,හෑමදාම කියනව වගේ අපිට ඒක ලොකු දෙයක්.මොකද කතාව ගලාගෙන යන්නේ ඔබලාගේ ලබා දෙන ඉහල ප්‍රතිචාර නිසා

මොනවා උනත් ගෙවෙන හෑම තත්පරයක්ම ඔබලාට හුගක් වටින නිසා ගිමන්හලට
 ගොඩවෑදුනාට අපේ ස්තුතිය පිරිනමනවා

අද දවසේත් අපිට මෙය ඔබ වෙත ගෙන ඒමට උපකාරි කල සියලුම ගිමන්හලේ සංස්කරන කටයුත් වල නියලෙන මගේ හිතමිතුරන්ටත් මගේ ස්තූතිය පුද කරනවා.

එසේනම් රෑදී සිටින්න ඉක්මනින්ම අපි යලි මුනගෑහෙමු ගිමන්හලෙන්


ජයවේවා!!!!!


ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්

ආදරයේ මිහිරියාව{පස්වන දිගෑහෑරුම}


  ඔන්න සති තුනක දිගු නිහෑඩියාවකින් පසු අපි ගිමන්හලට ඔබ වෙනුවෙන් එකතු වෙන්නයි සුදානම,අදත් සුවහසක් සයිබර් අවකාශයේ ගිමන්හලට හද බෑදි ආදරනිය අපගේ රසිකයන් වෙනුවෙන් ආදරයේ මිහිරියාවේ පස්වන දිගෑහෑරුම දිගහරින්නයි සුදානම

කලින් කලාපයන් වලට ඔබලා ලබ දුන් ප්‍රතිචාර වලට අපි හිස නමා ආචාරය දක්වන්නෙමු,එලෙසම අප හට පස්වන කලාපය නිකුත් කිරිමට සිදුවු ප්‍රමාදය නිසා ඔබලා ලබාදුන් විවෙචනයටද අපේ හිස පහත් කරමු
එලෙසනම් අද දවසේ ඔබ වෙනුවෙන් දිගෑහෙරෙන්නේ ආදරයේ මිහිරියාවේ පස්වෑන්නයි.

අවසන් උනේ..........

මම නිදීකාව බෑන්කුවට ඇරලවලා පන්තියට උගන්වන්න ඇතුල් වුනා

අද එතෑන් සිට.........

පන්තිය කරන එකනම් ඇනාට එක හිතකින් කරන්නම බෑරි උනා.කෙල්ලට මොකෙක් හරි කේස් එකක් දාලාද දන්නේත් නෑනේ,මොනව උනත් මගේ ජීවිතයේ මුලින්ම කියලා උගන්වන එක නිසා උපරිම හොදට එකත් කලා.පන්තියත් මම මුලින්ම කරපු දවස නිසා කලින් එවර කරලාම දෑම්මා.ටිකකින් මගේ පරන යාලුවෙක් කතා කරනවා.

"අඩො........පො*"

"රෑ වෙලා වරෙන් පෙන්වන්න පො* කියල"

"ඇනා,මට පට්ට රෑග් දුන්නා බන් ලොවෙත් නෑ"

"තොට හොද වෑඩේ ලෑටො"

 "තො නම් කියයි,ඇනා මම හෙට පාන්දරම එනවා උබ වෙනුවෙන්"

"හරි වරෙන්කො,සෙට් වෙමු"

කොහොමහරි මම එදා දවසත් උපරිම අමාරුවෙන් ඇදගත්තා මගේ නීලු නෑතුව,ආදරය කරනකොට එකිනෙකාව නොදෑක ඉන්න බෑ කියන්නෙ සහතික ඇත්ත,මොකද මම එදා හවස පන්තිය ඉවර උනු ගමන් ටවුන් එකට දිව්වේ පිස්සු හෑදිලා වගේ,හෑමොම මට හිනා උනා ඒත් මට කොහෙද ඔවා ගෑන ගානක්

 බෑන්ක් එක ලග මම නීලු වෑඩ ඉවරවෙනකොටම,පිස්සු බල්ලා වගේ මට හොදටම හෑති,ටිකකින් මගේ කෙල්ල බෑන්ක් එකෙන් එලියට ආවා.

"මොකද අනූ,ඔයාට උනේ දාඩියත් දාලා,කොන්ඩෙත් අවුල් වෙලා රන්ඩු උනාද කාත් එක්ක හරි"

"නෑ,මම එක්කෙනෙක්ට පොරොන්දු උනා එයාව අරගන්න එනවා කියලා"

 "පිස්සා"

"හ්ම්.......කවුරු නිසාද එහෙම උනේ"

"මම හරිම වාසනාවන්තයි ඔයාව මට අයිති උනු එකට"

"විකාර නෑතුව ඉක්මනට යමු"

 කොහොමහරි අපි දෙන්නා ටවුන් එකට ඇවිත් බස් එකකට නෑග්ගා.බස් එකත් අපිටම වාගේ හොදටම ගාටන්න ගත්තා,බස් එකට කලින් දුවලා යන්න පුලුවන්,

"බබි,බස් එක නියමයි"

"මොන නියමක්ද ගාටනවානේ"

"මට ඔයත් එක්ක ගොඩක් වෙලා ඉන්න පුලුවන්නේ"

 එහෙම කියලා මම එයාගේ උර පත්තේ ඔලුව හෙමිහිට තියාගත්තා,හිත පිරුනා,පුදුම සතුටක් හිතට              ආවා.ඒක ලව් කරපු කෙනෙක්ට හොදටම තෙරෙනවා.

"මොකද අනේ වෙලා තියෙන්නේ,මිනිස්සු දකි"

"මම වගේ කෙනෙක් එක්ක මෙහෙම යන එක ඔයාට ලෑජ්ජාද බබී"

 "අනු..........ඔයා එහෙම කීවේ මොකද මට"

"නෑ නිකන්"

එහෙම කියන්නත් කලින් මෙයා මට හොදටම තුරුල් උනා,ඉක්මනටම මම අයින් උනා,මට වඩා මගේ කෙල්ලගේ වටිනාකම මම දන්න නිසා මොකද කෙල්ලෙක්ගේ වටිනාම වස්තුව චරිතය

 "අනේ........අනූ.ඔයා හොදම නෑ මට ඉන්න දෙන්න එහෙම"

"මිනිස්සු දකිනවා,එවා කවදා බෑරිද"

 "පිස්සා"

එයා එහෙම කියලා බස් එකෙන් බෑහෑලා ගියා,වෙනදා වගේම මම මනො පාරක් ගහගෙනම ගෙදර බලා පිටත් වුනා.හවස් වරුවේ කොල්ලොත් එක්ක පිට්ටනියට සෙට් උනා,ඔය අතරේ........

 "අඩො..........ඇනා,මොකද පො** ප* තො හන්දියට ආවේ නෑත්තේ මාව ගන්න,උබ වෙනුවෙන් එනවාට ඔන්න අපිට සෑලකිලි"

ඔයාලා දන්නවානේ කව්ද කියලා ලෑටා,ඒකත් මාව හොයාගෙනම ආවා

"අඩො,නෑ බන් මම එන්න ටිකක් පරක්කු උනා බන් ගෙදර"

"උබට ඉතින් දෑන් කරත්ත දක්කන්නත් තියෙනවානේ,යකො උබ අනිත් දෙන්නටත් කීවද?"

 "අඩො කීව එක හොදා,මම සුදාටයි,ගොට්ටාටයි දෑන් කොල් එකක් දාන්නම්"

මම ඒ වෙලේම උන් දෙන්නාටත් කතා කරලා විස්තරය දුන්නා.කලින් කීවා වගේම උන් දෙන්නා වෙන වෑඩක් එහෙමත් දාගෙන තිබුනේ නෑ

කොහොමහරි මම ලෑටාවත් ගෙදර ලගට දාලා මමත් ගෙදරට ආවා.වොශ් එකක් එහම දාලා මලක් කඩන්න සෙට් උනා.

 "බබි........"

"හ්ම්..."

"මොකද බස්සෙක්ද?"

"නෑ...."

"එහෙනම්"

"ඉස්සෙක්" එහෙම කියලා හිනා වුනා.

"විකාර"

"අනූ....කෑවාද?"

"තවම නෑ,තවම මම මල් කඩනවා"

"විහිලු නෙමේ හෙට එනවානේ,මම බලාගෙන ඉන්නවා උදෙන්ම එන්න බබො"

 "මම පාන්දරම ඇවිත් ඉන්නද ගෙවල් ලගට වෙලා"

"පිස්සා"

"හරි මම එන්නම් 10 විතර හරිද බබී"

"හ්ම්......."

"එහෙනම් මම තියනවා"

 "එපා..........අනූ,තව කතා කරන්න පටන් ගත්තා විතරනේ"

"මට නිදිමතයි"

"එපා,එපා නිදියන්න,මට ඔයා කතා කරනව කියන්නේ ලොකු දෙයක් බබො,කලින් යාලු වෙලා හිටපු අයියා සදුදා එනවා අනූ.....මම මොකද කරන්නේ,මම කොහොමද දෑන් එයාට මූන දෙන්නේ"

 "ඒකත් එහෙමද?"

"මොඩයා වගේ ගහගන්න යන්න එහෙම එපා තේරුනාද?"

කොහොමත් කෙල්ලෙක් වෙනුවෙන් ගහගන්න තරම් ඇනා මොඩයෙක් නෙමේ,අනික ඔය කොල්ලත් මම වගේම එයාට හූගක් ආදරය කරන්න ඇති කියල මට ඉස්සරම ඉදන් තේරුනා.

 "හරි........හරි"

"මට එකම බය ඔයා ගහ ගනි කියල අනූ එයත් එක්ක,මට පොරොන්දු වෙන්න ඔයා එහෙම කරගන්නේ නෑ කියලා"

"පොරොන්දු වෙනවා මගේ රත්තරනේ"

එහෙම කියලා මම රෑට මල් කඩමු කියලා පොන් එක තිබ්බා.දෑන් ඉතින් තව ප්‍රශ්නයක්,එකක් ඉවර වෙනකොට තවත් එකක්
 ඒකටත් ඉතින් කොහොම හරි මූන දෙන්නම වෙනවා,කියලා හිතාගෙනම මම නිදාගත්තා.

පහුවෙනිදා කොහොමහරි උදේ පාන්දරම ආටා එක කෑසට් එකක් කරගෙනම මගේ පාපතර මිතුරන් ටික ගෙදරට කඩාපාත් උනා.

"අඩො,පො** ප* නෑගිටපිය හු***"

 ලෑටාගේ හෑකර කට වෙනදා වගේම අදත් මුලින්ම ඇහුනා.

"මට නිදාගන්න දීපන්කො"

"යකො,අද නදීව බලන්න යන්නේ නෑද්ද උබ එතකොට"

මාව එකපාරටම දුන්න වගේ ගෑස්සිලා ඇහෑරුනා,

 "මල හු*** හු** මල් පෙත්තයි,ඔහොම හිටපන් මම පටස් ගාලා එන්නම්"

එහෙම කියලා මම යන්න රෙඩි උනා,කෙල්ලෙක් බලන්න යන නිසා ඉතින් දන්නේ නෑද්ද සුපිරියටම රෙඩි උනා.

"ඇනො,උබ අද බදිනවාද බන් කෙල්ලව?"

එහෙම ඇහව්වේ ආටා එකට නගින ගමන්ම එකේ හිටපු සුදා

 "පිස්සුද බන් යමන් ඉක්මනටම,මම කෙල්ලට කීවා ඉක්මනට එනව කියලත්,කොහෙද උබලා පරක්කු උනානේ"

"අනේ ඇනො,උබව දුම් ගස්සලා මරන්නේ මම" ලෑටා කීවා

 කොහොමහරි ඔය මගොඩියො තුන් දෙනාත් එක්කම මම කෙල්ලගේ ගෙවල් ලගටම ආවා,කෙල්ලගේ ගෙදරදී ඇනාට මොනවා වෙන්න ඇතිද?අරුන් තුන් දෙනා මගේ පටි රොල් කලාද?

ඔය ඔක්කොම ඉතින් ඔයාලට බලන්න තව දවස් කීපයක් ඉවසන්න වෙනවා.

 ඒ වගේම මෙම කතාව මුල ඉදන් කියවන අපේ මූනු පොතේ ගිමන්හල ප්‍රෙක්ශකයින්ටත්,වගේම ලොව දස දෙස පුරා විසිරි සිටින ගිමන්හලට හද බෑදි හිතවතුන්ටත් අපගේ හිස නමා ආචාර කරනවා.ඔයාලාගේ අදහස අපිට ලොකු ශක්තියක් ගිමන්හලේ ඉදිරි කටයුතු සදහා,

ඒ වගේම ඔබලාගේන් මෙම කලාපය නිකුත් කිරීමට මෙතෙක් කාලයක් ලබා ගෑනිම හෙතුවෙන්ද ගිමන්හල සමාව ඉල්ලනවා.

 අදත් ගිමන්හලට මෙම දිගෑහෑරුම ඉදිරිපත් කිරීමෙදී මිහිල රෙඩියොව ලබා දුන් සහයොගයට අපගේ ප්‍රනාමය පුද කරමු.

ජපානයේ දිදුලන ලාංකීය සකුරාව
       
           මිහිල

ඔබටත් වරක් පිවිස වෙනස එහි වටහා ගන්න අපි ආරාධනා කරනවා

 http://mihilaradio.com/

 සෑමටම ජයවේවා!!!


ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්