මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

සිරිපාදයට අවාරයේ ගිය ගමනක් ( අවසානය )

 


ඔන්න එහෙනම් අපි අදත් ගිමන්හලට ගොඩවෑදෙන්න සූදානම්,කලින් අපගේ දෙවන කලාපය බලපු ඔබ සෑමටම මාගේ ස්තූතිය සහ එයට අදහසක් ලබා දුන් මිතුරාටද මගේ ප්‍රනාමය...එසේනම් අද බලමු කතාවේ ඉතිරිය කොහොමද වෙන්නේ කියලා

අවසන් උනේ.......
අපි සිරිපාදය නගින්න පලමු පියවර තිබ්බා...


අද එතෑන් සිට.....


සුමන දෙවි හාමුදුරුවන්ගේ රෑකවරන ලෑබේවා කියල අපි නගින්න පටන් ගත්තා.කොල්ලො ටිකේ කියවිල්ලත් එක්කම අපි දෑන් නගිනවා සිරීපාදය.
සුදාට එහෙම ඒක අලුත්ම අත්දෑකීමක්.කොහොමහරි මගදි එහෙමත් අපි බාර උනේ මේක හරිම අවදානම් ගමනක් නිසා.


කොල්ලො ටික අනම් මනම් වල් පල් කියවමින් උඩ මලුවට යනවා...තුන් සරනේ කවියක් එහෙම ඇහෙන්නවත් නෑ...තනිකරම කඩයක්වත් දකින්න ලෑබෙන්නේ හුගක් කලාතුරකින්....

ටිකිරා ගෙදරින් එනකොට ගෙනාපු විස්කොතු පෙට්ටි 3 වතුර බොතල් වලින් අපි මග දිගට බඩගින්න සහ දිය පිපාසය අඩු කරගෙන උඩ මලුවට යනවා...ඔය අතරේ ටික වෙලාවකින්......

මහ වෑස්සක් කඩාගෙන පාත් උනා...හෙන ගහන්න පටන් ගත්ත ඒ මදිවාට...කන් දෙක ලග බොම්බ අතාරිනවා වගේ....

"මචන්ලා...අපි ටිකක් මෙතන නෑවතිලා යමු..මෙහේ ඔහොම තමා ඉතින් වහිනවා ඒ එක්කම මුකුත් උනේ නෑ වගේ පායනවා..." ටිකිරා කීවා

"මේකා මේ පෑත්ත දන්න එකානේ එහෙනම් නවතිමු ඇනො"....සුදා කීවා

අපි කොහොමහරි ඉදිකටුපානට ටිකක් කිට්ටුවෙන් මග නෑවතුනා..ගෙනාපුවා කන්න පටන් ගත්තා අපේ එවුන් ආයෙත්..

"මොකක්ද යකො ඔය ආයේ කන්නේ" ලෑටා කෑගෑහුවා

"ලෑටො මචන් අපි එනවාට ආශිර්වාදයකට වගේ වහින්නේ" සුදා කියනවා

"ආශිර්වාදයක්.....වෙන්න බෑ අපිට යන්න එපා කියනවා වගේ සමන් දෙවියො...බලපල්ලා පඩිපෙල උඩින් පහලට ගලන වතුර වෑඩි වෙන්න යන්නේ...එහෙම උනොත් අපිට අද මෙතන ඉන්න වෙයි" ටිකිරා කියනවා

"මොකක් මෙතන ඉන්න....පිස්සුද උබට..මමනම් උඩමලුවට යනවාමයි"සුදා කියනවා.

"පිස්සෙක් වගේ වෑඩ කරන්න එපා බන් පොඩ්ඩක් ඉවසමු"...මම කීවා 


කොහොම උනත් වතුර පාර එන්න එන්නම හොදටම වෑඩි උනා,දෑන් නිකන් දියඇල්ලක් අපේ ලගින් ගලනවා වගේ,කිසිම පඩියක් උඩට නගින්නත් බෑ..ඒ මදිවාට වටේම මන්දාරම  ගිලගෙන...

"මචන්ලා අද රෑ අපි මෙතන අම්බලමේ නවතිමු..මෙතන අපට ඇති තරම් ඉඩකඩත් තියෙනවා"ටිකිරා හෑමටම තවත් බිස්කට් එකක් බෙදන ගමන් කීවා.

හෑමොටම පේනුනා කරන්න දෙයක් නෑ කියලා,සුදාට හොදටම තරහ ඒකා මුමුන මුමුන තනියම කියවන්න පටන් ගත්තා,සුදාට තනියම මුමුන ගන්න ඉඩ දීලා ලෑටා ටිකිරත් එක්ක වෑටුනු කතාවට අපි හෑරෙමු.

"මචන් මෙහෙම වහින්නේ කොහොමද බන්,බලපන්කො ලංකාවේ ඔක්කොම වෑහි එකපාර වහිනවා වගේ" ලෑටා ටිකිරාගේ කෑමරාවේ පින්තූර ටික බලන ගමන් ටිකිරාගෙන් ඇහුවා.

"ඒක තමා බන් මෙහේ හෑටි මේක දෙවියන්ගේ අඩවිය,මෙහෙට මුකුත් ගෙනත් දාන්නත් බෑ,ගෙනියන්නත් අපට බෑ,මට හිතෙන්නේ අපට හෑරිලා යන්න කියනවා වගේ,මේ හුලගත් එක්ක ඉටිපන්දමක්වත් පත්තු කරන්න බෑ බන්.ඒක නිස ඔන්න ඔහේ ඉමු."

"උබ කියන්නේ හෑරිලා යමු කියලාද බන් මෙච්චර දුරක් ඇවිත්,අද රෑ හරි අපි නගිමු මේක පෑව්වොත්,අඩො බලපන්කො ෆොන් වලට සිග්නල්වත් නෑ බන් කනුවක්වත්....අපි මෑරුනොත් මොකෙක්වත් දන්නේවත් නෑ"ලෑටා කියනවා

"අමනුස්සයෙක් වෙන්න එපා යකො...විකාර කියවනවා....උබලාගේ කටවල් දෑන්වත් පරිස්සම් කරගනිල්ලා උබලා අපට නොපෙනෙන හුගක් දේවල් මෙතන වෙනවා,බලපන් ගහන හෙන ටික...ඒක නිසා සමන් දෙවියන්ගෙන් ඉක්මනටම ඉල්ලපන් මෑරෙන්නේ නෑතුව ගෙදර යන්න"ටිකිරා බොහොම තරහෙන් අපට කීවා

ඔහොම වල් පල් කියවමින් අපි රාත්‍රි 11 වෙනකන් ඉදිකටුපානේ උන්නා..වෑස්ස ටිකක් අඩු උනා පෑය 4 විතර  එකදිගට වෑහෑලා හෑමතෑනම තෙත බරි වෙලා,අපි නෑවත උඩහට ගමන ඇරබුවා,ටිකිරා හෑරිලා යමු කීවත් සුදා වගේම මමත් කීවේ ආපු ටිකේ ඉතිරියත් යමු කියලා...අපේ සෑර විදුලි පන්දම් එලියට අදුර කපන්න හෑකියාවක් නෑ...හරියට අමාවක දවසක් වගේ...

කොඩුකාරයන්ව ඉදිකටු පානේන් ඉදිකටු ගසා නූල් ඇදගෙන ඉහලට නගින්න පටන් ගත්තා සුදා වගේම ගොට්ටාත් මහ නූල් කදක් හොදටම පෙගිලා සියල්ල අතෑරදාලා මිනිසුන් ගිහින්,අපේ ගමන ඉබ්බගේ ගමනටත් වඩා හෙමින් දෑන් ඉදිරියට යන්නේ මොකද අඩියක් අඩියක් පාසා හොදට ලෙස්සනවා.

"මචන් තව දුරද බන්?"සුදාගේ ඉස්සර ගහපු සිගරට් වල ෆිල්ටර් විසිවෙන ගමන් වගේ හෑති දමමින් අහනවා.

"අපො නෑ බන් තව පොඩ්ඩයි....තව පොඩ්ඩයි උඩ මලුවට තව පොඩ්ඩයි"ලෑටා තුන්සරනේ කවියක් මතක් කරමින් කෑගෑහුවා.

තවත් අම්බලමකට අපි එකතු උනා මොකද විශාල බෑග් කරගහගෙන ඇවිත් හොදට මහන්සිය බෑග් ටික පෑත්තකින් දාලා අපි ඔක්කොම ටිකක් මහන්සිය ඇරවගන්න පටන් ගත්තා...ටික වෙලාවකින් අපි ඔක්කොටම හොදට නින්ද ගියා,ඇහෑරෙනකොට පහුවදා උදේ 6 විතර ඇති

ටිකිරා කලින් නෑගිටලා ෆොන් එකට සිග්නල් හොයනවා,හතර වටේම ෆොන් එක කරකවනවා...

එදා අවට තිබුනු ලස්සන ගෑනනම් කියන්න වදන් නෑ,ඇත මීදූමෙන් වෑසුනු කදු...සීතල...වලාකුලු වලින් වෑහිච්ච ඉර කිරන විහිදුවන්න පොර කනවා ඒත් ගන මීදුමෙන්,වලාකුලින් ඉඩක් ඇත්තේම නෑ...හරිම සුන්දර උදෑසනක්....

කොහොමහරි දෑන් අපි උඩමලුවට හුගක් ලගයි...මහගිරිදබය නගින්න පටන් ගත්තා (මහගිරිදබය කියන්නේ සිරිපාදය යනකොට හමුවන තවත් එක් ස්තානයක් මෙහේ විශේශය වන්නේ කලින් තෑන් වලට වඩා මෙහි නගින පඩි  අතර විශාල දුරක් පෑවතීමයි )

හෑමොගේම දඩිය දාගෙන අන්තිම ටිකත් නගිනවා...ඔය අතරේ තමා උඩමලුව දිහාවේ ඉදන් චීවරධාරියෙක් අපේ පෑත්තට හරිම සන්සුන්ව වඩිනවා..කිසිම කලබලයක් නෑ.හරියට සක්මන් භාවනාව කරනවා වගේ...

"අඩො....ඇනා,ගොට්ටො අර බන්.....අර බලපන් එන කෙනා"

"මොකාද බන් එන්නේ....හුටා සාදු කෙනෙක්"

"කට පරිස්සම් කරගනිල්ලා දෑන්වත් "ටිකිරාගේ සෑර ආයෙත් 


"අඩො මේ මහ වෑස්සේ කොහේ යනවාද බන්?"...මමත් කට දෑම්මා.

"කොහේ ගියාම අපට මොකො අපි යමු"..ගොට්ටා ඊලග පඩියට කකුල තබමින් කීවා.

කොහොමහරි ස්වාමින්වහන්සේ අපි ලගට වෑඩම කලා.අපි සියල්ලම උන්වහන්සේට වෑද ආචාර කලා.උන්වහන්සේ අපෙන් මෙහෙම ඇහුවා.

"ඔය දරුවො කොහේද මේ ඇදුම් තෙමාගෙන යන්නේ "

"අපි උඩ මලුවට යන ගමන් හාමුදුරුවනේ "නඩේ ගුරා ටිකිරා කීවා.

"අවාරේ මොනවා කරනවාද ඔයාලා පුතාලා දෑන් ආපහු යන්න උඩ මලුවට යන්න බෑ...මම ඒක වහලා යන ගමන්"

අපි අනිත් අයට අහන්න ප්‍රශ්න ගොඩයි විශේශයෙන්ම සුදාට ඒකා ඇබරි ඇබරි උන්නා,මොකද ස්වාමින්වහන්සේට ටිකිරා විතරක් කතා කරන්නම් කියලා ඒකා අපට මුලින්ම කියපු නිසා,කොහොම හරි එහෙම කියලා උන්වහන්සේ අපි හෑමොටම හිනා වෙලා පහලට ගියා.

අපිට යන්න හිතුනේම නෑ.ඒත් එකපාරටම ආයේ වහින්න පටන් ගත්තා ඒක අපි පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුනු වෑස්සක්.අපිට ටිකක් පහලින් අම්බලමක් තිබුනා කට්ටියම ඒකට දුවගෙන ගියා.ඒත් අපිට ලොකු ප්‍රශ්නයක් ආවා.ඒ තමා අපිත් එක්ක කතා කරපු හාමුදුරුවො වෑඩම කරපු වේගයට වඩා අපි දුවගෙන පහලට ගියාට උන්වහන්සේ දෑක්කේ නෑ....ඇත්තටම දෑක්කේ නෑ කොහොමහරි අපි අම්බලමට ආවාම ටිකිරා කියපු දෙයින් අපි හොදටම බය උනා.

"මචන් ටිකිරො අපි මෙච්චර වේගයෙන් ආවත් අපට සාදු හමු උනේ නෑනේ" ලෑටාත් දෙගිඩියාවකින් වගේ කීවා.


"මචන් ලෑටා ඒ සාදු කෙනෙක් නෙමේ බන්" ටිකිරාගේ ඒ වචනයත් එක්කම අකුනකුත් පිපුරුවා ලෑටා අපි ඔක්කොම කට ඇරගෙන ටිකිරා දිහා බලන් උන්නා.

"ඔව් මචන්ලා ඔය උබලා දෑක්කේ සමන් දෙවිදුන්ගේ රූපය මම උබලාට ඔය කතාව කීවේ නෑ.අපි ඉස්සර ඉදන්ම ඒ කියන්නේ අපේ සීයාගේ කාලයේ ඉදන්ම අපි සිරිපාදයට දාන එහෙම ගේනවා මචන් අපේ තාත්තාත් ඔක දෑකලා තියෙනවාලු,උන් වහන්සේ අපිට කතා කලේ අපි එක වෑරෑද්දක්වත් කලේ නෑ,මම උබලාට සිගරට් ගහන්නවත් දුන් නෑ,තනිකරම කුනුහරපයක්වත් කීවේ නෑ...උබලා අපි මේවා හිතන්නේ නෑ බන්...බොරු රෙද්දවල් කියලා හිතන්නේ මමත් එහෙම හිතුවා බන් ඒත් කොහේ නෑතත් සිරිපාදයේනම් නොපෙනෙන බලවේග හුගක් වෑඩි බන්...මම උබලාට කීවේ අපි ගෙදර යමු කියලා ඔක තමයි හේතුව....මචන්ලා මට සමාවෙයන් මම කෑමති නෑ උබලාව තවත් ඉස්සරහට අරගෙන ගිහින් අනතුරකට දාන්න,අපි යමු දෑන්වත් පහලට" ටිකිරා අපෙන් ආයාචනා කලා.


අපි ටික එකිනෙකාගේ මූනු බලාගෙන කල්පනා කලා මම කතා කලා මුලින්ම

"ගොට්ටො,සුදා උබලාව අපි මෙච්චර දුරක් අරගෙන ආවා...මටයි,ලෑටාටයි සමාවෙයන් බන්...අපි සිරිපා සමයේ එමු නෑවත...."

"මට එකම දුක බන් ඒක නෙමේ උන් වහන්සේ එක්ක කතා කරන්න බෑරි උනු එක හරියට වාත්තු කරලා වගේ බන් හාමුදුරුවො උබලා දෑක්කද?"

"අම්මො ඔව් බන් හරිම ලස්සන හිමි නමක්" ගොට්ටාත් කතාවට එකතු උනා

"එහෙනම් අපි ගෙදර යමු"ටිකිරා අන්තිමටත් අපිට නායකත්වය දෙමින් පහලට යන්න අපි පටන් ගත්තා.

ඉතින් අපි අවාරේ සිරිපාගමන අවසන් කලේ ඔහොම..ඔය මගෙත් ගියපු පලමු වතාව උනා අවාරේ සිරිපාදයට පස්සේ ඔය ගියපු කට්ටියම ගියා සිරිපාදය කරුනා කරන්න එන ඔබ වගේ බෑතිමතුන් දමන පොලිතින් එකතු කරන්න...කොහොම උනත් සිරිපා වදින්න යන සමහර අය මත් වතුර,සිගරට් අරගෙන උඩ මලුවට ආවාට හිතන්න එපා මෙතන ඇති දෙවියෙක් නෑ කියලා....හෑම දේටම විශ්වාශය වෑදගත්

ඔබ නෑවතත් සිරිපාදයට යනවානම් මත්වතුර,පොලිතීන්,නොදිරන කොටස් ගෙන යෑමෙන් වලකින්න එය පරිසරයට හානිදායකයි,අපි අපේ පරිසරය රෑක ගන්න දායක වෙමු. මෙන්ම ගිමන්හලේ කන්ඩායමටත් වෑඩි බරක් පහලට ගෙන ඒමට සිදුවන නිසා....

ඔබගේ ගල්,මුල්,මල් අපි බලාපොරොත්තු වෙමු,වෙනදා වගේම ඔබ අපත් සමග එකතු උනාට ඔබට තුති.

ඔබගේ අදහස් යොජනා අපට දෙන්න එකතුවන්න මුනූපොතේ ගිමන්හල පිටුවටත්

ගිමන්හල

එසේනම් මෙය ඉදිරිපත් කිරීමට සහය දෑක්වු සිය්ලුම දෙනාට තුති....අපි නෑවත ඉක්මනින් මුන ගෑහෙමු.....

ජයවේවා!!!!!!!!!!


පසු සටහන :-
 මෙය ගෙතුමක්වත්,ප්‍රොඩාවක්වත් නොවන අතර 2009 වසරේ මා ඇතුලු මගේ හිතවතුන් මුහුන දුන් සත්‍ය සිදුවීමකි..


x

සිරිපාදයට අවාරයේ ගිය ගමනක් (දෙවන වෙලුම )



ඔන්න එහෙනම් අපි අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි සූදානම.කලින් පලමු කලාපයට අපත් සමග එකතු වුනු ඔබ සෑමටත් සහ අපගේ ගිමහල වෙත ඔබගේ වටිනා අදහස අප සමග බෙදාගන්න කාලය වෑය කිරීම සම්බන්දයෙන් ඔබට අපගේ ස්තූතිය.එසේනම් වෑඩි කතා බහක් නෑතුවම අපි ගිමන්හලේ කතාව බලමු.

අවසන් උනේ.....

අපේ ගමන කොටුව දුම් රිය නෑවතුමෙන් ආරම්බ උනා

අද එතෑන් සිට.......

නෑගපු වෙලේ ඉදන් සුදා සහ ගොට්ටා එකම පිස්සුවයි හරියට බෑදලා තිබුනු බල්ලෙක් ලෙහෙලා දෑම්මා වගේ උන් දෙන්නා මුලු කොච්චිය පුරාම දුවනවා.මට දුකත් හිතුනා,මොකද උන් දෙන්නා පුදුම සතුටකින් ඉන්න නිසා.උන් දෙන්නාට පිස්සුව නටන්න ඇරලා මම ලෑටා එක්ක කතාවකට සෙට් උනා.

"ලෑටො අරුන් දෙන්නා නටනවා පිස්සො වගේ"

"ඔන්න ඔහේ ඔන මගුලක් කරගත්තදෙන්"

"ඒක නෙමේ උබ අපිට නවතින්න තෑනක් සෙට් කලාද?"

"හෑටන් වල මගේ යාලුවෙක් ඉන්නවා අපිට එහේ බඩු ටික තියලා ඒකත් එක්කම නගින්න පුලුවන්"

"ලෑටා අරුන් දෙන්නාගෙන් සුදා කොඩුකාරයා,ඒකව ටිකක් තදින් බලාගන්න වෙයි"

"සුදා හොදටම කොන්ට්‍රොල් වෙන්නේ මට නෙමේ උබට,ඒකා මට වඩා ආදරේ උබටනේ"

"ඒකත් එහෙමද එහෙනම් ඒක මම බලාගන්නම්,උබ අපිට නවතින්න තෑන බලපන්කො එහෙනම්"

"ලෑටා හෑටන් බහිනකොට 4 පහු වෙයි උබ ඒකව සෙට් කරගනින්"

"ඒවා හරි,අන්න අරකාගේ බොංගොව ගනින් සින්දුවක් පටන් ගන්න"
එහෙම කියලා ලෑටා වික්ටර් රත්නායක මහතාගේ ආදරයේ උල්පත වූ අම්මා" සින්දුව හෙමිහීට කියන්න පටන් ගත්තා.

සුදා ගොට්ටාත් ඇදගෙන අපේ පෙට්ටියට ඇවිත් සින්දුව පටන් ගත්තා.පෙට්ටියේ උන්නු කෙල්ලන්ටනම් සුදාගෙන් බේරුමක් නෑ,කෙල්ලන්ට ලයින් පාර හොදටම ඔවා ඉතින් කොල්ලො නොකර කවුරු කරන්නද?

"බොල සුදො උබේ ගෑනීට කියනවා නවත්වපන්,ඒකි මේකට පන ඇරලා ලව් කරනවා මේක මෙහේ ඒකීව දාල ඇවිත් වෙන කෙල්ලන්ට ලව් කරනවා" ගොට්ටා සෑරයක් දෑම්මා.

"බොල මම මුන් එක්ක අහවල් එකක් කලාද?" සුදාත් සද්දයක් දෑම්මා.

කොහොමහරි අපි කට්ටියම හවස 4 වෙනකොට ඔහොම විකාර කරමින් හෑටන් වලට ආවා.ටිකක් විතර සීතලක් එහෙමත් තිබුනා.

අපි ස්ටේශන් එකෙන් එලියට යනකොටම කාර් එකක් තිබුනා ස්ටේශන් එක ලගම ලෑටා දුවලා ගිහින් කොල්ලෙක් ඇදගෙන ආවා අපි ලගට

"මචන්ලා මේකා තමා ටිකිරා"

"මොකා කීවා"සුදාට ඩොං ගියා ඒක අහලා

"නෑ බන් අපිට කෑම්පස් එකේ කාඩ්  වදිනවානේ මගේ නම මදුරංග ද සිලවා"

"මම ඇනා,මේකා හොට්ටා,මේ සුදා"...එහෙම කියලා මම අනිත් එවුන්වත් ටිකිරාට අදුන්වලා දුන්නා

"කට්ටිය කාර් එකට නෑගලා පෑය බාගයකින් ලොකු ගෙයක් ලග නෑවතුනා"

සුදා හොරෙන්ම මගේ කනට කරලා

"අඩො මේක විකුනනවාද දන්නේ නෑ නේද?"

"මොකටද?"

"නෑ බන් බලපන්කො සයිස් එක"

ටිකිරාලාගේ ගෙදරින් අපිට උනුසුම් පිලිගෑනීමක් ලෑබුනා.ටිකිරා ගෑනත් දෙයක් කියන්නම් මිනිහා කෑලනියේ උන්නේ කලේ විද්‍යාව,දෑන්නම් ලංකාවේ නෑ,ලංකාවේ ජොබ් කලාට දොස්ම අහන්න වෙනවා කියලා ඒකා එංගලන්තයට ගියා.ටිකිරාත් බුද්දිගලනයට හවුල් උනා.

සුදා එහෙමනම් පොඩි නින්දක් දෑම්මා,මම ලෑටා එක්ක ගමන ගෑන කතා කලා

"ඇනා අපි හෙට උදේ පාන්දර 6 වෙනකොට යන්නත් පුලුවන් නෑත්නම් මෙහෙන් පාන්දර 3 විතර යන්නත් පුලුවන් මොකද හොද?"

"අපි මචන් උදේ පාන්දර යමු මොකද සුදා එහෙම පිස්සු නටන්නත් පුලුවන් නිසා"

ඉතින් අපි පාන්දර වෙනකන් ටිකිරාගේ ගේ පෑත්තේ කරක් ගෑහුවා.පුදුම ලස්සන ගෙවත්තක් උන්ට තිබුනා.කොහොමහරි අපි පාන්දර 3 විතර ලෑහෑස්ති වෙලා ගමන පිටත් වෙන්න සුදානම් උනා.

ටිකිරත් එක්ක කාර් එකේ ගිහින් නල්ලතන්නියේ එයාගේ යාලුවෙක්ගේ ගෙදර වාහනය දාලා අපි සිරිපාදය පෑත්තට ආවා.කට්ට කලුවරයි,ඒ මදිවාට කිසිම මිනිහෙක් නෑ.වෙනදාට ගම් වල නම් ගහගෙන තියෙන කඩවල් හුගක් පාලුවට ගිහින්

අපි මුලින්ම පහල තියෙන පන්සලට ගිහින් බාරයක් උනා අපි කරන්නේ නරක වෑඩක් ඒත් අපෙන් මේ පින්බිමට කිසිම වෑරෑද්දක් වෙන්නේ නෑ කියලා බාර උනා.සුදාටනම් මේවා අමුතු දෙයක් උනා.

"මොන රෙද්දටද බන් කන්දක් නගින්න අපි බාර වෙන්නේ"සුදා මගෙන් ඇහුවා.වෙලාවට ටිකිරාට එහෙම ඇහුනේ නෑත්තේ මොකද ඒකා හරිම බක්තිමත් එකෙක්

"උබව මම මරනවා මෙතන මතක තියාගනින් සුදා මේක කිසිම කුනුහරපයක් වගේම මට බෑ කියල කියන්නත් එපා,ඒ වගේම සමන් දෙවියන් එක්ක විහිලු කරන්නත් එපා අපිට ගෙදර යන්න බෑරි වෙයි එහෙම උනොත්"

එහෙම කියලා මම බුදුහාමුදුරුවො ඉස්සරහම ඒකාගෙන් පොරොන්දුවක් ගත්තා.

මොන චන්ඩියා උනත් සුදා ඒකෙන්නම් හුගක් බය උනා

අපි ගමන පිටත් උනා.ලාවට වගේ වෑස්සකුත් අපි යන ගමන අවදානම් පරිස්සමින් කියන්න වගේ ඇද වෑටුනා

සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි පලමු පඩිය තිබ්බා

ඉතින් මිතුරනේ අද දවසේ ගිමන්හලේන් අපි සමුගන්න සූදානම වෙනදා වගේම ඔබට අපගේ ගිමන්හලට ගොඩ වෑදුනාට අපගේ ස්තූතිය නිරතුරුවම අපි පුදකරනවා.ඔබට හෑකියාවක් තියෙනවානම් අද දෙවන වෙලුම ගෑන අදහසක් දක්වන ලෙස අපි ඔබෙන් කාරුනිකව ඉල්ල සිටිනවා

ඔබ සෑමට ජයවේවා!!!!

සිරිපාදයට අවාරයේ ගිය ගමන




ඔන්න ඉතින් අදත් ගිමන්හලෙන් මම අලුත් කතාවක් පටන් ගන්නයි සුදානම,මේක ඔයාල කියවල ඉවර උනාම විශ්වාස කරයිද දන්නේ නෑ,නමුත් මෙයත් මට ලෑබුනු අත්දෑකීමක් නිසා එය ඔබ වෙනුවෙන් අද සිට තිලින කිරීමටයි සුදානම

මේ කතාවනම් උනේ මම සෙමෙස්ටරය ඉවර වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න දවස් වල..ඔය දවස් වල මගේ පරම මිතුරා ලෑටා එහෙමත් ගෙදරට ඇවිල්ලා එහෙම උන්නා..

මම දවසක් ගමේ වෑව් තාවුල්ල පෑත්තට ගියා නිකන් කයියක් ගහමින් ගමේ කොල්ලො ටිකක් එක්ක,ඔය අතරේ සුදා ලෑටා එක්ක නාන්න හදනවා,මමත් ඔක්කොම පෑත්තකින් තියලා පෑන්නා වතුරට...

ඔහොම ටික වෙලාවක් අපි තුන්දෙනා වතුරේ පිස්සු නටනකොට මගේ අනිත් මිතුරා ගොට්ටා..ඒකා ලංකාවේ නම ගිය ගාමන්ට් එකක සුපවයිසර් කෙනෙක් මිනිහා අපිව දෑක්කා,විශේශයෙන් මමයි,ලෑටාවයි අපි දෙන්නාම ගමේ නෑනේ ඔය කාලයේ, ඉතින් මිනිහාට උන් හිටි තෑන් අමතක උනා,ඒකත් පෑන්නා වතුරට.....

වතුරේ කොල්ලො ටිකක් සෙට් උනාම ඉතින් මරාගන්නවානේ,අපිත් ඇතිතරම් මරගත්තා වතුරෙන්
හෑන්දෑවේ 5 විතර වෙනකොට ගෙවල් මතක් උනා යන්න...ඒත් ඔය අතරේ ඉර බෑසගෙන යනවා.

"ඇනා පට්ට ලස්සනයි බන් ඉර බෑහෑලා යන හෑටි වෑවට උඩින්"....සුදා කියනවා.

"ඔව් නේද බන්...සුපිරිම ලස්සනයි"...ලෑටාත් කට දෑම්මා.

"අපි කෑම්පස් එකේ ඉන්නකොට දවසක් කොල්ලො ටිකක් එක්ක ගියා සිරිපාදයේ...අඩො එතන තමා සුපිරිම ලස්සන බන්",මම ත් කතාවට එකතු උනා.

"අඩො එහෙනම් යමුකො බන් උබලාව ආයේ අල්ලන්නත් බෑනේ බන් කොළඹ ගියාම,උබලානම් එහේ ආතල් ගන්නවා,අපි මෙහේ වේලෙනවා"....ගොට්ටාගේ අදොනාව එලියට පෑන්නා...

"යකො එහේ මොන ආතල්ද මහ රෑ එලි වෙනකන් යක්කු බෑදගෙන වගේ අපි වෑඩ,ඒත් ගොට්ටා මේක අවාරය බන්,මොකෙක්වත් එහේ නෑ...අනික ඔය කාලයේ කවුරුවත් එන්නේ නෑ බන්"...මම ගොට්ටාට පෑහෑදිලි කලා.

"මොකෙක්වත් නෑති තරමට තමා බන් හොද,මොකද කියන්නේ අපි එහෙනම් අනිද්දා යමුද කව්ද එන්නේ"...සුදාගේ නොසන්ඩාලකම එලියට ආවා.

"තොට පිස්සුද බොල හු**" මට ඉවසීම උපරිමේටම ආවා

"උබට බෑරිනම් හාල් ගරපන්,මම යනවා අනිද්දා ලෑටා උබ එනවාද,ගොට්ටා උබ?" නෑවතත් සුදා කීවා.

"අපි එනවා" උන් ගමන ස්ථිරත් කලා.

"ඇනා උබට එන්නම වෙනවා...මගෙන් මෑරුම් නොකා යන්න ලෑහෑස්ති වෙයන්" ගොට්ටා,සුදාත් එක්ක එකපාරටම කීවා.

"හරි හරි යමන් එහෙනම්..".

කොහොමහරි ඔය කතාවෙන් ගමන ආරම්බ උනා,එදා හවස අපි කට්ටියම ගොට්ටාගේ ගෙදරින් කාලා ගෙවල් වලට ආවා.මේක කාටවත් නොකියාම යමු කියලා අපි 4 දෙනාම කතා උනා.මොකද එහෙම උනානම් අපිට අවසරයක් නෑති වෙනවා ගමන යන්න.

පසු දිනයේ ගමනට යන්න ඔන සියලුම දේවල් අපි ලෑහෑස්ති කලා,සමහරක් නම් ඇහුවා උබලා ගම දාලා යන්නම යනවාද කියලත්....

පහුවෙනිදා පාන්දර 4 වෙනකොට ගමේ බස් නෑවතුමට එන්න කතා උනා.

කොහොමහරි කට්ටියම පාන්දර 3.30 වෙනකොටම හන්දියට ආවා.නිකන් නෙමේ කන්න එහෙම කෑම ජාති ගොඩකුයි,ගෙවල් වලින් පඩුරු මල්ලකුයි.පාන්දර 4 බස් එකේ නෑගලා කෑගහ ගහ අපි කොළඹට ආවා.දන්නවානේ ඉතින් කොල්ලො සෙට් එකක් බස් එකකට නෑගපුවාම කරන විකාර

කට්ටියම උදේ 6 වෙනකොට කොටුව දුම් රිය නෑවතුමට ආවා.ගොට්ටා,සුදා ජීවීතයේ පලමු වතාවට කොච්චියේ යන දවස අද.උන්ට පුදුම සතුටක්...ඒක බලාගෙන ලෑටා පෑත්තකට වෙලා තනියම හිනාවෙනවා දෑකලා මම ඒකා ලගට ගියා.

"මොකද උනහපුලුවො හිනා වෙන්නේ තනියම?"

"නෑ බන් මම බෑලුවේ අරුන් දෙන්නා මොන සතුටකින්ද අද ඉන්නේ,අපිනම් කෑම්ප්ස් එකේ හරි ට්‍රිප් යනවා..."

"ඔව් බන්...පව් උන් දෙන්නා"

කොහොමහරි උදේ 6.30 විතර අපේ ගමන පටන් ගත්තා.

එහෙනම් ප්‍රිය මිතුරනේ අද දවසට ගිමන්හලට විරාමයක් තබන්නයි සූදානම.සුවහසක් සයිබරයට ගොඩ වෑදෙන ඔබට අපගේ ප්‍රනාමය,ඔබ ඉදිරිපත් කරන ගල්,මුල් ප්‍රහාර අපගේ ගමනට ලොකු මාර්ගොපදේශයක්,ඉතින් අද දවසේත් ඔබට එයට අපි ආරාධනා කරමින් අපි සමුගන්නවා.

ජයවේවා!!!!

මාරයා අත වනපු දවස ( අවසාන කොටස )




අද දවසේත් ගිමන්හලට ගොඩ වෑදෙන්නයි අපේ මේ සුදානම,ජීවීතයත්,මරනයත් අතර මා ගත කර ඒ දවසට එහෙනම් අපි වෑඩි කතා බහක් නෑතුව ඉක්මනටම යමු.

අවසන් උනේ.......

මම බිංගෙය තුල මගේ දිහාවට සෑර එලියක් එල්ල වුනා.

අද එතෑන් සිට............

ඉතින් මම දෑන් බිංගේ ඇතුලේ...මට පේනවා ඇතීන් ලොකු ලයිට් පාරක්,ෆොන් එක බෑලුවාම හරියටම උදේ 9.50 එකවරම කන් පුපුරන්න සද්දය....ඒ මදිවාට මම උන්නු රේල් පීලී දෙදරන්න ගත්තා....

උඩරට මෑනිකෙ එනවා කගවේනා වගේ......

මම අනිත් පෑත්තට හෑරිලා දුවන්න ගත්තා...මරන බය උපරිමයි...දෑන් කොච්චියත් ලග ලග එන ගතියක් තේරෙනවා.එකම දෙයයි මට තිබුනේ මම බිංගෙය කෙලවරට ඒ කියන්නේ බිංගේ ඇතුලේම කොන්ක්‍රීට් බිත්තියක් කන්න වගේ ඒක අල්ලාගෙන උපරිම අයින් උනා..

තව පොඩ්ඩකින් කොච්චිය මගේ ලගට එනවා.මම තවත් උපරිම දාලා බිත්තිය අල්ලගත්තා.ඒ මදිවාට මරන බයේ මාව හොදටම ගෑහෙනවා...එකවරම කොච්චිය මාව පහු කලා.

මම උපරිමයෙන් බිත්තිය අල්ලාගෙන කෑගෙහුනා මට බයටම,මම හිතුවේ මම මෑරුනාම තමා කියලා ඒත් දෙවියො මට තව අවස්තාවක් දුන්නා,කොච්චිය යනකොට එතනින් මාවත් ඇදගෙන යන්නම උඩරට මෑනිකේට හිතුනා වගේ පුදුම සුලංපාරක් ආවා.බිත්තිය තදින් අල්ලන් හිටපු පාරට ඇගිලි තුවාල වෙලා ලේ එහෙමත් ඇවිත්......

මම ඒකෙන් බෙරුනා.ඒත් දෑන් මට හුස්මගන්න බෑ,මට කලන්තේ වගේ,මම කාට කියන්නද?...ෆොන් එකට සිග්නල් එහෙමත් නෑ.මම රේල් පීලී උඩින් වාඩි උනා..මම හිතන්නේ මට නින්ද ගියා වගේ.......ඒ එක්කම වමනේ ගියා....

වතුර බොතලයක් ගෙනියපු නිසා ඒකෙන් කටත් හොදගෙන තව ඉස්සරහට ආවා.ඒත් මාව තවම ගෑහෙනවා..ජීවීතයටවත් ආයේ එන්නේ නෑ කියලා හිතුනා..හෑබෑයි  අදනම් ඒක මතක් උනාම හිනා යනවා.

කොහොමහරි මම ආයේ ඉස්සරහට යන ගමන අත ඇරලා,දියතලාවට එන්න පිටත් උනා.මගේ අත්වල තුවාල වලට තේ කොල ටිකක් පොඩ් කරලා තියාගෙන ලේන්සුවකින් අතත් බෑදගෙන දියතලාවට මහ ගන අදුරේම ආවා.

ඊට පස්සේ ලෑටා මට කතා කලා

"මචන් ඇනා"

"මොකද?"

"මම අද රෑ වෙනකොට දියතලාවේ"

"ඔව් වරෙන් කියන්න දෙයක් තියෙනවා උබට"

එදා රෑ එලි වෙනකන් මම කරපු කතාව ඒකාට කීවා,බංකුවක් උඩට වෙලා කතාව අහපු ලෑටා මට හොදටම බිම දාගෙන ගෑහුවා.

"ඇනා පො** වෑඩ එපා බොල,මට යාලුවෙක්ට ඉන්නේත් උබ විතරයි,උබට මොකක් හරි උනානම් තොගේ මිනියක්වත් නෑ....කාලකන්නියා"

ලෑටා දවස් ගානක් ඉන්න කීයපු නිසා අපි සිරිපාදය යමු කියලා කතා උනා,හෑබෑයි අවාරයේ......ඒ කතාව ඉතා ඉක්මනට ගෙනෙන්නම් අපි ගිමන්හලෙන්.......

එසේනම් කලින් කලාපයන් වලට ඔබ ලබදුන් ප්‍රතිචාර වලය මගේ මෙන්ම ගිමන්හෙලේ සෑමගේ ප්‍රනාමය හිමි වෙන අතරම,මෙම කලාපයටද ඔබේ ගල්,මුල්,මල් වලට ඉඩ කඩක්ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමු.....

නෑවත හමුවෙමු.....

ඔබ සෑමට ජය!!!!!

මාරයා අත වනපු දවස 1


 
ඔන්න ඉතින් අද දවසේත් හා හා පුරා අපි ගිමන්හලට ගොඩ වෑදෙනවා.මෙම කතාව මම දියතලාවේ ඉන්නකොට මටයි,මගේ යාලුවෙකුටයි උනු සිදුවීමක් යාලුවානම් ඉතින් ඔයාලට මතකත් ඇති ලෑටා ඒකා මගේ හොදම යාලුවා කියලා ගිමන්හලේ හිටපු සියලුම දෙනාම දන්නවානේ ඉතින්

වෑඩි කතා අවශ්‍ය නෑ,කෙලින්ම එහෙනම් කතාව පටන් ගන්නම්.මෙම සිදුවීම උනේ හරියටම ගිය මාසයේ මම දියතලාවේ රාජකාරි කරන කාලයේ

සිදුවීම වීමට සතියකට කලින් මම සුපුරුදු ලෙසම මගේ කාර්යාලයට ගියාම ටික වෙලාවකින් පියන් ඇවිත් මට කතා කලා

"සර් ඔබතුමාට කොළඹ මහත්තයෙක් කතා කරනවා"

"ලයින් එකේ ඉන්නවාද?"

"හරි මම එන්නම්"

එහෙම කියලා මම ඉක්මනට ගියා කව්ද කියලා බලන්න

"අහ්.....මහත්තයා මාව අදුරනවාද?"

"නෑ...කව්ද ඔයා?"

"මම කව්ද කියලා තොට කියන්න බෑරිද ප**"

"අප්පේ ......නොදකින් විතරක් උබනේ"

ලෑටා තමා එදා මට කතා කලේ,ඒකා එදා කීවා ලෑටාගේ ඔෆිස් එකෙන් ඌත් එක්කම කට්ටියක් එනවා කියලා නවතින්න තෑනක් සෙට් කරලා දෙන්න තමා උදේ පාන්දරම කතා කරල තිබුනේ.

මමත් වෑඩේ කරලා දෙන්න පුලුවන් කියලා බාරගත්තා.පස්සේ මම මගේ සුපුරුදු වෑඩ ටික කරගෙන යන අතරේ චුරු චුරු වෑස්ස ආයේත් පටන් ගත්තා.....හෑමදාම වහිනවා එහෙට පොදයක් හරි යනවා..ඒක තමා දියතලාවේ ලස්සන

උදේට ඈත කදුකරයෙන් හරිම නෑවුම් සීතලක් එනකොට මුලු දවසම ප්‍රබොදමත්,ඒ වගේම ඈතින් වෑටෙන මිහිදුම මුලු දියතලාවම වහ ගත්තාම හරිම ලස්සනයි.

කොහොමහරි මට ලෑටා එන දවස මතකයෙන් ගිලිහුනා.අම්බානක වෑඩ කන්දක් කරලා කාමරයට ආවාම ඔක්කොම අමතක වෙනවා මහන්සියටම.........

ලෑටා මට එන්න කිරෘ කරලා තව දවසක් කතා කලා

"අනේ සොරි මචන් අපිට කියපු දවසේ එන්න වෙන්නේ නෑ"

"තමුසේ පිස්සෙක්නේ,මම නවතින තෑනුත් රෙඩි කරලා"

මම බේගලයක් කියලා ඒකා වෙනුවෙන් දෙයක් කලා කියලා පෙන්වන්න ට්‍රයි එකක් දෑම්මාට මේකා කියපු එකෙන් කාඩ් කුඩු.......................

"අනේ පලයන් තොට කොහෙද බන් ඔවා මතක තියෙන්නේ.....,උබේ වෑඩේම රාජකාරිය විතරයි,මම එන්න හේතුවත් උබට ජීවීතයක් තියෙනවා ඒක විදපන් කියන්න"

"එන දවසක වරෙන්කො" කියලා මම පොන් එක තිබ්බා"

ඔහොම සුපුරුදු ලෙසම කාලය ගත උනා....

දවසක් මට හිතුනා දියතලාවේ ඉදන් ගම්පොල පෑත්තට තියෙන නමුත් කොච්චියෙන් ගිහින් බලන්න තෑන් බලන්න යන්න.

එදා උදේ පාන්දරම මම බෑග් එකකුත් කරගහගෙන,බූට් දෙකකුත් දාගෙන හෙමින් සෑරේ රේල් පාර දිගේ ගමන් කලා.

මට කියන්න බෑරි උනා,මම දුම් රියවල් එන වෙලාවන් කොළඹට කතා කරලා කලින් දවසේම අහගත්තා.නෑත්නම් කොච්චියකට අහු වෙනවා.

ඒ ගමනනම් පුදුම ලස්සනක් ගොවා වතු,තේ වතු අතරින් මම හෙමින් හෙමින් ඉස්සරහට ආවා.එක ලගම බිං ගෙවල් සෑහෙන්න තියෙනවා ඔය හරියේ එකක් පහු වෙනකොට තවත් එකක්.....කොකටත් මම පරිස්සමට ආවා....

කියන්න බෑනේ යන්නේත් තනියම...ඒක නිසා..කොහොමහරි ඔය අතරේ මම උදේ 7.20 පමන බලාපොරොත්තු උනු කොළඹින් එන පොඩි මෑනිකේ කොච්චිය ඔලොක්කුවට වගේ හූ පාරක් දාලා  මාව පහු කලා....

ඊලගට 9.45 කොච්චිය......එතකන් ඔය හරියේ කොච්චි නෑ.ඉදලා හිටලා ඩක්කුවක් ගියොත් තමා...

මහන්සිය බලන්නේ නෑතුව තව ටිකක් ඇදුනා.එකපාරටම මාව ලෙස්සලා ගිහින් වෑටුනා වලකට..

ඒක උනේ මෙන්න මෙහෙම මම දිය ඇල්ලක් දෑකලා ඒක බලන්න යන්න හෑදුවා තේ වත්තක් මෑදින්,කොහොම හරි එතන මගේ කරුමෙටම වලකට ලෙස්සලා ගිහින් වෑටිලා මට නෑතුවම බෑරි ටොච් එකත් බිදුනා....

කෙලියා.....මටම කියවුනා.කොච්චර ට්‍රයි කලත් ඒක හදන්න බෑ....ඔක මට ඔන උනේ බිංගෙයක් ඇතුලේන් යනකොට මොකද ඒක ඇතුල හරිම කලුවර,ගුප්ත තෑනක්....

දෑන් ඉතින් කට්ට කලුවරේ යන්න වෙන්නේ....හුලු අත්තක්වත් හදාගන්න පොල් අත්තක් දකින්නවත් නෑනේ..

කොහොමහරි මම පලවෙනි බිංගෙය පහු කලා මට එලියක් නෑතුව..ඒකනම් එච්චර ලොකු එකක් නෙමේ...දෑන් ආයේත් චුරු චුරු වෑස්ස පටන් ගත්තා...

එහේ හුග දෙනෙක් කුඩ වලට වඩා පාවිච්චි කරනවා රේන්කොට් ( වෑහි කබා ) මමත් මම ගෙනාපු එක ඔතා ගත්තා මුලු ඇගටම..ප්ලෙන්ටියක්වත් උනු පිටින් ගහන්න ලග පාත කඩයක් තියා මිනිස් පුළුටක් නෑ......

මම වෑස්සේම ඉස්සරහට ගියා....හුලග හරි හයියෙන් කෑ ගහනවා මට හිතෙන්නේම ඒක මට කෑ ගහනවා කියලා..ඔන මගුලක් කියලා මම තව බිං ගෙයක් ලගට ඈවිත් එහා කෙලවර පේනවාද කියලා බෑලුවා

නෑ...ලොකුම බිංගෙයක්...මට තව ඉස්සරහට යන්න ඔන මම පිටත් උනා,වවුලො කෑගහගෙන ඉගිලිලා ගියා...දෑන්නම් තොල කට එහෙමත් සීතලටම වේලිලා..

හෙමින් හෙමින් මම බිංගෙය මෑද්දටම ආවා...........

මම හිතන්නේ ඇත්තටම මම උන්නේ ඔය බිංගෙය මෑද්දේ ඔය වෙලාවේ...

මට ඇතීන් ලොකු ලයිට් එලියක් පෙවුනා............මම පොන් එක අරන් වෙලාව බෑලුවා...හරියටම උදේ 9.50.......

මොකක්ද ඔය එන්නේ?????

මට මොකද උනේ?????

ප්‍රශ්න ගොඩයි.අදට එහෙනම් සමුගන්න අවසර මිතුරනේ ඔබට හෑකිනම් පමනක් ගිමන්හල වෙනුවෙන් ඔබගේ අදහස දක්වා යන්න.එහෙම නොකලා කියලා ගිමන්හලේ කිසිම කහටක් නෑ.....

ජයවේවා!!!

ආදරයේ මිහිරියාව {අවසාන දිගහෑරුම}


  
පුරා දිගු නිහෑඩියාවකින් පසු ගිමන්හලේ වෑඩ කටයුතු අරබන්නයි සුදානම..ඔබ ඉතාමත් ආදරයෙන් රසවිදි ආදරයේ මිහිරියාවේ අවසානය ඉදිරිපත් කරන්නයි අද අපේ සුදානම..කලින් වගේම අපේ ගිමන්හලට හද බෑදි ඔබ සියලු දෙනාටම අපි නෑවතත් ආරාධනා කරනවා ගිමහල සමග රොක් වෙන ලෙස.....එසේනම් අද දිගහෑරෙන්නේ ආදරයේ මිහිරියාවේ අවසානයයි.

අවසන් උනේ......

මම සියලුම දෙනාගෙන් සමුගෙන කොළබ විස්ස විද්‍යාලයට අවා කියන තෑන ඉදන්

අද එතෑන් සිට.....

සුපුරුදු පරිදි රෑග කාලා එහෙම ඉතින් මම මගේ වෑඩ කටයුතු ආරම්බ කලා.

කෙල්ලට නිවාඩුවක් තියෙන අතරේ එහෙම මම කතා කරන්නත් අමතක කලේ නෑ.මොනවා උනත් එයා මගේ ප්‍රතම ප්‍රේමය.ඒක කොහොමවත් අමතක කරන්නත් බෑලුනේ.....හෑමදාම හවසට මම තුම්මුල්ල පෑත්තට මූන දාගෙන මලක් කඩනවා අපේ ලෙක්චරය ඉවර උනාම,නෑත්නම් ආතල් ගන්න වෙලාවක

මට එහෙන් සෙට් උනා මටම හරියන සෙට් එකක් උන් ටිකත් නියම හෙල්ප් එකක් දුන්නා මලක් කඩලා මගේ ආතල් එක ගන්න.දවසක් හවස් වරුවේ ඒ කියන්නේ සිකුරාදාවක මම හෑන්දෑවේ 6 විතර කෙල්ලට ගත්තා කොල් එකක්,

"බබා........."

"අනූ........"

"ඔයා මොකද කරන්නේ?"

"කොල්ලෙක්ගේ පින්තූරයක් දිහා බලාගෙන ඉන්නවා සුදු......අනේ ඉක්මනට එන්න බබා"

"ඇවිදින් දවස් කීයද,මම ඉකමනටම එන්නම්කො ඔයාව බලන්න බබා"

"අනේ......මට කියන්න දේවල් ගොඩයි"

"ඉතින් කියන්න"

"රට උන්නු අයියා ගෙදර ඇවිත්"

"මොකක්"

"ඔව්.....එයා ලගදීම අපේ ගෙදර එනවා කීවා"

"ඒකත් එහෙමද?"

එකවරම මගේ කපටි ඔලුවට ආවා අදහසක්

"එයාට එන්න වෙන්නේ අපේ ගම හරහානේ දෙන්නම් වෑඩක්"

"මොකද කරන්න යන්නේ?"

"ඔයාට එයා ඔයාගේ ගෙදර ආවේ නෑති උනොත් හරිනේ"

"හ්ම්......."

"මුලින්ම කියන්න මොකටද එන්නේ ඔයාව ගෙනියන්නද?"

"ඒකට තමා එන්නේ"

"ඔයා දන්නේ නෑ අනූ......ඔයා ගිය දවසේ බාප්පා මාව බලෙන්ම එයාගේ කරේ එල්ලන්න යන්නේ...හේතුවනම් දන්නේ නෑ....රෙජිස්ටාර් කෙනෙකුටත් කතා කරලා"

"මොකක්.............."

"ඔව්..මම ඔයාගේ විතරයි අනූ...ඔයාගේ නෙමේනම් මම කාගේවත් වෙන්නේ නෑ"

"මම බලාගන්නම්කො.......කවදාද එන්නේ?"

"සදුදා එනවා"

"අනූ බාප්පා එනවා වගේ පරිස්සමට ඉන්න මගේ පන තියනකන් මම ඔයාට හුගක්ම හුගක් ආදරෙයි....හොදට ඉගෙනගන්න මගේ කොල්ලා,මම තිබ්බා,බුදුසරනයි"

"බුදුසරනයි"

දෙවියනේ මම අයියා වගේ කීවට දෑන් මොකද කරන්නේ,මට යන්න විදිහකුත් නෑ, සොසල් { කෑම්පස් වල රෑග ඉවර කරලා දාන පොඩි සාජ්ජයක්} එකත් හෙට.......

දෑන් මොකද කරන්නේ?........

මොකක් හරි කරන්නම වෙනවා.ඒක නිසා මගේ අති ජාත මිතුරා ලෑටාට දෑම්මා කොල් එකක්

"ලෑටො"

"මොකද හු**"

"අන්න අරකා ලංකාවට ඇවිත්....."

"මොකාද?"

"රට උන්නා කීවේ බන් නදී අන්න ඒකා"

"එහෙනම් උබට හරි,මොනවා කරන්නද හිත හදාගනින්"

"අනේ මේ......උබට බෑරිනම් කියපන් මම වෙන මොකක් හරි කරන්නම් ඒකට"

"අප්පො උබට වෙන මොකේටවත් කලින් මලනම් පනිනවා නේද ප**" 

"අඩො මොකද බන් කරන්නේ?"

"මෙහෙම කරමු උබ සුදාටයි,ගොට්ටාටයි කතා කරල කියපන් සිද්දිය උන් දෙන්න බලාගනි මොකද කරන්න ඔන කියලා"

"ඒක හරි මචන් මම කතා කරලා බලන්නම්"

කොහොමහරි සුදාගේ සහ ගොට්ටාගේ පිහිටෙන් ඔය ප්‍රශ්නය මම විසදුවා.උන් දෙන්නා වෙඩින් එකට එන කට්ටියව කොල්ලො ටිකක් අරගෙන ගිහින් එලවලා දාලා තිබුනා.

ඉතින් ඔහොම මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සහ නදී සුපුරුදු ලෙසම බෑංකුවක රාජකාරි කරමින් කට්යුතු  කරගෙන්බ ගියා..

අවුරුද්දයි මාස 10 පසු............

කෙල්ල දවසක් ගෙදර ඇරිලා එනකොට පරක්කු උනා.දෙසෑම්බර් මාසයේ ඔය සිදුවීම උනේ

කෙල්ලගේ ගෙවල් පෑත්තේ එහේ ලොකුම කලබගෑනියක්,

කෙල්ලගේ බාප්පා හොදටම බීලා ඇවිත් ගෙදර මහ කලබගෑනියක්.(ඔය සිදුවීම සම්පූර්නයෙන් මම අහගත්තේ මගේ යාලුවෙක්ගෙන්) ඉතින් බාප්පා හොදටම රන්ඩුව ඇදගෙන එතන...

ඒත්........නොහිතපු වෙලාවක.......

බාප්පා කුස්සියේ තිබුනු මන්නයක් අතට අරගෙන එලියට පෑනලා ඇවිත් කෙල්ලගේ අම්මගේ ඔලුවට ගහලා.

අම්ම ලේ විලක මෑරිලා වෑටුනා මගේ කෙල්ලගේ ඉස්සරහම......

අනේ දෙවියනේ මාමා ඊලගට කෙල්ලගේ පෑත්තට හෑරිලා......????????

කෙල්ලට මන්නේන් කොටලා,ඔය සිදුවීම ඔහොම වෙනකොට ගමි මිනිස්සු බාප්පාට ගහල අල්ලගෙන පොලීසීයට බාර දුන්නා.මගේ කෙල්ලව ඉස්පිරිතාලයට ගෙනිච්චා.එතනින් කොළබ 72 හදිසි අනතුරු වාට්ටුවට ගෙනිච්චා.

"පෑයකින් පස්සේ ලෑටා මගේ බොඩිමට ආවා."

"ඇනා ඉක්මනට ලෑහෑස්ති වෙයන් ඉස්පිරිතාලයට යන්න"

"මොකටද බන්?"

"උබේ කෙල්ලට බාප්පා මන්නයකින් කොටලා කොළබ ඉස්පිරිතාලයේ යමන් යකො"

"මොකක් අනේ මචන් කෙල්ලට අමාරුද?"

"මම දන්නේත් නෑ බන් ඒක......අපි යමු ඉක්මනට"

"මගේ කෙල්ලට මොකක් හරි උනොත් මම බාප්පාද මොකාද එකාව මරාගෙන මෑරෙනව මචන්"

"ඒවා පුලුවන් වරෙන් දෑන් යන්න"

කොහොමහරි අපි දෙන්න බයික් එකක් හොයාගෙන විනඩි කීපයකින් ඉස්පිරිතලයට ආවා.

මගේ කෙල්ල 72 වාට්ටුවේ ඇදක් උඩට වෙලා ජීවීතයත් මරනයත් අතර සටනක...මම එදා හොදටම ඇඩුවා.ඒක මගේ ජීවීතයේ දුක්බරම මොහොතක්

කෙල්ලට සිහියක් නෑ..මම එයා ලගම ඉස්පිරිතාලයේ කල්පනාකරමින් දවස් 5 විතර කන්නේත් නෑතුව උන්නා.මගේ ලග ලෑටා වගේම ගමේ ඔක්කොම කොල්ලො ටික ඇවිත් උන්නා.

ඒත් 6 දවසේ උදේ පාන්දර 6.15 මම පන පිටින් වෑලලුව වගේ මට දෑනුනා.

දොස්තර කෙල්ල ජීවීතයෙන් සමු ගත්තා කියලා මට කීවා..එදා ඉදන් එයාගේ අවසන් කටයුතු කරනකන් මම මොනවා කලාද කොහොම හෑසිරුනාද කියන්න මම අදවත් දන්නේ නෑ.....ඒක මොකක්ද කියලා අහන්නත් එපා..

අවසානයේ මගේ ජීවීතය විනාශම උනා.හිතින් මෑරි මෑරි අඩපු හෑම වෙලාවකම ලෑටා මගේ ලග උන්නා.

සියදිවිනසාගන්න හදපු වාර අනන්තයි ඒත් කවෘහරි කෙනෙක් මට ඒකට එදා ඉදන් අද වෙනකන් එරෙහි උනා.

අද දවස.......

මම කෙල්ලගේ එකම බලාපොරොත්තුව උනු හොදට ඉගෙනගෑනීම ඉශ්ට කලා.ඒත් මට කවදාවත් ආයේ වරම් නෑ මහත්තයෙක් වගේ ඇවිත් මාව අරන් යන්න කියපු ඉල්ලීම ඉටු කරන්න

අදටත් ඒ මතකය තුල මාව ජීවත් කරවනවා.මෙය ලියන මොහොත වෙනකොට මට එයාව අහිමි කරලා හරියටම වසර 4 වෙනවා.ඔය අවුරුදු ගානේ අපි දෙන්නා හමු උනු දවසේ වගේම එයාගේ උපන්දිනය උනු සෑප්තෑම්බර් 10 වෙනිදාට මම එකම ඉල්ලීමක් දෙවියන්ගෙන් ඉල්ලනවා..

"අනේ දෙවිදුනේ අපි දෙන්නට ඊලග බවයකදීවත් එකතු වෙන්න ලෑබේවා"

ලෑටා දෑන් කතිකාචාර්ය කෙනෙක් කෑලනිය විශ්වවිද්යාලයේ.ඒකාට කෙල්ලෙක් ආයේත් සෙට් උනා.ලබන අවුරුද්දේ ලෑටා විවාහ වේවි.

සුදා සම්පූර්නයෙන් කසිප්පු ජාවාරම නවත්වලා පොල් විකුනන්න පටන් ගත්තා.දෑන් සුදාට යමක් කමක් තියෙන කෙනෙක්.දෑන් මිනිහා යටතේ මිනිස්සු එහෙමත් වෑඩ කරනවා හොදට

ගොට්ටා ඒකාට නිවුන්නු කොල්ලො 2 ඉපදුනා.මිනිහා ස්ලිම් ලයින් කියන ගාමන්ට් එකක ඉහල පෙලේ රෑකියවක් ලබාගත්තා.

කෙල්ලගේ බාප්පා බොගම්බර සිර කදවුරට වෙලා තමන් කරපු පව් වලට විදවනවා.මාමා තමන්ගේ වෑරදි පිලිගත්තා ඒ වගේම එයාව 20 අවුරුද්දකට බරපතල වෑඩ ඇතුව සිරගත කලා.

මම එකපාරක් එයාව බලන්නත් ගියා.මට වෑදලා සමාව ඉල්ලුවා.මගේ පන,මගේ ජීවීතය විනාශ කරපු ඒ මිනිහාට මම අනුකම්පා කලා.ලෑටා එහෙමනම් ගහන්නත් ගියා.

අවසානයේ ඇනා තනි උනා...අද දවසේත් එයා මාව හොයාගෙන එනකන් මම බලාගෙනම ඉන්නවා......

ඔබේ සුසුම් පොද ලග
ඉන්න ආසායි ආයේත්
ඔබ එන්නේ නෑති වගෙ
නොදන්නවා නොවුනාට
ඒ උනුසුම නෑතුව
මම කෙසේ ඉන්නද?........

තවත් එක් ආත්මයක ඔබ
මගේ වෙන තුරා
මම වගේම ඔබත්
ඉමු දෑස් දල්වාගෙනම.........

පුරා වසරකට ආසන්න කාලයක් ඔබ වෙත දිගෑහුරුනු ආදරයේ මිහිරියාව මෙලෙස අවසන් කර සමුගන්න අවසර.....

මෙයා සදාකාලිකවම සමුගෑනීමක් නොවන අතර අප කලින් සදහන් කරනවා සේම ඔබගේ ප්‍රතිචාරයන් වලට අපගේ ගමන් මග වෙනස් කල හෑකි බව මතක් කර සිටිමු....

ඔබ සෑමට ජය!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්








ආදරයේ මිහිරියාව {අටවන දිගෑහෑරුම}



අදත් වෙනදා වගේම කලින් කලාපයන් වලට ඔබගේ වටිනා අදහස ලබාදුන් සියලුම දෙනාට මගේ ගෞරවය හිමි වෙනවා.එසේනම් අද කතාවේ අවසානය

අවසන් උනේ

කෙල්ල බෑහෑලා ගියා.මම අර පෙට්ටියත් කරගහගෙන ගම බලා පිටත් උනා

අද එතෑන් සිට

කොහොම හරි මම ගෙදරට ඔය පෙට්ටියත් කරගහගෙන ආවා.කඩලා බෑලුවාම පොත් කන්දක්.හුගක් පොත් මම පොඩි කොල්ලන්ට බෙදලා දෑම්මා.

කොහොමහරි මම කෑම්පස් යන්නත් ටිකටික රෙඩි උනා.මොනවා නෑතත් ගොට්ටා,සුදා එහෙම ෆුල් අප්සට් එකනම් මට හොදටම පෙනුනා.උන් ඇත්තටම හොද එවුන්.ඒ යාලුවො අදටත් ඉන්න එකනම් හුගක් වටිනවා

ඉතින් ඔය දුක් මුසු සිදුවීම් බලාගෙනම මම කෙල්ලත් එක්ක හෙට නුවර යන්න රෙඩි උනා.ඔය කාලේ ජොබක් කලේ සුදා ඒකත් ජොබක්ම නෙමේ,ගොටටගෙනුත් අත මරුවට අරගෙන කොල්ල හෙට උදේම යන්න සුදානම

මම ඉතින් උදේ 7 වෙනකොට ටවුන් එකට ආවා.හෑමදාම වගේ කෙල්ලත් පරක්කු වෙලාම ආවා.

දෙන්නාම කුරුනෑගල බස් එකකට නෑගලා ඉදගත්තා.

"ඔයානම් හෑමදාම පරක්කුයි බබි"

"පරක්කු උනේ දෙයක් නිසා,ඒක මම නුවරදීම කියන්නම්"

"මොකද දෑන් කීවොත් ඒකට ඇස් වහ වදිනවාද?

කෙල්ල හිනා වෙලා අහක බලාගත්තා.එයත් එක්ක ඉන්න අන්තිම දවස මට ඇත්තටම දුක හිතුනා.මොකද මම මෙයාව ලබාගත්තේ හරිම අමාරුවෙන් ඉතින් මෙයාව දාලා යන්නත් වෙනවා.

"බබී.......ඔයා මට කතාකරනවාද?"

"ඔව්......ඔයා දන්නවානේ අනූ මට ඔයාව හෑමතෑනකම පෙනේවි."

කොහොමහරි බස් එක පිටත් උනා.මම හෙමින් කෙල්ලගේ උරපත්තට ඔලුවත් තියාගෙන ආවා.එයාට අද හරිම සතුටුයි.පව් කෙල්ලෙක් ලබන අහිංසක සතුටට මම බාදාවක් කරන්න ගියේ නෑ.ලොකු බෑග් මල්ලක්ම උස්සගෙන ටවුන් එකට ආවාම මට ඒක තේරුනා.

කුරුනෑගලින් උදේට අපි කෑම කාලා,හා හා පුරා කියලා නුවර බස් එකට නෑග්ගා.විනාඩි 15 විතර බස් එකත් පිටත් උනා.

"බබි.......ඔයාට හරිම සතුටුයි නේද?"

"හ්ම්.....ඔයාත් එක්ක යන පලමු ගමන......මට කවදාකවත් අමතක වෙන්නේ නෑ"

එහෙම කියලා මගේ අත හයියෙන් අල්ලගත්තා.

කොහොමහරි ඔය කතා මෑද්දේම අපි දෙන්නා නුවරට ආවා.එයා මටත් කලින් මල් එහෙම අරගෙන මාලිගාවට යන්න සුදානම

"මාලිගාවට යන්නම ඔනද බබී"

ආයේ අවුස්සන්න ලෑබෙන්නේ නෑති නිසා මම එහෙම ඇහෑව්වා.

"විකාර කියවන්න එපා.මට යන්න ඔන,"

"හරි හරි යමු අප්පො ඔයානම්..........."

"මොකද?"

"හරි බබො......යමු"

ඔහොම කියලා අපි දෙන්නාම මාලිගාවට ඇවිත් තෙල් මල් පූජා කරලා එලියට ආවා.මම දෑක්කා මාලිගාව ඇතුලේදී කෙල්ල මොනවාද මන්දා වෑදගෙන මතුරනවා.

"බබී......."

"මොකද"

"ඔයා මොනවාද මාලිගාව ඇතුලේදී වෑදගෙන ප්‍රාර්තනා කලේ?"

"ඔයාට මොකටද ඒවා"

"යකො හරි වෑඩක්නේ මගේ කෙල්ල කරන ප්‍රාර්තනා කරන දෙයක් මට දෑනගන්න බෑරිද?"

"මම කීවේ ඔයාට කවදාවත් මාව අමතක වෙන්න එපා කියලා,ඒ වගේම ඉක්මනටම මම ඔයාගේ බිරිද කරගන්න ඔයාට ලෑබේවා කියලා"

"කොච්චර කීවත් ඔයාට මාව සත 5 තරම්වත් විශ්වාස නෑ නේද?"

"අනේ නෑ බබා,මට ඔයාව මටත් වඩා විශ්වාසයි,ඒත් මට බයයි ඔයාව මට නෑති වෙයිද කියලා"

"කොහොමද එහෙම වෙන්නෙ?"

"කොළඹ කෙල්ලො ගෑන මම දන්නවා අනූ.....අනේ පරිස්සම් වෙන්න"

"හරි හරි අපි යමු වෑව රවුමේ පොඩ්ඩක් ඇවිදින්න"

එහෙම කියලා මම මගේ කෙල්ලත් එක්ක වෑව රවුමේ පොඩ්ඩක් ඇවිදලා,එයා මට ගෙනාපු කෑම එකත් කාලා,එයාව මගේ තුරුලට අරන් දෙන්නාම කල්පනාවක වෑටුනා.

"බබී.......මට හෑමදාම කතා කරන්න හොදද?"

"හ්ම්......."

"බබී මට ඔයාව හුගක් මතක් වෙයි.......මගේ හිත තියෙන්නේ ඔයා ලග බබා"

එහෙම කියපු සෑනින් මෙයා මාව බදාගෙන අඩන්න ගත්තා.....මිනිස්සුත් අමුතු විදිහට බෑලුවොත් කියලා ඉක්මනට අහකට ගත්තා

"මට ඔයාව නොදෑක ඉන්න බෑ කියලා ඔය දන්නවානේ මගේ අනූ.....මට ඔයාව අරින්න හරිම ලොබයි...ඒත් මට ඔයාව තියාගන්න බෑ....අපි දෙන්නා වෙනුවෙන් ගිහින් හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වගේ ඇවිත් මාව අරගෙන යන්න"

"පුලුවන්නම් මම ඔයාව දෑන් අරගෙන යන්නේ"

"මම ඔයා ගෑන හොදටම දන්නවා බබා"

"අපි යමුද අනූ...."

"හ්ම්....."

එහෙම කියලා කෙල්ල මගේ බෙල්ලට මාලයක් බෑන්දා....ඒක හරිම සරල මාලයක් සිල්වර් මාලයක්...ඒක මට රටක් වටින නිසා බෙල්ල ගෑලවුනොත් මිසක් ගලවන්නේ නෑ කියලා මමත් හිතා ගත්තා.




කොහොමහරි අපි නුවර ඉදන් අපේ ගම් බලා පිටත් උනා.සුදාට මගට එන්න කියලා මම කොල් එකක් දාලා කෙල්ලව ගෙදරට ගිහින් බෑස්සුවා.මෙයා බෑහෑලත් හොදටම අඩ අඩා ඉන්නව දෑක්කා.....හ්ම්...........
මොනවා කරන්නද ඉතින් කියලා මම හිත හදාගෙන ගෙදරට ආවා.

හවස් වරුවේ ඒ කියන්නේ රෑ අටට විතර මගේ හොදම යාලුවො ගොට්ටා,සුදාගෙන් සමු ගත්තා.උන් දෙන්නාගේ පින්තූරයක් උන් මට රාමු කරලා දුන්නා.උන් එක්ක අන්තිමට සෙට් උනා

පහුවදා පාන්දරම මම මගේ ආදරනීය කෙල්ල,මගේ ගම.......ගහ කොල හෑමදේමකින් සමු අරගෙන කොළඹ බලා පිටත් උනා

ඔන්න එහෙනම් අදත් අපි ගිමන්හලට විරාමයක් තබනවා.අද වෑලන්ටයින් දවස

සියලුම ආදරය කරන සෑමටම සුබ ආදරවන්තයින්ගේ දිනයක්ම වේවා

ඔබ ලබා දෙන ප්‍රතිචාරයන් වලට අපේ හෑමදාම ස්තූතිය ලබාදෙනවා

ජයවේවා!!!!!!!

ප/ලි   මෙය 100% සත්‍ය කතාවකි. මෙහි අන්තර්ගත මම සහ නදීකා අතර ඈතිවුනු දෙබස් 80% පමන නිවෑරදිය.නමුත් අනිත් දෙබස්    ඊට ගෑලපෙන ආකාරයට සකසා ඈත

මූලාශ්‍ර   2007, 2008 මගේ සහ නදීකාගේ දින පොත්