මෙච්චරක් ගිමන්හලට ආවා කතාව අහන්න

සිරිපාදයට අවාරයේ ගිය ගමන




ඔන්න ඉතින් අදත් ගිමන්හලෙන් මම අලුත් කතාවක් පටන් ගන්නයි සුදානම,මේක ඔයාල කියවල ඉවර උනාම විශ්වාස කරයිද දන්නේ නෑ,නමුත් මෙයත් මට ලෑබුනු අත්දෑකීමක් නිසා එය ඔබ වෙනුවෙන් අද සිට තිලින කිරීමටයි සුදානම

මේ කතාවනම් උනේ මම සෙමෙස්ටරය ඉවර වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න දවස් වල..ඔය දවස් වල මගේ පරම මිතුරා ලෑටා එහෙමත් ගෙදරට ඇවිල්ලා එහෙම උන්නා..

මම දවසක් ගමේ වෑව් තාවුල්ල පෑත්තට ගියා නිකන් කයියක් ගහමින් ගමේ කොල්ලො ටිකක් එක්ක,ඔය අතරේ සුදා ලෑටා එක්ක නාන්න හදනවා,මමත් ඔක්කොම පෑත්තකින් තියලා පෑන්නා වතුරට...

ඔහොම ටික වෙලාවක් අපි තුන්දෙනා වතුරේ පිස්සු නටනකොට මගේ අනිත් මිතුරා ගොට්ටා..ඒකා ලංකාවේ නම ගිය ගාමන්ට් එකක සුපවයිසර් කෙනෙක් මිනිහා අපිව දෑක්කා,විශේශයෙන් මමයි,ලෑටාවයි අපි දෙන්නාම ගමේ නෑනේ ඔය කාලයේ, ඉතින් මිනිහාට උන් හිටි තෑන් අමතක උනා,ඒකත් පෑන්නා වතුරට.....

වතුරේ කොල්ලො ටිකක් සෙට් උනාම ඉතින් මරාගන්නවානේ,අපිත් ඇතිතරම් මරගත්තා වතුරෙන්
හෑන්දෑවේ 5 විතර වෙනකොට ගෙවල් මතක් උනා යන්න...ඒත් ඔය අතරේ ඉර බෑසගෙන යනවා.

"ඇනා පට්ට ලස්සනයි බන් ඉර බෑහෑලා යන හෑටි වෑවට උඩින්"....සුදා කියනවා.

"ඔව් නේද බන්...සුපිරිම ලස්සනයි"...ලෑටාත් කට දෑම්මා.

"අපි කෑම්පස් එකේ ඉන්නකොට දවසක් කොල්ලො ටිකක් එක්ක ගියා සිරිපාදයේ...අඩො එතන තමා සුපිරිම ලස්සන බන්",මම ත් කතාවට එකතු උනා.

"අඩො එහෙනම් යමුකො බන් උබලාව ආයේ අල්ලන්නත් බෑනේ බන් කොළඹ ගියාම,උබලානම් එහේ ආතල් ගන්නවා,අපි මෙහේ වේලෙනවා"....ගොට්ටාගේ අදොනාව එලියට පෑන්නා...

"යකො එහේ මොන ආතල්ද මහ රෑ එලි වෙනකන් යක්කු බෑදගෙන වගේ අපි වෑඩ,ඒත් ගොට්ටා මේක අවාරය බන්,මොකෙක්වත් එහේ නෑ...අනික ඔය කාලයේ කවුරුවත් එන්නේ නෑ බන්"...මම ගොට්ටාට පෑහෑදිලි කලා.

"මොකෙක්වත් නෑති තරමට තමා බන් හොද,මොකද කියන්නේ අපි එහෙනම් අනිද්දා යමුද කව්ද එන්නේ"...සුදාගේ නොසන්ඩාලකම එලියට ආවා.

"තොට පිස්සුද බොල හු**" මට ඉවසීම උපරිමේටම ආවා

"උබට බෑරිනම් හාල් ගරපන්,මම යනවා අනිද්දා ලෑටා උබ එනවාද,ගොට්ටා උබ?" නෑවතත් සුදා කීවා.

"අපි එනවා" උන් ගමන ස්ථිරත් කලා.

"ඇනා උබට එන්නම වෙනවා...මගෙන් මෑරුම් නොකා යන්න ලෑහෑස්ති වෙයන්" ගොට්ටා,සුදාත් එක්ක එකපාරටම කීවා.

"හරි හරි යමන් එහෙනම්..".

කොහොමහරි ඔය කතාවෙන් ගමන ආරම්බ උනා,එදා හවස අපි කට්ටියම ගොට්ටාගේ ගෙදරින් කාලා ගෙවල් වලට ආවා.මේක කාටවත් නොකියාම යමු කියලා අපි 4 දෙනාම කතා උනා.මොකද එහෙම උනානම් අපිට අවසරයක් නෑති වෙනවා ගමන යන්න.

පසු දිනයේ ගමනට යන්න ඔන සියලුම දේවල් අපි ලෑහෑස්ති කලා,සමහරක් නම් ඇහුවා උබලා ගම දාලා යන්නම යනවාද කියලත්....

පහුවෙනිදා පාන්දර 4 වෙනකොට ගමේ බස් නෑවතුමට එන්න කතා උනා.

කොහොමහරි කට්ටියම පාන්දර 3.30 වෙනකොටම හන්දියට ආවා.නිකන් නෙමේ කන්න එහෙම කෑම ජාති ගොඩකුයි,ගෙවල් වලින් පඩුරු මල්ලකුයි.පාන්දර 4 බස් එකේ නෑගලා කෑගහ ගහ අපි කොළඹට ආවා.දන්නවානේ ඉතින් කොල්ලො සෙට් එකක් බස් එකකට නෑගපුවාම කරන විකාර

කට්ටියම උදේ 6 වෙනකොට කොටුව දුම් රිය නෑවතුමට ආවා.ගොට්ටා,සුදා ජීවීතයේ පලමු වතාවට කොච්චියේ යන දවස අද.උන්ට පුදුම සතුටක්...ඒක බලාගෙන ලෑටා පෑත්තකට වෙලා තනියම හිනාවෙනවා දෑකලා මම ඒකා ලගට ගියා.

"මොකද උනහපුලුවො හිනා වෙන්නේ තනියම?"

"නෑ බන් මම බෑලුවේ අරුන් දෙන්නා මොන සතුටකින්ද අද ඉන්නේ,අපිනම් කෑම්ප්ස් එකේ හරි ට්‍රිප් යනවා..."

"ඔව් බන්...පව් උන් දෙන්නා"

කොහොමහරි උදේ 6.30 විතර අපේ ගමන පටන් ගත්තා.

එහෙනම් ප්‍රිය මිතුරනේ අද දවසට ගිමන්හලට විරාමයක් තබන්නයි සූදානම.සුවහසක් සයිබරයට ගොඩ වෑදෙන ඔබට අපගේ ප්‍රනාමය,ඔබ ඉදිරිපත් කරන ගල්,මුල් ප්‍රහාර අපගේ ගමනට ලොකු මාර්ගොපදේශයක්,ඉතින් අද දවසේත් ඔබට එයට අපි ආරාධනා කරමින් අපි සමුගන්නවා.

ජයවේවා!!!!

6 comments:

  1. ට්‍රිප් නම් නියමයිම තමා ඉතින් සහෝ ....අවාරේ යන්න හොඳ නැහැ කියන්නේ ඇත්තද ආ??

    ReplyDelete
    Replies
    1. ඔව් සහො හොද නෑ,මොකද ඔය කාලයේ උඩ මලුවට හෙන ගහන කාලය අනික සතුන් හුගක් ගෑවසෙන කාලය,ඒ වගේම සමන් දෙවිදුන්ගේ බෑල්ම වෑඩියෙන් වෑටෙන කාලය,ඔය කාලයට ඒ පින් බිම අයිති සතුනට විතරයි

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්..

      Delete
  2. අඩේ ඉතුරු ටිකත් ලියන්න අනුපිය අයියේ....... ආසයි අහන්නත්!

    ReplyDelete
    Replies
    1. පුලුවන් ඉක්මනටම ලියනවා නාඩියා....

      Delete
  3. ඔන්න අපිත් ආව බලන්ඩෝ...

    ReplyDelete